Sunday, September 8, 2013

අපේ උන් විතරද උස්සන්නේ.......


මාත්තුරුකාව දක්කගමන් කලබල වෙච්ච අය සමාවෙන්නලා.අද මට ලියන්න හිතුනේ සින්දු ටිකක් ගැන.දැන් ඔය අපේ සිරිලන්කාවෙත් පැරණි ගීත නව පරපුරේ අය ගායනා කරනවා නොවැ.[ඔව්..ඔව්...ගායනා කරනවා කියලා තමයි එකට කියන්නේ].ඉතින් ඕවා අවසර ඇතුව නැතුව හරි ගායනාකරලා ඉතින් එයාලත් කීයක්හරි හම්බුකොරගන්වනේ.ඒ ගැන වැඩිය කියන්න ඕන නෑ පහුගිය කාලේ ඇතිපදම් ඔය අයිතියන් ගැන කතාවුනානේ.

ඉතින් මට අද මුණු පොතේ මං ආසාකරන පරණ ඉංගිරිසි සින්දු ටිකක් [පරණ කිව්වේ අපි ඉස්කෝලේ යන කාලේ] අහලා බලනකොට ඒ සින්දු ඒ උන්දලා කියලා තියෙන්නේත් තවත් උන්දලාගෙන් උස්සලා බව මට අහුවුනා.සමහරවිට අවසර ඇතුව වෙන්නැති.ඔන්න එහෙම මට අහුවෙච්ච සින්දු කීපයක් මම පල්ලෙහා දානවා.බලන්නකෝ ඔයාලත් දන්නා ඒවා ද කියලා.බයිට් සීමිත ඇත්තෝ කමාකරත්වා.

ඔන්න මුලින්ම අහුවුනේ Westlife සංගීත කණ්ඩායම ගායනාකරන I Have A Dream ගීතය.ඔයාලත් අහලා ඇතිනේ......


මේ සින්දුවේ මුල් අයිතිකාරයෝ තමයි abba සංගීත කණ්ඩායම.මෙන්න තියෙනවා ඒ අය මේ සින්දුව කියපු හැටි....



මෙන්න ඒ පිලිබඳ වැඩිදුර විස්තර.....
http://en.wikipedia.org/wiki/I_Have_a_Dream_(song)
----------------------------------------------------------------

ඔන්න ඊලගට තියෙනවා Ronan Keating ගායනාකරන When You Say Nothing At All සින්දුව.....


මේ සින්දුව මුලින්ම කියලා තියෙන්නේ Keith Whitley කියන ගායකයා 1988 දී.මෙන්න තියෙනවා ඔහුගේ සින්දුව.....



මෙන්න ඒ පිලිබඳ වැඩිදුර විස්තර.....
http://en.wikipedia.org/wiki/When_You_Say_Nothing_at_All


---------------------------------------------------------------------------------------------------------

ඊලගට තියෙන්නේ You're My Sunshine කියන ඔයාලා කවුරුත් වගේ අහලා තියෙන සින්දුව.මේකනම් ගොඩක් අය කියලා තියෙනවා මං මෙතන දාන්නේ Jonny Cash කියන ගායකයා 1966 දී ගායනාකරපු ගීතය....


එතකොට ඔහෙලට ප්‍රශ්නයක් එන්න පුළුවන් 1966 වෙනකොටත් කොපි කරලද කියලා.ඔව් හත්දෙය්යනේ මේ සින්දුව ඉස්සෙල්ලම කියලා තියෙන්නේ 1939 දී Jimmie Davis කියන ගායකයා.මෙන්න තියෙනවා ඒක....


මෙන්න ඒ පිලිබඳ වැඩිදුර විස්තර.....
http://en.wikipedia.org/wiki/You_Are_My_Sunshine


-------------------------------------------------------------------------------------------

මෙන්න තියෙනවා Westlife කොපිකරපු තවත් සින්දුවක්.seasons in the sun....


එතකොට කවුද මේක මුලින්ම කියලා තියෙන්නේ.....Terry Jacks කියන කැනේඩියානු ජාතික ගායකයා තමයි මුලින්ම මේක ගායනාකරලා තියෙන්නේ.....


