Tuesday, February 5, 2013

අධිවේගයේ සන්ත්‍රාසය - The Fast and The Furious


ඔන්න යාලුවනේ අද මං ලියන්න හිතුවේ මගේ හිතගත් චිත්‍රපටි මාලාවක් ගැන.දක්කගමන් ඔයාලවුනත් අදුන ගන්න ඇතිනේ.ඔව් මේක තමයි සුප්‍රසිද්ද The Fast and The Furious කතාමාලාව.ලතින් ඇමෙරිකානු රටවල සුලබ සිද්දියක් වන street racing කරන සහ මංකොල්ලකාරී කටයුතුවල යෙදෙන තරුණ කණ්ඩායමක් වටා තමයි මේ කතා මාලාව ගලායන්නේ.මේ වෙනකොට චිත්‍රපටි 5 ක් පිටවෙලාතියෙනවා.6 වෙනි එකත් ලගදීම බලන්න පුළුවන් කියන ආරංචිය නිසා තමයි මේ පොස්ට් එක දාන්න හිතුනේ.මේක සුප්‍රසිද්ද Universal Pictures නිෂ්පාදනයක්.

මෙහි පළමුවෙනි චිත්‍රපටිය 2001 දී The Fast and the Furious නමින් පිටවෙනවා.මෙහි ප්‍රදාන චරිතය වන Dominic Toretto චරිතය රගපාන්නේ Vin Diesel නම් සුප්‍රසිද්ද නළුවා.ඔහුගේ පෙම්වතිය වන Letty Ortiz ගේ චරිතය රගපාන්නේ Michelle Rodriguez විසින්.ඊට අමතරව  Jesse (Chad Lindberg), Leon (Johnny Strong), Vince (Matt Schulze) කියන යහළුවන් Dominic Toretto සමග ඉලෙක්ට්‍රොනික උපාංග පැහැරගැනීමේ ජාවාරමක යෙදෙනවා.මේ අය අල්ලන්න එවන පොලිස් නිලධාරියාගේ නම තමයි  Brian O'Conner,ඒ චරිතයට පන පොවන්නේ සුප්‍රසිද්ද නළු Paul Walker විසින්.ඊට අමතරව Mia Toretto (Jordana Brewster),ඒ කියන්නේ Dominic Toretto ගේ නංගිත් අපිට මේ චිත්‍රපටියේදී මුණ ගැහෙනවා.


මේකේ දෙවැනි චිත්‍රපටිය වුනු 2 Fast 2 Furious 2003 වසරේදී තිරගතවෙනවා.මේ චිත්‍රපටියේ ඉන්නේ මුල් චිත්‍රපටියේ සිටි අයගෙන් Brian O'Conner විතරයි.ඊට අමතරව Monica Fuentes (Eva Mendes) කියන චරිතයත් අපිට හමුවෙනවා.ඊට අමතරව Roman Pearce (Tyrese Gibson) කියන Brian O'Conner ගේ පරණ යාළුවෙක් ඔහුට මුණ ගැහෙනවා මේ කතාවේදී.මත්ද්‍රව්‍ය වෙළදාමක් ගැන තමයි මේ කතාවේ සදහන් වෙන්නේ.


චිත්‍රපටි මාලාවේ තුන්වෙනි කොටස වන Tokyo Drift කතාව තිරගතවෙන්නේ 2006 වසරේදී.පලවෙනි වතාවට ලතින් අමෙරිකාවෙන් මිදිලා කතාව ජපානය දිහාට යනවා.පරණ නළුවෝ කවුරුවත්ම නැහැ,මේකේ කතාව යන්නේ ජපානයේ street racing හරහා.


හතරවෙනි කතාවේදී[ Fast & Furious 2009 ]ආයෙමත් අපිට පරන චරිත ටික හමුවෙනවා.මේකේ යන්නේ මන්පහරණ කණ්ඩායමක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අයගේ කතාවක්.කතාව අවසාන වෙනකොට Letty Ortiz මියයාමත් ඒ වෙනුවෙන් පලිගැනීම නිසා Dominic Toretto සිරභාරයට පත්වීමත් සිදුවනවා.ඊට අමතරව mia සහ Brian පෙමින් බැදෙනවා.කොහොමවුනත් අවසාන ජවනිකාව අනුව dominic බේරාගන්න mia සහ Brian සමත්වෙනවා.


