Wednesday, February 13, 2013

අර්ධ ශතකය සමගින් දන්නා කෙනෙක් ගැන නොදන්නා දේවල්

පින්තුරය ගත්තේ - http://reflectionscenter.com

ඔන්න යාලුවනේ එහෙනම් හසරැල්ලක් බ්ලොගේ 50 වෙනි පියවරට පැමිණි ඔයාලව සාදරයෙන් පිලිගන්නවා.ඇත්තටම මටත් හිතාගන්න බැහැ පොස්ට් 50 ක් මේ තරම් ඉක්මනට දැම්මද කියලා.අවුරදු 2 ක් 3 ක් විතර බ්ලොග් කියෙව්වට පස්සේ මේ බ්ලොග් එක මං පටන්ගත්තේ 2011 දී වුනත් එක පොස්ට් එකකට විතරක් සීමාවුණා.වැඩේ හරියටම නැගලා යන්න ගත්තේ 2012 නොවැම්බර් වලදී මං තවත් බ්ලොග් එකක් වුනු අපේ ගම මාතර පටන් ගත්තට පස්සේ. ඊට පස්සේ ඒ බ්ලොග් එක ලියන වැඩේ අතරමග නැවතුනත් මගේ ප්‍රධාන බ්ලොග් එක වුනු මේක දිගින් දිගටම ලියවුනා.ඉතින් කොහොමහරි මාස 3 කින් විතර පොස්ට් 50 ක් දාන්න පුළුවන් වුනා කියන්නේ මටනම් ලොකු ජයග්‍රහණයක්‌..මොකද මං මේ පොස්ට් කොටන්නේ හවස වැඩ ඇරිලා ඇවිත් ගෙවෙන පැය කිහිපයේදී.

බ්ලොග් එක ගැන කියද්දී මං මේ දේනම් අනිවාර්යෙන්ම සදහන් කරන්න ඕන.ජීවිතේ ප්‍රශ්න ගොඩකින් හෙම්බත් වෙලා හිටපු කාලෙක පටන් ගත්තු මේ බ්ලොග් එකනිසා මට ජීවිතේ දිහා අලුත් විදිහකට බලන්න පුළුවන් වුනා.ඒක තමයි මං මේ බ්ලොග් ලියවිල්ලෙන් ලබපු ලොකුම දේ.ඒ වගේම ඔයාලට මගේ බ්ලොග් එක කියෙව්වොත් දකින්න පුළුවන් මං ගොඩක් පොස්ට් ලියලා තියෙන්නේ අතීත සැමරුම් ගැන කියලා.ඒකට හේතුවෙන්න ඇත්තේ මට හොද වර්තමානයක් නොතිබුනාට ලස්සන අතීතයක් තිබුණු නිසා වෙන්න ඇති.ඇත්තටම ඒ ලස්සන ළමා කාලයට වගේම ඉස්කෝලේ කාලෙටත් මං දැනුත් හිතින් ගමන් කරනවා.

ඒ වගේම මං මගේ බ්ලොග් එක "හසරැල්ලක්" කියලා නම් කරන්න වුනු හේතුවත් කිව්වනම් හොදයි කියලා හිතෙනවා.මගේ නමේ මැද කොටස තමයි හසරැල් කියන්නේ. මගේ අම්මා තමයි මට නම දාලා තියෙන්නේ.ඒත් ජීවිතේ හසරැල්ල අඩුවෙන්ම තිබුණු කාලයක් නිසා වෙන්න ඇති මටත් නොදැනීම බ්ලොග් ඒකෙ නම "හසරැල්ලක්" වුනේ.අනිත් එක මං විශ්වාසකරන දෙයක් තමා අපිට තවත් කෙනෙකුට නොමිලේම දෙන්න පුළුවන් හොදම සංග්‍රහය තමා හසරැල්ලක් කියන්නේ.ලෝකේ ගොඩ දෙනෙක් පිළිගන්න කාරණයක් තමා ලංකාවේ මිනිස්සු ලෝකේ වෙනත් රටවල මිනිස්සුන්ට වඩා සිනහසෙන කොටසක් බව.බ්ලොග් එකේ නම තියෙන බැනර් එක හදලා දුන්නේ මගේ අය්යා.ඒ වගේම මගේ අක්කත් බ්ලොග් එකක් ලියනවා.සමහරවිට ඔයාලා එයාගේ බ්ලොග් එකත් කියවලා ඇති කියලා මං හිතනවා.