වැඩිදුර විස්තර මෙතැනින්.....
http://en.wikipedia.org/wiki/Seasons_in_the_Sun

-----------------------------------------------------------------------------------------

Rivers of babylon කියන සින්දුව කියන්නේ කවුද ???? ගොඩක් අය හිතාන ඉන්නේ ඒක Boney M සංගීත කණ්ඩායමේ සින්දුවක් කියලා නේද ....


යුරෝපේදී මේ අය කියපු සින්දුව ජනප්‍රිය වුනාට මේකේ මුල් අයිති කාරයෝ තමයි The Melodieans කියන ජැමෙයිකානු Reggae සංගීත කණ්ඩායම.....



සින්දුව ගැන වැඩිවිස්තර.......
http://en.wikipedia.org/wiki/Rivers_of_Babylon


-----------------------------------------------------------------------------------------

ඊලගට තියෙනවා The Lions Sleeps Tonight ......ඔව් ඔව් අර හිපෝයි බල්ලයි නටන සින්දුව තමා......මේක මෑත කාලේ කියලා තියෙන්නේ Jimmy Cliff කියන ගායකයා ...


හැබැයි ඔන්න අර හිපෝ සින්දුවේ තියෙන්නේ orginal එක තමා...කියලා තියෙන්නේ The Tokens කියන සංගීත කණ්ඩායම....


මේකේ අයිතියටනම් ටිකක් අවුල්සහගත සිද්දි වෙලා තියෙනවා...
http://en.wikipedia.org/wiki/The_Lion_Sleeps_Tonight

---------------------------------------------------------------------
බලාගෙන යනකොට Jimmy Cliff කියන තවත් සින්දුවක් අහුවුනා.I Can See Clearly now .....


මේකේ මුල් අයිතිකාරයා Jonny Nash....මේ තියෙන්නේ උන්නැහේ කියපු එක...


ඒ ගැන වැඩිවිස්තර.....
http://en.wikipedia.org/wiki/I_Can_See_Clearly_Now

-------------------------------------------------------------------------
ඔය විදිහට ගොඩාක් තියෙනවා.මං මෙතන දැම්මේ මං ආසා කරන කිහිපයක් විතරයි.මෙහෙම කොපිකරන එක හරිද වැරදිද කියන එක සාකච්චාකරන්න නෙවෙයි මං අදහස් කලේ.මේකෙන් ඔයාලා නොදැන හිටපු දෙයක් දැනගත්තනම් මට සතුටුයි.හැබැයි මට මේ සින්දු ටික අහද්දී මෙහෙම හිතුනා.අලුතින් කියපුවා අහනවට වඩා පරණ version ටික අහද්දී කනටයි හිතටයි පුදුම සැහැල්ලුවක් ඇතිවෙනවා නේද කියලා..........

25 comments:

  1. අඩේ බැබිලෝන් සිංදුවත් උස්සපු එකක් කියලා දැක්කම පිස්සු හැදෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඕක ඇත්තටම කොප්පේ ගහලා තියෙන්නේ ක්ලැරන්ස් ගේ කඳුකරයේ සීතලේ සින්දුවෙන් නේද?

      මෙන්න බලන්න පෙම්බර මධු සින්දුව කොපි කරලා තියෙන හැටි!

      http://kathandara.blogspot.com/2011/08/can-video-bring-this-much-anomy.html



      Delete
    2. අපේ දේ අපිට දියව්...

      Delete
  2. ඔව් හස‍රැල් එකම සින්දුව පරම්පරාවෙන් පරම්පරාවටත්, ඒ වගේම එකම යුගයේ ගායකයෝ කීපදෙනෙක් අතින්මත් ගැයෙනවා. ඔහොම සින්දු තව හුඟාක් තියෙනවා. උදාහරණයක් හැටියට Green Green Grass of Home මම දැනුවත්ව Tom Johns වගේම Kenny Rogers ගයනවා එකම කාලේ. තව එහෙම සින්දු ගනනාවක් මට මතක් වෙනවා. ඇයි Boney M ගහන King of the Road...

