Monday, February 18, 2013

බිව්වම කියන සින්දු මොනවද??


පහුගිය පොස්ට් ටික වගේම අදත් ලියන්න යන්නේ සින්දු ගැනම තමයි.හැබැයි අද ටිකක් වෙනස් සින්දු ටිකක් ගැන ලියන්නේ,හැබැයි ඉතින් අපේ ගොඩ දෙනෙකුටත් අදාළ මාතෘකාවක්.මං අද ලියන්නේ බිව්වම ඒ කියන්නේ බීලා වෙරිවුනාම කියන සින්දු මොනවද කියලා.

පිටරට කස්ටිය වගේ නෙමෙයි අපේ රටේ පැරණි මහලු කට්ටිය වගේම දැන් හැදෙන සමහර තරුණ ගැටයොත් මඩු විතකින් සප්පායම් වුනාම පොඩි ආතල් එකක් ගන්න සින්දු කියනවනේ.ඒකනේ කියන්නේ අපේ රටේ මිනිස්සු හරිවෙනස් කියලා.[හැබැයි ඔන්න මේකනම් කියන්න ඕනේ සින්දු කීම කෙසේවෙතත් බීම නම් මමත් අනුමතකරන්නේ නැහැ].ඔන්න ඔය වෙලාවට තමයි ගොඩක් ඇයගේ සැගවුණු ගායන දක්ෂතා කරලියට එන්නේ.මං හිතන්නේ හිතේ තියෙන ලැජ්ජාව සබකෝලය නැතිවීම ඒකට හේතුවෙනවා ඇති.

වැඩේ කියන්නේ සමහර අය මේ වෙලාවට පැරණි සින්දුවලට අලුත් ගීපද යොදා ගායන කරන එකයි.අපෙත් එකෙක් හිටියා මිනිහ ගොඩක් සින්දුවලට අලුත් පදමාලා ගොතනවා.[ඒ කියන්නේ කුණුහරුප දාලා කියන එක නෙමෙයි]ඔන්න මට මතකයි මිනිහා දවසක් පෝල් පෙරේරා මහත්තයාගේ "සුදු පාට ගවුමේ ..."සින්දුව කියනවා.මෙන්න මෙහෙමයි මිනිහා ඒක කියන්නේ."සුදු පාට ගවුමේ .....ලිඳ ගාව රවුමේ..."ඇතිනේ ,ඔන්න ඔය විදිහට තමයි.හැබැයි වැඩේ කියන්නේ ඔය සින්දුවම මිනිහා බීලා නැතිවෙලාවට හරියට කියනවා.

ඊලගට වැදගත් වෙන්නේ මේ වෙලාවට පාවිච්චිවෙන සංගීත භාණ්ඩ.ගොඩක් වෙලාවට මේ වගේ සාජ්ජ වලට ගන්නේ ඩොල්කියනේ.හොද සුදානමක් තියෙන සාජ්ජ වලදී සර්පිනාවත් තියෙනවා.ඒත් ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ පාටි දාගන්නේ ප්ලෑන් කරලා නෙමෙයිනේ ඒකනිසා මේ වෙලාවට වැඩියෙන්ම තියෙන සංගීත් භාන්ඩේ තමයි හිස් බෝතලේට රුපියලේ කාසි දෙකකින් තට්ටු කරන එක.නැත්නම් හිස් සෝඩා මෙගා බෝතලෙන් මේසෙට ගහන එක.විසිල් එකයි කටයි තමයි අනිත් සංගීත් භාණ්ඩ වෙන්නේ.ඔය සමහර සින්දු වල අතර මැද තියෙන්නේ හෝ...හෝ... ගාන තැන්[රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ...]ඒ වෙලාවට ඉතින් ඇත්තටම මූදක් ගාවට ගියා වගේ තමයි.

