Sunday, September 15, 2013

සඳ ගමන - Trip to the moon


මගේ ජීවිත කතාව හොදින් මුද්‍රා තබන ලද පොතක් වැනිය.එහි සමහර කොටස් මාගේ සමීපතමයින් පවා හරිහැටි නොදනී.එහෙත් මගේ බ්ලොග් අඩවියට ගොඩවදින ඔබ වෙනුවෙන් මගේ ජීවිත අත්දැකීම් ලියාතැබිය යුතුයැයි මම තීරණය කලෙමි.ඒ අනුව අද ලියවෙන්නේ එහි කොටසකි.

කුඩා කල පටන්ම සඳ තරු ගැන මට තිබුනේ අමුතුම කියවීමකි.කුඩා කල ආච්චී සස ජාතකයේ පරිදි හඳේ හාවා ගැන කියූ කතා මගේ සිතේ මුල් බැසගත්තේය.තරු අහසේ තියෙන්නේ කොහොමද ?ඇයි ඒවා පොලවට කඩාගෙන වැටෙන්නේ නැත්තේ??ආදී වශයෙන් සාමන්යෙන් කුඩා දරුවෙකුට නොසිතෙන ප්‍රශ්න මගේ හිතේ මුල් බැසගත්තේය.අම්මලාට වද කොට කොළඹින් මිලදී ගත් කුඩා ටෙලෙස්කොපය අපේ ගෙදර කොන්ක්‍රීට් හුඩ් එක මත අටවා එයින් අහස නිරීක්ෂණය කල දවස තරම් සතුටු වුනු දවසක් මට අදටත් මතක කල නොහැක.

කෙමෙන් කෙමෙන් වැඩිවිය පත්වුණු මා උසස්පෙළ සදහා ගණිත විෂය ධාරාව හැදෑරීමට හේතුවුනේද පසුකාලෙක අභ්‍යවකාශ විද්වතෙකු වීමේ ආසාව ඇතිවය.එහෙත් උසස්පෙළ ප්‍රතිපල ලැබුනේ මගේ ආසාවන්ට තිත තබමිනි.මම ජීවිතය ගැන කලකිරුනෙමි.වැඩි වැඩියෙන් ආගම දහමට නැඹුරුවුනෙමි.මස් මාංශ කෑම අත්හැරියෙමි.වැඩිවැඩියෙන් සිත එකග කරගැනීමේ භාවනාවන්ට යොමුවුනෙමි.

අද මෙන් එකල එතරම් අන්තර්ජාලය ව්‍යාප්ත වී නොතිබුණි.මට මුල්වරට අන්තර්ජාලයට පිවිසෙන්නට අවස්ථාව ලැබුනේ මාතර නගරයේ පරිගණක පන්තියකට බැඳුනු පසුය.දිනක් අන්තර්ජාලයේ සැරිසරනතුර Nasa ආයතනයේ වෙබ් අඩවියට පිවිසෙන්නට මට අවස්තාව ලැබුණි.එහි තිබු එක් ලින්කුවක් ඔස්සේ ගොස් ශිෂ්ෂත්වයක් සදහා මම අයදුම් කලෙමි.එහි විශේෂත්වයට දකින්නට තිබුනේ අපගේ අධ්‍යාපනික සුදුසුකම්වලට වඩා පුද්ගලික ආසාවන්,විශ්වාසයන් ගැන විමසා තිබීමයි.මමත් මගේ ජීවිත දැක්ම අනුව එහි විස්තර සදහන් කලෙමි.විස්තර පිරවුවාට ඒ පිලිබඳ කිසිදු බලාපොරොත්තුවක් මගේ සිත තුල නොතිබුණි.

