Wednesday, February 27, 2013

මොළේට ව්‍යායාමයක් - පිස්සු වැටෙන වැඩක්


ඔන්න ඉතින් ටික දොහක් බ්ලොගේ පාළුවට යන්න ඇරියා.ඔන්න විරාමයට තිත තියලා අද ඉතින් පොස්ට් එකක් දාන්න හිතුනා.ඔන්න උඩ රූපේ තියෙන බඩු ගැන තමයි මං අද ලියන්නේ.දන්නා නොදන්නා ඔක්කොම දැනගන්න මේවට තමයි Rubik's Cube කියන්නේ.ගොඩක් කස්ටියනම් දැකලා ඇති නේද.මේක ප්‍රෙහෙලිකාවක්.එකපාට කැට එකපැත්තක එන විදිහට මේ කැටේ හදන්න ඕන.

අපි මුලින්ම බලමුකෝ මේක හොයාගත්තේ කවුද කියලා.මේකේ ආරම්භයනම් සිද්දවෙලා තියෙන්නේ 1974 දි.හන්ගේරියන් ජාතික මහාචාර්යවරයෙකු වුනු Ernő Rubik විසින් තමයි මේ අපූර්ව නිර්මාණය කරලා තියෙන්නේ.මුලින්ම මේක හදුන්වලා තියෙන්නේ magic cube කියලා.ඒත් rubik විසින් මේක 1980 දි Ideal Toy Corp කියන සෙල්ලම් බඩු සමාගමට මහාපරිමාණයෙන් නිෂ්පාදනය කරන්න අවසර දුන්නට පස්සේ මේක ලෝකේ වටේම පිස්සුවක් වෙනතරම් වේගයෙන් පැතිරුනා.2009 වෙනකොට මේ කැට මිලියන 350 ක් ලෝකේ පුරා විකිණී තියෙනවා.ඒ කියන්නේ ලෝකේ මේ වෙනකොට වැඩියෙන්ම විකිනුනු සෙල්ලම් බඩුව තමයි මේ Rubik's Cube.

ඉතින් මේ Rubik's Cube කියන සෙල්ලම් බඩුව මොනවගේද කියලා බලමුකෝ.සාමාන්‍ය Rubik's Cube කියන්නේ එක පැත්තක කොටු නමයක් තියෙන සුදු,කහ,රතු,කොළ,තැඹිලි,නිල් පැති වලින් සමන්විත ගණකයක්.මෙයින් සුදු සහ කහත්,කොළ සහ නිලුත්,රතු සහ තැඹිලිත් එකිනෙකට ප්‍රතිවිරුද්ද පැතිවල තියෙනවා.මේ වෙනකොට එක පැත්තක කොටු ගණන වෙනස්,හැඩය වෙනස් Rubik's Cube බිහිවෙලා තියෙනවා.උඩ පින්තුරේ තියෙන්නෙත් එයින් කිහිපයක්.මීට අමතරව පාටට අමතරව එ‍ක එක රූප එක එක පැත්තේ තියෙන Rubik's Cube තියෙනවා.

මේක හදන්න උත්සාහ කරපු අය ඉන්නවද.පිස්සු වැටෙන වැඩක් නේද?හැබැයි ඉතින් ලොකු කමකට කියවනවා නෙමෙයි මටනම් සාමන්යෙන් විනාඩි 5 කින් විතර මේක හදන්න පුළුවන්.ඔන්න පුදුම හිතෙන වැඩේ මේකයි,අපි බලමුකෝ මේකේ කැට පිහිටන්න පුළුවන් විදි කීයක්‌ තියේද කියලා.අපි සාමාන්‍ය 3x3x3 කැටයක් සලකලා බලමුකෝ මේකේ මුළු 8 ක් තියෙනවා,ඒ වගේම දාර 12 ක් තියෙනවා.එතකොට මුළු 8 වෙනස් වෙන්න පුළුවන් විධි ගණන 8 ! = 40320 යි.මේකෙන් 7 ක් වෙනස් කලාට 8 වෙනි එක වෙනස් වෙන්න පුළුවන් විධි ගණන 2187 යි.එතකොට දාර වෙනස්වෙන්න පුළුවන් විධි ගණන 12 !/2 = 239,500,800.මේකෙන් 11 ක් වෙනස්වෙන්න පුළුවන් විධිය මත තමයි 12 වෙනි දාරයේ පිහිටීම රදාපවතින්නේ.එතකොට කැටේ පිහිටීම ගණන වෙන්නේ 



