Tuesday, February 19, 2013

ගලිවර්ගේ සුවිසැරිය


අපේ තාත්තට රහස් සිතියමක් හම්බවුනා..
ඒකෙ තිබුනේ නිදන් දූපතක් ගැන විස්තර ...
මේ සිතියම තාත්තාගෙන් ලබාගන්න අපි ගමන්කළ නැවේ නියමුවා දඟ දැම්ම...
තාත්තට බොහෝම හිරිහැරකරන්න ආව..
ඔය අතරේ තමයි නැව කුනාටුවකට අහුවුනේ...
නැව සුන් වුනා....
තාත්තට මොනවා උනාද දන්නේ නැහැ ..
මමයි වයිටයි කොහොමහරි පාවෙලා ආව ලිලිපුට් දූපතට ..
ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ...
ඒ අය හිතුවේ මං හතුරෙක් කියල...
ඒ වුනත් කුරුමිටි රජ්ජුරුවෝ උකුස්සගෙන් බේරගත්තුනිසා ඒ අය මාත් එක්ක යාලු උනා..
දැන් ඉතින් මට තියන එකම ප්‍රශ්නේ මගේ තාත්තව හොයාගන්න එක ..

උඩ ටික කියවාගෙන යනකොටම ගොඩක් දෙනාට මතක වෙන්නැති අද අපි කතාකරන්න යන කාටූන් එක.මේකත් සිංහල බසින් රසවත් කරලා අපිට දුන්නේ රූපවාහිනියේ ටයි මාමා ඇතුළු පිරිස විසින්.අපේ පුංචි කාලයේ අමතක නොවන මතකයන්ගෙන් එකක් තමයි මේ කාටූන් එක.

ගලිවර් කිව්වම අපේ ඔලුවට ඉස්සෙලම එන්නේ Jonathan Swift විසින් ලියපු Gulliver's Travels පොතනේ.ගොඩක් දෙනෙක් ඒ පොත හරි ඒකෙ සිංහල පරිවර්තන හරි කියවලා ඇති.ඒත් මේ කාටූන් එකනම් ඊට වඩා ටිකක් වෙනස්.මේකේ මුල් නම 
The Adventures of Gulliver.මුලින්ම රූපවාහිනියේ ගිහිල්ල තියෙන්නේ 1968 දි හරියටම කිව්වොත් 1968 සැප්තැම්බර් 14 වෙනිදා .ලංකාවෙනම් නෙමෙයි ඇමෙරිකාවේ ABC-TV චැනල් එකේ.නිෂ්පාදනය කරලා තියෙන්නේ Hanna-Barbera Productions විසින්.1968 ඉඳලා 1970 සැප්තැම්බර් 5 වෙනිදා වෙනකම් කොටස් 17 කින් තමයි කාටූන් එක නිෂ්පාදනය වෙලා තියෙන්නේ.

කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි ගලිවර්ටයි ගලිවර්ගේ තාත්තටයි නිදන් දූපතක් ගැන රහස් සිතියමක් හම්බවෙනවා.ඉතින් තාත්තයි පුතයි නැව් නැගලා නිධානය සොයාගෙන යනවා.අතරමගදි නැවේ කප්පිත්තා වන කැප්ටන් ලීච් ,ඒ සිතියම ගැන දැනගන්නවා.එතකොටම නැව කුනාටුවකට අහුවෙලා විනාශ වෙනවා.ගලිවරුයි එයාගේ බල්ලා වන වයිටයි දූපතකට පාවෙලා ගිහින් බේරෙනවා.මේ දූපතේ තමයි ඉන්නේ ලිලිපුට්ටෝ.ලිලිපුට්ටෝ කියන්නේ කුරුමිට්ටෝ වගයක්.එයාලා ගලිවර්ව අත්අඩන්ගුවට ගන්නවා.කොහොමහරි ගලිවර් පස්සේ ලිලිපුට්ටන්ට උදව් කරලා එයාලත් එක්ක යාළුවෙනවා.ඊට පස්සේ එයාල එකතුවෙලා ගලිවර්ගේ තාත්තව හොයනවා.ඒ අස්සේ කැප්ටන් ලීච් මෙයාලට අංචි අදිනවා.ඔන්න ඔහොමයි කතාව යන්නේ.

පස්සේ කාලෙක ලංකාවට රූපවාහිනිය හදුන්වලා දුන්නට පස්සේ ටයිටස් තොටවත්ත ඇතුළු රූපවාහිනී හඬකැවීම් අංශයේ ඉදිරිපත්කිරීමක් හැටියට අපිටත් සිංහලෙන්ම මේ කාටූන් එක බලන්න පුළුවන් වුනා.ඒ කාටූන් එකට ටයි මාමා නම දාල තිබුනේ "ගලිවර්ගේ සුවිසැරිය" නමින්.මමනම් ඔය කාටූන් එකේ ආසම අර හැම තිස්සෙම "ඕක හරියන්නේ නෑ ....මම කිව්වේ ඕකනම් හරියන්නේ නෑ"කියන ලිලිපුට්ටට.මට නමනම් මතක නැහැ....ඉතින් ඔයාලත් පොඩි කාලේ මේක බලලා සතුටුවෙන්න ඇති කියලා මං හිතනවා.