මාසෙකට පමණ පසු මාහට විදෙස් ලියමනක් ලැබුණි.එය විවෘත්ත කරබැලූ මට මාගේ ඇස් අදහාගත නොහැකිවිය.මම අයදුම් කල එම ශිෂත්වය සදහා මා තෝරාගත්බව එහි සදහන්වී තිබුණි.එහි සදහන් කර තිබු ලියවිලි සමග ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු හමුවන මෙන් එහි දන්වා තිබුණි.පසුදිනම එම ලියවිලිත් අරගෙන තාත්තා සමග ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගියෙමි.දිගු කතාවක් කෙටියෙන් කියනවානම් මට ඊලග සතියෙම ඇමෙරිකාව බලා ගමන්කිරීමට සිදුවිය.ගෙදරින් පිට පවුලේ අය නොමැතිව ජීවත්වීමට සිදුවීම මා කිසිසේත් බලාපොරොත්තුවුවක් නොවේ.එහෙත් මාගේ අනාගතය වෙනුවෙන් මම එම තීරණයට එලබුනෙමි.කෙනඩි ගුවන්තොටුපළෙන් මා එරටට ගොඩබසින විටම Nasa ආයතනයේ බලධාරියෙකු පැමිණ මා භාරගෙන මා හෝටලයකට ඇරලුවේය.

හෝටලයක් කීවාට මෙය පිහිටා තිබුනේ හූස්ටන්හි Nasa ආයතනය තුලමය.මෙහි නවාතැන්ගෙන සිටි සියල්ලන්ම Nasa ආයතනයේ සේවය කළවුන්ය.මෙහිසිටි මුලුකාලය තුලම මින් මිදී පිටත සමාජයට යාමට මට අවස්ථාව නොලැබුණි.පසුදින මා ඇතුළු ලොවවටා තෝරාගත් සිසුන් 5 දෙනෙකු සමග එම පාඨමාලාව හැදෑරීමට මා හට සිදුවිය.මා සමග ජපනෙකු,පෝලන්ත ජාතිකයෙකු,නයිජීරියා සිසුවෙකු,ජෝර්දාන සිසුවෙක් අපගේ කණ්ඩායමේ විය.ලොව පතල මහාචාර්යවරු අපට ඉගැන්වීමට සිටි අතර.ඒ අතර මහාචාර්ය විල්සන්,මහාචාර්ය ජොන්සන් වැන්නන්ද වුහ.අපගේ කණ්ඩායම භාරව කටයුතුකලේ මහාචාර්ය ක්‍රික්ටන්ය.වසරක් මේ ආකාරයෙන් අවශ්‍ය දේ හැදෑරීමෙන් පසු එක් දිනකදී අපි පස්දෙනා රැස්කළ මහාචාර්ය ක්‍රික්ටන් අපහට දන්වා සිටියේ අපගේ මුලික පාඨමාලාව අවසන් බවත් මින් පසු පැවැත්වෙන වැඩසටහනෙන් තෝරාගන්නා අයට අභ්‍යවකාශගාමියෙකු වීමේ අවස්ථාව පවා හිමිවිය හැකි බවයි.

ඇත්ත වශයෙන්ම මා ඔබහට කියන්නට යන කතාව පටන් ගන්නේ දැන්ය.ඉන්පසු අපහට මුහුණ දීමට තිබුනු පරීක්ෂණ ඉතා අපහසු ඒවා විය.ශුන්‍ය ගුරුත්වයේ පුහුනුවීම් වලට අමතරව කට්ට කරුවල කාමරවල සතියක් පමණ තනිව ගතකිරීම.අද්භූත ශබ්ද වලට සවන්දෙමින් කල්ගතකිරීම වැනි දේ ඒවාට ඇතුලත්විය.ඇත්තවශයෙන්ම මේ පරීක්ෂණවල අරමුණ කුමක්දැයි අපට වැටහුනේ නැත.ඒ පිලිබඳ ප්‍රශ්න කිරීමත් අපහට තහනම් විය.අපට ඒ පිලිබඳ ප්‍රශ්න කිරීමට අවශ්‍යයත් නොවීය.කන්න බොන්න වෙලාවට ලැබේනම්,ගෙදරට යවන්නට මිලමුදල් ලැබේනම් ඇත්තටම ප්‍රශ්න ඇතිවන්නේ නැත.කෙසේවෙතත් එම පරීක්ෂණවල අතුරුඵලයක් ලෙස අවසානයේ මා හැර අනිත් හතර දෙනාම මානසික ප්‍රතිකාර සදහා යොමුකිරීමට සිදුවිය.ඒ සමගම මා හට දැනගන්නට ලැබුනේ Nasa ආයතනයේ අභ්‍යවකාශ ගමනක් සදහා මාද තෝරාගෙන ඇති බවය.මට මෙය දරාගැනීමට බැරිතරම් ප්‍රීතියක් විය.

