Saturday, February 16, 2013

ආදරයේ විරහව දැනෙන්නේ පේරාදෙණියේ උන්ට විතරද??

මට මේක ලියන්න හිතුනේ අද උදේ කනට වැටිච්ච සින්දුවක් නිසා.හැබැයි ඉතින් මේ ගැන ලියන්නනම් මට කිසිම සුදුසුකමක් නැහැ.අපේ බ්ලොග් අවකාශෙත් පේරේ [පේරාදෙණිය විශ්ව විද්‍යාලය]ඉගෙනගත්තු කකා වගේ කට්ටිය වගේම දැනටත් ඉන්න රත්ගමයා මගේ කට්ටියත් මගේ වැරදි ඇතොත් නිවැරදි කරත්වා.

ලංකාවේ අනෙත් විශ්ව විද්‍යාලය වලට වඩා ආදරය ගැන කියනකොට කාටත් මතක  වෙන්නේ පේරේ තමයි.ඒ කියන්නේ අනිත් කැම්පස්වල උන් love කරන්නේ නෑ කියන එකද...,එහෙමත් නැත්නම් පේරේ පිහිටලා තියෙන romantic පරිසරය නිසාද?කොහොමවුනත් සින්දු ගත්තත් ,පොත්පත ගත්තත් වැඩියෙන්ම ඔය subject එකට මාකට් වෙන්නේ පේරේ තමයි.

හැබැයි ඔය හැම එකේම අනිවාර්යෙන්ම සදහන් වෙන ස්ථාන නම් කිහිපයක්ම තියෙනවා.හන්තාන එයින් එකක්,අනික මහවැලි නදිය ,ම්...ම්...තවත් තැන තියෙනවද...මල්වත්තයි,අර lovers lane ඒකයි ගැනනම් කවුරුත් ලියාලා නෑ නේද?කොහොමවුනත් මං අද ලියන්න ආවේ සින්දු ගැනනේ.ආදරය කිව්වම ඊලට එන වචනේ විරහව නේද ...ඒ නිසා මට මතක සින්දු ඔක්කොම ලියවිලා තියෙන්නේ විරහව ගැන.ඒ මොනවද ..

ඉස්සෙල්ලම මතක වුනේ ප්‍රසිද්ධම එක මේ "මේ නගරය ..."කියන්නේ මර්වින් පෙරේරා ,පද - ප්‍රේමකීර්ති අල්විස්



ඊලගට "සොඳුරිය ..කාලය කෙතරම් නපුරුද ..."කියන්නේ - අමරසිරි පීරිස් 



විරහවක්ම නොවුනට "හන්තානේ කඳු මුදුන සිසාරා..." කියන්නේ - පණ්ඩිත් අමරදේව 



මේවා campus internal ඒ කියන්නේ ඇතුලට ගියපු අය පස්සේ ලියපුවා වුනාට campus external ඒ කියන්නේ යන්න බැරිවෙච්ච කට්ටිය ගියපු කට්ටියට ලියපුවත් තියෙනවනේ ,මේක ඒ වගේ එකක් "හන්තානට පායන සඳ...." කියන්නේ - අමරසිරි පීරිස් 



මේකත් පේරේ නේද?"රඟහල දැන් ඇත අඩ අඳුරේ ...."කිව්වේ - විජේරත්න වරකාගොඩ සහ අනුලා බුලත්සිංහල,පස්සේ මේකේ අයිතියට නඩුවකුත් ගියානේද..


මටනම් මතක් වුනේ මේ ටික විතරයි.ආ.ආ.. හෝව් ..හෝව්..මේ පල්ලෙහා තියෙන එකත් උඩ ගොඩේම එකක් නේද.පදවැල ලස්සන වුනාට බීට් එකනම් විරහ ගීතයකට ගැලපෙන්නේ නැහැ ."සදලුතලේ ඔබයි මමයි..."කියන්නේ -ඉන්ද්‍රජිත් දොලමුල්ල...


වැඩේ කියන්නේ මේ එකකටවත් හරි හමන් වීඩියෝ එකක් නැති එකනේ.මට අමතක වෙච්චා අනන්තවත් ඇති,ඒවා කොමෙන්ටු හැටියට දැම්මොත් ලිපියට add කරන්න පුළුවන්.ආයෙත් කියන්නේ මගේ වැරදි ඇතොත් නිවැරදි කරත්වා.දැන් ඉතින් මේවා අහලා බලලා අපේ ඉගෙන ගන්න උන් පේරාදෙණියටම යන්න වැඩකොරනවා හොදයි.....හි..හි..


ප.ලි....

