Wednesday, December 19, 2012

අධිවේගී මාර්ග සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය


බ්ලොග් අවකාශේ ඉන්න කවුරු කවුරුත් තම තමන්ගේ බ්ලොග්වල එක එක දේ ගැන විචාර දානවනේ ඉතින් මටත් හිතුනා විචාරයක් දාන්න ,සමහරවිට මේ මාතෘකාව ටිකක් විවාද සම්පන්න වෙන්න පුළුවන් ,කොහොම උනත් මං අද කතාකරන්න බලාපොරොත්තුවෙන්නේ ලංකාවේ අධිවේගී මාර්ග ඇතුළු මාර්ග පද්දතිය සහ ලංකාවේ ප්‍රවාහන පද්දතිය ගැන ,

කවුරු කවුරුත් පිලිගන්නවා ඇතිනේ ලංකාවේ මාර්ග පද්දතිය පසුගිය වසර 10 ක පමණ කාලයක් ඇතුලත සීග්‍රයෙන් දියුණු වෙලා තියනවා කියලා ,ඒ කාලයේ ලංකාවේ A ශ්‍රේණියේ මාර්ගවල පවා අඩියෙන් අඩියට  අලි නාවන තඩිවලවල් තිබුනනේ ,ඒ උනාට දැන් A ශ්‍රේණියේ සියලුම මාර්ග හොදින් කාපට් අතුරා සකස්කර තිබෙනවා .ඒක දකුණට විතරක් නෙමෙයි උතුරු නැගෙනහිරටත් අදාලයි ,ඇත්තටම මට මේ පොස්ට් එක ලියන්න හේතුවුනෙත් පසුගිය සතියේ මම මඩකලපුව ඇතුළු නැගෙනහිර කල සංචාරයක් නිසයි ,මාතර ඉදලා මඩකලපුව වාකරේ හරහා ත්‍රිකුණාමලය දක්වා එකදු මඩ වලකවත් නොවැටී රථයක් පැදවීමට මට හැකියාව ලැබුනා ,

මේ තත්වය අපි සංසන්දනය කලයුත්තේ පසුගිය කාලයත් එක්කයි ,කෙනෙක් කියන්න පුළුවන් උතුරු නැගෙනහිර මාර්ග දියුණු නොවුනේ යුද්දය නිසයි කියලා ,ඇත්තටම ඒක වැරදියි ,එහෙනම් ඒ කාලේ දකුණේ මාර්ග දියුණු උනාද ?නැහැනේ ,ඇත්තටම නිදහසින් පසු කිසිම නායකයෙක් හෝ රජයක් මාර්ග පද්දතිය දියුණු කිරීමට කිසිදු උත්සාහයක් දැරුවේ නැහැයි කියන එකයි මටනම් හිතෙන්නේ .

අද වෙනකොට ප්‍රදාන පෙලේ මාර්ග විතරක් නෙමෙයි හැම ගමකම වගේ එක පාරක් හරි කොන්ක්‍රීට් වෙලා තියෙනවා ,එම වැඩවල ප්‍රමිතිය පිළිබද ගැටළු තියෙන එක ඇත්ත .මගේ මතය අනුව රටේ මෙතෙක් සිටි නායකයින් කලක් පවතින පරිදි කල වැඩ පහත පරිදි පෙළගස්වන්න මං කැමතියි ,

ඩී.එස් .සේනානායක - ගල් ඔය ඇතුළු රටේ වාරිමාර්ග පද්දතිය සහ  ජනපද සංකල්පය ඇති කිරීම 

ඩඩ්ලි සේනානායක - මොකුත් නැහැ 

ජෝන් කොතලාවල - මොකුත් නැහැ 

බණ්ඩාරනායක මහත්තයා - මොකුත් නැහැ 

බණ්ඩාරනායක මැතිනිය - ජනසතු ව්‍යාපාර සහ ගොවි පනත් ඇතිකිරීම 

ජේ ආර් ජයවර්දන - විවුර්ත ආර්ථිකය 

ආර් ප්‍රේමදාස - නිදහස් වෙළද කලාප 

චන්ද්‍රිකා බණ්ඩාරනායක - මොකුත් නැහැ 

රනිල් වික්‍රමසිංහ - මොකුත් නැහැ 

මහින්ද රාජපක්ෂ - රටේ මහා මාර්ග ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීම 

