Wednesday, October 2, 2013

ප්‍රධාන ආරාධිත අමුත්තා......


ස්ථානය - ධවල මන්දිරය ,වොෂින්ටන් ඩී.සී. , එක්සත් ජනපදය.

වෙලාව -  පෙ.ව.5.30 ,2013.10.02

----------------------------------------------------------------------------------------

බබා... බලන්නකෝ මේ ටයි එක හොඳද කියලා...

මොකද වදේ මේ උදේ පාන්දර නැගිටගෙන බෙරිහන් දෙන්නේ,තව චුට්ටක් නිදාගමුකෝ....

අනේ බෑ පැටියෝ.....මෙහෙ බලන්නකෝ....

ම්ම්ම්......උදේ පාන්දර නැගිටගෙන මේ කොහෙද දුවන්න හදන්නේ,අද මුකුත් විශේෂ වැඩක් නැහැනේ.අනිත් එක ඔයා ඊයේ රජයත් වහලා දැම්මානේ.....

මේක විශේෂ වැඩක් බබා....මට ලැබිච්ච ආරාධනාවක්....ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට....

ඉතින් කොහෙද ඔය ඔකේෂන් එක තියෙන්නේ...New yorkවලද...

ම්ම්ම්....එහේනම් නෙවි...ආ...ඔයා වැඩ්ඩී නම් කියමු බලන්න......

එහේනම් ඉතින් Denver වල වෙන්නැති....ඔයාගේ හොදම චක්ගෝලයෝ ඉන්නේ එහෙනේ....අනේ මටනම් බෑ ඔන්න ඕවට එන්න....

ඔයා එන්න ඕන නෑ....කොහොමත් මේකේ ආරාධනාව එවල තියෙන්නේ මට විතරයි...

ඔයාට විතරයි ආරාධනාව????.....කව්ද යකෝ රටේ ලොක්කගේ නෝනව අමතක කරපු ඒ අලුගුත්තෙරුවා....

හා..හා.... තරහ ගන්නෙපා....මේක මේ අපේ රටේ වැඩක් නෙවි....

එහෙනම් කොහේද ඕක තියෙන්නේ...

ශ්‍රී ලංකාවේ ...පැටියෝ....ශ්‍රී ලංකාවේ.....

ඉතින් මාවත් දාලා ලෝකේවටේ භාගයක් දුර යන්න තරම් මොකක්ද ඔයාට ලැබිලා තියෙන ඔච්චර මහා ලොකු ආරාධනාව....

ඔන්න ඒකනම් කියන්න බෑ....මං ගිහින් ඇවිත් ඔයාට ඔක්කොම විස්තර කියන්නම්කො...ෆොටෝත් අරන් එන්නම්.....මට පරක්කුවෙනවා.....Air Force One එක මං එනකම් Airport එකේ ස්ටාට් කරගෙන ඉන්නේ...අනේ තරහ නැතුව කියන්නකෝ මේ ටයි එක හොදද කියලා....

බැන්දට පස්සේ මෙච්චර කාලෙකට ඔයා මට නොකියා කොහෙවත් ගියේ නෑ...ඉතින් මේ එකපාරටම මොකක්ද ඔයාට වැහිච්ච මලයකා.....මට කියලා ඕන තැනක යන එකයි ඇත්තේ.....

පැටියෝ....මේ අහන්නකො...ඔයා දන්නවනේ...මට ශ්‍රී ලංකාවේ තියෙන්නේ එච්චර හොඳ ප්‍රතිරූපයක් නෙවිනේ....මේක තමයි මට ඒක වෙනස්කරගන්න තියෙන හොදම අවස්ථාව...ඉතින් ඒකයි මේකට නොයා බැරි.මං මේක ඔයාට කිව්වම ඔයාට කොච්චර වුනත් කට පරිස්සම්කරගන්න බැරුව ඕක කියවාවි ජෙනීත් එක්ක.ඉතින් ජෙනී ඕක කියාවි එයා බැඳලා ඉන්න රුසියන්කාරයට.ඔන්න එතකොට මිනිහගෙන් ඕක දැනගන්නවා රුසියාවේ පුටින්.මිනිහා මට කලින් ඔතනට ගිහිං ඕකේ ක්‍රෙඩිට් එක දාගනියි....

