Wednesday, February 6, 2013

අපි කවුරුද ?????

සීසීකඩ විසිරුණු සිතුවිලි 
දිය බුබුලේ නලියන පෙණකැටි වාගේ ..... නැතිවෑ
හුදකලාවේ තනිවී සිටියම
සිහින ආකරේක වැටුනා වාගේ ..... නිමක් නෑ

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද 
ගීයකි ලොව සිතුවම් කල 
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද 

ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ 
ගලාහැලෙන රිද්මේ නැහැවී 
ඇදී යන්නේ ඈතින් ඈතට පාවී... සුළග සේ 

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද 
ගීයකි ලොව සිතුවම් කල 
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද 

පද රචනය/සංගීතය - සේනක බටගොඩ     ගැයුම - වායෝ 




මං සාමාන්යෙන් දැන් තියෙන සින්දුවලට කැමති නැහැ.ඒත් ඉතින් හිතට අල්ලන සින්දුවක් ඇහුනොත් කොච්චර ඇහුවත් එපා වෙන්නේත් නැහැ.මේ සින්දුවත් ඒ වගේ තමයි.සංගීත් අලුතින් වායෝ කියල මියුසික් ගෘප් එකක් පටන්ගත්තට මේ ලගදි තමයි මට මේ සින්දුව කනට වැටුනේ.අහලබලන්න සමහරවිට ඔයාලත් කැමතිවෙයි.ඒ වගේම දැන් කාලේ ඇහෙන සින්දු අතර තේරුමක් ඇති සින්දුවක්නේ මේක.නැත්ද මං අහන්නේ ..

4 comments:

  1. මචං සිංදුව නම් ලස්සනයි. ඒත් මෙ තනුව මෙයලගෙ නෙවි කියලයි මට හිතෙන්නේ. මේ සිංදුවේ තනුව පුරුදු නිසා පොඩ්ඩක් මතක් කරන කොට Enrique Iglesias ගේ සිංදුව මතක් උනා.. අහල බලපන්කෝ.
    http://www.youtube.com/watch?v=4DO8GsIYfhQ

    ReplyDelete
  2. ඕ හසරැල් සංගීත්ගේ අලුත්ම සිංදුවක් හොයන් තියෙන්නේ ලස්සනයිනේ...

    ReplyDelete
  3. මම ඕකට මාරම කැමැත්ත තිබ්බා ආපු දවස් වල.එත් දැන් ඕකත් පරණයිනේ :)

    ReplyDelete
  4. මම නම් මේ සින්දුවට කැමති නෑ...අවංකවම කිව්වෙ...

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...