වැඩිය අහලා නැතත් ඔන්න මෙන්න මේකත් ඔය ගොඩේමයි
සරසවියේදී හෙට විතරයි හමුවන්නේ, කියන්නේ - දයාරත්න රණතුංග 


මෙන්න අපේ මානවක මතක කරපු සින්දුව
හන්තාන දෙසින් එන ...,කියන්නේ-කරුණාරත්න දිවුල්ගනේ 



මෙන්න නිර්මලා මධුශානි මතක කල සින්දුව
හන්තාන කදුවැටිය ...-කියන්නේ අමරසිරි පීරිස් [මොකද මන්දා අමරසිරි පීරිස් පේරේ ගැන මෙච්චර සින්දු කියලා තියෙන්නේ ]


25 comments:

  1. හසරැල් නියම හිට්ස් කලෙක්සන් එකක් හොයන් තියෙන්නේ ,ඉන්ද්‍රජිත්
    දොලමුල්ල දැක්කේ හුඟ කාලෙකින් ....

    ReplyDelete
    Replies
    1. එයා දැන් ප්‍රසංග වේදිකාවේ නෑ නේද ...

      Delete
  2. විරහවයි ආදරෙයි කොයි කැම්පස් එකට ගියත් නොගියත් දැනෙනවා තමයි..ඒ වුනාට කොළඹ කැම්පස් එකවත්...කැලණිය මාතර ජයවර්ධනපුර වගේ ඒක කැම්පස් එකකවත් නැති..ස්වභාවික සුන්දරත්වයක්...ගී ලියන්න උචිත සුන්දර පරිසරයක්..පේරේ තියන නිසා වෙන්න ඇති මේ දේ වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. එහෙම වගේ තමයි මටත් හිතෙන්නේ...

      Delete
  3. ගීත රචකයෝ පේරාදෙණියේ පරිසරයත් එක්කයි එතැන වර්ණනයට උපයෝගී කරගන්නේ..හසරැල් මලයා කලබල වෙන්න එපා.. ඒක අවස්ථා නිරුපනයක් පමණයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මං හිතන්නේ ඔය ගොඩක් සින්දු ලියලා තියෙන්නේ පේරේ ඉගෙනගත්තු අය නෙමේ

      Delete
  4. "හන්තාන දෙසින් එන" එහෙම සිංදුවකුත් තියනවා නේද?

    ඇයි බන් "සමනල වැව පුරවන්නට" කියලා සින්දුවක් තියෙන්නේ වෙන කැම්පස් එකක් ගැන

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ සින්දු ,එහෙනම් එකත් පොස්ට් එකට දැම්මා

      අනිත් එකනම් බෙලිහුල් ඔය කැම්පස් එක වෙන්නැති නේද

      Delete
    2. "සමනල වැව පුරවන්නට"
      හ්ම්.. බෙලිහුල් ඔය තමයි.

      Delete
  5. ගීත ටික ඇහුවම ලියන්න දෙයක් හිතට අවේනෑ, කොහොමත් කැම්පස් ගැන අපි දන්නැහැනේ.. ස්තුතියි එක කැටගරියක සින්දු ටිකක් එකතැනකින් අහන්න බලන්න සලස්වුවට

    ReplyDelete
  6. නන්දා මාලනීගේ,
    "හන්තාන අඩවියේ මැදුරු, කුළුණු සුදු සඳළුතලා පිස මේ එන්නේ.. ප්‍රේමයේ සුවඳ නොවේ.."
    http://www.youtube.com/watch?feature=player_detailpage&v=eHDMempNsgA

    අමරසිරි පිරිස්ගේ “හන්තාන කඳුවැටිය එදා වගේ අදත් ...“
    http://www.youtube.com/watch?feature=player_detailpage&v=S2fffU7w7gk

    මිල්ටන් මල්ලවාරච්චිගේ “දෙනෝ දහක් ගැවසෙන“ (නමුත් පෙරේ ම කියා කියන්න බෑ)


    ReplyDelete
    Replies
    1. මුල්ම එකනම් විරහ ගීතයක් නෙමෙයි නේද...

      දෙවැනි එකනම් පොස්ට් එකට දැම්මා

      Delete
  7. හයියෝ පේරා... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. මේ සින්දු සෙට් එකම මරු.. තව එකක් තියනවා සුජාතා අත්තනායක මහත්මියගේ "අපි ඈතට පිය මැන්නා.. අද කො ඔබ සියුමැලියේ " කියල. ඒකෙත් හන්තාන ගැන කියවෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නා සින්දු කොච්චර ලියවිලා ඇත්ද

      Delete
  9. මා ගැන සඳහන් කරලා තියෙන නිසා ලියන්න හිතුණා.

    අවංකවම කියනවා නම් උඩුගම් බලා පිහිණා මං පේරාදෙනියේ ගියේ ඒ සුන්දර පරිසරයේ ජීවත් වෙන්න තිබුණ ආශාව නිසාම තමයි.

    බොල්ගොඩ මඩ වගුර වගේද සුන්දර මහවැලිය? ඉතිං ගීත බොහොමයක පේරාදෙනිය ගැන සඳහන් වෙනවා.

