Sunday, September 1, 2013

රබර් ඇටෙන් රූං පෙත්තක් හදමු - Weekend Project



ඔන්න ඉතින් මාසෙකටත් පස්සේ මේක ලියන්න ගත්තේ.පහුගිය කාලේ හරිම අවිවේකී වුනා නොවැ.තාමත් එහෙම තමයි.ඒත් ඉතින් මේක අතැරලා දාලා පුළුවනෑ.ඒක නිසා ඔන්න අද weekend project එකක් දාන්න හිතුනා.ඒකත් weekend එකත් end වෙන්න ගියාමයි ලියන්න හිතුනේ.අද වැඩට ගිහින් එද්දී (අපි ඉරිදත් වැඩ තමා අනේ )මගදී බයිසිකලේ රෝදෙට අහුවෙලා මොකක්ද මන්දා "පටාස්" ගාලා පුපුරලා ගියා.කෝකටත් කියලා බයිසිකලේ නවත්තලා බැලින්නම් රබර් ඇටයක්.ඒ විතරක්ය පාර පුරාම රබර් ඇට.ඒවායින් දෙක තුනක් අහුලලා සාක්කුවේ දාගත්තා.ගෙදර ඇවිත් සාක්කු අස් කරනකොට මේකෙන් පොඩි වැඩක් කරන්න පුළුවන්නේ කියලා ඔලුවට ආවා.මගේ පොඩි පෑන පිහියත් අරගෙන මිදුලට බැහැලා ඕන කරන අනිත් දේවලුත් එකතුකරගත්තා.හැබැයි ඔන්න මුලින්ම කියන්න ඕන මේක පොඩි අය හදන්න යන්නෙපා.අම්මලා තාත්තලා හදලා දුන්නත් පොඩි අයට තනියම මේකෙන් සෙල්ලම් කරන්න දෙන්නත් එපා.විශේෂයේන්ම ඇස් දෙක පරිස්සම් කරගන්නෝන.රයිටෝ ඔන්න එහෙනම් වැඩේට බහිමු.මුලින්ම සුපුරුදු පරිදි අවශ්‍ය දේ....



1.රබර් ඇටයක් [ටිකක් මහත එකක්]

2.ඉරටු එකක් දෙකක් [අමු ඒවා හොදේ,ටිකක් මහත්වෙන්නත් ඕනේ] 

3.පොල්පිති කැල්ලක් [පින්තුරේ තියෙන විදිහට පොල්පිත්තේ යට පැත්තෙන් කපා ගන්න,අමු පොල්පිත්තක්නම් වැඩිය හොදයි]

4.නූල් කැබැල්ලක්

5.රබර් ඇටේ විදගන්න පොඩි කටුවක්. 

හරි එහෙනම් ඔය ටික එකතුකරගත්තම වැඩේට බහින්න පුළුවන්.



මුලින්ම කරන්න තියෙන්නේ රබර් ඇටේ උඩිනුයි යටිනුයි සහ පින්තුරේ පේන විදිහට මැදිනුයි හිල් තුනක් විදගන්න එක.මතක තියාගන්න රබර් ඇටේ පැලෙන්නේ නැතිවෙන්න පරිස්සමින් වැඩේ කරන්න ඕන.



ඔන්න දැන් තමයි අමාරුම වැඩේ.දැන් ඒ හිල්තුනෙන් ඉරටු කැබැල්ලක් ඇතුලට දාලා රබර් ඇටේ මදේ කුඩා කොටස්වලට කඩලා ඉවතට ගන්න ඕන.ටිකක් වෙලා ගතවෙන වැඩක්.ඉවසිල්ලත් තියෙන්න ඕන.හැබැයි අපේ වැඩේ සාර්ථක වෙන්න නම් මදේ ඔක්කොම ඔය පින්තුරේ තියෙන විදිහට ඉවත්කරගන්න ඕන.එහෙමකරගත්තට පස්සේ අපිට ඊලග පියවරට යන්න පුළුවන්.




ඊලගට තියෙන්නේ පොල්පිති කෑල්ලට ඉරටුවක් සවිකරගන්න එක.පොල්පිති කෑල්ල කටුවෙන් විදලා ඔය රූපෙ තියෙන විදිහට හොදට සවිකරගන්න ඕන.මේක අතිශයින්ම වැදගත්.මේක හරියට සවිනොවුනොත් රූං පෙත්ත කරකැවෙන වේගෙට පොල්පිති කෑල්ල ගැලවිලා ඇවිත් ඇහේ වදින්න පුළුවන්.



හරි ඊට පස්සේ කරන්න තියෙන්නේ අපේ ගාව තියෙන නූල් කැබැල්ලේ එක කොනක් ඉරටු කදේ ගැටගහලා ඉරටුව රබර් ඇටේ මැදින් දාලා නූලේ අනිත් කොන අපි අර ඉස්සෙල්ලා විදගත්ත රබර් ඇටේ මැද සිදුරෙන් එලියට අරගෙන තවත් පොඩි ඉරටු කැබැල්ලක් ඒ කොනට ගැට ගහන එක.අපැහැදිලිනම් ඔය උඩ තියෙන රූප සටහන බලන්නකෝ.ඊට පස්සේ මැද තියෙන ඉරටුව කරකවලා නූල ඒකෙ ඔතාගන්න.ඔන්න එතකොට පල්ලෙහා තියෙන පින්තුරේ වගේ තියේවි.