    ReplyDelete
    Replies
    1. 'ගහන' නෙවෙයි 'ගයන', ඈ. ගහන වුනත් වැරද්දක් නෑ. :D

      Delete
  3. ඕව මොනවද සුද්දො ඔය සමහර සින්දු ඉස්සුවේ සිංහල අපෙන්!
    මෙන්න ඒ විස්තරේ.
    http://kathandara.blogspot.com/2011/08/from-english-to-sinhala.html

    !

    ReplyDelete
  4. ඩුඩෙ කිව්ව වගේ ඒක හැම පරම්පරාවකදිම වෙනවා. හොද සින්දු උස්සනවා..

    ReplyDelete
    Replies
    1. "මල් රේණු නටලා වැහි බින්දු වැටිලා" කියන සිංදුව වගේ ඉංගිරිසි සිංදුව අහල තියනවද කකා?

      Delete
    2. කවුරුත් ජනප්‍රියවෙන්න කෙටිමං හොයනවනේ...

      Delete
  5. අපොයි ඒ සින්දුවල අඩුම ගානෙ මුල සින්දුවෙ වචන ටික හරි තියෙනව. දැං සමහර ගායකයො තමංගෙ වගේ වචන දාල අනුංගෙ තනු වලට සින්දු කියද්දි ඕක ටිකක් හරි හොඳයි.

    ReplyDelete
  6. කමෙන්ට් ටිකයි පෝස්ට් එකයි ඔක්කොම බැලුවා..

    හිටු දැන් විඩියෝ ටික බලන්න..

    ReplyDelete
    Replies
    1. BoneyM එකයි Westlife එකයි ගැන කරල තියෙන කතාව විස්වාස කරන්න බැහැ බං.

      මම හිතුවෙ උන් තමා ඔරිමජිනල් කියල..

      Delete
    2. අවිශ්වාසනම් wikipedia බලන්නකෝ

      Delete
  7. ඔහොම තමා. නිර්මාණ කොල්ලකෑම කියන්නේ ලෝකෙ පුර තියන දෙයක් නේ....

    ReplyDelete
  8. තියෙනවා මල්මිටක් තියන්න ඔබ අතේ කියන සින්දුවේ ලස්සන මියුසික් එකක්....... ලදී දවසක් මම බැලුව පරණ ඉග්රිසි ප්ච්ර් එකක් ජැක් සහ බෝංචි වැල.... එකේ ඉන්න යෝදයගේ විනාවෙන් මෙන්න බොලේ එන්නේ අර සින්දුවේ තියෙන මියුසික් එකමයි ..... මට තියෙන ප්‍රශ්නේ විනවා කොමද අප්පා සිංහල සින්දු දන්නේ

    මෙන්න කසුන්ගේ සින්දුව
    http://www.youtube.com/watch?v=bhgkgeTH-uY

    මෙන්න ජක්ගේ බෝංචි වැලේ එක
    http://www.youtube.com/watch?v=8Y7iIrU4-qA

    ReplyDelete
    Replies
    1. දෙය්යෝ දනී අපි නොදනී ..

      Delete
  9. විශේශත්වය තමයි මිනිස්සු අහරට ගියෙ දෙවෙනි අයගෙ ගායනය. :)
    ඒකත් මාරයි

    ReplyDelete
    Replies
    1. හැමෙකම එහෙම්ම කියලා කියන්නත් බෑනේ ...

      Delete
  10. http://www.youtube.com/watch?v=mT4T5GyGqRQ - 1981(අප්‍රසිද්ද)

    http://www.youtube.com/watch?v=i8mz9uOvFQA - 1989(ප්‍රසිද්ද)

    මේකෙ සිංහල එකකුත් තියනවනේ.

    ReplyDelete
    Replies
    1. ආදරේ ඔබ මා හට ඇතිද කියා - ජිප්සීස්

      Delete
  11. බලන කොට කොහෙත් එකයි නේද හසරැල්

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...