අද රටම අපේ අභිමානවත් 65 වෙනි නිදහස් සමරුව සමරනවෙලේ මට ටිකක් වෙනස් අදහසක් ආව.ඉතින් ඒක ඔයාලත් එක්ක බෙදාහදාගන්න ඒක හොදයි කියලා හිතුනු නිසා සටහන් කරනවා.
ඇත්තටම නිදහස කියන්නේ මොකක්ද?මං එහෙම කෙනෙක්ගෙන් ඇහුවොත් විවිධ අය විවිධ අදහස් දක්වන්න පුළුවන්.ඒත් මං හිතනවා අපි මේ නිදහස කියලා සමරන්නේ මුලික වශයෙන්ම අපේ චින්තන නිදහස කියලා.නැත්නම් සරලව කියනවනම් ඕන කෙනෙක්ට තමන්ට හිතෙන දෙයක් කරන්න[අනිත් අයට කරදරයක් නොවන විදියට]තමන්ට කැමති තැනක යන්න[රටේ නීතියට අනුකුලව]නැත්නම් තමන්ට හිතෙන කෑමක් ,බීමක් ගන්න තියෙන නිදහස කියලා.ඒ නිදහසනේ අපිට සුද්දාගෙන් අහිමිවෙලා තිබුනේ.ඒත් ඉතින් එක්තරා අන්දමකට වර්තමානයෙත් රටේ මිනිස්සුන්ගේ චින්තන නිදහස සීමාවෙලා තියෙනවා තමයි.
ආ... කතාකරන්න ආපු දෙයින් පිට ගියානේ.මං අද කතාකරන්න බලාපොරොත්තුවුනේ වර්තමානයේ අපේ දරුවන් නිදහසක් අත්විදිනවාද ,නැද්ද යන්න ගැනනේ.අපි පොඩිකාලේ අපි වින්ද නිදහස දැන් දරුවෙක් විදිනවද කියල බැලුවොත් ගොඩ දෙනෙක් එකගවෙයි අපි විදපු නිදහසින් කොටසක්වත් දැන් ඉන්න දරුවෙක් විදින්නේ නැහැ කියලා.
ඒකට ඉතින් දෙමව්පියන්ට විතරක් දොස් කියලා හරියන්නෙත් නැහැ.එහෙමෙයි කියලා සමාජ ක්‍රමේට දොස් නැගලා හරියන්නෙත් නැහැ.අපි පොඩි කාලේ ගමේ වෙලේ ඇලේදොලේ දුව පැනලා නටලා අතක පයක් හූරගෙන කඩාගෙන හරි ගෙදර ආවා කියලා අපේ අම්මලා තාත්තලා අපේ නිදහස සීමාකරේ නෑනේ.ඒකනිසා මං හිතනවා එහෙම හැදෙන දරුවෙක් නිදහස් චින්තනයකට හිමිකම් කියනවා කියලා.අපිටත් වඩා අපේ තාත්තලාගේ කාලේ අය ඒ නිදහසට හිමිකම් කීවා.
දැන් දරුවෙක්ට බොහෝ වෙලාවට ඒ නිදහස අහිමිවෙලා තියෙනවා.නිකම් ගෙදර සෙල්ලම් කරලා තුවාලයක්හරි කරගත්තොත් ඉස්පිරිතාල ගානේ උස්සගෙන යන්නවෙනනිසා දරුවෙක්ට දුවලා පැනලා සෙල්ලමක්වත් කරන්න දැන් ඉන්න දෙමව්පියෝ ඉඩදෙන්නේ නැහැනේ.අපි ඒ කාලේ කරපු සෙල්ලම්වල තැන දැන් වීඩියෝ ගේම් අරගෙන.අනෙත් අතට අධ්‍යාපනේ ගත්තත් දරුවන් පැය 24 ම විෂය නිර්දේශේට අනුව වැඩකරවනවා මිසක කතන්දර පොතක්.කවි පොතක්වත් කියවන්න දැන් ඉන්න දරුවන්ට වෙලාවක් නැහැනේ.
අනෙක් අතට දැන් සමාජයේ දරුවන්ට හරිහමන් ආරක්ශාවක්වත් නැති නිසා දරුවෙක් පාරක තොටක ගිහින් ගෙදර එනකල් අම්මලා ඉන්නේ හිතේ ගින්දරින්.විශේෂයෙන්ම ගැහැණු දරුවන් ගැන.පුළුවන් අය තමන්ගේ දරුවන් අමතර පන්තියකටවත් නොයවා ගුරුවරු ගෙදරට ගෙනවිත් උගන්වන්නේ තමංගේ දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලයි.ඒත් ඒ දරුවා කවදාහරි සමාජෙට තනියම මුහුණ දෙන්න ඕන දවසට ඒ දරුවා කොච්චර අසරනවෙනවාද කියලා ඒ අම්මලා හිතන්නේ නැහැ.
