Monday, September 30, 2013

නිකං ඉන්න බැරුවට කොරපු වැඩක් - 2



කෝමද මේ දවස්වල දවල්ට රස්නේ...සනීපයිනේ..ඉරිදා ගෙදර ඉන්නකොට දවල්වෙද්දී ටික ටික රත්වෙන්න ගත්තා.කරුමෙට ගෙදරටම තියෙන්නේ ෆෑන් එකයි.දැන් ඉතින් මේ හදිසියට කොහෙන් ෆෑන් හොයන්නද...ඔහොම හිතනකොට තමයි මතක් වුනේ අපේ ගෙදර ඉස්සර තිබිච්ච National ෆෑන් එක.කලින් හොදට වැඩකලත් ටික කාලෙකට ඉස්සර වැඩ කරන්නැතුව ගිය නිසා පැත්තකට දාලා ගබඩා කාමරේ මුල්ලක තියලා තිබුනා.මේක හදලා ගන්න පුලුවන්නම් හරිනේ කියලා හිතුනු නිසා ඔන්න මං වැඩේට අත ගැහුවා.ෆෑන් එක ඒකෙ පාදමෙන් වෙන්වෙලා තිබුනේ.මං ඒකයි මගේ අඬුමිටි ටිකයි අරන් අපේ ගෙදර ගරාජ් එකට ගියා.ඔන්න තියෙනවා මහා ෆෑන් රාජයා තිබුණු විදිහ....



පේනවනේ ගොඩ දාන්න තියා හිතන්නත් අමාරුයි.ඒත් එහෙම කියලා පුළුවනෑ.මේක මුලින්ම මස් කරලා ඉන්නෙපයි..මම වැඩේට බැස්සා...



වැඩේ ලේසි නෑ..ඒත් අත ඇරියෙත් නෑ....

ඔන්න ඔහොම මුලින්ම ඔළුව ගලොගත්තා.දැන් බලමුකෝ කඳ පැත්ත.වයර් දිරලා,බල්බ් පිච්චිලා.දන්න ඉලෙක්ට්‍රොනික් දැනුමෙන් මදේ හදාගත්තා.ආ...ඊට කලින් ගෙදර ළඟ හාඩ්වෙයාර් එකෙන් වයර්නුයි,බල්බ්නුයි ගෙනාවා.....



දැන් කඳ පැත්ත හරි නිසා ඔළුව පැත්ත බලමු.ඔළුවේ ඉතින් වැදගත්ම මොලේනේ.මං ඉතින් ඔපරේෂන් එකෙන් ෆෑන් එකේ මොලේ [මෝටරේ]එලියට ගත්තා.මේ තියෙන්නේ ඒක...



දෙය්යන්ගේ පිහිටෙන් ඒක වැඩ.ඒක නිසා ලොකු බරක් හිතෙන අයින්වුනා.නැත්නම් වැඩේ ඔක්කොම වතුරේ....ඒ අතරේ ෆෑන් එකේ අතපය මූණ එහෙම හෝදලා හොදට අව්වේ වේලා ගත්තා...



දැන් ඉතින් අත පය හයිකරගන්න තමයි තියෙන්නේ.ඔන්න මුලින්ම කකුල පැත්ත හයිකරා...



හොදටම මලකඩ කාලා නේ...ඇල්ලුවා වැලිකොලයක්...දුන්නා පොඩි ස්ප්‍රේ පේන්ට් පාරක්...
කෝමද ලස්සන...

ඊට පස්සේ කඳයි,ඔළුවයි හයි කරන්න පටන් ගත්තා...



චා..චා..මෙහෙම හරි නෑනේ...මේකටත් පොඩි තීන්ත සත්කාරයක් දෙන්න එපාය...ආයෙත් ගැලෙව්වා...දුන්නා තීන්ත සත්කාරයක්...





දැන් ඉතින් අවසාන අදියර,,කෑලි බෑලි ටික සෙට් කොරා...ටෙස්ට් රන් එකක් දුන්නා..බඩු එළකිරි වගේ වැඩ..මාර සතුටුයි...වැඩෙත් ලස්සනට ආවා...මේ ඔක්කොටම මට වියදම් වුනේ රුපියල් 750 කටත් අඩුවෙන්.කඩෙන් ගන්න ගියානම් රුපියල් 7500 කටවත් මේ වගේ හොද ජපන් ෆෑන් එකක් ගන්න බෑ.දැන් ඉතින් තියෙන්නේ චීන ඉලෙක්ට්‍රික් බඩු විතරනේ...ඔන්න බලන්නකෝ හොඳද කියලා...ස්පීඩ් තුනට පාට තුනක්....


