පුංචි කාලේ අපි කාටත් පොඩි හරි හීනයක් තිබ්බා නේද මං ලොකු වුනාම මෙහෙම කෙනෙක් වෙනවා කියලා.අම්මලාටත් හීන තියෙන්නැති අපි ගැන.ලොකු වුනාම මගේ දරුවා මේ වගේ කෙනෙක් වෙයි කියලා.දැන් කාලේ අම්මලානම් දරුවෝ ලොකුවුනාම දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි කරන්න තමයි බලාපොරොත්තුවෙන්නේ.ඒකෙ වරද්දකුත් කියන්න බෑ.මොකද දැන් කාලේ තියෙන ආර්ථිකේ හැටියට එහෙම කෙනෙක් නොවී ජීවිතේ ගොඩනගාගන්න සෑහෙන අමාරුයි.ඒ වගේම තමයි අම්මලා තාත්තලා කැමති තමන්ගේ දරුවෝ තමන්ට වඩා පොඩ්ඩක් හරි ඉහල රස්සාවක් කරන එකට.ඒ වගේම දරුවොත් කැමති තමන්ගේ අම්මලා තාත්තලා කරන රැකියාවක යෙදෙන්නත්.
ඉතින් මං අද ලියන්න හිතුවේ ඒ ගැන.මටත් ඒ වගේ හීන කීපයක්ම තිබුනා පොඩි කාලේදී.ම්ම්ම්....මොනවද ඒ...
1 . කෝච්චි රියදුරෙක්
ඔන්න දැන් සමහර අය හිනාවෙනවා ඇති නේද.ඒත් සිරාවටම පොඩි කාලේ ඉදලා මට මාර කෝච්චි පිස්සුවක් තිබුනේ.කෝච්චියක ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඇත්නම් කියලා ඒ කාලේ හිතුනා.සමහර විට ඒකට හේතුවෙන්න ඇත්තේ අධික වේගය හා කෝච්චිය කිසිම වාහනයකට දෙවැනි වෙන්නේ නැති නිසා වෙන්න ඇති.කොහොමවුනත් ලොකුවෙනකොට ඒ ආසාව නිකම්ම නැතිවෙලා ගියා..
2 . ගුරුවරයෙක්
මගේ අම්මා ගුරුවරියක් වුනු නිසා වෙන්න ඇති.කොහොම වුනත් අදටත් මං වෙන්න ආසම පුද්ගලයෙක්.උසස්පෙළ ඉවරවෙලා පොඩි කාලයක්නම් ටියුෂන් කළා.හැබැයි මං ආසාකලේ දුෂ්කර පලාතක පොඩි ඉස්කෝලෙක ගුරුවරයෙක් වෙන්න.මං බුත්තල හිටපු කාලේ එවැනි ගුරුවරු විදපු දුක දැක්කා.
3 . පත්තරකාරයෙක්
ඒ කියන්නේ මාධ්‍යවේදියෙක්.ඒ වුනාට මට හිතෙන්නේ ඒකෙ නියම වචනය පත්තරකාරයෙක් කියලා.[අපේ නලින් අය්යලා අමනාප නොවේවා]සමහරවිට ඒකෙන් කරන්නපුලුවන් වැඩේ නිසාත් රැකියාවේ යම් නිදහසක් තියෙන නිසාත් වෙන්න පුළුවන්.ඒ හීනෙත් කාලෙත් එකක්ම නැතිවෙලා ගියා.පොඩි කාලෙනම් පත්තර එකකට දෙකකට ලියලා තියෙනවා.
4 . සිවිල් ඉංජිනේරුවෙක්
5 . සංචාරකයෙක්
ඉතින් ඔය මොන මොන හීන තිබුනත් අද මං බැංකුවකට වෙලා බැංකු නිලධාරියෙක් විධියට සේවය කරනවා.ඉතින් ඒ වගේ හැබෑ කරගන්න බැරිවුණු හීන ඔයාලටත් ඇති.ඉතින් පුලුවන්නම් ඒ ගැන පොඩි සටහනක් දාලා යන්න.....