අභ්‍යවකාශ ගමනට පෙර දින සුපුරුදු පරිදි රාත්‍රී ආහාරගත් [දොස්තරවරුන්ගේ නිරීක්ෂණය යටතේ] මම නින්ද සදහා මට ලබාදී තිබු විශේෂ කුටියට පිවිසුනෙමි.ටික වෙලාවකින් කවුදෝ දොරට තට්ටුකළේය.දොර හැරබලන විට අපගේ වැඩසටහනේ ප්‍රධානී මහාචාර්ය ක්‍රික්ටන් දොර අසල සිටගෙන සිටියේය.

මට පුතාත් [වැඩසටහනේදී මහාචාර්යතුමා අපි ඇමතුවේ පුතා කියාය] එක්ක ටිකක් කතාකරන්න පුලුවන්ද?

පුළුවන් සර්...

කොහොමද හෙට ගමනට සුදානම් නේද?

අනිවාර්යෙන්ම සර් ....

මට ඒ ගැන පුතාට පොඩි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා.පුතා දන්නවා ඇතිනේ අපි 1969 තරම් ඈතකදී මිනිහෙක් හඳට යැව්වා කියන එක.ඇත්තම කියනවනම් පුතා ඒක අපි ඒ වෙලාවේ කල පොඩි රැවටීමක්.රුසියාවට කලින් මිනිහෙක් හඳට යවලා පෙන්නන්න අපිට ඕන වුනා.ඒත් ඒ වෙනකොට අපේ තාක්ශනේ ඒ වගේ දෙයක් කරන්න තියා ඒ අහලකටවත් ඇවිල්ලා තිබුනේ නෑ.හැබැයි අපි ඒ ප්‍රෝඩාව කලාට පස්සේ රුසියාව වැඩේ අත හැරියා.ඉතින් අපේ ඒ වෙලාවේ අරමුණ සාර්ථක වුනා.ඒත් අපි අපේ තාක්ශනේ දියුණු කරගන්න එක හොරරහසේම කරගෙන ආවා.ඔන්න ඔහොම වෙනකොට මීට අවුරුදු 5 කට විතර කලින් මිනිහෙක් හඳට යවන්න තරම් අපේ තාක්ශනේ දියුණු වුනා.

ඇත්තම කියනවනම් සර් ...මේක අහලා මම පුදුම වුනේ නෑ.....

බොහොම හොදයි පුතා.මගේ කතාවේ ඊලග කොටසට එන්න දැන් ඔයා කිව්ව කාරණේ වැදගත්වෙනවා.අපි එහෙම දෙතුන්පාරක්ම අපේ මිනිස්සු හඳට යැව්වා.ඔන්න එතකොට තමයි අපිට ඊළඟ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වුනේ.අපිට හිතාගන්න බැරිවිදිහට අපි යවපු මිනිස්සු හඳේදී උන්මත්තක තත්වෙට පත්වුනා.මේකට හේතු හොයාගෙන බලද්දී අපිට පෙනුණු කාරණේ තමයි අපේ ඇමෙරිකානු සමාජ අත්දැකීම් එක්ක අපේ මිනිස්සුන්ගේ හිත් දුෂණය වෙලා කියන එක.ඒ අයගේ හිත්වල යටපත්වෙලා තියෙන ආශාවන් හඳේදී ඉස්මතුවීම නිසා ඒ අය ඒ තත්වෙට පත්වෙලා තිබුනේ.ඒ නිසා අපි තීරණේ කළා ලෝකේ වෙන රටවලින් කට්ටිය ගෙනල්ලා අපේ අරමුණ ඉෂ්ටකරගන්න.ඒ විදිහට තමයි ඔයා ඇතුළු අනිත් අයට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ලැබුනේ.ඔයාට මතක ඇතිනේ අපි මේකට අයව තෝරාගන්නකොට පුද්ගලික ආසාවන් වගේ දේවල් ගැන ගොඩක් හොයලා බැලුවා කියලා.ඉතින් පුතාවගේ ගොඩක් දේ ගැන ආසාවන් අත්හැරලා ඉදපු අයව තමයි අපි හෙව්වේ.