හරි ඊලගට බලමු කියන සින්දු මොනවද කියලා මේ වෙලාවට වැඩියෙන්ම ස්ටේජ් එකට නගින්නේ ජෝතිපාලයි කපුගෙයි නේ.පරම්පරාව මොකක්වුනත් ඔය දෙන්නා තමයි වැඩියෙන්ම මාකට්වෙන්නේ.මොකක්ද මන්දා හේතුව.ඒ දෙන්නත් හොද මදුවිත ලෝලියෝ නිසාද..?ඔතනිනුත් බෝතලේ මුල් හරියේදී වැඩියෙන්ම යන්නේ කපුගේ තමයි.ඔතනින් අනිවාර්යෙන්ම කියවෙන සින්දුවක් තමයි..සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ.....ඊලගට දුක හාදු දෙන රැයේ....



බෝතලේ මැදක් හරියට එනකොට ජෝතිපාල මතක වෙනවා.ජෝතිපාල ගැන ගත්තොත් අනිවාර්යෙන්ම කියවෙන්නේ "මම ගන්නෙමි කරකාර බන්දාලා ....



ඒ වගේම "මුලදී බැන්ද ආදරයක මිහිර දැන්....



වෙන වෙලාවට ඇහෙන්නේ නැති තරම් වුනාට මේ සින්දුවත් ගොඩක් වෙලාවට මේ වගේ අවස්තාවලදී ඇහෙනවා "වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ...."


කොහොමින් කොහොමහරි මේ වගේ සින්දු කිහිපයක් යනකොට බෝතලෙත් ඉවරවෙන්න එනවනේ.මේ වෙලාව වෙනකොට බීට් එක ටිකක් වැඩිවෙලා වාඩිවෙලා සින්දු කියපු කිහිප දෙනෙක් ඔන්න දැන් නැගිටලා තමන්ගේ ගායන හැකියාව වගේම නර්ථන හැකියාවත් කලඑළි බස්සනවා.ඔන්න මේ වෙලාවට යන්නේ මේ වගේ සින්දු "කුසුමිලතා රේනුලතා....."


සින්දු ගැනම ලියන්න ගියොත් සමහර පාටිවගේ මේ පොස්ට් එකත් එළිවෙනකං ලියන්න පුළුවන්.හැබැයි වැඩේ කියන්නේ කවුරු කොච්චර බිව්වත් ඉරාජ්ලගේ සින්දුනම් කියන එකක් නැහැ.මොකද එතකොට නිකම්ම වෙරි බහිනවනේ...හි..හි...


33 comments:

  1. හිකිස්......... කතාව සම්පූර්ණ ඇත්ත. බේබද්දන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක විදියට මේ සිද්දිය පිලිගන්නවා.

    ReplyDelete
    Replies
    1. අන්න හොද මාධ්‍ය ප්‍රකාශක කෙනෙක්

      Delete
    2. බේබද්දෝ වර්ණා කරනවාට නම් මම කැමති නෑ. එහෙම කියුවට තරහා යයි ද දන්නේ නෑ

      Delete
    3. ඇත්තටම බේබද්දෝ වර්ණ ගන්වනවට මගෙත් ඒ හැටි කැමැත්තක් නෑ. මොකද එයාලා උපතින්ම ගෙන පාට වෙනස් කරන එක කැතයිනේ.

      Delete
  2. ඔය සින්දුද බන්.. උඹ බොන්නෙ නෑනේ. වරෙන් යන්න දවසක මාත් එක්ක ලංකාවේ සිවිල් පොරවල් සෙට් වෙන තැනක සිංදු අහන්න... උඹලා පුදුමවෙයි.. ඕන නම් නලියගෙන් අහපන් මම කියන්නේ බොරුද කියලා.. උඹලා ජීවීතේට හිතන්නෙවත් නැති ගායකයන්ගේ සින්දු තමයි කියන්නේ. ඉස්සරනම් මේ ගායකයොත් ඔය තැන් වලට ආවා ගියා. දැන් සමහරි මිය පරලොව ගිහින්. ඉතුරු අය සින්දු කියන එක නවත්තලා මහින්ද මහත්තයට කඩේ යනවා...

    ReplyDelete
    Replies
    1. මං බොන්නේ නැත්තේ නෑ.හි...හි...මාතලන්ගේ කතාව ඇත්ත.ජීවිතේට අහලා නැති සින්දු ඔය වෙලාවට ඇහෙනවා,කියවෙනවා....මං මෙතන දැම්මේ මට අහුවුණු සින්දු ටිකක් විතරයි...