මේ බ්ලොග් කෙරුවාවේදී මං ආසාවෙන්ම කරපු වැඩක් තමා weekend project එක.පොඩි කාලේදී අපි හදපු කියපුවා අපේ පොඩි උන්ටත් බලාගන්න පුළුවන් විදිහට බ්ලොග් අවකාශේ සටහන් කරන්න පුළුවන් වුනු එක මට ගොඩක්ම සතුටු කාරණයක්.දැනට වැඩේ පොඩ්ඩක් නැවතිලා තියෙන්නේ නිර්මානවලට ඕන අමුද්‍රව්‍ය සොයාගන්න අපහසු නිසා.මගේ බලාපොරොත්තුව වන ගමට ස්ථාන මාරුවක් ලැබුනොත් නම් වැඩේ ආයෙත් පටන්ගන්න පුළුවන්.ඒ වගේම මගේ රාජකාරි ක්ෂේත්‍රය වන බැංකු වැඩ ගැන බැංකුවයි ඔබයි පාඩම් මාලාවෙන් ගොඩ දෙනෙක් නොදන්නා කරුණු දැනගෙන තිබුනා ඒකත් මට සතුටක්.

ඒ වගේම කියන්න ඕන දැනට නැවතිලා තියෙන අපේ ගම මාතර බ්ලොග් එකත් ගමට ස්ථාන මාරුවක් ලැබුනොත් නැවත පටන්ගන්න බව.එතෙක් මාතරවාසීන් ඇතුළු සියලු බ්ලොග්වාසීන් කමත්වා.තවත් පොඩි දෙයක් කියන්න ඕන මං සමහරවෙලාවට පොඩි පොඩි දේවල් ගැන මට හිතෙන විදිහට මගේ විචාර දානවා.ඒවායේ මටත් නොදැනීම දේශපාලන සිද්දීන් සම්බන්ධවෙලා තියෙන්න පුළුවන්.ඒත් දේශපාලනය කියන්නේ මං අකමැතිම මාතෘකාවක්.ඒවාට ඔයාලා දාන කොමෙන්ට් වලට සමහරවෙලාවට මං අදහස් ප්‍රකාශ නොකරන්නේ ඒකයි.

අනිත් එක මං අවස්ථාව තිබුනත් රාජකාරි වෙලාවේදී ප්‍රතිපත්තියක් විදිහට අන්තර්ජාලයට පිවිසෙන්නේ නැහැ.ඒ නිසා රෑ වෙලා දාන පොස්ට්වලට ඔයාල දාන කොමෙන්ට් වලට මං උත්තර නොදෙන්න පුළුවන්.කොහොමවුනත් මේ කාලසීමාව තුලදී මගේ බ්ලොග් එකට පිවිසුණු.ලිපි කියවපු,අදහස් දක්වපු ඔයාල ඔක්කොටම ස්තුතියි.මගේ බ්ලොග් එකේ මුණු පොතේ පිටුවට මෙතනින් ගිහිල්ලා එකතු වුනොත් මං ලිපි පලකලාම මුණු පොතෙනුත් ඔයාලට ඔත්තුවක් ලැබෙයි.මං ගොඩක් අයගේ බ්ලොග් කියෙව්වත් කොමෙන්ට් කරන්නේ සමහරවෙලාවට විතරයි.ඒ මට තියෙන සීමිත කාලසීමාව නිසා හොදේ.ඒ වගේම මගේ බ්ලොග් අඩවිය සින්ඩිකේටර වලට ඇතුළු කරගෙන උදව්කල ඒවායේ හිමිකරුවන්ටත් මං මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා.

අර්ධ ශතකය ගහපුවෙලේ නිකම්ම අවුට් වෙලා යන්න හොද නැතිනිසා පින්තුර ටිකකුත් එක්ක ඔයාල සමහරවිට දන්නා කෙනෙක් ගැන නොදන්නා කරුණු ටිකක් දාන්න හිතුවා.ඔන්න එහෙනම් බලමුකෝ ......


