Saturday, September 28, 2013

තර්කය ...


දැන් කොහොමද.....

දැන් ඉතින් කොහොම වුනාම මොකද.අපිට ඕවා වලක්වන්න බෑනේ.අපි කිව්වය කියලා ඕවා වෙනස්වෙන්නෙත් නෑ.ඇමෙරිකාවේ ජනාධිපතිකමට බ්රූස් ලී පත්වෙනකොටම අපි ඕක හිතුවා.මොකද අපේ රටෙත් නැහැනේ හරි හැටි කතාවක් කරගන්න එකෙක්.ඔන්න ඉතින් හූ ජින්තාවොනම් නම් ඉන්නවා.මිනිහා මහනුවර නගරසභාවට ඉල්ලනකොට අපි හිතුවේ නෑනේ මෙහෙම දෙයක්වෙයි කියලා.අනිත් එක මං අහන්නේ අපේ මිනිස්සුන්ට මොලයක් නැද්ද ඔය තුට්ටු දෙකේ ගායකයෝ පස්සේ යන්න.හොදට සින්දු කියන්න ඇහැකි වුනු පලියට මන්මෝහන්සින් හිතං ඉන්නේ ඌ තරම් පොරක් තවත් මේ ලෝකේ නෑ කියලා.වෙලාවට ස්ටීවන් ස්පිල්බර්ග් ටයිටැනික් හැදුවේ.නැත්නම් ඉතින් අපිට වෙන්නේ ඊලග අවුරුදු 6 ත් පිටසක්වල ජීවියෙක් එක්ක ගනුදෙනු කරකර ඉන්න.අනිත් එක මං අහන්නේ පාරේ හෙළුවෙන් දිව්වාය කියලා සොක්‍රටීස්ට පුළුවන් වුනාද ගුරුත්වාකර්ශනේ මගහැරගන්න.ඔන්න ඕකයි මං හැම තිස්සෙම කියන්නේ.හැබැයි එතනදී මං මැන්ඩේලාත් එක්ක එකගයි.මිනිහා කාර් එක හොයා නොගන්න අපිට වෙන්නේ පොලවේ පස් කකා ඉන්න.මං තාමත්....

මට පේන්නේ ඔහෙට.......

අපිට වැඩිපුර කතාකරන්න ඇස් දෙකකුත් චුට්ටක් බලන්න එක කටකුත් දීල තියෙන්නේ නිකමට නෙවෙයි.ඕකෙන් හරි ප්‍රයෝජනයක් ගත්තු මිනිහෙක්ට මං දැකලා තියෙන්නේ අයින්ස්ටයින් විතරයි.මිනිහා ඉස්කෝලෙන් අවුට් වුනුදා ඉදලම සීටීබී එකේ වැඩට ගිය හින්දා මිනිහට පුළුවන් වුනා හයියෙන් දුවන්න.මිනිහත් එක්ක කරට කර හිටියේ ඉතින් අපේ ජේම්ස් බොන්ඩ් විතරයි.මිනිහා අර පහළවෙළේ පින්ලිඳ ගාව නාන්න එන ගෑනු දිහා හොරෙන් බලන හිටියා තමයි.ඒත් ඉතින් එහෙම හිටියාය කියලා  අපිට පුලුවන්ද රුසියන් කාරයෙක්ට පරදින්න.ලංකාවයි එංගලන්තෙයි අතරේ තිබිච්ච එල්ලේ තරගෙකදී නරබන්නෙක් දමාගසපු සෙරෙප්පුවක් වැදිලා චේ ගුවේරට හොදටම අමාරුලු.මේක අහපු ගමන් හරිහමන් මිනිහෙක්නම් මං කියන්නේ ෂර්ලොක් හෝම්ස්ට තිබුනේ නැද්ද තමන්ගේ ගෙදර තාප්පේ ටිකක් උස් කරලා හදාගන්න.අපි කිව්වොත් තමයි ඉතින් හැමෝටම අමාරු.මේක කිව්වේ.....

කට පොඩ්ඩක් වහන්.....