ඊට පස්සේ පොඩි ඉරටු කෑල්ලෙන් ඇදලා අත ඇරියම රූන්පෙත්ත කරකැවිලා ආයිත් නූල එතෙනවා.මං මුලින් කිව්වා වගේම ඇහැ තමයි පරිස්සම් කරගන්න ඕන.ඒක නිසා මේකෙන් පොඩි අයට තනියම සෙල්ලම් කරන්න දෙන්නෙපා.දවසක් දෙකක් ගියාම පොල්පිති කැබැල්ල වේලෙන නිසා කරකවද්දී ඉරටුවෙන් ගැලවිලා ඇවිත් ඇහේ වදින්න පුළුවන්.ඒක නිසා සෙල්ලම ලෙල්ලම කරගන්න එපා කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.

මම මේවා බ්ලොග් අවකාශේ සටහන් කරලා තබන්න හිතුවේ.අනාගතේ දවසක [දැනටමත් පොඩි අය මේවා දැකලවත් නැතුව ඇති] කවුරුහරි කෙනෙක්ට උදව්වක් වේවි කියලා හිතලයි.ඒත් ඉතින් සිංහලෙන් හෙව්වොත් විතරනේ මේක අහුවෙන්නේ.ඒක නිසා ඔන්න දානවා මේකේ හෙඩිම ඉංගිරිසියෙන්.වැරදිනම් නිවැරදිකරත්වා.එහෙනම් ගොහින් එන්නම්.ටටා.....

how to make simple toy fan using rubber seed..........

34 comments:

  1. බොලාල ගෙ පැත්තෙ රබර් ඇට තිබුනට අපේ පැත්තෙ තිබුනෙ දොබ ඇට.ඒවායින් තමා අපි ල ඕව හැදුවෙ,අපේ චන්දන මලය කලකට ඉස්සෙල්ල ඔය කතාව කිව්ව වගේ මතකයි.
    අක්කි කාරි ගෙදර එද්දි මග ඇරල යන එක කැතයි බං :):):).

    ReplyDelete
    Replies
    1. බොලානම් කියයි.දවසක් වැඩට නොගියොත් සතියක වැඩ ගොඩ ගැහෙනවා.දවල් නොහිටියට අපි එදා රෑ මාතර රෙස්ට්හවුස් එකේදී පොඩි පාටියකට සෙට් වුනානේ.අක්කව මග හැරියට මස්සිනාව මගහරින්න බෑනේ.ඒකයි.....

      Delete
    2. මගෙත් ප්‍රියතම පොට් වලින් තැනක් තමා එතන සහ තංගල්ල,හම්බන්තොට.
      අක්ක රසම පාටි විස්තරේ දාල නැහැ නොවැ.

      Delete
    3. අක්කා ඒ පාටියට හිටියේ නැහැ නොවැ....

      Delete
    4. අපි යනවයි..ඔය බොන පාටි වලට...

      Delete
  2. හස‍රැල්
    ඔය අමාරුම වැඩේ (රබර් ඇටේ මදය අයින්කරන එක) කරන්න අපිනම් ලේසි ක්‍රමයක් හොයාගෙන තිබුන ඒ කාලෙ,ඔය කියල තියන හැටියට හිල් තුන හදල කූඹි ගුලක් ලඟ තිබ්බහම කූඹි මදය කාල ඉවර කරනව.අර නූල් රෝදෙන් හදන ට්‍රැක්ටරය හදන එකත් දාන්න

    ReplyDelete
    Replies
    1. ටිකක් වෙලාගියත් ඒකත් හොද ක්‍රමයක්‌ තමා....බලමු..බලමු...තව තව වැඩ ඉස්සරහට

      Delete
    2. @කුමාර....කූඹි මෙතඩ් එකම තමයි අපිත් ඒ කාලේ කරේ.

      Delete
  3. සුද්ද කරද්දි ඇටේ කැඩෙන එක.
    ඇතුලෙ අමු නිසා සුද්ද කරන්න වෙලා යන එක.
    මැද්දෙ හිල ගහ ගන්න ගිහින් ඇටේ කැඩෙන එක.

    මේව අපිට අමතක නැහැ බං.

    ස්තුති පෝස්ට් එකට. !!

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න පොඩිවුන් [සමහර ලොකුවුන් ඇතුළුව] ඕවා දන්නේ නෑනේ බං.එකයි සවිස්තරව දැම්මේ

      Delete
  4. අපිට කොහෙන්ද බං රබර් ඇට. කෙන්ජි අයියා කිව්ව වගේ දොඹ ඇටයක්වත් හොයා ගන්න දැන් දොඹ ගහක් දැකපු කාලයක් මතක නෑ. අපි පොඩි කාලෙත් අර ලී නූල් රෝදවලින් රබර් පටිවලින් ඉරටුවලින් ඔය එක එක ඒවා අරන් පොඩි පොඩි සුකුරුත්තන් වැඩ කළා, දැන් නම් හුඟක් ඒව මතකත් නෑ.