සමහරවිට මේක කියවන කෙනෙක් මාත් එක්ක එකග නොවෙන්න පුළුවන් ,ඒ උනාට මං හිතන්නේ නැහැ මහින්ද ඇර වෙන කෙනෙක් රටේ නායකයා වෙලා හිටියනම් අපිට අධිවේගී මාර්ගයක ගමන් කරන්න අවස්තාවක් ලැබෙයි කියලා ,ඒ මාර්ගයේ අඩු පාඩු ඇති බව ඇත්ත ,ඒ මාර්ගය විවුර්ත කරන්න කලින් බොහෝ දෙනෙක් කිව්වේ අපේ රටේ මිනිස්සු සල්ලි ගෙවලා ඔකේ යන්නේ නැහැ කියලනේ ,දැන් අධිවේගී මාර්ගය ඇරලා අවුරුද්දකට වඩා වැඩියි ,දිනපතා මාර්ගය භාවිතා කරන ප්‍රමාණය ඉහල යනවා ,මොකද අද ජනතාව තේරුම අරගෙන තියෙනවා මුදලට වඩා කාලයේ ඇති වටිනාකම ,ඇත්තටම ඒක දියුණු රටක ලක්ෂණයක්.

කාලය ගැන කිව්වම ඊලගට කල්පනා වෙන්නේ ප්‍රවාහනයනේ ,අපේ රටේ රජය සහ පුද්ගලික අංශය කියලා කොටස් දෙකක් තියනවනේ ,කොහොමුනත් මං හිතනවා අද වෙනතුරුත් අපේ රටේ රාජ්‍ය අංශය පුද්ගලික අංශයට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා ,සේවය සහ සේවකයින් අතින් කියන දෙඅංශයෙන්ම.


කවුරුත් දන්නවනේ ප්‍රයිවට් බස් කොට කොටා යනහැටි ඒ වගේම ඒ බස්වල රියදුරන්ගේ රිය ධාවන හැකියාව සහ කොන්දොස්තර මහතුන්ගේ හැසිරීම ගැනත් ,ඒ අතින් බැලුවම CTB එක ගව්ගානක් ඉදිරියෙන් ඉන්නවා කියන්න පුළුවන් ,දුර ගමන් යන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් ඉක්මනට යන්න CTB බස් එකක යන්න ,දැන් අධිවේගී මාර්ගයේ පවා හොද CTB බස් සේවයක් ලබාගන්න පුළුවන් ,ඇත්තටම අද වෙනකොට CTB එක වගේම දුම්රිය සේවයත් පාඩු ලබන්නේ ඒ ඒ කාලවල ඒ ඒ රජයන් ගත්ත වැරදි තීරණ නිසා ,ඒක දැන් පවතින රජයටත් පොදුයි .

හැබැයි හොද සේවයක් දෙනවනම් මිල කීය උනත් ඒ සේවය ලබාගන්න මිනිස්සු ඉන්නවා ,ඒකට හොද උදාහරණයක් බලාගන්න ඕන නම් මහරහම බස් නැවතුමේ අධිවේගී බස් නැවතුමට ගිහින් බලන්න ,සාමාන්‍ය මිල වගේ තුන් ගුණයක් උනත් බස් එකේ සීට් ගාන පිරෙන්න විනාඩි 10 ක් වත් යන්නේ නැහැ .දුම්රිය සේවය උනත් එහෙමයි ,දැන් බලන්නකෝ රුහුණු කුමාරි ඇතුළු ප්‍රදාන දුම්රියවල යන්න ඉන්න සෙනග ප්‍රමාණය .

එහෙනම් අදට මගේ විචාරය මෙතෙකින් අවසන් ,කියවූ ඔබ සැමට ස්තුතියි ,පුලුවන්නම් අදහසක් පල කරලම යන්න .

24 comments:

  1. මං ලිව්වනේ හසරැල් පින්තූරත් එක්ක ඔය ගැන පෝස්ට් එකක්... ලින්ක් එකක් දාන එක මං මෙතන කියනවට වඩා හොදයි කියලා හිතෙනවා....

    හයි වේ එකෙන් මට වෙච්ච හොඳ....