කට පොඩ්ඩ පොඩ්ඩ දාගෙන තමයි ඉතින් හැම එකාම මේක අස්සේ රිංගන්න එන්නේ.මුලින්නම් හිටියේ නිව්ටනුයි,ජයසුරියයි විතරයි.ඒක දැකපු හැම එකාටම ඕන වුනා චර්චිල්වගේ වෙන්න.අනේ ඉතින් මේ වෙලාවට තමයි හිතෙන්නේ චාලි චැප්ලින් හිටියනම් කියලා.එහෙනම් මේ ඔක්කොම සුන්නද්දූලි වෙන්න ගහලා.මිනිහටත් ඉතින් ඉන්න බැරිවුනානේ බොම්බයි මොටයි නොකා.මං අහන්නේ බඩිගින්නක් තිබුණු පලියට මොන මිනිහද කුඹුරට තෙල් ගහන්න යන්නේ.ඔන්න ඉතින් මේ ගිය සතියෙත් මං දැක්කා රයිට් සහෝදරවරු අපේ ගෙවල් ගාව පෝස්ටර් වගයක් අලව අලවා ඉන්නවා.ඉගෙනගත්තට වැඩක් නැහැනේ අපිට පාඩුවේ ඉන්න නැත්නම්.මහලොකු ඩිග්රි නොගැහැව්වට පොල්පොට් කියන්නෙත් ලේසිපාසු මිනිහෙක් නෙවි.නැත්නම් මං අහන්නේ එක දවසට පොල්ගස් සීයක ගෙඩි කඩන්න පුළුවන් මොන මිනිහටද.ඕවා කිව්වමනම් අපි ඉතින් නරක මිනිස්සු වෙන්නත් පුළුවන්.හැබැයි ඉතින් එහෙමවුනාය කියලා අපි ලෙනින්ව අමතක කරලා දාන එක වැරදි.මිනිහා නොහිටින්න ගමේ පාරට කොන්ක්‍රීට් ටිකවත් වැටෙන්නේ නැහැනේ.ඔන්න ඕකයි මං හැමතිස්සෙම.........

ගිය සතියට සාපේක්ෂව තත්වේ......

සාපේක්ෂතාවාදේ ඉදිරිපත් කරනකොටම ඔහොමවෙයි කියලා මම ලින්කන්ට කිව්වා.කොහෙද මිනිහා ඕවා ඇහුවේ නැහැ නොවැ.එයයිත් එක්ක හිටපු මයිකල් ජෝර්ඩනුයි,සිල්වෙස්ටර් ස්ටලෝනුයි ගිය සතියේ ආගිය අතක නැතිළු.ඕක කියාගෙන පාරේ දිගේ යනවා කියලා පරණවිතාන මහත්තයා මට ටෙලිපොන් කරලා හොදට දොස් කිව්වා.හැබැයි ඉතින් මං කියන්නේ උද්දමනය ඉහලගියයි කියලා අපි මහවැලි ගඟේ ඔරු පදින්න යන එක වැරදි.මොකද බැරිවෙලාවත් ඇන්ජලීනා ජොලී දැක්කොත් ඕවා කොහෙන් කෙලවර වෙයිද කවුද දන්නේ.අනේ අපිටනම් බැහැ ඕවාට වගකියන්න.මං කවුද කියලා ඇහුවොත් හොදට අහගන්න ඇහැකි කපිල් දෙව්ට කතාකලොත්.පොඩි කාලේ ඉදලම එයයි මායි ඉස්පිතාලේ ලග තැඹිලි කපලා විකුන්නා.ඒවා විකුන්නය කියලා අපිට පානුයි කිරිහොදියි නොකා ඉන්න බෑනේ.මං කාල තියෙන රසම කට්ට සම්බෝලේ හදලා දුන්නේ මැඩෝනා.එයයිගේ අතින් උයාපු කෑමකට ලංවෙන්න තියා.........

හිතුවට වඩා බොහොම බරපතල....