මටත් තිබ්බා පුංචි හීනයක්
ReplyDeleteඑත් කාලායාගේ ඇවැමෙන් එක හීනයක්ම විතරක් වුනා
කියුවාත් වගෙ මගේ හිනෙට යන්න තිබ්බ පාර ඇහිරුනේ උසසපෙලින්
තොර ගත්ත විෂයධාරාව ( අම්මාගේ කැමැත්තටයි ජිව විදයාව හදාරන්න වුනේ)
එත් අන්තිමට නතර වුනේ වෙනමම තැනකින්(වෙනමම අංෂයකින්)
එත් මගේ හිතේ තාමත් පුංචි බලාපොරොත්තුවක් තියනවා
(කවදා හරි මගේම නමින් කවි පොතක් ලියන්න)
දැනටමත් ටිකක් එ හීනේ ලඟටම ඇවිත් තියෙන්නේ
ඒත් මම දන්න එකම එක දෙයක් තියනවා
හීන කවදත් හීනම විතරයි
එත් මගේ හිතේ තාමත් පුංචි බලාපොරොත්තුවක් තියනවා
Delete(කවදා හරි මගේම නමින් කවි පොතක් ලියන්න)
ඒක නම් මගෙත් හීනයක්........ .............., කොහේද එ උනාට මගේ කවි අවුල් නේ..
බලාගෙන යද්දී මේ හීනේ මටත් තියන එකක් නේ..කවි නම් ගොඩක් තියනවා..ඒත්...ඒක හීනයක්ම වෙයි ද මන්දා...
Deleteමටනම් කවි ලියන්න බෑ,හැබැයි අපේ අම්මවත් තාත්තවත් ලොකුවුනාම දොස්තර වෙන්න,ඉන්ජෙක් වෙන්න කියලා කවදාවත් අපිට බලකලේ නෑ,අපිටම තෝරාගන්න දුන්නා.ඒ අතින් මම වාසනාවන්තයි.
Deleteපුංචිම කාලේ නම් එහෙම හීනයක් තිබුනෙ නෑ, කවුරුවත් එහෙම හීනයක් ගැන අහනවා මතකත් නෑ.. හැබැයි ඕලෙවල් කරන කාලේ දැකපු හීනේ ඉංජිනේරුවෙක් වෙන හීනේ ඒක බොඳ උනේ ප්‍රථම ප්‍රේමයට පිං සිද්ධ වෙන්න..මටත් තියනවා හසරැල් දකින සංචාරක හීනේ නම් දැන් දෙයියන්ගේ පිහිටෙන් ලබන අවුරුද්දේ ඉදන්වත් ඒක පටන් ගන්න ඕනි.. ප්‍රශ්නේ තියෙන්නෙ ඉතින් මේ ගෙදර උන්ගෙන්නේ..
ReplyDeleteගෙදර උනුත් කරගහගෙන තමයි යන්න වෙන්නේ
Deleteහීන ගොඩක් තිබ්බා ඒවා හැබෑ උනා...එ වගේම ඒ හැබෑ වෙච්ච හීන හැබෑ උනාටත් වැඩිය ඉක්මනට විනාස උනා... :D
ReplyDeleteගණන් ගන්නෙපා බං
Deleteමගේ පුතා කියන්න වගේ ලොකු උනාම ''අයියා කෙනෙක්'' වෙන්න ආස උනානම් කොච්චර හොදද?
ReplyDeleteමිනිහ කියන අනිත් එක තමයි ඩොක්ට අංකල්කෙනෙක් වෙලා අම්මටයි තාත්තටයි සලකනවා කියන එක, එයාට තේරුමක් නැතුව කිව්වත් කොයිතරම් සතුටක්ද අහන්න ලැබෙන එකත්,
දෙමව්පියන්ට තියෙන සතුට එක තමයි
Deleteමගේ තිබ්බේ මං කවදාවත් වෙන්නේ නෑ කියලා ලිස්ට් එකක්..