    මෙන්න ඒ ගැන ලියපු කතන්දරයකට පාර.
    http://kathandara.blogspot.com/2011/12/deciding-between-peradeniya-and.html

    නමුත් කොයි විශ්ව විද්‍යාලයෙත් එකම ප්‍රශ්ණ. එදත්, අදත්.

    ගීත ගැන කියනවා නම් - මෙන්න මං ලියපු හන්තානේ පෙම් ගීතය (MP3 inluded).
    http://kathandara.blogspot.com/2010/09/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මං දන්නා කීප දෙනෙකුත් කට්ටෝ නොවී පේරා ගියා

      Delete
  10. මේන් තව එකක්,
    හන්තාන කදු පෙළ සදට ආවඩා-භද්‍රජී මහින්ද ජයතිලක
    http://www.youtube.com/watch?v=HqxFsDZuK8Y

    ReplyDelete
  11. මරු සින්දු සෙට් එක.... හන්තාන ඇත්තටම ලස්සන තැනක්....

    ReplyDelete
  12. මල්වත්ත ගැනත් සින්දු තියෙනවා "පේරාදෙණියේ මල් වත්තේ" අලුත් සින්දුවක් " :)

    ReplyDelete
  13. පේරාදෙණිය ගැන කියන්න වචන නැහැ ඉතින්...
    මට එහෙ පෙම් කරන්න විදියක් නැහැ..
    විරහවක් විඳින්නත් නැහැ..
    හන්තානට පායන හඳට එක දවසක් මම බැනල ෆේස් බුකියේ නම් දැම්ම මීට අවුරුද්දකට විතර කලින්....:D
    විරහව පෙම් නොවුනත්, හන්තානේ එවුන් ගැන ඇත්තටම කියවෙන්නේ මම අර අයියට කලින් කියපු සින්දුවෙන් තමයි කියල තමයි මට නම් හිතෙන්නේ..
    (ඇත්තම කමෙන්ට් එක නම් පේරේ හිටියත් මේ සින්දු විඳින්න පින/පව මට නැත...)

    ReplyDelete
  14. පේරාදෙණිය සරසවිය සම්බන්ධ තව සින්දු ගොඩක් ඇති. මෑත කාළීනව ගැයුනු, "සමු දෙන්නට සමු ගන්නට ඇවිත් යන එන..." (ගායකයා නම් මට මතක නෑ.)මේ ගීතයේ එන සරසවි උයන දුම්රිය පොල තියෙන්නේ පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුලමයි. ඒ වගේම ක්ලැරන්ස් විජයවර්ධනයන් ගැයූ "හන්තානේ මන්දමාරුතේ" මට මතක් වෙනවා.
    ඒ මදිවට අපිත් අවසන් වසරෙදි සින්දුවක් හැදුව නේ.සින්දුව ලියද්දිම මම කිව්ව හන්තාන ගැන ඕනවටත් වඩා සින්දු ලියල තියෙන නිසා මේ වැඩේට හන්තාන ගාව ගන්නෙ නැතුව ඉදිමු කියල. කොහෙද... මේක පටන් ගන්නෙත් හන්තානෙන්ම තමයි.අහන්න කැමති අයට මෙන්න ලින්ක් එක. http://www.youtube.com/watch?v=KLqmSVf8WS4

    ReplyDelete
  15. හනේ.. හරි පුදුමයි....
    මමත් නුවර ජීවත් වෙලා ඉදල "මෝරා" ගියපු නිසා මමත් හිතුව මගේ අදහසත් කිව්වොත් හොදයි කියලා..
    ඇත්තටම මම හිටියේ "පේරා" වල තිබ්බ සුන්දර කමට වශී වෙලා.. මම පේරාදෙණියේ යන්න ඕනි කියනකොට.... මොකද්දෝ පෙරනිමිත්තක් දැකල අපේ අම්ම තමයි මොරටුවට ඇදල දැම්මේ... එක හරියට මගේ ජීවිතේ උඩු යටිකුරු කලා!
    මගේ හොදම යාළුවා "පේරේ" යනකොට මම "මෝරෙක්" උනා...
    මම නම් පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නැහැ ඒ තීරනෙට. මොකද අද මම මෙතන ඉන්නේ මගේ "මෝර" කම නිසා හි හි හි.... ජිවිතේ වෙනත් කිසිම තීරනේකට බලපෑමක් නොකර, අපේ අම්ම මට මේකට විතරක් මැදිහත් උනා.......
    පේරේ හොදයි..... මගේ හොදම යාළුවා කියන දේවල් ඇහුවම හිතුන මම "මෝරෙක්" උන එක හොදයි කියල..... නරකට නෙවෙයි... පේරාදෙණිය ලස්සන පරිසරය විතරක් මදි කියලයි මගේ අදහස...

    කිසිම කෙනෙක්ගේ අදහසකට පහරක් ගහන්න හිතුවේ නැහැ...... මේක මගේ අදහස පමණයි...

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...