ඇත්තටම සර් ...මේ වැඩසටහනට සහභාගීවෙන්න ලැබීම තමයි මට ජීවිතේ ලැබුණු ලොකුම තෑග්ග.....

ඉතින් පුතා ඔයා විතරයි අපේ පරීක්ෂණ ඔක්කොගෙන්ම සමත්වුනේ.ඒ නිසා අපි තීරණේ කළා හඳේ තියෙන තත්වයන් යටතේදී ඔයා කොහොමටවත් පිස්සු වැටෙන්නේ නෑ කියලා.ඔයා වගේ නිරවුල් මනසක් තියෙන කෙනෙක් අපේ වැඩසටහනට ලැබුනේ අපේ පෙර වාසනාවකට.මොකද ඔයාගේ මනස නිරවුල්ව තිබීම මත තමයි අපේ මේ වැඩසටහනේ පර්යේෂණවල සාර්ථකත්වය රඳා පවතින්නේ.මොකද මේක සාර්ථකවුනොත් හඳේ මිනිස්සු පදිංචි කිරීම ගැනත් අපිට සලකලා බලන්න පුළුවන්.

මං ගැන කල සඳහනට බොහොම ස්තුතියි සර්....සර්ලට පුළුවන් මං ගැන සම්පුර්ණ විශ්වාසය තියන්න ....

පුතා....දැන් තමයි මට මේ කතාවේ බැරෑරුම් කොටසට එන්න තියෙන්නේ.අපි මුලින් තුන්දෙනෙක් මේ ගමනට ඉන්නවා කිව්වත් ඇත්තටම අපි යවන්නේ ඔයා විතරයි.යානයේ පාලනය අපි මෙහෙ ඉදන් මෙහෙයවන නිසා ඔයාට වැඩිය කරන්න දෙයක් නෑ.ඒ වගේම පුතා........... අපිට යානය හදට යවන්න පුළුවන් වුනත් නැවත පොලවට ගෙන්වාගැනීම පිළිබද එතරම් විශ්වාසයක් තියන්න බෑ.මොකද පහුගිය අවස්ථා දෙකේදීම අපි අසාර්ථක වුනා.....

ඒකට කමක් නෑ සර්.....මගේ ජීවිතේ පුදලාහරි ලෝකෙට අලුත් දෙයක් කළා කියන එක අහන්න ලැබෙන එකත් කොච්චර ලොකු දෙයක්ද ....අනිත් එක ඒක මගේ පුංචි රටට කොච්චර ලොකු ආඩම්බරයක්ද ............

ඇත්තටම පුතා මට අදහාගන්න බෑ ඔයාගේ මේ කතාව.මේ වගේ දෙයක් ඇහුවම වෙනකෙනෙක්නම් පිස්සුවැටෙනවා.ඉතින් පුතාගේ මේ නිර්භීතභාවය සහ උසස් මානුෂික ගුණාංග නිසා අපි තීරණය කළා පුතා කැමති දෙයක් හඳට ගෙනියන්න දෙන්න.ලොකු දෙයක් නම් ගෙනියන්න බැහැ.අනිත් එක මේක මේ අන්තිම කැමැත්තක් කියලා වැරදියට වටහාගන්නත් එපා...


ම්ම්ම්ම්........සර් මට හඳේ ඉන්න හාවට දෙන්න කැරට් ටිකක් ගෙනියන්න පුළුවන් වෙයිද??????....

------------------------------------------------------------------------
වහාම ක්‍රියාත්මක වන පරිදි Nasa බලධාරීන් විසින් එම සඳ ගමන අවලංගු කරන ලදී.....