ReplyDelete1. ටීචර් කෙනෙක්.. මට පෙන්නන්න බෑ.. අපේ ගේ දෙපැත්තෙ ඉන්න ටීචර්ලා දෙන්නයි මගේ එක වසරේ ටීචරුයි තමා මූලික හේතුව මං හිතන්‌ෙන්..
2. නර්ස් කෙනෙක්... ගෑණුන්ට හරි යන්නේ ඔය වගේ ජොබ් එකක් කියලා කවුද කියපු නිසා..
3. දොස්තර කෙනෙක්... හැම එකාම වෙනවා කියන්නේ ඒකනේ... ඒක නිසා මං ඒකට ආස උනෙත් නෑ...
ලෝයර් කෙනෙක් වෙන්න ආසාවක් තිබ්බා.. ඒකට පයින් ගැහුවා උසස් පෙල චිත්‍ර තෝරගත්තම ලෝ කොලේජ් යන්න බෑ කිව්ව නිසා... කොහොමත් කැම්පස් එපා කියලා හිටිය නිසා ඊලඟ ආසාව උනේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න.. ඒක හරි ගියා.. ඊට පස්සේ වල පල්ලට ගියා.. දැන් මේ ආයිත් හිමින් හිමින් නැගිටිනවා... හි හි...
මමත් පොඩි කාලෙම හිතාගත්තා කවදාවත් දොස්තර කෙනෙක්නම් වෙන්නේ නෑ කියලා.මට ඉන්ජෙක්ෂන් එකක්වත් ගහනකල් ඉන්න බෑ.ඉතින් මොන දොස්තර කම්ද
Deleteපොඩිකාලේ ඉදන් තිබ්බ හීනෙ තමා සිවිල් ඉංජා පෝස්ට් එක. හොදින් හෝ නරකින් ටික ටික ඒකට ලගා වෙමින් ඉන්නවා. තව ටික කාලයයි :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එකෙක් හරි තමන්ගේ හීනෙට ලගාවුණු එකට සතුටුයි රජෝ
Deleteමම නම් හිතාගෙන උන්නේ ගුරුවරියක් වෙන්න. ඉස්සර මම පුටු මේස වලට කෝටුවලින් තල තලා උගන්වනවා.. අම්මගෙ හිතේ නම් තාම තියෙන්නෙ මීට වඩා හොඳයි ගුරුවරියක් උනා නම් කියන හැඟීමම තමා.. හිතේ කොතැනකවත් නොතිබ්බ රස්සාවක්නෙ අද මම මේ කරන්නේ....
ReplyDeleteමේ බලන්නකෝ බොරුද කියලා..
කෙල්ලෙක්ට ගලපෙන්නෙම ගුරු වෘත්තීය තමා
Deleteඇයි ඉන්ජිච්චියක් වුණු එක නරකද?
Deleteඔය ටීචින් නර්සින් කරන්නෙම නෑ කියලා හිතාගත්තේ කවුරු හරි ඔය හසරැල් කිව්වා වගේ කිව්ව හින්දා... හි හි.... මම කොහොමත් ඒව වගේ කතාවලට ඉස්සරත් කැමති නෑ.. ඔය වගේ වැදගැම්මකට නැති සම්ප්‍රදායික කතා වලට විරුද්ධව ෆයිට් කරන්න පටන් ගත්තේ මොන්ටිසෝරි යන කාලෙදිමයි... ඉගෙන ගත්තම ඕනේ එක්ක කරන්න පුලුවන්... ටීචින් හොඳයි අයිස් ගහන්න බලන් ඉන්න අයට.. නිවාඩු තියෙනවානේ ඇති වෙන්න.. නර්සින් නම් අනේ මන්දා.. හි හි...
