Monday, December 24, 2012

ආදීතමයා - we are not alone - 2


මුල් කොටසට 

මාගේ මග අවුරා සිටියේ දැවැන්ත මුගුරක් අතින් ගත් වානරයාය ....

මට අත්වන්නට යන ඉරණම ඉදිරියේ මාගේ දෙපා පන නැතිවී යන ආකාරයක් මට දැනුනි ,සමාවන්න මුලදී මට මේ සත්වයාගේ ස්වරූපය ඔබට විස්තර කිරීමට බැරිවිය ,වානරයෙකු ලෙස මම මේ සතා නම් කලේ මා දැක ඇති සතුන් අතරින් මොහු වඩාත් සමීපවන්නේ එම සත්වයාට බැවිනි ,එහෙත් දැන් මට අඩි කිහිපයක් නොදුරින් සිටින මේ සත්වයා වඩාත් හොදින් විස්තර කිරීමට මට හැකිය .

මේ නම් මිහිපිට වසන සත්වයකු නොවන බවනම් මට දිව්රා කිවහැක.උසින් අඩි දහයක පමණ දැවැන්ත සිරුරකට හිමිකම් කියන මේ සත්වයාගේ සිරුර පුර ඝන රෝම වැවී තිබුනි .දෙපයින් සිටගෙන සිටි ඔහු  ( සත්වයෙකුට මේ යෙදුම මා යෙදුවේ ඇයිදැයි ඉදිරියේදී ඔබට පැහැදිලිවනු ඇත )දෙපසින් මිනිසෙකුට වඩා දිගු අත් දෙකක් එල්ලෙමින් පැවතුනි .වඩාත් පුදුම ජනක දෙයනම් ඔහුගේ මුහුණයි ,ඒ නම් කිසිසේත්ම වානර මුහුණක් නොවේ ,ඒ නම් මනුෂ්‍ය මුහුණකි .

ඔහුගේ අතේ තිබුණු මුගුර කිසිසේත්ම ලී දණ්ඩක් නොවේ ,මා සිතන ආකාරයට කිසියම් ලෝහයකින් තැනූ නිල් පැහැති යෂ්ටියකි ,එය මිනිසෙකුගේ හදගැස්ම මෙන් වරින් වර වර්ණය වෙනස් වෙමින් යම්කිසි ජීවයක් පවතින ආකාරයෙන් දිස්වුනි .

එක්වරම එම යෂ්ටිය මා දෙසට දිගුකල ඔහු එහි කෙලවරින් මාගේ නළලත ස්පර්ශ කළේය ,එවිට මා හට ඇතිවූ අවසන් ස්මරනයනම් මා අධික ශීතල අයිස් දණ්ඩකින් ස්පර්ශ වුවා වැනි හැගීමකි ,කෙසේ වුවත් ඉන්පසු මා සිහිමුර්ජා වුවා වියයුතුය .

මා කොතරම් වෙලාවක් එසේ සිටියාදැයි නොදනිමි .නැවත සිහිය පැමිණෙනවිට මා සිටින්නේ කාමරයක් තුල බව මා හට හැගුණි .කාමරයක් යයි කීවාට එහි බිත්ති පෙනෙනෙන්නට නොතිබිණි ,මා වටාම අර සත්වයාගේ අතේ තිබූ යෂ්ටියේ මෙන් නිල් පැහැය ගැස්මකින් යුතුව පැවතුනි .මා මාගේ අත් පා සෙලවීමට උත්සාහකලද එය කලනොහැක්කක් බව මට පෙනුනි .වැදගත්ම දෙයනම් කාලය ගලායාම පිළිබද කිසිදු හැගීමක් නොවීමයි .මට කිසිදු වෙහෙසක් නොදැනුනි ,වානරයා හමුවන අවස්ථාවේ මා කුසගින්නකින් සිටි නමුදු දැන් එයද නොමැත ,

එසේනම් මේ මරණය වියයුතුය ,මට එසේ සිතුනි ,නැත එසේ විය නොහැක,මරණය සිදුවීනම් භෞතික ශරීරයක් පැවතිය නොහැක,එසේනම් මා සිටින්නේ කොහිද ?

"කලබල නොවන්න ,සියල්ල යහපත් ආකාරයෙන් පවතිනු ඇත "

මා අවට කිසිවෙකු නොමැතිබව පැහැදිලිය ,කිසිදු කටහඩක් මට නොඇසුණු වගත් සහතිකය ,

එහෙත් හඬ නොනැගෙන පරිදි මාගේ සිතිවිලි වලට කතාකරන්නේ කවුද ?.....

මතු සම්බන්දයි 

මේ සිදුවීම සිහි කරන විට මාගේ මනස දැඩි නොසන්සුන්තාවයට පත්වේ ,එබැවින් දීර්ඝ ලෙස කතාව ගොනුකිරීම මට මේ වෙලාවේ ඉතා අපහසුය .මාගේ ස්නායු කම්පනයට පත්වී ඇතිබව මාගේ දොස්තරවරු ප්‍රකාශකර සිටිති ,එබැවින් මින් ඉදිරියේදී වූ සිදුවීම් ඉදිරියේදී ඔබහට ගෙන ඒමට බලාපොරොත්තුවෙමි ,මෙම කතාව පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතු කාර්යයකි ,මම මේ දේ පමණක් ඔබගෙන් විමසමි නූතන විද්‍යාවට අසුනොවන සියල්ල බොරුද ?


7 comments:

  1. දයාබර මලේ මේ අයුරින් ගියොත් ප්‍රෝඩාවක් බව වැටහෙන්නය ඉඩ ඇත. ටිකක් වැඩිපුර ලියන්න. ලියන ටික හොදින් ලියැවී තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවානම් මේ දවස්වල වැඩ අධික කම නිසාම ලියන්න තියෙන වෙලාව අඩුයි,රැකියාව සහ ඉගෙනීම යන දෙකම නිසා ,මං කලිනුත් කිව්වනේ මේක විද්‍යා ප්‍රබන්දයක් කියලා ඒක නිසා යතාර්ථයෙන් ඈත්ව තමයි ලියවෙන්නේ

      Delete
  2. නූතන විද්‍යාවට හසු නොවන සියල්ල බොරු වෙන්න බෑ.. හැබැයි ඕනෑම දේකට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තිබිය යුතුයි.... බොහෝ දුරට තාම ඒවා නූතන විද්‍යාවට අහුවෙලා නෑ කියලා තමයි මං හිතන්‌ෙන්...

    ReplyDelete
    Replies
    1. සුද්දන්ගේ විද්‍යාව හරි කියලා මං නම් පිළිගන්නේ නැහැ

      Delete
  3. හ්ම්ම්...අද නම් ටිකයි ලියල තියෙන්නේ.තව ටිකක් තිබ්බ නම් හොදයි කියල හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. ඉතුරු කොටස හෙට දානවා

      Delete
  4. ටික උනත් කියෙව්ව. බලමුකො අනිකත්

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...