36 comments:

  1. සිරාවට ජෝක් එකක් උනත් මේ කතාව මමත් හිතනවා තම හදට ගිහින් නෑ කවුරුත් ගියානම් ඇයි දැන් යවන්න බැරි

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත,මං හිතන්නේ උන් අපි ඔක්කොම ඇන්දුවා

      Delete
  2. ඔය තියෙන්නෙ එලට.නිර්මාණය පස්ටයි.
    ගුරාලගෙ නම් කියවද්දි මට හිතුන අපිට කැරට් අලයක් තමා කියල.

    ReplyDelete
    Replies
    1. මං හිතලමයි උන්ගේ නම් එහෙම දැම්මේ,එතකොට තාත්වික බව ටිකක් අඩුවෙනවනේ...

      Delete
  3. ඒකනේ කියන්නේ අවසානයේ කැරට් තමා ඔක්කෝම කන්නේ...

    ReplyDelete
    Replies
    1. එකනේ බං,මාව කන්නේ ඉතින් උබනේ...

      Delete
    2. හකරැලි හසරැලි — with චමත් හසරැල් දහනායක.
      Like · · Share
      චමත් හසරැල් දහනායක, ගමන් මගේ මඟියා, Sithum Pathum and 4 others like this.

      Lahiru Yasith Gamage දේශකයා.. දේ#කයා
      September 13 at 11:09am · Like · 1

      චමත් හසරැල් දහනායක මට පාඩුවේ ඉන්න දීපිය...
      September 13 at 7:14pm · Like

      Delete
    3. ඒකනේ මං කිව්වේ ...

      Delete
  4. හසරැල්ට මේ ටිකේ හීනමද මන්දා පේන්නෙ... හැබැයි ඔය කියලා තියෙ හීනේ නං මාත් ඇතිවෙන්න දැකලා තියෙනව ඒ කාලෙ.. තාරකා විද්‍යා පිස්සුව ඉහට ගහලා තිබ්බකොට...

    ඔය උඩ දාලා තියෙන ෆොටෝ එකත් පුදුම කතාවක්.. හසරැල්ට පුළුවන් නං ඒකත් හොයලා ලියන්න... HUGO කියන ෆිල්ම් එක ගැන... හරිම සංවේදී කතාවක්...

    ReplyDelete
    Replies
    1. මං ටිකක් දන්නවා පින්තුරේ කතාව,hugo ෆිල්ම් එකේ යන්නේ ඒකෙ අතුරු කතාවක්.මේක හීනයක්‌ නෙවි අනේ...

      Delete
  5. අපරාදෙ හීනෙ හොඳම ටික කැරට් අලයක් හින්ද අල කරගෙනනෙ.

    ReplyDelete
    Replies
    1. මේක හීනයක්‌ නෙවි බං,කෝ මම ඇහැරිලා නෑනේ..

      Delete
  6. පට්ටයි ඔයි කතාව බාගයක් කියවන කොටම හිත ගත්තේ අර ශිෂ්ශ්‍යත්වේ හම්බ උන ලින්ක් එක ඉල්ලගන්න ඕන කියලා හා... හා...හා....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සමහරවෙලාවට Nasa සයිට් එකේ ඔය පොඩි පොඩි දේවල් නිකම් දෙනවා,මං ගාව තියෙනවා එහෙම ලැබිච්ච පොත් dvd එහෙම..

      Delete
  7. පට්ට නිර්මාණයක්නේ හසරැල්. මුල් ම හරයේ මාත් ඇඳගත්තා ටිකක් දුර එනකම්ම. අවසානේ ඒ ඔක්කොටම වඩා හොදයි. නැත්නං හිනයක් වෙයි කියන අදහසයි ඇතිව තිබුණේ.

    ReplyDelete
    Replies
    1. නලින් අයියට විතරයි මේකේ නියම අදහස ඇවිත් තියෙන්නේ..

      Delete
  8. කැරටුයි හීනයි නැතිව ඇත්තම ඇත්ත උනානම් කොච්චර හොඳද?