මුල් චිත්‍රපටි හතරේම හිටපු සුපිරිම චරිත ටික මුණගැහෙන්නේ පස්වෙනි කතාවේදී,ඒක Fast Five 2011 නමින් තිරගතවෙනවා.කළු සල්ලි එක්රැස්කරන කෝටිපතියෙකුගේ මුදල් පැහැරගන්නා ආකාරය තමයි ඔවුන් මෙහිදී සැලසුම් කරන්නේ.මේ කතාවේදී dominic ගේ පරණ යාලුවෙක් වන vince මියයනවා.ඒ වගේම මේකෙදි ඔවුන්ව අල්ලන්න එන්නෙත් ලේසි පාසු කෙනෙක් නෙමෙයි,ඒ තමයි Luke Hobbs (Dwayne Johnson) කියන පොලිස් කාරයා.ඒ වගේම dominic මේ කතාවේදී ඔහුට හමුවෙන Elena Neves (Elsa Pataky) කියන පොලිස් නිලධාරිනිය සමග විවාහ වෙනවා.ඊට අමතරව mia සහ Brian නුත් විවාහ වෙනවා.චිත්‍රපටිය අවසාන වෙන්නේ dominic ගේ මියගිය පෙම්වතිය වන Letty Ortiz ගේ ජීවත්ව සිටින බවට තොරතුරු ඇතුලත් ලිපි ගොනුවක් Luke Hobbs අතට පත්වීමත් සමග


හරි ඔන්න දැනට බලපු කතාවල විස්තර එහෙමයි.මේකේ 6 වෙනි කතාවත් මේ අවුරුද්දේ අපිට බලන්න පුළුවන් වෙයි.දැනටමත් ඒකෙ trailer එකක්නම් ඇවිත් තියෙනවා.කතාවනම් හරියට කියන්න දන්නේ නෑ.කොහොමවුනත් Letty Ortiz නැවතත් කතාවට එකතුවන බවයි ආරංචිය.

ලෝකේ පුරා රසිකයන්ගේ ජනප්‍රියතාවයට පත්වුණු නිසා මේ කතාමාලාවනම් 6 වෙනි එකෙනුත් නවතින එකක් නැහැ.අධිවේගී ත්‍රාසජනක ක්‍රියා ඇතිපදම් මේ චිත්‍රපටිවල තියෙනවා.ඒ වගේම තමයි සමහර දර්ශන වැඩිහිටියන්ට වඩාත් සුදුසුබවත් කියන්න ඕන.

ඔන්න ඉතින් මේ දවස්වල බ්ලොග් බලන්න බැරිවුනු නිසා වැඩිපුර බයිට් ඉතුරුවෙච්ච උන් ඉන්නවනම් මෙතනින් ගිහින් බාගෙන බලන එකයි ඇත්තේ,වැඩිය නැහැ චිත්‍රපටි 5 ම 3 GB වෙන්නේ .හි...හි..

4 comments:

  1. මුල ඉඳන්ම බැලුවේ මේක Action Movie එකක් නිසාමයි. අන්තීමට බැලුවේ 5 වෙනි එක.කොහොමත් ඔය වින් ඩීසල් ඩ්වේන් ජොන්සන් ඉන්න ඒවා බලන්න මම කැමතියි.

    ReplyDelete
  2. කම්මැලි කමක් නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් මේ ෆිල්ම් සෙට් එක .

    ReplyDelete
  3. නියමයි බලන්න ට්‍රයි එකක් දෙන්නම්

    ReplyDelete
  4. ආව දවස්වලම බැලුවා..ඇක්ෂන් මූවි කියනකොට මුල ඉඳලම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්නේ..

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...