එහෙම වෙන්නේ නෑ....මං කොච්චර දේවල්  ජෙනීත් එක්ක කියවලා තියෙනවද...කෝ මුකුත් ප්‍රශ්නයක් වුනේ නෑනේ අද වෙනකම්....

ඒවයි මේකයි වෙනස්...මේක ගොඩා.....ක් වැදගත් අවස්ථාවක්.....

ඉහි......ඉහි......මට දැන් තේරුම් ගන්න පුළුවන්.ඔයා ඔය යන්න හදන්නේ කොහෙහරි ඉන්න සක්කරවට්ටමක් එක්ක රවුමක් ගහන්න තමයි.ඒකනේ මට කියන්න බැරි කාරණාව.....මං ඒත් සැකකළා.....ඒත් දෙය්යනේ මං හිතුවේ නෑ ඔයා මට මෙහෙම කරාවි කියලා.....මම ඇහැරුණ නිසානේ බොරුවට ටයි එක ගැන ඇහුවේ...නැත්නම් හිමින් සැරේ මාරුවෙලා යන්න තමයි මේ උදේ පාන්දර ලකලහස්තිවෙන්න ඇත්තේ...ඇදගෙන ඉන්නෙත් මනමාලයා වගේ......ශ්‍රී ලංකාවේද හනිමූන් යන්නේ....අනේ මං වගේ කරුමක්කාර ගෑනියෙක්....මං ඒත් හිතුවා....ඊයේ බිල් ක්ලින්ටන් කළා වගේ ආණ්ඩුව වහලා දැම්මා...අද මිනිහව ආදර්සෙට අරන් හොර ගෑනු පස්සේ යනවා...මටයි අර කෙල්ලෝ දෙන්නටයි පාරට බහින්න තමයි වෙන්නේ....ඉහි...ඉහි.....මං අදම යනවා අපේ අම්මලාගේ ගෙදර....තමුසේ ඕන කුදයක් ගහගන්න ඒකයි ඇත්තේ ඕන අම්මණ්ඩියෙක් එක්ක...එතකොට කෙනඩිටයි ක්ලින්ටන්ටයි පස්සේ මහා ඉහළින් නම කියෝගන්න බැරිය...හැබැයි තමුසේ හිතන්නෙපා මං තමුසෙට ලේසියෙන් එහෙම ගැලවිලා යන්න දෙයි කියලා....ඔය හිලරි වගේ නෙවි මම....මොකාවුනත් ඔය අම්මණ්ඩිගේ අඩුවක් දෙකක් කඩලා තමයි මං පස්ස බලන්නේ....

-----------------------------------------------------------------------------------------
නොවැලක්විය පෞද්ගලික හේතුවක් මත මාගේ බ්ලොගයේ 100 වෙනි පෝස්ටුව දියත් කිරීමේ මහා මංගල්‍යට සහභාගීවීමට සිටි ප්‍රධාන ආරාධිත අමුත්තාට එයට සහභාගී නොවිය හැකි බැව් මාවෙත දන්වා ඇත.එනිසා මාගේ 100 වෙනි බ්ලොග් පෝස්ටුවේ ප්‍රීතිය සහෘද ඔබ සැම සමග බෙදාගමි.

ආරාධිත අමුත්තා වෙත වෙන්කොට තිබූ 100 වෙනි Follower ගේ ස්ථානයේ මෙතෙක් අසුන්ගෙන නොසිටින Follower කෙනෙකු අසුන් ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ සමග එක්ව සිටි වසරක කාලයක් තුරාවට ඔබගේ මුවගට හසරැල්ලක් සහ මනසට දැනුමක් ගෙන ඒමේ මාගේ අදිටන යම් තරමකට හෝ සාර්ථක වී යයි මම සිතමි....ඉදිරියටත් එකිනෙකට වෙනස් බ්ලොග් පොස්ටු සමගින් ඔබ හමුවීමට අදහස් කරමි...එතෙක් ඔබට සැප හා ජය....

මම ඔබේ හිතවත්....

හසරැල්....

44 comments:

  1. 100 ට පළමු සුබ පැතුම මගෙන්..!

