අපේ අම්මා .....මට මේ ලෝකේ හම්බවුනු සුන්දරතම මනුස්සයා.අද ගෙවල් දොරවල් අස්පරස් කරද්දී අම්මගේ පරණ සමරු සටහන් පොතක් හමුවුනා.අපේ අම්මා විද්‍යාලංකාර සරසවියේ [දැන් කැළණි සරසවිය] උපාධිධාරිනියක්.ඉතින් විදුබිමෙන් සමුගන්නා දවස්වල බැචාලා තියපු සටහන් තමයි ඒ සමරුපොතේ තියෙන්නේ.ඒ 1971 කාලේ.දැනට අවුරුදු 42 කට විතර ඉස්සර.
මට ඉතින් හිතුනා ඒ සටහන් කිහිපයක් ඔයාලටත් බලන්න දාන්න.මේ සමරු සටහන් ලියපු අය දැන් රටේ ලෝකේ විවිධ තැන්වල ඇති.සමහර අය අපේ අම්මා වගේ මේ ජීවිතෙන් සමුඅරගෙනත් ඇති.සමහරවිට මේ බ්ලොග් කියවන අතර ඒ අයගේ දරුවෙක් මුනුබුරෙක් ඉන්නත් පුළුවන්.කොහොමවුනත් බලලා ඉන්නකෝ...
මේ සටහන් අතරේ අපේ තාත්තා විසින් තබා ඇති සටහන විශේෂයි.අම්මා අපේ තාත්තාට ඇමතු කෙටි නමින් තමයි තාත්තා අත්සන් කරලා තියෙන්නේ.තාත්තාත් ඒ සරසවියෙම උපාධිධරයෙක්.
මේ සටහන් අතරේ පසුකාලයකදී තැබූ තවත් සුවිශේෂී සටහනක් හමුවුනා.ඒක ලියලා තියෙන්නේ අපේ අක්කා.අවුරුදු 6 ක පමණ කාලයේ ලියපු කවියක්.අදටත් එයාගේ කවි ලිවීමේ හැකියාව පොඩි කාලේ ඉදලම තිබ්බ බව මේක බැලුවම පේනවා.මෙතැන "මල්ලි" කියලා කියලා තියෙන්නේ මගේ අය්යා ගැන.මේ වෙනකොට මම ඉපදිලා නැහැ....
කොහොමවුනත් පස්සෙකාලෙකදී මේ වගේ සමරු සටහන් බලලා අපිට ඒ සොදුරු අතීතෙට සිතෙන් හරි යන්න පුළුවන්.ඒත් දැන් තියෙන ඉලෙක්ට්‍රොනික සමාජයේ මේ වගේ දේවල් වලට ඇති වටිනාකම අඩුවෙලා ගිහින්...
මට මේක කියෙව්වම දැනුන දේවල් ලියන්න වෙනම බ්ලොග් එකක් ඕන වෙයි...අම්මා ගේ සමරු පොතේ තාත්තා ලියපු ඒ කතාව ඒ දෙන්නා හැබෑ ජීවිතේදීත් ඔප්පු කරලා පෙන්නුවා..
ReplyDeleteකොහොම වුනත් අයියලා මල්ලිලා ගේ අස් කරන ගමන් පුරාවිද්‍යාත්මක ශාක්ෂිත් හොයාගෙන වගේ..නැත්නම්..මම ලිව්ව කවියක් හොයාගත්තේ කොහොමද...
මම හිතන්නේ ....අපේ මහ ගෙදර...ඒ සුන්දර මතකයන් එක්ක අපි අයෙත් මුණ ගැහෙයි ළඟදීම....
ඔය ඔටෝ ලිව්ල්ලේ අන්තිම පරපුර අපිද දන් නෑ හසරැල්.... දැන් ළමයි ඕවා ලියන්නේ සුදු ගවුමේ.. නැත්තම් කලිසමේ.....
ReplyDeleteඑහෙමත් නැත්තම් ෆේස්බුක් එකේ....
හරියට හරි හිරුවෝ දැන් ලමයි මේව කරන්නෙ නෑ, අනික එයාලට දිගටම සම්බන්ධකම් තියාගන්න දැන් විදි තියනවනේ.
Deleteඅර දෙවනියට තියෙන එක ලියලා තියෙන ෆොන්ට් එකනම් මාර ගති!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔයාගේ අම්මා ගොඩක් වාසනාවන්තයි! :)
ReplyDeleteමටත් හිතුනේ මේවා ලියපු අය දැන් කොහේ ඇතිද කියලා.
ReplyDeleteහ්ම්. .එහෙම මතක තියෙනවා.. මටත්
ReplyDeleteතාත්තා ලියලා තියෙන එක කියෙව්වම. පුදුම සුන්දර හැඟිමකුත් එක්ක. ඇඟ හිරිවැටිලා ගියා....
ReplyDeleteඔය ඔටෝ ලියන එකෙන් ඒ දවස්වල සුන්දර මතකයන් ඉතුරු උනා. දැංනං ඕව කෙරෙන්නෙ නෑ මං හිතන්නෙ.
ReplyDeleteතාත්ත ලියල තියෙන එක නම් හරිම ලස්සනයි.
ReplyDeleteමම ඔය කියවපු ටිකෙ දැකපු විශේෂය තමයි කියන්න තියෙන ගොඩක් දේවල් වචන කීපෙකට එකතු කරල මුලු අදහසම කියල.
ඔයාගෙ අක්කගෙ කවියත් එහෙමයි.
අම්මා මේ ජීවිතෙන් සමුඅරන් කිව්වාම මට සෑහෙන්න වේදනාවක් දැනුනා...අම්මා කියන අකුරු 3 ඇතුලෙ අපට දැනෙන ආදරය, උණුසුම, රැකවරණය මහමෙරක් තරම්...එදා වගේ සුන්දර සරසවි කාල සමයක් අද අයට නෑ...ආර්ථික,සමාජ,දේශපාලන ගැටළු වලින් හෙම්බත් වෙලා උපාධියෙන් පසු රැකියාවක් ලැබෙයිද නොලැබෙයිද කියන දෙගිඩියාවෙන් තමයි අද සරසවි අධ්‍යාපනයෙන් සමුගන්න වෙලා තියෙන්නෙ....මතකයන් බෙදා ගත්තාට ස්තූතියි...
ReplyDelete//මේ සටහන් අතරේ අපේ තාත්තා විසින් තබා ඇති සටහන විශේෂයි.//
ReplyDeleteවිශේෂයි නේන්නම්. ආදරේ පිරිලා...:)
අදයි මට එන්න ලැබුනෙ හසරැල්. හරිම ලස්සනයි සටහන. තාත්තා ලියාපු සටහන තමා සිත් ගත්තෙ. සෙනෙහස පිරිල ඒ සටහනෙ. අපේ කාලෙ මේ සටහන් ලීවට දැන් ආය මේව ලියන්නෙ නෑ.
ReplyDeleteඅපේ තාත්තා සාමන්යෙන් ටිකක් කතාබහ අඩු කෙනෙක්.ඒත් තාත්තා අම්මාට කොච්චර ආදරේද කියාලා අපි ඔක්කොම දන්නවා...
ReplyDeleteලස්සන කවි
ReplyDeleteලස්සන කවි
ReplyDelete