විශ්වාසකරන්න...මන් දන්න ගැහැණු ළමයෙක් හිටියා වයස අවුරුදු 23 ක් වුනත් ජීවිතේට කවදාවත් බස් එකක ගිහිල්ලා නැති.පවුලේ එකම දරුවා වුනු නිසා ඒ දෙමව්පියෝ ඒ වෙනතුරුත් උදේට කාර් එකෙන් ගෙනවිත් අරලනවා ,හවසට ගෙනියන්න එනවා.අපිත් එක්ක දවසක් බස් එකේ යද්දී එයා මුහුණදුන්න අපහසුතාවයන් ඒ දෙමව්පියෝ දැක්කනම් තමන් තමන්ගේ දරුවාගේ නිදහස අහිමිකරලා කරගත්තු විපත ගැන ඇත්තටම කනගාටුවේවි.
මේ අධිවේගී සමාජ ක්‍රමය අනුව අපි වින්ද නිදහස අපේ දරුවන්ට දෙන්න බැහැ කියලා ගොඩ දෙනෙක් කියාවි.ඒක ඇත්ත,ඒත් ඒ දරුවන්ගේ නිදහස වුවමනාවට වඩා සීමාකරලා ඒ අයගේ අනාගතේ අදුරු කරන්න එපා කියලා තමයි මට මේ නිදහස් දවසේ ඉල්ලන්න තියෙන්නේ....
උතුම් පැතුමට මම ද එකතු වෙමි!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ස්තුතියි
Deleteමමත් එකෙන්ම. දරුවොන්ට නෙවෙයි මටත් ඉහත කිව් නිදහස් ජීවිතය අහිමි වෙලා තියෙන්නේ. ඒකාලේ ඉඳලම.
ReplyDeleteකෝරලේ මහත්තෙයා පොඩි කාලේ ඉදලම රට වෙන්ට ඉන්න ඇත්තේ
Deleteමගෙත් බලාපොරොත්තුව ලම්යින්ට ලමයින්ගෙ ලෝකයේ නිදහස දෙන්න ..ඒත් ඒක ප්‍රායොගිකව කොයිතරම් සාර්ථකව ඉටුකරන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ.
ReplyDeleteහොද බලාපොරොත්තුවක්
Deleteමමත් එනවා ඔය පැතිල්ලම පතන්න :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එසේමවේවා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමං හිතන්නේ නලින් අය්යා පටලවාගෙන,අපි දැන් රටක විදිහට අත්විදින නිදහස හොදයි,මං මේ කියලා තියෙන්නේ දරුවන්ගේ ලමාකාලේ නිදහස දරුවන්ට අහිමිවෙලා කියලා.
Deleteමුළු පොස්ට් එකම කියෙව්වේ නෑ නේද?
වැරදුනා මලයා මේ ඔයාට දාන්න හදපු එක නොවෙයි. මේ වෙන නිදහසක් නෑ කියල ලියපු එකකට දාන්න හදපු එකක්. මේක මකා දාන්න
Deleteහසරැල් ඔබේ මතය එක්ක මා හදවතින්ම එකඟයි. අද දරුවන්ට ඇත්තටම ළමා කාලය අහිමි කරලා තියනවා.
Deleteමම පොතක් ලියන්න හිටි කාරණයක් ඔය.
Deleteපොතක් ලියමු සුදීක අය්යේ ,රටට සමාජෙට අවශ්‍ය දෙයක්
Deleteඇත්ත ළමුන්ට ළමුන්ගේ ජීවිතවල නිදහස අහිමි වෙලා.දරුවන්ගේ ආරක්ෂාව, තරගකාරීත්වය , අධයාපන ක්‍රමය, සහ තාක්ෂණය නිසා දුවල පැනල නිදහසේ හැදෙන දරුවන් අද දකින්න නෑ.
ReplyDeleteදැන් දරුවෝ ගැන කනගාටුයි
Deleteඇත්තටම මේ කියමනට මම 100% එකඟයි..මම මගේ ළමා කාලයේ විඳපු නිදහස අදා මගේ දරුවන්ට නැහැ...මම රැකියාව තුල දකින අසුබ අත්දැකීම් එක්ක මටා මගේ දරුවට ගහකට නගින්න දෙන්න බයයි..ඒත් මම ලොකු ගැහැණු ළමයෙක් කාලේ පවා..ගස් නැග්ගා..
ReplyDeleteපොත පත අතරේ තියන තරඟෙට අපි දැන් නිරායාසයෙන්ම අහු වෙලා,දරුවන් ගේ සුබ අනාගතයක් කියන සංකල්පේදී..නිදහස අමතක වෙලා....
කොහොම වුනත්..ඔයාගේ කියමන හරි..අපි අපේ දරුවනට අපි වින්ද නිදහසෙන් බාගයක් වත් දෙන්න ඕන..
උත්සාහ කරමු
Deleteඅපේ තාත්තල පොඩිකාලෙ අත්වින්ද නිදහසෙන් බාගයක් විතර තමයි අපි අත්විදල තියෙන්නෙ. ඊලග පරම්පරාවට නම් ඇත්තෙම නැද්ද කොහෙද. පාන් ගෙඩි වගේ මිනිස්සු තමයි ඉස්සරහට බිහි වෙන්නෙ.(මෙලෝ රහකුත් නැති, කිසි ගුණයකුත් නැති)
ReplyDelete