හප්පේ.... ඒ අවුරුද්දත් අහවරයි නේද....මටත් බ්ලොග් එකක් කියලා දෙයක් තියෙනවා කියලා මතක්වුනේ ඕන්න අද ගෙදර ආවම තමා ඕන්.මමවත් මේක පැත්තපළාතේ පස්නොපෑගුවාට ගොඩක් උන්දැලා මගේ අඩවියේ දිනපතා කරක්ගහපු බවනම් පේන්න තියෙනවා.පහුගිය දොහේනම් පුල් නස්තාර් වෙන්න වැඩකරලා ඕන්න අද තමයි යාන්තම් හුස්මක් කටක් ගත්තේ.වෙන අවුරුදුවල වගේ නෙමෙයි මේ අවුරුද්දේ වැඩකරන්න වුනෙම ණය අංශෙ.ඉතින් වර්ශාවසානේ කියන්නේ යුද්ධයක්ම තමා.ඔය බැංකුවල වැඩකරන උන්දැලා ඕවා දන්නවා ඇති නොවැ.
අවුරුද්ද අවසානෙට කලින් අතේ තියෙන ණය අයදුම්පත්වලින් දෙන්න පුළුවන් ටික තෝරලාකියලා කෝම කෝමහරි ඒ ටික නිදහස්කරගන්න එක තමා යුද්දේ.ඒකට බැස්සම ඉතින් රැයක් දවාලක් නැහැ.ඕන්න පහුගිය දාක හැන්දෑවේ වැඩ ඇරිලා එනකොට ගියා කියහන්කෝ ණයක් ගන්න ගෙදරක පරීක්ෂනෙකට.ඉතින් මහා පාරෙන් අතුරු පාරට හරෝලා පොඩි දුරකින් තමා මේ ගෙදර තියෙනවා කිව්වේ.මාත් ඉතින් ඔහොම යනකොට මෙන්න බොලේ රබර් වත්තක්.මාත් ඉතින් ඕම ඉස්සරහට ගියා.වමට දකුණට හැරි හැරි තමයි ගියේ.ඔහොම සෑහෙන දුරක් ගියා.මොන....මොකෙක්වත් නෑ...දිගටම රබර් වත්ත.මං ආපහු එන්න හැරුනා.දැන්නම් බිම් කරුවල වැටීගෙන එනවා.රබර් වත්ත ඇතුලේ නිසා කට්ට කරුවලයි.බයික් එකේ එලිය තියෙන නිසා එච්චර අවුලක් වුනේ නෑ.ආපහු එන්න ආවට මොකද දැන් රබර්වත්ත ඇතුලේ මට පාර වැරදිලා බව මට ටිකකින් තේරුනා.හතරවටේටම රබර් ගස් විතරයි පේන්න තියෙන්නේ.මොකෙක්වත් නෑ.කාගෙන් කියලා පාර අහන්නද.හිතටත් පොඩි බයක් නොදනුනාමත් නෙවේ.කෝකටත් කියලා එක පැත්තකටම වගේ එන්න ආවා.ඕන්න ඔහොම එනකොට යාන්තම් රබර් වත්තෙන් එලියට ඇවිත් ගෙවල් තියෙන මන්ඩියක් අහුවුනා.යාන්තම් එතන හිටපු මාමා කෙනෙක්ගෙන් පාර අහගෙන තමයි මහපාරට ආවේ.හැබැයි ඒත් මම අතුරුපාරට හරෝපු තැනට සෑහෙන ඈතකින් තමා.වෙලාවේ හැටියට ඒකත් ලොකු දෙයක්නෙ.
මම ඔය අතරමංවුනු වෙලාවට පාර හොයාගන්නහැටි ඉගෙන ගත්තේ අපේ රූපචන්ද්‍ර මහත්තයාගෙන්.මෑන්ස් අපිත් එක්ක ඒ කාලේ බුත්තල රාජකාරි කෙරුවා.දවසක්දා මෑන්ස්ටයි මටයි කොළඹ යන්න සෙට්වුනා [මට හරියටම මතක නැහැ ගමන මොකක්ද කියලා...ට්‍රේනින් එකක් වගේ තමයි මතක]කෝමහරි වැඩේ කරගෙන ඉවරවෙලා ආයෙත් මොනරාගල එන්න අපි කොළඹින් පිටත්වුනා.ඔන්න එතකොටම අපේ රූපච.....[මොන .......ලයිට් ගියෝ]........