Nike සමාගමේ මැලේසියාවේ කර්මාන්ත ශාලාවේ සියලුම සේවකයින් වසරක් තුලදී ලබන ආදායමේ එකතුවට වඩා වැඩි මුදලක් Nike සමාගම විසින් Micheal Jordan ට ගෙවනවා.



Adolf Hitler ලැබෙන්න සිටි අවස්ථාවේදී ඔහුගේ මව ගබ්සාවකට සුදානම් වුවත් එය වලක්වා ඇත්තේ ඇයගේ දොස්තර විසින්.



සුප්‍රසිද්ධ micky mouse නිර්මාණය කල Walt disney මීයන්ට අධික ලෙස බිය දක්වුවෙක්.


Ernest Vincent Wright නමැති මේ ලේඛකයා Gadsby නමින් පොතක් ලියා තිබෙනවා.එහි ඇතුලත් වචන 50000 න් කිසිම වචනයක E අක්ෂරය සදහන්වෙන්නේ නැහැ.


virginiya woolf තමන්ගේ සියලුම පොත් ලියා ඇත්තේ සිටගෙනයි.


albert einstein ට වයස අවුරුදු 9 ක් වනතුරුත් හරිහැටි කතාකරගනීමට බැරිව තිබෙනවා.ඔහුගේ මව්පියන් සිතා ඇත්තේ ඔහුට මානසික අපොහොසත් බවක් ඇති කියල..


kermit කියන රූකඩ ගෙම්බා වමත්කාරයෙක්.


Donald Duck නමේ මැද කොටස තමයි Fauntleroy කියන්නේ.


Napolean තමන්ගේ යුද්ධ සැලසුම් කරලා තියෙන්නේ වැලි පිල්ලක.    [ඒ කියන්නේ වැලි අතුරපු පෙට්ටියක]


Marilyn Monroe ගේ කකුලක ඇඟිලි 6 ක් තිබිලා තියෙනවා.

එහෙනම් ටටා බයි බායි.....

ප.ලි.-පස්සේ කාලෙක අපේ ගම මාතර බ්ලොග් එකේ පොස්ට් ආනයනය කළනිසා මේක 50 වෙනි පොස්ට් එක විදිහට පෙන්නන්නේ නෑ.ඒත් මේක තමයි මේ බ්ලොග් එකේ 50 වෙනි පොස්ට් එක 

54 comments:

  1. ඔන්න මාත් අද ඉදං පස්සෙං පන්නනෝ...
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ආපු දේ කියන්න බැරි උනානේ....
      50ට සුභම සුභ පැතුම්....

      Delete
  2. මේ දුර පියමන් කල් ඔබට තවතවත් දුර පානගන්නට දිරිය ශක්තිය !!!!!!!
    තවතවත් හරවත් ගුණාත්මක ලිපි සමග හැකි උපරිම දුර ඔබයනවිට ඔබත් සමග පිටුපසින් අපි හැමදාම ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අමිල,ඔබලා මට ලොකු හයියක්

      Delete
  3. අපේ සුබ පැතුම් ,හසරැල් සමග හසරැල්ලක් හොද නමක් ........
    හැබැයි මැද තව jatun කෑල්ලක් තිබුන නේද ?????????

    එක නිසා ජාතුවෙක් වගේ නමකුත් blog 1ට match වෙනවා නේද ???????????

    ReplyDelete
  4. සුභ පැතුම් ඈ!
    මාර දේවල්නේ ලෝකෙත් වෙන්නේ නේද....?

    ReplyDelete
  5. හසරැල් 50 ට සුබ පැතුම් !! ඉදිරි ගමනට ජයවේවා...!!

    ReplyDelete
    Replies
    1. ඔබගේ සින්ඩියෙන් දැක්වූ සහයෝගයට මගේ හදපිරි ස්තුතිය

      Delete
  6. එහෙනම් හසරැල් පෝස්ට් 50ක් ලිව්වා. ඔන්න මගෙන් සුබ පැතුම් ! ඉදිරියටත් මේ වගේම ලිපි එකතුවක් එක්ක හසරැල්ලකුත් ගේන්නකෝ..