මං මුලින් මේ වගේ හදපු පැරණි රේඩියෝ එකේ පොස්ට් එක බලපු නැති අය මෙතනින් ඒකත් බලන්නකෝ....



ගෙහුං එන්නං...ටටා...

36 comments:

  1. වැඩේ හොදයි.. මමත් එක පාරක් පරණ ෆෑන් එකක් හදන්න ගිහින් වැඩේ බකල් උනා.. ඇතුල ගලවලා බලන්නෙත් නැතුව ගැහුව්වා කරන්ට් එකට පාටාස් සද්දෙයි දුමයි විතරයි පස්සේ ගලවලා බලනකොට ඇතුලේ සත්තු වත්තක්

    ReplyDelete
    Replies
    1. ඉලෙක්ට්‍රික් උපකරණයක් හදන්න යනවනම් කවදාවත් මුලින්ම ඒක කරන්ට් එකට ගහලා බලන්න යන්නෙපා.ඒක වැඩකරන්නැතුව තියෙන්නේ මොකක්හරි හේතුවක් නිසානේ..සමහරවිට චෙක කොරන්න ගිහින් වැඩේ දෙල් වෙන්න පුළුවන්.ඒක නිසා මුලින්ම මස්කරලා බලන එක තමයි වඩා හොඳ...

      Delete
  2. මම මේ පෝස්ට් එක කලින් දැක්ක වගේ මතකයි නේ..

    ReplyDelete
    Replies
    1. මං මේ පින්තුර ටික කලින් FB එකේ දැම්මනේ...ඒ මතකේ වෙන්නැති..

      Delete
  3. උඹ මට හොඳට හිතට අල්ලලා ගිය පොරක් හස‍රැල්. මටත් ඔය උණමයි තියෙන්නේ. ඇයි අපේ තාත්තා. එයත් එහෙමයි.

    උඹ දන්නවද මම දැන් ප්‍රචාරය කරලා තියෙන්නේ මම දැන් ඔය වගේ වැඩ කරන්නේ නෑ කියලා. මොකෝ දන්නවද රහස? අපේ නෑදෑයෝ (සමහර) මම එනකල් කැඩිච්ච බඩු තියාගෙන ඉන්නවා බං මට කියලා හදවා ගන්න. කොහොමද ගෙදරකට ගිය ගමන්ම ඕය වගේ හුචක්කුවක් හදන්න දුන්නම තියෙන සනීපෙ! :D

    ReplyDelete
    Replies
    1. මටත් පොඩි කාලේ ඉදලම ඔය උන තියෙනවා.හැබැයි අපේ නෑදෑයෝ නම් බඩු හදාගන්න අවිල්ලනම් නෑ.එකක් හදලා තිබුනොත්නම් උස්සන් යාවි...හි..හි...

      Delete
    2. නෑයෝ වේයෝ මීයෝ කාවෝ

      උඹලා දෙන්නම හරි බං මට නං දැන් ඇතිවෙලා තියෙන්නේ

      කඩේට ගියහම කඩේ එකා හම්පඩ කැල් එකක් දික්කොරනවා දෙක වැඩ කොරන්නැ කියල

      මල ගෙදරට ගියහම ගෙදර එකෙක් උස්සගන එනවා කෑලි හැලෙන බල්බ් වැලක් ට දාන්ඩ හදලා දියං කියලා

      මගුල් ගෙදරකට ගියත් දෙකක් දාගන්න එකට කෙලවෙන්ඩ මොකක් හරි ගූ කොන්තරත් එකක්

      හොද ඇදුමක් ඇදන් පාරක යන්ඩ නැ මොකෙක්ගේ හරි මජං ගොඩකට අත ගහන්ඩ වෙනවා

      කරමේ බොලවු කරුමේ

      Delete
    3. මටත් ඔහොමවැඩ වෙනවා.හැබැයි බැංකුවේදී..අදත් කැල් එකක් අරගෙන ආවා හදන්න..

      Delete
  4. නියමයි මචං..

    ReplyDelete
  5. නියමෙට වැඩේ කරල තියෙනවනෙ.
    මාත් ඔයවගේ දේවල් ඉස්සර කලා. දැංනං ගැලෙව්වොත් ගැලෙච්චා ම තමයි.

    ReplyDelete
    Replies
    1. අඩෝ මකබාස්. අටමගේ බඩට ගහන්නෙ හෙම නෑ ඕං.