[පැය 4 කින් යන්තම් ලයිට් ආවෝ....] ඔන්න එතකොටම අපේ රූපචන්ද්‍ර මහත්තයා අපේ ඩයිවර් මල්ලි අමතලා "පුතේ අපේ නැන්දා කෙනෙක්ගේ පුතෙක් ඉන්නවා ඔය කොටිකාවත්ත පැත්තේ,යනගමන් පොඩ්ඩක් ඒ පැත්තටත් ගොඩවෙලා යමුකෝ"කියලා කිව්වා.ආ..කලින් කියන්න බැරිවුනා අපේ රූපචන්ද්‍ර මාත්තයා කොයිවෙලෙත් පොඩ්ඩක් අනුමතවෙලා තමයි ඉන්නේ.ඉතින් මේ වෙලෙත් ඒ සේතේම තමා.මාත් ඒ දවස්වල ඔය කොළඹ පැත්තේ පාරවල් එහෙම දන්නේ නෑ.ඒ කිව්වට දැනුත් දන්නේ නෑ...හොදද.කෝම කෝම හරි අපි පාරවල් එහෙම අහගෙන කොටිකාවත්තට ආවා.ඊට පස්සේ රූපචන්ද්‍ර මාත්තයා කියන විදිහට දකුණට ,වමට ආයෙත් වමට ඔන්න ඔය යනාදී වසයෙන් සෑහෙන දුරක් ගියා.එකපාරටම රූපචන්ද්‍ර මාත්තයා "පුතේ මට පාර මතක නෑනේ".කියලා කියපි.එතකොටම අපේ ඩයිවර් මලයත් "අනේ සර් දැන්නම් මටත් ආපහු යනවිදිහ මතක නෑ,සර්නුත් මාරවැඩ තමයි කොරන්නේ"කියලා කිව්වා.ඊට පස්සේ රූපචන්ද්‍ර මාත්තයා "රායිට්,,,පුතා බයවෙන්න එපා අපි කොයිපත්තටවත් හරවන්නේ නැතුව කෙලින්ම යමු.එතකොට මූද අහුවෙයිනෙ,එතකොට පාර හොයාගන්න පුළුවන්"...කෝමද ටිකිරි මොලේ.ඔහෙලා වුනත් ඔය කොහෙහරි ගිහින් අතරමං වුනු වෙලාවට ඔය පතිකර්මේ පාවිච්චි කොරාට කමක් නෑ.අත්දුටුවයි පත්යක්ෂයි.මොනාද මං මේ ලියන්නේ .......
අද කතාව ඉතින් Year end පාටි ගැනනේ.අපි බුත්තල ඉන්න කාලෙ තමයි ඔන්න අපි ඉස්ඉස්සෙලාම බැංකුවේ Year end පාටියකට හිටියේ.දැන් කාලේ වගේ නෙමෙයි ඒ කාලේ ඔය කොම්පීටර් ජිල්මාට් වැඩ දැනට වඩා අඩුයි.ඒක නිසා සෑහෙන වැඩකොටසක් කරන්න තිබ්බා.කොටින්ම අවුරුද්ද අන්තිම දවස ගනුදෙනුකරුවන්ට බැංකුව වහනවා ඒ කාලේ.ඔන්න ඔහොම වැඩ කටයුතු ටික ඔක්කොම ඉවරකරලා ලාබෙ එහෙම බලලා ....විසිල් ගහලා...බල්ටි ගහලා තමයි කස්ටිය පාටියට සෙට්වෙන්නේ.කෝමවුනත් මේ ඔක්කොම කරනකොට රෑ දෙගොඩහරියක් වෙලා.ඒ අතරේ අසල්වැසි ශාඛාවල ලාබෙ ගැනත් පොඩ්ඩක් හොම්බදාලා බලනවා.සාමාන්යෙන් මේ Year end පාටිය දෙන්නේ මැනේජර් මාත්තයා ගානේ.ඒකෙ ඉතින් ඒ හැටි වැරැද්දකුත් නෑ.මොකද ඔක්කොම මාන්සිවෙලා වැඩේ ගොඩදම්මට වැඩිපුර ක්‍රෙඩිට් එක එන්නේ මැනේජර් මාත්තයටනේ.