Deleteඇත්ත,ඒත් මං එහෙම කිව්වේ අපේ අම්මා ගුරුවරියක් වුනු නිසා අපේ ජීවිතවලට ලොකු එළියක් වුනා.අම්මා වෙන රැකියාවක් කලානම් අපිත් එක්ක ඉන්න කාලය අඩුවෙන්න තිබුනා.ඒත් ඉතින් දැන් ගුරුවරු වුනත් ටියුෂන් කරන නිසා කාලයනම් නෑ තමයි.
Deleteඒ වගේම තමයි අයිස් ගහන්නේ නැති ගුරුවරුත් ඉන්නවා හිරු.ටිකක් රටේ ලෝකේ ඇවිදලා බලන්න.මං දන්න පොඩි ඉස්කෝලයක් තියෙනවා ඒ ඉස්කෝලේ විදුහල්පතිතුමා තමන්ගේ මුළු ජීවිතේම කැපකරලා තියෙන්නේ දරුවන් වෙනුවෙන්.කොටින්ම කිව්වොත් ඉස්කෝලෙන් පස්සේ දුප්පත් ළමයි එකතුකරලා ළමයින්ගේ කොන්ඩේ පවා කපන්නේ විදුහල්පතිතුමා විසින්. එහෙම ගුරු දෙවිවරුත් ඉන්නවා.
පපිටරටවල හොදම ප්‍රතිපල ගන්න අය ගන්නේ ගුරුවරු හැටියට.මෙහේ ඒකෙ අනිත් පැත්ත
කවුරු කොහොම කිව්වත් කෙල්ලක්ට ගැලපෙන්නෙ ටීචින් කියලා මම නම් එහෙම හිතන්නෙ නෑ. මම කරන්නෙ අමාරු රස්සාවක්. ඔට්ටු වෙන්නෙ පිරි එක්ක කරට කර. වෙලාව අවෙලාව නෑ. ඒත් වෙහෙසට සරිලන හොඳ වැටුපක් ලැබෙනවා. අනික ඒක අභියෝගයක්. සාම්ප්‍රදායි රාමුවෙන් පිට පැනීමක්..මම ඒකට කැමති..
Deleteඅපේ අම්මලා තාම හිතන්නෙ වෙලාව ගැන හසරැල්. කෙල්ලක් උනාම හවස 6 වෙන්න කලින් ගෙදර එන්න ඕනේ කියන එක ගැන. ඒත් අපි ජීවත් වෙන අද ලෝකයේ ඒකට ටිකක් එහාට ගියාට කමක් නෑ කියලා මම හිතනවා..
මේකනේ හසරැල් මම කිව්වේ.. කෙල්ලන්ට හොඳම රස්සාව ඕක කියන කතාව ආවේ 8-2 නිසා.. නිවාඩු කාලේ නිසා... මැටිනිටි ලීව් නිසා... ඔයා දන්නවනේ.. මාස තුනක් පඩි සහිත නිවාඩු, මාස තුනක් පඩි බාගේ නිවාඩු, තව මාස තුනක් නිකම්ම නිවාඩු... ඔන්න ඕවා නිසයි ඔය කතාව හැදුවේ මිනිස්සු... “ හරි.. උඹ ඉගෙන ගත්තනේ... එහෙනං රස්සාවක් කරන්න ඕනේ කියලාම කියනවා නං මේක කරහං “ කියලා තමයි ඔය කතාව මුලින්ම හදා ගත්තේ... දැං ඕක ටිකක් වෙනස්...