    ( මේ දැන් තමා මම බැලුවේ මගේ පෝස්ට් කීයද කියලා. අද දාපු පෝස්ට් එක 51. ඒ කියන්නෙ මාත් 50ක් පහුකරලා :)

    ReplyDelete
    Replies
    1. ඔයත් නිකම් ඒ කාලේ ජයසුරිය වගේනේ,මිනිහවත් දන්නේ නෑ 50 ක් ගහලා ඉවරවෙනකම් 50 ක් ගැහුවද කියලා...එනිවේ ..තැන්ක්ස්

      Delete
  7. හසරැල් ට 50ට සුභ පැතුම්!!අතීතයේ ලස්සන වර්තමනයේදි දකිනව වගේම තමයි,වර්තමානයේ ලස්සන දකින්න නම් හොද අත්දැකීම් ලබාගෙන අනාගතයට යායුතු වෙනව.දිගටම ලියන්න ශක්තිය පතමි!!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මං දැන් උත්සාහකරන්නෙත් ඒකට..ස්තුතියි

      Delete
  8. හසරැල්ව මම දන්නේ හසරැල් කියලා නෙවෙයි. අපි එකම බැංකුවේ සහෘද්දයෝ. හසරැල් දන්නේ නැතිව මම ලියවපුවා කියවලා තිබුනා. අපි දෙන්නගේ සමාන කම් ගොඩක් තියෙනවනේ. ඉතිං මේ ගැන ඉහලින්ම් ආඩම්බර වෙන කෙනෙක් මම. එහෙනම් ඔයාගේ අර්ධ ශතකයට අත් උද තියලා අත්පුඩි ගහන කෙකෙන් තමි මම. ආ මග සුභයි පෙර මග ජයයි කියලා හරවත් දේ ලියන්න ශක්තිය සහ දිරිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සුදීක අය්යේ මමත් හදවතින්ම සතුටුවෙනවා ඔයා වගේ කෙනෙක් මේ බ්ලොග් ලෝකෙදිත් හමුවීම ගැන,එදා ගම්පහ එන්න හිටියත් එන්න බැරිවුනා.ආවනම් හොද ෆන් එකක් ගන්න තිබුනනේ..ගොඩක් ස්තුතියි

      Delete
  9. හසරැල් 50 ට සුබ පැතුම්.
    දිගටම අලුත් දේ ලියන්න ශක්තිය පතමි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් රජාණෙනි ..මගේ හදපිරි තුතිය...

      Delete
  10. ඔන්න 50 වෙනි හසරැල්ල මටත් අහම්බෙන් දකින්න ලැබුනා.. සුබ පැතුම් දිගටම හසරැලි නගන්නට..!!

    ReplyDelete
    Replies
    1. ඔයා අපේ අක්කගේ බ්ලොග් එකේනං කොමෙන්ට් කරලා තියෙනවා දැක්කා..

      Delete
    2. අක්කා...?

      Delete
    3. ඔව්,ඒත් එයාගෙන් අහන්නතුව බ්ලොග් එකේ නම දාන එක හරි නැහැනේ

      Delete
    4. ම්ම්.. ඔව්. ඒකත් හරි තමයි. :)

      Delete
  11. හසරැල් ට උණුසුම් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු අය්යේ

      Delete
  12. 50ට සුභ පැතුම්...

    මරු කරුණු 2ක 3ක් දැනගත්තා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. marilyn monroe ගේ කකුලේ ඇගිලි 6 යි කියපු එකද...හි..හි..
      රාජ සම්පතම ලැබේවා..

      Delete
  13. Replies
    1. ඇත්තටම මාතලන් තමයි මාව ඉස්සෙල්ලම ස්ය්න්දියකට කියලා ඇතුළු කරගත්තේ..මුල අමතක කරන්න හොද නැහැනේ...

      Delete
  14. 50 ට මගෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
  15. 50ට සුබ සුබ පැතුම් හසරැල් ..
    දිගටම වැදගත් දේවල් ලියන්න ..

    ඒ වගේම මේ පොස්ට් එකත් හරිම
    වැදගත් , කවදාවත් අහල නොතිබ්බ දේවල් ගොඩක් දැනගත්ත ...