බරපතල රෝගේ ඇතිකරන කෘමියා හොයාගත්තය කියලා ඇරිස්ටෝටල්ට නොබෙල් සාම ත්‍යාගේ දුන්න එකටනං මං එකෙන්ම විරුද්ධයි.මෙහෙම හිටියට අපිත් කවදාවත් හිට්ලර්ට දෙවනිවුණු මිනිස්සු නෙවෙයි.එයයිට කවදාවත් බැරිවුනා අපි තරම් හොදට හඳට ගල්ගහන්න.මං කිව්වය කියලා කාටවත් කියන්න යන්න එපා,ඔය ඇලන් බෝඩර් ඉන්නවා නේද ..අප්පෝ මහා කුණා.තමන්ගේ ලග ඉන්න කිරිහරකෙක් ඉල්ලපු ලුවී පාස්ච්ර්ට මිනිහා නොසෑහෙන්න අපහාස කරලා තියෙනවා.ඕක ඉතින් දෙමව්පියන්ගේ වැරැද්ද.පොඩි කාලෙම පාරේ වමෙන් ගමන් කරන හැටි පොඩිවුන්ට කියලා දෙන එක තමන්ගේ යුතුකමක් කියලා මොහොමඩ් අලි කවදාවත් හිතුවේ නෑ.එහෙම හිතුවනම් පිදෙල් කස්ත්‍රෝ කවදාවත්ම හොදම නළුවා වෙන්නේ නැහැ.නළුවෝ ඉන්නේ ඉතින් දේශපාලනේ කරන්නනේ.
මං හැම තිස්සෙම කියන දෙයක් තමයි එක්සත් ජාතික පක්ෂේ නායක කමනම් වෙනස්වෙන්න හොද නෑ කියන එක.ඒ වගේ ලෝකේ පිළිගන්න නායකයෙක් අපිට වෙන ඉන්නවද.චන්ද 27ක් පැරදුනා කියලා නායකයා වගකියන්න ඕන කියන අයගේ මොලේ තියෙන්නේ කොහෙද කියලා හොදට හොයලා බලන්න ඕන.අනිත් එක ලෝකේ මොන රටේද චන්දයක් පැරදුනා කියලා පක්ෂේ නායකයාට බනින්නේ.මමනම් කියන්නේ සදාකාලික නායකයා විදිහට රනිල්.....

නර්ස්...මේ ලෙඩාගේ තත්වෙනම් එන්න එන්නම නරක අතට හැරෙනවා.විකාර කියවන එක හොදටම වැඩි.ඒකනිසා මම ගිය සතියේ නියම කරපු බෙහෙත්ම තුන්ගුණයක් කරලා දෙන්න......


27 comments:

  1. මට පේන්නේ උඹේ ලෙඩේ හොඳ අතට හැරීගෙනයි එන්නේ. සිංහල බේත්ද බොන්නේ? ඒකට පොඩ්ඩක් වැඩි වෙලා තමයි අඩුවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සිංහළ වෙද කමේ රෝග නිධානය (රොගයට හෙතුව) ට තමාලු බෙහෙත් කරන්නෙ ඒ නිසා ඔයා හරි. වැඩි වෙලා තමා අඩුවෙන්නෙ හැබැයි ආයෙ අවුලක් වෙන්නෑ මොකද ඉංගිරීසි බෙහෙත වගේ උඩින් දාන පැලැස්තරයක් නෙමේ (රොගයට නෙමේ) නෙ බෙහෙත් කරන්නෙ (රෝග මූළ්‍යයට) නෙ .

      _____________________________________________________
      ලියල තියන පොස්ට් එක ගැනනම් මොකුත්ම කියන්නෑ ( මට තේරෙන්නෑ )
      හැබැයි හරිම ලොල් සහගතයි ඈ එළ .

      Delete
    2. මේකට සිංහල වෙදකම් හරියන්නේ නෑ.ජාත්‍යාන්තර මැදිහත්වීමක් අවශ්‍යයි..

      Delete
  2. එතකොට මේ පිස්සන් කොටුවේ සීන් එකක්ද... ?

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෑ නේද....ඔක්කොම කියෙව්වද ????

      Delete
  3. හොද වෙලාවට ලංකාවටම ඔය වගේ එක ලෙඩෙක් හිටපු එක.
    අපිට බය වෙන්න දෙයක් නැහැ.
    එයැයි ගෙම අක්කණ්ඩි හරි දක්ෂි නිසා ගෙදර තියන්ම සනීප කරල ගනියි.