Deleteමහන්සි වෙන ගුරුවරු මාත් දැකලා තියෙනවා.. හැබැයි ඒ අතරේ ටීචර්ලා හිටියේ අඩුවෙන්.... වැඩි දෙනා අන්තිම පීරියඩ් එක ළමයින්ට කලින් ඉස්කෝලෙන් පනින්න බලං ඉන්න අය... මට ටීචර්ලා ගැන තියෙන්නේ එච්චර හොඳ හැඟීමක් නෙවෙයි හින්ද වෙන්නැති මෙහෙම හිතෙන්නේ.. තරහා ගන්න එපා...
තමන් තෘප්තිමත් නම් ඕනේම කෙනෙක්ට ඕනෙම රැකියාවක් කරන්න පුළුවන් වෙන්න ඕනේ.. ගෑණු පිරිමි බේදයකින් තොරව... ඒකට වදයක් වෙලා තියෙන්නේ මේ මෝඩ සම්ප්‍රදායන් තමයි....
ළිහිණි කියනවා වගේ මාත් කැමති සම්ප්‍රදායික රාමුවෙන් පිටට පනින්න.. මට ඒක කරන්න බැරි උනා.. දැන් මං මගේම ක්‍රමේට මේ රාමුවෙන් පනින්න උත්සාහ කරනවා... මට නම් පණ නෑ ළිහිණියට තරම්... ඒක නිසා මට ළිහිණි වීරවරියක්...
ඒකනේ මාත් කැමති සම්ප්‍රදායෙන් පිට පනින්න.කවදාහරි නිදහස් සංචාරකයෙක් වෙන එක ඒ වගේ සිතුවිල්ලක් මගේ
Delete@හිරු
Deleteමට නම් උනේ කෙල්ලෙ ඇත්තටම තහංචි දාන්න කෙනෙක් උන්නෙ නැති එක. ඒක මට වාසියක් උනා. තාත්තා නෑ. එතකොට අණසක පතුරවන්න..අරක එපා මේක එපා කියන්න කවුරුත් නෑ. එතැනදී මගේ තීරණ බය නැතුව ගත්තා.
අයියා උන්නට මා ගැන බැලුවේ නෑ." උඹ ඕනේ එකක් කර ගනින් මගෙ මොකෝ " කියන තැන එයා උන්න නිසා එතැනත් මට වාසියක් උනා.
අපේ අම්මා දැන උගත් කෙනෙක් නෙමේ. හැබැයි එයා මාව තේරුම් ගත්තා. මම වැරැද්දක් නොකරනවායි කියන විශ්වාසයක් හිතේ තියෙන්නෙ ඇති. එතැනදිත් මට වාසියක් උනා.
ඒ හන්දා තමා මට අර සාම්ප්‍රදායික රාමුවෙන් පනින්න පුළුවන් උනේ. එච්චරයි.
කසාදෙදි උනත් මම බඳින කෙනේ මගෙ රස්සාව ගැන නම් අනිවාර්යෙන්ම තේරුම් ගන්න ඕනේ. නැත්තම් දිගේ කන්න ලැබෙන්නෙ නෑ.මොකද 8-5 රස්සා නෙමේනේ. ඒක තේරුම් ගත්ත කෙනෙක් හම්බ උන දවසට බඳිනවා. නැත්තම් අර සරත් අයියා කිව්වා වගේ " උබත් ඔහොම ඔතැන ඉන්න..මමත් මෙහෙම මෙතැන ඉන්නවා " කියලා ඉන්න තමා වෙන්නේ..හි හි හී
මගේ පුන්චි කාලේ ආසාව වුනේ ලයිබ්රි එකක වැඩ කරන්න..මොකද එතකොට පොත් ගොඩක් නිතර කියවන්න ලැබෙන නිසා...ඒක කාලයත් එක්ක නැති වුනා...
ReplyDeleteඊට පස්සේ අර සම්ප්‍රදායික දොස්තර හීනේ ආවා..පුළුවන් දෙයක් එපැයි කරන්න...එකත් බොඳ වුනා..