    ( බලමු මම එකද කියලා )

    ReplyDelete
    Replies
    1. රයිට්යෝ දැන් එමු නිදහසේ කතා කරන්න.. 100 ක් දැම්මද ? ෂාහ් නියමයිනේ.. මම හසරැල්ගේ දැකපු විසේසයක් තමයි විනොධශීලිව වැඩ කටයුතු කරගෙන ඉන්න බව.. පහු ගිය කාලෙම වැටුන පෝස්ට් වලදී ඒක පෙනුණා.. විසේසෙන්ම මාතරට ගියාට පස්සේ හසරැල් ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න බව පේනවා...

      එහෙනම් ඔන්න මගෙන් සුබ පැතුම්.. මම කලින්ම ෆලෝ කරලා ඉන්න නිසා 100 වීමේ වාසනාව මට උදා වෙන්නේ නැහැ... ..මගේ බ්ලොග් එක. පරණ ඒවා කියවලා , ෆලෝ කරලා යන්න එන්න.මෙය වෙළඳ දැන්වීමක් බව සළකන්න.

      Delete
    2. ekane meyaa 100 k liyalaa naha ne...

      Delete
    3. වැදගත් තැනක මුල් තැන ..silentsahan...තැන්කු වේවා....

      @කළු සහ සුදු - මේක 100 තමයි ....

      Delete
  2. Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ආරාධිත අමුත්තාගේ ආසනේට..

      Delete
  3. 100ට මගෙනුත් සුභ පැතුම්.. අපරාදේ ලොකු පාටියක් දාන්න තිබ්බ චාන්ස් එක..

    ReplyDelete
    Replies
    1. ඌ නැතිවුනාට කමක් නෑ...අපි ලොකු පාටියක් දාමු...

      Delete
  4. කොහෙද 100..මේකේ තියෙන්නේ 65යි නේ..

    කොහොම හරි බරක් ඔබාමා ටත් පදයක් හැදුවා නේද....?

    ReplyDelete
    Replies
    1. එතකොට කලින් අවුරුදු වල ලියපු පොස්ට් 35 ලියලා තියෙන්නේ බාප්පද ????

      අපේම උන්නේ අපිට ඉන්න දෙන්නැත්තේ....

      Delete
  5. දුවද්දී දැවී යාමකට හසු නොවී ශතකය වාර්තා කලාට මගේ අක්මාවෙන්ම සුභ පතමි.

    ReplyDelete
    Replies
    1. ඔබේ සුබ පැතුම් අග්න්‍යාසයෙන් යුතුව පිලිගනිමි...

      Delete
    2. උඹ මේක අස්සෙම කොටු වෙලා ඉන්නෙ නැතුව අපේ ඒවත් කියවන්න වරෙන්...

      Delete
    3. කියවනවා මචෝ..කියවනවා..එකක් නෑර කාගේත් බ්ලොග් කියවනවා...

      Delete
  6. ශතකයක් ගැහුවට මෙන්න මගෙනුත් සුබ පැතුම්.
    ඉදිරියටත් ලියන්න ශක්තිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. තැන්කු..තැන්කු...අය්යා ශතකේ ගහන්නේ කවදැයි????

      Delete
  7. ප්‍රෙසිඩන්ට් ඔබාමාගේ වදේට මම මේ ආවේ. උඹේ වැඩක් කියලා දන්නවා නම් මම ඔච්චර ආඩම්බර පෙන්නන්නෙ නෑ.අර සද්ද කරන්න බැරි නමක් තියෙන, ෆෑන්, රේඩියෝ කඩන, රබර් ඇට හුලං පෙති හදන, අමුතු ඇක්සෙන්ට් එකකට කතා කරන පොරගේ වැඩක් කිව්වට මට හිතාගන්න බැරුව ගියා කවුද කියලා.
    උණුසුම් සුභ පැතුම් හස‍රැල්! Obama sends his regards.
    Way to go!

    ReplyDelete
    Replies
    1. You're welcome ඩුඩ් අය්යා...ඔබා...මා හමුවෙන මේ ඉරහද යට ...