23 comments:

  1. මට තාම හරි ප්‍රශ්නයක් තියෙනවා.. ගලිවර්ට ඔය නිධානේ හම්බුවෙනවද අප්පා කවදහරි.. හැමදාම බලනකොට ලීච් ලිලිපුට්ටෝ ටික පස්සේ පන්නන එකක් තමයි... මං හරි ආසයි ඒකේ ගලිවර්ගේ කටහඬට... තාමත් ඇහෙනවා වගේ... හි හි

    දොස්තර හොඳ හිත එකේ චව් චව්වයි ඔය කියන කුරුමිට්ටයි දෙන්නම එකයි. කොයි වෙලාවෙත් බෑ කියාගත්ත ගමන්.. හි හි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පුංචි කාලේ මට ඔච්චර දෙයක් කල්පනා
      නොවුණ හැටි.නිධානෙ හොයා ගත්තද ?
      මට නම් මතක ඇපල් පුඩින් හද හද ඉන්නවා තමයි
      හැමදාම..මොනවා උනත් සිරා පොස්ට් එක හසරැල්..
      ජය වේවා....

      Delete
    2. ගලිවර්ගේ කටහඩට මාත් ආසයි තමා..
      ඒත් දවසක් හඬ නළුවගේ හැටි ෆොටෝ එකකිං දැක්කම තමා මට පොලොව පලං යන්න හිතුනේ..

      Delete
    3. අඩේ සිරාවට නිධානෙ හම්බුනාද කියලා මටත් මතක නැහැනේ

      Delete
  2. හහහා..... පට්ට කාටූනේ අප්පා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. ඒ විතරක්ය..අර ලස්සන රාජ කුමාරි එහෙමත් මතක් වෙනවා නේ...

    ReplyDelete
  4. ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ...
    ඒ අය හිතුවේ මං හතුරෙක් කියල...
    නමුත්, ඒ අයට පමණක් නොවේ ගලිවර් අපෙත් යාළුවෙක් වූවා.
    "ඕක හරියන්නේ නෑ ....මම කිව්වේ ඕකනම් හරියන්නේ නෑ" - චවු චවු

    ReplyDelete
    Replies
    1. චව් චව් හිටියේ දොස්තර හොද හිත එකේ.මිනිහගේ නිතරම කටේ තියෙන්න "නාන්න හදන්නේ "කියලා

      Delete
  5. මේක ඒ දවස්වල හැම නිවාඩු කාලෙටම මුල ඉඳන් පටන්ගන්නවා. කවදාවත් ඉවර කළේ නැද්ද මන්දා. ඕකෙ අන්තිමට මට මතක ගලිවර්ට තාත්ත ඉන්නව කියල ඔත්තුවක් ලැබෙන එක විතරයි ඒකෙදි අර නියමුවා (කැප්ටන් ලීච්?) එක්ක වලියක් යනවා. තාත්තවත්, නිධානෙවත් හම්බවෙන කෑල්ලක් කවදාවත් ගිය බවක් මතක නෑ.

    ReplyDelete
  6. අමතක වුණා... ඔය ඒකෙ ඉන්න කුමාරිට පොඩි කාලෙ අපි හෙන ලව්! ;-)

    ReplyDelete
  7. මාත් ඔකේ පොත කියවලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පොතට වඩා කාටුනේ වෙනස්

      Delete
  8. සිරා කාටුන් එක ඈ...
    අර ඕක හරියන්නෑ..
    හරියන්නෙම නෑ කියන එකා තමා සිරාම සිරා...
    පට්ට..

    ReplyDelete
  9. අපිත් ඒ කාලෙ දමාගෙන බලපු කාටුන් එකක් තමයි ඔය.

    ReplyDelete
  10. හිත අතීතයට ගියා... ඒ කාලෙ අපි මොන වැඩේ තිබුණත් ටයි මාමගෙ කාටූන් යන වෙලාවට ටීවී එක ඉස්සරහ... :D

    ReplyDelete
  11. මම ආසම කාටූන් එකක්. මම හිතන්නෙ " ඕක වෙන්නෙ නෑ. කිව්වනෙ වෙන්නෙ නෑ " කියන එක කියන්නෙ දොස්තර හොඳ හිත එකේ චව් චව්..

    ReplyDelete
    Replies
    1. නෑ ළිහිණියෝ.. ඕකෙත් එකෙක් හිටියා එහෙම කියන..

      Delete
    2. ලිහිණියෝ උඩ වීඩියෝ ක්ලිප් එකේ බෝලේ උඩ නටන තොප්පිය දාගෙන ඉන්න එකා ගැන මං කිව්වේ

      Delete
  12. උඩම ටික කියවද්දි ටයි මාමව තමා මතක් වුනේ...ඒ කාලෙ රූප පෙට්ටිය වටේට ඉදගෙන පුංචි අපි මේ කථා රස කර කර බලා හිටි අතීතය තමයි ආයෙත් මතක් වුනේ...

    ReplyDelete
  13. සාර්ථකව හඬ කවන එක හැමෝටම කරන්න බෑ. ඕක සාර්ථකව කලේ ටයි මාමයි, අතුල රන්සිරිලාල් ඇතුලු කණ්ඩායමයි විතරයි. ඕකට සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකම ගැන මනා දැණුමක් ඕනෙ. අර සිරසෙ හඬ කවපුවා ගැන නම් නම් කතාකරන්න වටින්නෙත් නෑ.

    ReplyDelete
  14. ලස්සන පෝස්ට් එකක්
    ඔන්න අපේ බ්ලොග් එකෙත් ඒක පල කලා හැමෝටම කියවන්න
    http://vidulafm.blogspot.com/2013/07/blog-post_5644.html
    Admin - Vidula

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...