පාටිය පටන්ගන්නේ ඔක්කොම කස්ටිය පොඩි ෂොට් එකක් එහෙම නවාගෙන ඔක්කොම එකපාර "චියර්ස්" කරලා තමා.එහේ ඉන්නකොටනම් ඉතින් බයිට්වලින්නම් අඩුවක් වුනේ නෑ.ඒවා ගැන මං කලින් කිව්වනේ.ඔන්න ඉතින් එකක් දෙකක් වැටෙනකොට ගෙවිච්ච අවුරුද්දේ වුනු රසසිද්ධි එක දෙක ඉතින් එලියට එනවා.ඒවා අහලා ෆුල්ෆන් එකක් ගන්න අතරේ ලාවට සින්දුවක් දෙකක් කියවෙන්න පටන්ගන්නවා.සින්දු කිව්වම අපේ උන්දැලා ඉස්ටේජ් එකට නග්ගන්නෙම ජෝතියි,කපුගේයි තමා.ඔය අතරේ ඉදලා හිටලා බෙග් මාස්ටර්,මිල්ටන් එහෙමත් එනවා යනවා.කෝමහරි කස්ටියටම ටැප් වෙන්න වැදුනට පස්සෙනම් ඉතින් සොරිම තමා.ඔය වගේ දාසක අපේ කොස් මාත්තයට දවසක් වෙච්චි වැඩේ මං කලින් කියලා තියෙනවනේ.
කෝමවුනත් මනුෂ්‍ය පරිනාමනේ වගේ අපිත් දැන් ටිකටික ඔක්කොමවගේ කොම්පීටරේට භාරදීලා වේලාසන ගෙදරට මන්ගච්චනවා.අවුරුද්ද අවසානේ කියලා ඉස්සරවගේ ඒ තරම් ආතල් එකක් නෑ.ඔන්න ඔහොමයි දැන් කෙරුවාව....ලියන්න ආපු ගොඩක් කතා ලියන්න වුනේ නෑ.මේ ලයිට් යෑම නිසා.මාත් පොඩ්ඩක් විතර අනුමතවෙලා වගේ ඉන්නේ නිසා අද සෑහෙන්න පාරෙන් පිට පැනලා කැලේ කඩාගෙනම ගියා.ඒකනිසා සොරි වෙන්නලා....කියන්න බැරිවුණු කතාටික ඉස්සරහට කියන්නම්....
ඒනම් ටටා බයි බායි චෙරියෝ...2013....
වෙල්කම් 2014 කිව්වා ඈ....
ප.ලි - රාජකාරි වසයෙන් මිසක් ජනවාරි 1 වෙනිදට ලබන අවුරුද්ද අපේ අවුරුද්ද කියලා මමනම් පිළිගන්නේ නෑ.ඒක නිසා කාටවත් විෂ්කරන්නෙත් නෑ..හොදේ....එළෙඹෙන හැම දිනයක්ම කාටකාටත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන දිනයක් වේවායි පමණක් පතමි.
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
ReplyDeleteඑසේම වේවා...
Deleteලයිට් ගියේ නැත්තම් අනුමත වෙන්නේ නෑ කියලද කියන්නේ එතකොට?
ReplyDeleteසුබ අවුරුද්දක් එහෙනම් ආ
එසේම වේවා...ලයිට් යන්න කලින් අනුමතවුනේ..
Deleteසුභ නව වසරක් වේවා..
ReplyDeleteඑසේම වේවා...
Deleteපාර හොයා ගන්න බැරුව කෙලීන්ම ගිහින් ගෙදරටක වැටුන සීන් එකක් මම ලිව්ව මතකනේ :))
ReplyDeleteඔය විදිහට කලොත් ඒ වගේම කන්න වෙයි බං..
http://www.samindikasrimantha.blogspot.com/2013/01/blog-post_31.html
සුභම සුභ වේවා..
එසේම වේවා... හෝව් ..හෝව් ...අවුරුද්ද සුබ වේවා...ඒත් ගුටිකන්න නොවේවා
Deleteදහසකුත් සුපෙම් පැතුමන්
ReplyDeleteසිතුම් පව්රෙන් වට වෙනා
සිමින් සැලෙනා සොදුරු හදවත්
යුගල මල් පිපිදෙනා.............
කටු කොහොල් මත තබන පියවර
මල් පොකුරු වී තිබෙවා
අහසෙ බබලන සදක් මෙන් නොව
අමවක දිනකද තුටු සිනා කැන්
මුව තිබෙවා......................
නෙතග දිදුලන කදුලු කැට
මිනි මුතු සෙ පෙනෙවා
වැටෙන වරකුදු යලි නැගීමට
සිතෙ සවි බල තව ලැබෙවා..........
දැනෙන තනිකම වසින්නට තව
ඇසනි වරුශා වි වැටෙවා.....
වසන්තය මෙන් ජිවිතෙ මග
පිපිදෙනා එකලු තරුවක් සෙ
දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
෴෴සචි෴෴
වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....