පිස්සු හැදෙයි නේද?ඒත් බයවෙන්නෙපා මේකෙන් 12 න් 1 යි විසදන්න පුළුවන් විසදුම් තියෙන්නේ.අනිත්වා විසදන්න වෙන්නේ කැටේ ගලවලා තමයි.ඇත්තටම කියනම්වනම් මේකේ මීට වඩා පිහිටීම් තියෙනවා.මං ඒක මෙතන ලිව්වත් ඔයාලට පැහැදිලිවෙන එකක් නැහැ.ඇත්තම පිහිටීම ගණන
2,125,922,464,947,725,402,112,000.හරි හරි තවත් පිස්සු වැටෙන්න කලින් ඉතිරි ටිකත් කියවමුකො.

මේ කැටේ විසදන අය අතරේ තරග පවා තියෙනවා,ඒ තරග වලට කියන්නේ Speedcubing competitions කියලා.මේකේ ගීනස්‌ වාර්තා මෙන්ම ලෝක කුසලාන පවා පැවැත්වෙනවා.වැඩේ අමාරු වගේ පෙනුනට මේක විසදන්න ඕන කරන්නේ පොඩි Algorithms ටිකක් විතරයි.හරි Algorithm එක හරි තැනට ආදේශ කරන්න විතරයි මොලේ පාවිච්චි කරන්න ඕන.මම හදන්නෙත් ඒවායේ උදව්වෙන් තමා.හරි එහෙනම් විස්තර ඇතිනේ දැන් ඔයාලටත් පුළුවන් මෙයින් කැටයක් හොයාගෙන වැඩේට බහින්න.අර Algorithms ඉන්ටෙර්නෙට්  එකෙන් හොයා ගන්න පුළුවන්.ඒ වගේම තමයි දැන් digital Rubik's Cube පවා වෙළද පොලේ තියෙනවා.බලමුකෝ මේකේ world record එක කොහොමද කියලා.

මෙන්න 3x3x3 ලෝක වාර්තාව.



මෙන්න 5x5x5 ලෝක වාර්තාව.


මෙන්න තියෙනවා ගොඩක් අය මේක විසදන්න උත්සාහ කරලා අන්තිමේදී විසදන විදිහ හි....හි...


මේ ගැන වැඩි විස්තර මෙතනින් ගිහිල්ලා බලාගන්න.

27 comments:

  1. මමත් ඇන්රොයිඩ් app එකක් ගෙන හදන්න බලමින් ඉන්නේ. සිතුතියි දැනුවත් කිරීමට, මම අද උදෙත් බැලුව කොහෙද මිසින් වෙලා තියෙන්නේ කියල මුණු පොතේ මැසේජ් එකක් දාන්නත් හදල තවටිකක් බලමු කියල හිතුව

    ReplyDelete
  2. අපොයි මට නම් මේක කවදාවත්ම බෑ...

    ReplyDelete
  3. මාත් ට්‍රයි කරලා තිබුණත් කවදාවත් සම්පුර්ණයෙන් හදාගන්න හැකි වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. වැඩේ අල්ලගත්තොත් එච්චර අමාරු නැහැ

      Delete
  4. අපෝ මටත් ඕක තෑගි හම්බවෙලා තියෙනවා.. ඒත් අද වෙනකන් හදාගන්න බැරිඋනා..