    ReplyDelete
    Replies
    1. මට බ්ලොග් ලෝකෙදි හමුවුණු හොද යාලුවෙක් තමයි සහන කියන්නේ.....

      Delete
  16. මගෙනුත් සුබ පැතුම් ...ඉක්මනටම සෙන්චරියක් ගහන්න ලැබේවා...

    ReplyDelete
    Replies
    1. බලමු...බලමු...කොච්චර කල යයිද කියලා ..

      Delete
  17. සුභ පැතුම් හසරැල්... දිගු ගමනක් යන්න හැකි වේවා...කොහෙවත් කියවල තිබුනෙ නැති කරුනු ටිකකුත් දැනගත්තා

    ReplyDelete
  18. එකෙන්ම සුභ පැතුම්..............

    ReplyDelete
    Replies
    1. එකෙන්ම තැන්කු...මචෝ ඉස්කෝලේ කාලේ ආතල් ටිකකුත් දාන්නම් ,අපේ මැත්ස් ඩේ එක මතකනේ ..

      Delete
  19. 50ට සුභ පැතුම් සහෝ.තව ඉදිරියට දිගටම ලියන්න දහිරිය ලැබේවා.ඔයාගේ ලිපි නියමයි.

    ReplyDelete
  20. 50 ට සුභ පැතුම්...

    එදා මෙදාතුර ලෝකයේ ජීවත් වූ සරාගීම කාන්තාවලු අන්තිමට හිටියෙ...

    ReplyDelete
  21. තව තවත් ඉදිරියම යන්නට.. සුබ පැතුම් මේ 50වැනි කඩඉමට..!!!

    ReplyDelete
  22. හා මේ මාතර හසරැල් නෙව.. හොදා හොදා හිනා 50 ට ඔන්න සුභපැතුම්.. අර කාගෙද බං කොන්කිරිට් මූනත්තහඩුව. උඹලගේ නරකාධිපතියගේද. (සොසීන්ත හදුන්ගේ නේද බුවා)

    ReplyDelete
    Replies
    1. මමනම් දැන් ඉන්නේ කවුද කියලවත් දන්නේ නෑ,දැන් සෑහෙන කාලයක් ගමෙන් පිටනේ..ඒ පිළිම ටිකනම් මං හිතන්නේ නගර අලංකරණයට සකස් කරපු එකක්.තියෙන්නේ වෙළාර උද්‍යානයේ පන්සලට යන තැන

      Delete
  23. 50 ට සුභ පැතුම්. 100 ඉක්මණින් බැට් කිරීමට ලැබේවා

    //...Adolf Hitler ලැබෙන්න සිටි අවස්ථාවේදී ඔහුගේ මව ගබ්සාවකට සුදානම් වුවත් එය වලක්වා ඇත්තේ ඇයගේ දොස්තර විසින්....//

    …චිත්‍ර ශිල්පියෙක් වෙන්න ආසා හිට්ලර් එතැනින් පලවා හැරීම සිද්ධ වුනානේ. ඒක කිව්වාම මතක් වුණේ ස්ටාලිනුත් පූජකයෙක් වෙන්න ගිහින් නොමනා හැසිරීම නිසා එතැනින් එලෝපු කෙනෙක්.

    //..Napolean තමන්ගේ යුද්ධ සැලසුම් කරලා තියෙන්නේ වැලි පිල්ලක....//

    නැපෝලියන් හම්බෙන්න ඉන්න කාලෙට එයාගේ අම්මාට ආසාවක් ඇතිවුණාම බිහිවෙන දරුවාම පොරවන්න ලෝක සිතියම තියෙන පොරෝනයක් ගෙත්තම් කරන්න. ඒත් ලෝක සිතියමම ගෙත්තම් කරලා ඉවර වෙන්න කලින් දරුවා උපන්නාලු. ඒත් ඒ වෙද්දී ගෙත්තම් කරලා තිබුණු හැම රටක්ම නැපෝලියන් විසින් පස්සේ කාලේ අල්ලා ගත්තාලු

    ReplyDelete
    Replies
    1. සත්‍ය ප්‍රබන්ධයට වඩා පුදුමාකාරය

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...