කොහොමින් කොහොම හරි ඇවිත් නැවතුනේ මෙතන..ජීවිතේට වත් හිතපු දෙයක් නෙවෙයි...නරකත් නෑ..ඒ හැටි හොඳකුත් නෑ...අපි මිනිස්සු නේ...
මාත් ආසයි ලියන්නෙක් වෙන්න..clerk නෙවෙයි..පත්තරේකට ලියන්න.... ඒ හීනේ තවම හිතේ තියනවා...
ඔයානම් පත්තරේට කවි ලියනවනේ,මන්නම් තාම මොකුත් ලියල නෑ
Deleteඔයාගේ හීන වලින් අංක 3 හා 5 මං සැබැ කරගත්තා මලයා..
ReplyDeleteමට මේක ලියනකොටත් මතක වුනේ නලින් අය්යා තමා
DeleteNe ne ne ne ne ne kawada hari mata oni una ammawa sathutu karanna,eka kara.2012 a/l com walin man kurunegalin 2weniya una.
ReplyDeleteඑළ.ඉතුරු ටිකත් ඔහොම්ම ඇදගෙන යන්න,එතකොට දෙමව්පියෝ වඩා සතුටු වෙයි
Deleteහීන හැබෑ කරගන්නේ නැතුව අතෑරලා දාන්නේ ආත්ම විස්වාසයක් නැති මිනිස්සු.
ReplyDeleteතරහ ගන්න එපා මෙහෙම කිව්වට. ඒක තමයි ඇත්ත.
මම දැකලා තියෙනවා සමර සුද්දෝ ජොබ් එක මාරු කරන්නේ වයස 50දි නැති නම් 60දි.
අපි තමයි විසිපහේදි කරන්න සිද්ද වෙච්චි රස්සාව "මේක තමයි මගේ ලබීම" කියලා කිසිම සතුටක් නැතුව කරගෙන යන මෝඩ ජාතිය.
අහලා තියෙනවද ජෙෆ්‍රි බාවා කියන සුප්‍රසිද්ධ ආකිටෙක්. එයා ආකියෙක් උනේ අවුරුදු හතලිහේදිලු.
ඔයා අර ඉංජිනේරුවෙක් වෙන හීනේ අතෑරියා කිව්ව නිසයි මේ තරම් දිග කොමෙන්ටුවක් කෙටුවේ.
මම හරියටම ඉගෙන ගන්න පටන් ගත්තේ ඒ ලෙවලුත් කරලා ඉවර වෙලා. අද මම සෑහෙන පඩියක් ගන්න සිවිල් ඉන්ජිනියර්න් ෆීල්ඩ් එකේම රැකියාවක් උනු ප්‍රමන සමීක්ෂකයෙක් (QS - Quantity Surveyor කෙනෙක්)
ඔය තාම පරක්කු නෑ ඔයාගේ සිවිල් ඉන්ජිනේරු හීනේ හැබෑ කර ගන්න . .
දුකා අය්යා ඒ හීනය හැබෑ නොවුණු එක ඇත්ත,ඒත් මං දැන් කරන රැකියාවෙනුත් ආත්ම තෘප්තියක් ලබනවා.බලමු ජීවිතේ තව ඉස්සරහට තියෙනවනේ.මං දැනට කරන master එකත් මගේ job field එකට කෙලින්ම අදාළ නෑ.ඒක සේවා කළමනාකරණ පිලිබදව.ඒක නිසා බැංකු රස්සාවටම හිරවෙලා ඉන්නත් අදහසක් නෑ.අනිත් එක මුදල් කියන දේ මගේ ජීවිතේදී එච්චර ලොකු තැනක් ගන්නේ නෑ.නිදහස තමයි මං වඩාත් අගය කරන්නේ.