      Delete
  8. ඔන්න මගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
  9. ඔබාමා මගේ පොඩි වැඩකට ලංකාවට එන ගමන් තව මොකෙක්ද එකෙක් Invitation දාල තියනවා පොඩ්ඩක් ඔළුව දාල එන්නම් කිව්වා... කවුද දන්නෙ ඒ අපේ හසරැල් කියලා... :D

    ReplyDelete
    Replies
    1. ඕවා කියන්න එන්නෙපා..මිෂෙල් එහෙම මේක බැලුවොත්...

      Delete
  10. ඔන්න අපෙනුත් සුභ පැතුම්!
    100ය ඉක්මනින්ම 1000 වේවා කියා පතනවා.

    ReplyDelete
    Replies
    1. හප්පේ..එතකොටනම් හැට පැනලා හොට බිම ඇනිලා තියෙයි...

      Delete
  11. සීයෙන් ලබාගත් පන්නරයෙන් සීයා කෙනෙක් වෙනකං පොස්ටු සීය සීය දවස ගානේ දාන හැකියාව ලැබේවා ....!

    ReplyDelete
    Replies
    1. දවසට පොස්ට් සීයක්...එතකොට නිකම් ගොසිප් සයිට් එකක් වේවිනේ....

      Delete
  12. පිස්සු හැදෙයි... නියම විදියට කතාව ගෙනල්ලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මාරයියේ ..එහෙනම් උබ පිස්සු හැදෙන පොස්ට් එක කියවලා නෑනේ...එනිවේ තැන්කු...

      Delete
  13. මිෂෙලුයි කෙල්ලෝ දෙන්නයි උඹේ 100ට සුභ පතන්න කිව්වා.....මීට.....බජට් එකට බකට් එකක් ඔබාගත් මා....ඔබාමා.

    ReplyDelete
    Replies
    1. එයාල අතර අනවබොදේ නිසා මගේ පාටිය තමයි අවුල් ගියේ..

      Delete
  14. ඔබාමා එනවයි කියල කලින්ම දැනගත්ත නිසා මම ඊට ඉස්සෙල්ල පුටුවේ වාඩී උනා (99) ...... කෝ ඉතින් උබ වැඩේ කාලානේ ..... මදැයි මගේ තරමට ගැලපෙන පොරක් එක්ක චැට් එකක් දාන්න හිටියා එක ලග වාඩි වෙලා..........

    ReplyDelete
    Replies
    1. උඹේ කරුමේ...මම නෙවෙයිනේ වැඩේ කෑවේ...මිශේල්නේ...

      Delete
  15. 100 ට සුභ පැතුම් හසරැල්.... බ්ලොග් ලොව දිගු ගමනක් යාමට හැකි වේවා

    ReplyDelete
  16. හැක් හැක් හෑ එකටනම් ඇත්තටම හසරැල්ලක් ආව.ඔන්න එහෙනම් මගෙනුත් සුබ පැතුම්.

    ReplyDelete
  17. මෙන්න හසරැල්ට හසරැල්ලක් 100 වෙනුවෙන්.... මගෙන්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අය්යේ...

      Delete
  18. හසරැල්ට හසරැල් සැදේවා.....!!!!

    ReplyDelete
    Replies
    1. හැමෝටම හසරැල්ල නැගෙන කාලයක් උදාවේවා...

      Delete
  19. හස‍රැල්ලෙ 100 ට සුභ පැතුම්
    _________
    ජයෙන් ජය !!!

    ReplyDelete
  20. ඒ ගෑනිත් ලංකාවේ අම්මණ්ඩියක් වගේමයි. ඇත්තටමත්.

    100ට සුබ පැතුම්. ඇයි බන් උඹ ඒ යෝධයාට ආරාධනා කොලේ. අපේ මහා එවුන් දන්නවා නම් ගලවනවා උඹේ කලිසම ඔලුවෙන්.

    100ට සුබ පැතුම් රාජකාරි සහෘදයාට. ඇත්තටම මේ දවසේ මම මොකද කරේ කියලා කල්පනා කොලේ. පාරේ බස් එකේ යාපනේ ගියා වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු..තැන්කු...වේවා...ඔය කිව්වට අපේ උනුත් කැමතිවෙයි මිනිහා ආවොත්

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...