      Delete
    2. මාතලං දාපං කොල්ලෝ පහක්.... යකෝ හසරැල්ලෝ කපුගේ කියන උත්තම ගායකයා වෙල්ලස්සේ උක් ගොවියන්ගේ සහායට ගිහින් සර්පිනාව විතරක් තියං සිංදු කිව්වේ මහපාර මැද හොදට බිල තමා. රස්සාව නැති කාලේ රජරට රැජන දුම්රියේ දොරේ ඉදන් අනිත් හැමෝම එක්ක සිංදු කිව්වේ ගල් වල රහ බලමින්.. ඒත් බලපං මලයෝ අදත් බිව්වාම බොහෝවිට පටන් ගන්නේ ඒ උත්තම මිනිස්සුන්ගේ සින්දු තමා.. ඒත් දැන් ඉන්න එවුන් නම් උන්ටවත් කියාගන්න බැර සින්දු පටන්ගන්නවා. එචිචර තමා.

      Delete
    3. ප්‍රේමකීර්ති මහත්තයා ලියපු සිංදුවක් තියනවා අද දවසේ ඔබ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතු වේවා කියලා... මේ කියන්නෙත් ගෑනියක් ගැන නෙමේ බෝතලේ ගැන බං.
      ඒ එක්කම අහල බලහං මල්ලියේ මහින්ද දිසානායක ලියපු කවිය රුවක් ඇදෙනවා කවුදෝ එනවා කියන එක. එක් ගිතයක් වුනේ පස්සේ කාලේ

      Delete
    4. මෙන්න මුන් මට එලව එලවා ගහනෝ... බේරගනිල්ලා...ඇත්තටම නලින් අය්යේ කපුගේ කියන්නෙත් මං මගේ ජීවිතේ දැකපු පුදුමාකාර මනුස්සයෙක්..ඇත්තම සමාජවාදියෙක්.කපුගේ සන්ෆලවර් එක්ක කැසට් එකක් කලාම ගොඩක් උන් මිනිහට බැන්නා.ඒත් ඒ සල්ලිවලින් කරපු පින් අතේ වැඩ දන්නේ කීයෙන් කී දෙනාද....

      Delete
    5. ඒ වගේම නලින් අය්යේ කපුගේගෙ වගේම අජිත් වීරසිංහගෙ සින්දුවලට කැමති මිනිස්සුත් ඉන්නවනේ.ඉතින් ඒ ඒ එක එක අය බිව්වා වෙලාවට කියන සින්දුත් වෙනස්

      Delete
  3. මේ ඒක නෙමෙයි නලින් අය්යේ ඇයි බං පත්තරකාරයෝ ඔච්චර බොන්නේ...??

    ReplyDelete
    Replies
    1. අන්න දවසේ පැනය, දාන්න මල්ලි පහක්

      Delete
    2. අටම් අය්යේ එදා ගේට්ටුවෙදිවත් ඕක ඇහුවේ නැද්ද...

      Delete
    3. හිත හොඳ මිනිස්සු එහෙම තමයි බන්.. පත්තරකාරයෝ කියන්නේ මානවවාදියෝ...

      Delete
    4. ඔන්න මාතලං මාව බේරගෙන තියනාවා...... පිං

      Delete
  4. දෙකක් හලන්ම එන්න ඕනේ මචන්..මොනවා උනත් කපුගේ
    තමයි ගහන්නේ..අන්තිම ටිකේ එකෙම්ම කපුගේ...:(

    ReplyDelete
    Replies
    1. කපුගේ නැත්නම් අපේ උන් අනාථයි

      Delete
  5. ඔන්න ඔන්න ඉතින් ඔය ගැහුවේ සැමාට හින්ට් එකක්නේ...හි හි හී..සැමාත් ගෙට්ටුවේ දෙකක් දාගෙන අමාරුවෙන් සින්දු කියනවා අපිත් එහෙන් මෙහෙන් දැක්කනේ..