Deleteඋසස්පෙළ ගැන කියනවනම් ඇත්තටම ආත්ම විශ්වාසයක් නැති එක නෙමෙයි එතෙන්දි වුනේ,මගේ ලඟින් ඉන්න අය ඒ ගැන දන්නවා.ඒක දිග කතාවක්.මං මගේ ජීවිතේ ගැන බ්ලොග් එකේ ලියලා නැති තරම්.බලමුකෝ..හිතුනොත් ලියන්න බැරියැ.
මගේ ලොකුම හීනේ තමයි සංචාරකයෙක් වෙන එක,ඒකනම් මං කවදාහරි සැබෑ කරගන්නවා.
මල්ලී හිත රිදුනානම් සමාවෙයන්. මට කියන්න ඕන උනේ ඔනෑම කෙනෙක්ගේ හීනයක් සැබෑ කරන්න හැබෑ උවමනාවක් තියෙනවනම් වයස කොහොමටවත් ප්‍රශ්නයක් නෙමේ කියන එකයි.
Deleteජය වේවා . . !
අය්යෝ...හිත රිදුනේ නෑ අය්යේ.ටිකදවසකට මගේ fb messge & friend requst block වෙලා.මං ඔයාට msg එකක් දැම්මා.වැඩි විස්තර msg එකේ ඇති.ඔයාට පුලුවන්නම් මට requst එකක් දාන්න
Deleteමට නම් හීන දෙකයි තිබ්බේ
ReplyDeleteඑක-පොඩි කාලේ මම ආස කරේ ෆාදර් කෙනෙක් වෙන්න පල්ලියක.
දෙක-මට ඕන වුනේ වෙනත් රටකට ගිහින් එහෙ පදිංචි වෙලා සුළු හෝ රැකියාවක් කරන් සරල ජීවිතයක් ගෙනියන්න.වැඩියෙන්ම ඕන වුනේ නවසීලන්තය වගේ ලස්සන රටකට යන්න.තාමත් ඒ හීනේ පුංචියට තියෙනවා මගේ හිතේ හීනයක්ම වෙලා.
තාමත් පරක්කු නෑ මචෝ
Deleteයුධ හමුදාවට යන එක
ReplyDeleteස්කැමල් ඩ්‍රයිවර් කෙනෙක් වෙන එක
විදුලි සංදේශ ක්ෂේත්‍රයෙන් ඉගෙන ගැනීම්
club ------ කෙනෙක් වෙන එක
HR ගැන ඉගෙන ගැනීම
මගේ නම් ගොඩක් දේවල් ඉෂ්ඨ උනා..
ඒ උනත් හසරැල් හිතන්නේ මම සතුටින් කියලද ?
සතුට තියෙන්නේ හිතන පතන හැටියේ මචං.සල්ලි වලට සතුට ගන්න බැහැ.අත්දැකීමෙන් කියන්නේ
Deleteමං නං පොඩි කාලෙ රහස් පරීක්ෂකයෙක් වෙන්න හීන දැක්කෙ. ඊට පස්සෙ ගුරුවරියක් වෙලා කවදහරි අපේ ඉස්කෝලෙම විදුහල්පති වෙන්න. ගුරුවරියක් නං උනා මාසෙකට විතර. ඊට පස්සෙ මාත් ආවෙ බැංකු රස්සාවට.
ReplyDeleteබයෝ වලින් ඒ ලෙවල් කරල කැම්පස් යන ගමන් ඉතිහාසය උගන්නල දැං බැංකුකරුවෙක්. හි හි... හීනෙන්වත් හිතපු දේ නෙවේ...
2005 වෙච්ච දේ නං අත්දැකීමෙන්ම දන්නව. මොකද මාත් 2005 ඒ ලෙවල් රසායන විද්‍යා ප්‍රතිඵලෙන් හොදම බැටයක් කාපු කෙනෙක්.
ඒ දේ නං ඉතින් කතාකරලා වැඩක් නෑ.ඉන්ජිනේරින් තේරිලා හිටපු මට අන්තිමේදී IT වලින් සැනහෙන්න වුනා.
Delete