    ReplyDelete
    Replies
    1. අපෝ ලංකාවේ ඕන තරම් ඔය වගේ කස්ටිය ඉන්නවා.මොකෝ මම විත්රෙයි හිතන්නේ unp එකේ නායකත්වය වෙනස් වෙන්න හොද නෑ.චන්ද පරදින එකට නායකයා වගකියන්න ඕන නෑ කියලා හිතන.ලක්ෂ ගානක් ඉන්නවනේ එහෙම හිතන....

      Delete
  4. හෙන්රිය කියපු විදියට මට පේන්නෙත් ලෙඩේ සනීප වීමේ ලක්ෂණ පෙන්නනව වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ කොහොමද ...

      Delete
  5. එක එක පිස්සන්ට එක එක පිස්සු කිව්වලු ........ හෙහ්...හෙහ්...හෙහ්.....

    ReplyDelete
    Replies
    1. උබට කියන්න මචන් මට ගිය සතියේ රිචඩ් නික්සන් හම්බුනා.මිනිහා දැන් කෝච්චි එලවිල්ල නවත්තලා ගෙදර ඉදන් ලැවරියා හදලා කඩවල්වලට දානවලු..

      Delete
  6. එලම කිරි පොස්ට් එකක් හසරැල් ... නරකද පොඩ්ඩක් අක්කත් එක්ක ගිහින් හරි බෙහෙත් ටිකක් ගන්න බැලුවොත්...?

    ReplyDelete
    Replies
    1. ගිය සතියේ බෙහෙත් ගන්න මොහොමඩ් අලි ජින්නා ගාවට ගියා.මිනිහගේ ගම්පහ වෙදකම් අපිට හරියන්නේ නැහැ ...

      Delete
  7. මචං. පපුවේ අමාරුවට බෙහෙත් ටිකක් ගන්න අංගොඩ ගිහින් ඒ ගමන්ම ක්‍රිස්ගේල් හම්බවුණා නම් සමහරවිට කකුළේ අමාරුව හොඳවෙයි. එතකොට බ්ලොග් එකට සැරසිලි දාන්න චාල්ස් ඩාවින්ට කියන්න ඕනි නැති වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වම මතක්වුනේ,මේක දැකලා බිල් ගේට්ස් මට කතාකලා.එයයිගේ වඩු මඩුවේ වැඩට එන්න කියලා..

      Delete
  8. තුන් ගුණයක් නෙමෙයි ඊටත් වැඩියෙන් බෙහෙත් දුන්නනම් හරි වගේ පේන්නේ..

    ReplyDelete
    Replies
    1. දොස්තර මහත්තයාට උඩින් ඉන්න කොන්දොස්තර මහත්තයා කිව්වොත්නම් සලකා බලන්න පුළුවන්.

      Delete
  9. හත්වලාමේ මල්ලියේ උඹේ ඔලුවේ සේප්පුවේ දොරවත් වැදුනද ?

    ReplyDelete
    Replies
    1. සේප්පු තියෙන්නේ ඉතින් ඉස්කෝලවලනේ.

      Delete
  10. ඇත්ත කියපන් කොලුවො...උඹ මේක ලියන්න කලින් දවසෙ ඇදෙන් වැටිලා ඔළුව බිම වැදුනා නේද ?

    ReplyDelete
    Replies
    1. මම පැදුරේ ඉන්නකොට මදුරුවෝ ඇවිත් උස්සන් ගිහින් ලිඳට අතාරියනේ...

      Delete
  11. කියන්න තියන දේවල් ඔක්කොම තිරයට මුවා වෙලා කියලා :)

    ReplyDelete
    Replies
    1. මගේ සුභ පැතුම්.ඔයා තමයි මුළු පොස්ට් එකම කියවපු කෙනා..

      Delete
  12. පිස්සු හැදෙන පෝස්ට් එකක් හසරැල්.....මටත් හිතුනා අන්න ඒ තත්වෙන් ඉන්න පුලුවන් නම් කොච්චර ශෝක්ද කියලා මැඩෝනාගෙන් සම්බෝලයක් එක්ක බත් කටක් කවාගෙන. අපිට පිස්සු බං. උඹටත් එහෙමද?

    ReplyDelete
  13. හික්ස්... ආතල් !!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ෆුල් ආතල්..බත නෝමල්...

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...