    කතාව නම් සහතික ඇත්ත. බීපුවාම හුඟාක් අයගේ ගායන කුසලතා මතුවෙනවා. ඒ මූඩිය අරින හරියේදී..රත් වේගෙන එන නැගලා යන සින්දු....කණ සාක්කුවට වැටෙන හරිය වෙද්දී විරහා ගීත..හි හි හි..ඒකෙත් හැටි..

    ReplyDelete
  6. බොන සින්දු... බීලා වමනේ දාන සින්දු.. බොලා අහල තියෙනවයි නුර්ති ගී කියනවා, බලි තොවිල් අරිනව බොන කොට.. සැප කනේ අප්පා ඒව නං.. බොන ඒවත් බහිනව දගලලම

    ReplyDelete
    Replies
    1. අන්තිම හරියේදී තොවිල් නටලා බලි ඇරලා තමයි යන්නේ

      Delete
  7. බිව්වහම කියන සිංදු සිහිය තියන වෙලාවට මතක නෑ හුගක් අයට, සමහර අයට බිව්වම ගායන හැකියාව වැඩි වෙනවා...

    ReplyDelete
  8. මාත් අහල තියෙනව ඔය සින්දු බිව්වම කියවෙන හැටි...
    ඇයි හිටිවන කවි කියන එව්වොත් ඉන්නෙ... සමහරු සොලෝකත් කියනව...

    ReplyDelete
    Replies
    1. සමහර උන් කවිබනත් කියනවනේ

      Delete
  9. ෂොට් එකක් දාගත්තම ගායකයටත් වැඩිය හොඳට සින්දු කියන මිනිස්සු ඉන්නව.
    මාත් අහල තියෙන්නෙ කපුගෙගෙ සිංදු තමයි වැඩි හරියක් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. කපුවා නැත්නම් කපෝති

      Delete
  10. මෙතනට එන්න ඕන සින්දුවක් තමයි "පායා ඇයි හිනහෙන්නේ"

    තව මිල්ටන් ජෝඩුව.සනත් නන්දසිරි,T.M,වික්ටර්,සෝමතිලක ජයමහ ඔය ඉන්නේ අනිවාර්ය ගායන කණ්ඩායම

    ඊට අමතරම සෝමසිරි මැදගෙදරගේ "ඉස්සර බැඳී පෙම"
    තුෂාර ජීවන්තගේ "සඳේ එළියෙන් පවා"
    ප්‍රින්ස් ගෙ "පෙම්වතුන් සිනාසේ"

    ආහ්හ් මට කියන්න අමතක උනා ලංකාවේ ජාතික ගීයට පස්සේ වැඩිපුරම කියවෙන සින්දුව "මලට බඹරෙකු සේ"

    ඔන්න ඕවා තමයි මධු භාවිත ගායකයෝ සහ ගීත ලැයිස්තුව

    ReplyDelete
    Replies
    1. එහෙනම් මානවක මොකෝ කියන්නේ ඔය සින්දු ටික කියන්න සෙට්වෙමුද

      Delete
  11. තනි තරුවේ....
    ළඳුනේ....
    සඳුන් ගසක එති සමන් ලතාවක....
    පින්සර ඔබ හැර...

    මේවට අලුතින් එකතු උණේ දිගු දෑස විතරමද මන්දා....


    මේ පෝස්ට් එක වටින්නේ ගායකයන්ටම තමා. සුපර්ස්ටාර්ලත් කියන්නේ මෙව්වනම් අපි බොනකොට කිව්වම මක් වෙයිද?

    ReplyDelete
  12. බිව්වම හැමෝම වගේ කියන්නේ එකම සින්දු සෙට් එකක්නේ බලාගෙන ගියාම. :)

    ReplyDelete
  13. නොදකිං. බිව්ව කාලයක් මතකත් නෑ. බීලා සින්දු කිව්ව කාලයක් මතකත් නෑ. ඇයි දැන් ආශ්‍රය කරන්න්නෙ අපාය සහය මිත්‍රයෝ නෙවෙයිනෙ. බ්ලොග් ලෝකෙ ඉන්න කල්‍යාන මිත්‍රයෝනෙ.

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...