      Delete
  6. වටින වැඩක් ඇත්තටම...අපට නම් ඉතින් ඔය වගේ වැඩ ගැන දැනුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. බැලුවොත් බැරිවෙන එකක් නෑ..

      Delete
  7. අනෙ ඔය විදිහටම බැන්කුවෙ කැඩිච්ච කොම්පීටර් ටිකත් හදා ගන්නව නම් සුදීකලට රට වටෙ බඩගාන්න වෙන්නෙ නැහැනෙ මල්ලියෙ.

    ReplyDelete
    Replies
    1. සුදීක අය්යිලගේ බඩට ගහන්න බෑනේ,හැබැයි අපේ බ්‍රාන්ච් එකේ කොම්පුටර් කැඩුනම නම් මං පොඩ්ඩක් බලනවා...

      Delete
    2. මම මේ කියන්න හැදුවේ චමත්ට මෙන්ටනන්ස් එකට සෙට් වෙයං කියලා. මොකද එකෙ ඉන්න එවුන්ට මේවා බැරි නිසා.

      Delete
    3. මෙන්ටන්ස් එකේ උන්ගේ වැඩගැන දන්නේ අපිනේ...

      Delete
  8. අගය කල යුතුම වැඩකි...නියමයි හසරැල්...

    ReplyDelete
  9. ඇත්තටම අපි බඩුවක් කැඩුන ගමන් කරන්නෙ විසික් කරන එකනෙ. ඒත් මේ වගේ කරන්න පුලුවන්නම් කොච්චර හොදද???
    ඒත් වැඩේ කියන්නෙ දැනුම නැතිකමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් කාලේ සල්ලි කියන දේ සැහෙන්න වටිනවනේ,මටත් ඒ හැටි දැනුමක් නෑ මේවා ගැන.ඒත් යම දෙයක් ගලවන ගමන් ඒක හැදිලා තියෙන හැටි හිතේ තියාගෙන නැවත සකස්කරන්නනම් මට පුළුවන්..

      Delete
  10. උඹ කම්මැලිකමක් නැති දක්ෂයෙක්!!!!!!!!!!!!!!පිච්චිච්ච බල්බ් රෙපයාර් කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මම ..කම්මැලි නෑ කිව්වා...
      අන්න ඔහෙලට වැරදුනු තැන...

      පිච්චිච්ච බල්බ් වලින් ලාම්පු හදන හැටිනම් දන්නවා...

      Delete
    2. c f l බල්බ් නං හදන්න පුළුවන්

      Delete
    3. LED බලුප්නම් මටත් පුළුවන් එත් ඉතින් රෙපෙයාර් කරන්න මෙහෙට එවනවට වැඩිය ලාබයි ඔහෙන් අලුත් එකක් ගන්න එක

      Delete
    4. cfl & led කලින්නම් හදලා නෑ.ඒත් බල්බ් එක බිදිච්ච cfl සර්කිට් එකකින් ටියුබ් ලයිට් එකක්නම් පත්තුවෙන්න හදලා තියෙනවා..

      Delete
  11. ඇත්තටම මේවා හොඳ වැඩ. මමත් උඹේ ගණයේ පොරක්. හැබැයි සමහර දේවල් හදන්න යන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් ඉතින් හැම දේම හදන්න දස්ස නෑ ..

      Delete
  12. මගේ ජෝබත් ඕකම තමයි එත් ඉතින් විස්තර කියන්න විදියක් නෑ මගේ සැප දුක බලන්න මාව හොයන අයත් ඉන්නවනේ....... මේවගේ වැඩ වලට මොනවා හරි ලංකාවේ හොයාගන්න බැරි ස්පෙයර් පාර්ට් ඕන උනොත් මට ඊතලයක් විදපියෝ....

    ReplyDelete
    Replies
    1. හා..හා...ඕනෙවුනොත් කියන්නන්කෝ ...

      Delete
  13. කලින් පාර වගේම මෙකත් නියම වැඩක් යාළු . නියමයි ජය !

    ReplyDelete
  14. තවත් අපුරු වැඩක්.....
    බැංකුවේ වැඩ කරන ගමන් පරණ බඩු හදන කඩයක් දා ගත්ත නම් මරු :)
    ගෙදර ඉන්න කාලේ මාත් තාත්තා එක්ක එකතු වෙලා වතුර මෝටර්,නත්තල්ලේ කාලෙට බල්බ් වැල් එහෙම හදල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේවා මේ නිකං ඉන්න බැරුවට කොරන වැඩ නොව...

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...