    ReplyDelete
  5. මමත් හදන්න උත්සාහ කරලා නම් තියනවා. පිස්සු හැදෙනවා නේ බං. හැබැයි ඉතින් උත්සාහ කලත් හොඳ දෙයක් තමයි.
    2,125,922,464,947,725,402,112,000. මගේ ඔලුවේ තව ඉඩ නැත.. :)

    ReplyDelete
    Replies
    1. ආ අමතක වුනා, අර අන්තිම ක්‍රමේට කරලා බලන්න ඕන..!! :)

      Delete
    2. එහෙමත් හොඳා තමා

      Delete
  6. මතකයේ පරිදි පොඩි කතාවක් කියන්නම්,
    චෙස් පුවරුව හදුන්වාදීමත් සමඟ රජතුමා එහි නිර්මාතෘට කැමති තෑග්ගක් ඉල්ලන්න කියුවා.
    ඔහු කල්පනාකර පසුදා මෙහෙම තෑග්ගක් ඉල්ලුවා.
    පුවරුවේ කොටු 64 න් පළමු කොටුවට තිරිගු ඇට එකයි.
    දෙවැනි එකට දෙකයි. තෙවැනි එකට හතරයි යනාදි දෙකේ ගුණාකාරයෙන් ඉල්ලුවා.
    සුලු ත්‍යාගයක් ඉල්ලා රජු හැල්ලුවට ලක් කළ බව සිතා ඔහුට බැන වැදී බණ්ඩාගාරයට අදාල තිරිගු ලබා දෙන්න නියෝග කළා.
    නමුත්, බාණ්ඩාගාරයෙන් පසුව රජුට පණිවිඩය ආවේ එම තිරිගු ප්‍රමාණය දෙන්න රජුට තවත් වසර කිහිපයක් තිරිගු වගා කරන්න වන බවයි.
    (බලන්න දෙකේ 64 වෙනි ගුණාකාරය කීය ද කියා.)

    ReplyDelete
    Replies
    1. මෙන්න ඒ තිරිඟු ඇට ගණන

      18,446,744,073,709,551,615.

      ඔය ගාන එන්න මුළු ලෝකෙම වගාකලත් මදි

      Delete
  7. සෑහෙන උත්සාහ කලත් බැරි උන වැඩක් තමයි...

    ReplyDelete
  8. මං මේක හදන්න ඉගෙන ගත්තා! මට පුලුවනි විනාඩි 2.5ක් ඇතුලත කියුබ් එක හදන්න! :) ලෝක වාර්තාවට කිට්ටුවෙන්න තියා හිතන්නවත් බැහැ! :)

    ReplyDelete
  9. මංනං තාම ඔවුව එකක් හදන්න උත්සාහ කරලවත් නෑ. :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් උත්සාහ කරලා බලන්න

      Delete
  10. ඉස්සර මං ගාව එකක් තිබ්බා.. ආයිත් හොයාගන්න ඕනේ....

    ReplyDelete
  11. මමනං ඔ්ක ඔනේ තරං හදලා තියෙනවා.හැබැයි ඉතිං අඩු මිටි අරගෙන තමයි දැං ඒකේ කෑලි දෙකතුනක් අතුරුදහං ඒ හින්දා හදන්ඩ ටිකක් ලේසියි

    ReplyDelete
  12. මමත් ඔය අන්තිමට තියෙන වැඩේ කරන කෙනෙක්. හැබැ‍යි අඩු මිටි භාවිතයෙන් තොරව. ඒකට මා ගාව පොඩි මෙතඩ් එකක් තියෙනවා කෑලි ටික ගලවාගන්න

    ReplyDelete
  13. Meke kisima wijjawak ne. hadanna kemathi aya innawanam me vidoes balanna.

    http://www.youtube.com/watch?v=HsQIoPyfQzM

    http://www.youtube.com/watch?v=IW_BBp3FPMQ

    hari simple wedak... eth dethun parak karanna wei. step tika mathaketa dagannath ona nisa. Meeta wediya amarui pitakotuwe kadayak hoyaganna eka....

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...