    ReplyDelete
    Replies
    1. මේක හීනයක්‌ නෙවේනේ අනේ..

      Delete
  9. මම හිතුවා මෙයාව ඇත්තටම හදට යවන්න යන්නේ කියලා. හි...හි..හි....
    නිර්මාණය නම් හරිම අපුරුයි....දිගටම ලියන්න.....
    ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ඇයි අපි හඳට ගියොත් අවුල්ද ???????

      Delete
    2. අනේ මන්දා ගිහින් බලන්න අවුල්ද?බකමුණුද කියලා :)

      Delete
  10. මම නම් ඉතින් අපේ මලයා ගැන දන්නවා නේ...ඉස්සෙල්ලම මම කල්පනා කලේ මේකා ට ඇත්තටම පොඩි කාලේ ටෙලස්කෝප් එකක් තිබුනද කියල..ම්හු මතක් වුනේම නැහැ..
    ඊට පස්සේ නිර්මාංශ කතාව හරියේදී මම දැන ගත්තා..මේ නම් අපිට හීනයක් පෙන්නන්න වගේ අදත් හදන්නේ කියලා...

    මොකක් වුනත් ...ඔය ලියල තියෙන්නේ අපූරුවට..වැඩේ තියෙන්නේ..කැරට් මතක් කරලා..අර නේපාලෙට ගිහින් ඉන්න එකා අවිස්සෙයිද කියලා..

    ReplyDelete
    Replies
    1. එයයිටත් නිකම් ඉන්න එකේ බ්ලොග් එකක් ලිව්වනම් මක්වෙනවද...

      Delete
  11. හද තමන හොලිවුඩ් ප්‍රබන්ධයක්...හදේ කියලා ගහපු ෆොටෝ සෙට් එක චිත්‍රාගාරයක් ඇතුලෙ එහෙම පරිසරයක් කෘතිමව හදලා ගත්ත බවක් තමයි මම අහලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ එහෙමයි

      Delete
  12. හඳේ හාවන්ට මොකටද කැරට් මට ගෙනත් දෙන්නකෝ :D

    ප්‍රබන්ධය හරිම නිර්මාණශීලියි යාලුවා

    ReplyDelete
  13. කෑවා යකෝ..... ආතල් එක කෑවා...... චික් විතරක් උගුඩුවා අච්චර ලස්සනට කතාව අරන් ඇවිත් අන්තිමේ කෑවා

    ReplyDelete
    Replies
    1. සිද්දිය වෙච්ච හැටියට ලියන්න එපාය හිකනැලෝ....

      Delete
  14. //ඇත්ත වශයෙන්ම පුතා පස්ටයි ඈ ...1969 ඇමරිකන් කාරයෝ කරපු බොරුව කරුණු 11ක් ඔස්සේ ඔප්පු කරලා ඉවරයි හසරල්ලෝ

    ReplyDelete
  15. මම හිතුවේ ගොඩාක් උන් වගේ උබත් හීනයක් දැකලා කියලා....... නාසා එක තියෙන්නෙත් බුත්තල මොනරාගල පැත්තෙද​???????

    ReplyDelete
  16. අඩො මං හිතුවෙ සිරා කතාවක් කියලා බං............
    මම ලගදි පොතක් කියෙව්වා එකෙ තියෙනව සන්ද ගමන ප්‍රොඩවක් කියලා studio එකක් අතුලෙ ගත්තු 4to වගයක් කියලා ලොකෙට දුන්නෙ ... එකට සක්ශී එ පොත්‍ර් දිලා තියනව එත් ඉතින් එකෙ තියන හැමදෙම නම් පිලිගන්න අමාරුයි..... පොතෙ නමයි කතුවරයි නම් දැන් මතක නැ... ජයෙන් ජය

    ReplyDelete
  17. පලෙවනි වතාවට awe me blog 1ta. hodata andila hitiye. karat ale damme nathnam maru

    ReplyDelete
  18. අපරාදෙ හඳෙ ඉන්න හාවට කැරට් කන්න පිං නැතුවා

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...