    ඉස්සර වගේ නෙමෙයිනේ බං, දැන් අම්මල තාත්තලට සල්ලි වැඩි නිසාද මන්ද වෙසක් කූඩුවත් කඩෙන් ගේන්නෙ. ඉතිං ළමයි යාන්ත්‍රික වෙන එක අහන්නත් දෙයක්ද.

    ReplyDelete
    Replies
    1. සල්ලි වැඩිනිසා නෙමෙයි බං.වෙලාවක් නැතිකමයි නොදන්නා කමයි නිසා

      Delete
  5. ඉහේ කෙස් ගණනට හදා ඇත. මගේ තට්ටේ පෑදිලා කියලා හිතන්නෙපා.

    ReplyDelete
    Replies
    1. මරු කියමන.
      හුග දෙනෙක් ඔබව දැකල තියෙනවනෙ.

      Delete
    2. එහෙනං...එහෙනං ...

      Delete
  6. මමත් හදලා තියෙනවා. ඇයි රබර් ගෙඩියෙන් කරත්ත, ලොරි, බස් හෙම හදලා නැද්ද සහ‍රැල්?

    ඒක නෙවෙයි. ඔහේගේ අක්කා ඔහේව පහු කරන් ගිහින් බොලොක්ක කෙරුවාවෙන්! එයැයි සතියේ දවස් හතේම ලියලා එක දවසට දානවා.

    ReplyDelete
    Replies
    1. රබර් ගෙඩි දෙකක් හොයාගෙන කරත්තයක් හදනහැටිත් දාන්න ඕන.

      ඒකනේ බලන්නකෝ...සතියම එක දවසෙන් කවර්.....

      Delete
    2. අක්කා..මල්ලි වාගේ කම්මැලි නැහැ..ඒකයි...

      Delete
  7. ඔය වගේ ඒව අපි පොඩි කාලෙ කළාට දැං ඉන්න උං කෙලින්ම හදන්න යන්නෙ රො‍බෝට්ල නෙ. :D

    ReplyDelete
  8. අපි ගන්නෙ දිවුල් ගෙඩිය. වැඩේ ලෙහෙසියි.

    ReplyDelete
    Replies
    1. ඒ අලි පැටව්න්ට සෙල්ලං කරන්න වෙන්ටැති හද්න්නේ..

      Delete
    2. හැබැයි මට මතක දිවුල් [අපි කියන විදිහටනම් ජූල්] නැත්නම් බෙලි ගෙඩියෙන් බඹර හදනහැටි විතරයි

      Delete
  9. මේ මොකෝ ආයෙමත් මොන්ටිසෝරි යන්න හිතිලද? :D

    ReplyDelete
    Replies
    1. ඇයි නරකද ???? වෙලාවකට අපි ඔක්කොම පොඩිවුන් තමා

      Delete
  10. පොඩි උන් රබර් ඇට ගිලිවී බලාගෙන...

    ReplyDelete
    Replies
    1. ගිල්ලොත් උදේට බලාගත්තකිනේ...

      Delete
  11. මාත් ගිය සුමානේ පොඩ්ඩිට මේකක් හදලා දුන්නා. උඩ රූනට ගත්තේ පොල් පිත්තක පට්ටයක්.

    ReplyDelete
    Replies
    1. පොල්පිති පට්ටේ තමයි මේකට හරියන්නේ

      Delete
  12. //.පොල්පිති කැල්ලක් [පින්තුරේ තියෙන විදිහට පොල්පිත්තේ යට පැත්තෙන් කපා ගන්න,අමු පොල්පිත්තක්නම් වැඩිය හොදයි]//

    අපි මෙකට ගන්නෙ මචං අර අයිස්ක්‍රීම් පලම් එකක කෝටුව. ඒක ලස්සනට පාටත් කරනවා. පොඩි කාලෙ තාත්ත හදල දීල තියනව .තනියම නං හදල නෑ. මතකෙ අලුත් කලාට පින්

    //මම මේවා බ්ලොග් අවකාශේ සටහන් කරලා තබන්න හිතුවේ.අනාගතේ දවසක [දැනටමත් පොඩි අය මේවා දැකලවත් නැතුව ඇති] //

    ඇත්තම ඇත්ත :)

    ReplyDelete
  13. ඇති යන්තම්..ලියන්න හිතුනා...ලියනවා..ලියනවා..කියවන්න කට්ටිය එමටයි...

    ReplyDelete
    Replies
    1. කියවනවානම් ලියන්නම්කො....

      Delete
  14. මේ තියෙන්නේ මම හදපු බඹරයක්

    https://www.youtube.com/watch?v=I0_u0P5t4k4

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...