ඉයර් එන්ඩ් පාර්ටි දැං අපිට නෑ.. හැක්..
ReplyDeleteඔසුනවවේ!!
එසේම වේවා...
Deleteමේකාගේ භාෂාවට මොකෝ මේ වෙලා තියෙන්නේ...( දේශකයා ගෙන් ඇහුවේ..)
Deleteමෑන්ට කොහොමත් අප්සෙට් එකක් තියෙනවනේ...
Deleteඔයාගේ හිතේ තියන හැම කටයුත්තක්ම සාර්ථක වේවා කියලා පතනවා...!
ReplyDeleteඔන්න අපිත් විශ් කලේ නෑ ;)
එසේම වේවා...මාත් විශ් කලේ නෑ
Deleteනියම පාර හොයාගැනීමක්නෙ ඇත්තට.
ReplyDeleteහසරැල්ටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා !
එසේම වේවා...
Deleteපාර වරදින්නේ නැති සුභ නව වසරක් වේවා!!!
ReplyDeleteඑසේම වේවා...
Delete2014 සතුටින් පිරුණු නිරොගි වසරක් වේවා !!!!!!
ReplyDeleteඑසේම වේවා...
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා හසරැල් මල්ලි.
ReplyDeleteඋඹේ ඔය බුත්තල පැත්තේ කතා මම ආසාවෙන් කියවනවා.
ආයේ ඇවිත් කියවනවා.
මාත් මේවා ආසාවෙන් ලියන්නේ...ඔබටත් එසේම වේවා...
Deleteසුබ නව වසරක් වේවා!!!
ReplyDeleteඑසේම වේවා...
Deleteඔය පාර හොයන වැඩේ සාර්ථකද බලන්න දවසක අතරමං වෙන්න ඕන.
ReplyDeleteසුභම සුභ නව වසරක් වේවා…!!!
කොරලම බලන්නකෝ..අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ...
Deleteසුභම වේවා!!!!
ReplyDeleteඑසේම වේවා...
Deleteතෝ කොටියම කාපිය. පඳුරු තලලා නිකං හිටියා එහෙනං. උඹ දන්නවනේ දැන් මට ඕක අහ ගන්නකං ඉවසිල්ලක් නෑ කියල.
ReplyDeleteඉවසන්න සුදෝ...ඉක්මනටම කියන්නම්...
Deleteඔබටත් එසේම වේවා...
ReplyDeleteඅනුමත වෙලා තියෙන්නෙ යන්තමින් වගේ...නැත්තං මේකෙ අකුරක් දෙකක් වරදින්න ඕනෙ...පදම හරි නම්...
ReplyDeleteලයිට් එනකොට අනුමතවීම සමනය වෙලා තිබ්බේ..
Deleteඔන්න ගිය වුරුද්දේ පෝස්ට් එකකට මේ අවුරුද්දේ කමෙන්ට් එකක්.....:D
ReplyDeleteමටත් අලුත් අවුරුද්දක් කිව්වට වෙනසක් නෑ...
කොහොම වුණත් සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
එසේම වේවා...
Deleteසුභ නව වසාක් :)
ReplyDeleteඑසේම වේවා...
Deleteකොච්චර අනුමත වෙලා හිටියද කියලා මේ පොස්ටුවෙන් හිතාගන්න පුළුවන්..
ReplyDeleteආ...එහෙමත් පුලුවන්ද ?????
Deleteහි හි .. නියමයි ,, ඉතුරුකෝ .... සුබ අලුත් අවුරුද්දක් මල්ලි
ReplyDeleteජනවාරි පළවෙනිදා අවුරුද්දේ මුල් දවස හැටියට මම නම් පිළිගන්නවා. ඒ හන්දා උඹට ට් සුභ අලුත් අවුරුද්දක් වේවා.
ReplyDeleteඔබටත් එසේම වේවා..
Deleteවසර අවසාන සෙට්වීම් එළමෙන අවුරුද්දට තල්ලුවක් සපයන ක්‍රමයක් වෙලා...
ReplyDeleteඋදාවූ 2014 නව වසර ඔබ සිතන, ඔබ පතන ආකාරයෙන් ඔබේ සිතැඟි අනුවම ඉටුවේවා. වසර පුරාවටම ඔබට නිදුක් නිරෝගී සුවයත් චිර ජීවනයත් උදාවේවා
ඔබටත් එසේම වේවා...අය්යේ...
Deleteහසරැල් පිරි නව වසරක් වේවා.
ReplyDeleteඑහෙම වෙයිද බලමු...ඔබටත් එසේම වේවා..
Delete