    ReplyDelete
    Replies
    1. කියන්න තියෙන්නේ ඔයා කියන එකම තමයි මගෙත් මේ ගැන අදහස කියලා... හි හි

      Delete
    2. හයිවේ එකේ යන්න පුළුවන් 100 කි මි වේගෙන් විතරනේ ,ගිය සතියේ මං මාන්කර්නි ඉදලා වාකරේ යන අතරතුර සමහර තැන්වලදී 130 කි මි වේගෙන් ඩ්‍රයිව් කළා ,(පොලෝසිය නැති නිසා )අන්න පාරවල් ,පේන තෙක් මානෙට තනි කෙලින් පාර

      Delete
  2. mahindata kochchara monawa kiwwath me kathawatanam mama ekangai.

    ReplyDelete
    Replies
    1. මන්නම් හිතන්නේ වැඩක් කරලා කොමිස් එකක් ගැහුවත් කමක් නැහැ කියල

      Delete
    2. එහෙම හොඳයිද , කොහොමත් කොමිස් ගහන්න නම් වැඩක් කරන්න ඕනි තමයි . නිකන්ම හිටියට කොමිස් ගහන්න චාන්ස් එන්නේ නෑනේ . 60% හොරා කාලා ඉතුරු 40%න් හරි වැඩක් කෙරෙනවා නම් ඇතිනේ නේද ?

      Delete
  3. බොහොම හොඳ ළිපියක්. ඕකේ සමහර කරුණු එක්ක මම එකඟ නෑ. ඒක වෙනම කතාවක්. මේ වගේ ළිපියක් ලියන කොට ඔය සමහර තැන් වල යොදලා තියෙන පොඩි උන්ගේ භාෂාව අයින් උනානම් සෑහෙන හොඳයි...

    ReplyDelete
    Replies
    1. අඩු පාඩු පෙන්නලා දුන්නට ගොඩක් ස්තුතියි ,ඉදිරියේදී නිවැරදි කරගන්නම්

      Delete
  4. සම්පුර්ණ රෙදිනැතිවම කඩේයාමක් ...
    ඔයවගේ තුට්ටුදෙකේ දේශපාලනය ගෑවුන දේ නැතිව හරවත් යමක් ලියන්න පුලුවන්නම් හොදයි, තමන්ගේ සයිට් එකේ තමන්ට ඕන දෙයක් ලියන්න පුළුවන් වගේම ඒවා කා සදහාද, කියන කරණය මත පදනම්ව ලියනවානම් හොදයි, මොකද ඔයවගේ මාතෘකාවකට කැමති අකමැති දෙපාර්ශවයම මේවා කියවන නිසා
    මහින්දට බනින්න වගේම හොද කියන්නත් පුළුවන් දේවල් අතරින් දෙයක් තමා මේ , ඒ වගේම හිටපු ජනාදිපති Rප්‍රේමදාස උනත් කොල්ලෝ ටික මරල දාලත් අදටත් උගේ හොද කියන පිරිසක් ඉන්නේ කාටහරි වෙඩක් ඇති දෙයක් මිනිහත් කරලා තියෙන නිසයි,
    ඔබ මුලින්ම සංවාදාත්මක වෙයි කියල තිබුන නිසා මගේ අදහස මම පල කරන ලදමුත් ඔබට අවශ්‍යනම් ඉවත් කරාට කමක්නෑ,

    ReplyDelete
    Replies
    1. ඔබගේ හරවත් අදහස් දැක්වීමට ස්තුතියි

      Delete
  5. ලංකාවේ ඉන්නේ කුහක මිනිස්සු. ලෝකේ වටේ ඇවිදලා ආපු අපේ පෙර හිටිය නායකයෝ ඒ රටවලදී අධිවේගී මාර්ග වල ගිහින් නැත්ද? ගිහින් තියෙනවා එත් උන් ඒවා භුක්ති විඳලා මෙහෙ ඇවිත් සද්ද නැතිව හිටියා. නැත්නම් අධිවේගී මාර්ගයක් හදන්න මෙච්චර කලක් බලන් ඉන්න වෙන්නේ නෑ. ඉස්සර පටන් ගත්තනම් හදන්නත් ලේසියි. විවේචනයට වඩා වැඩක් කිරීම මා කවදත් අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. දක්ෂිණ අධිවේගී මාර්ගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විවෘත කළ ද එය චන්ද්රිකා ජනාධිපතිනියගේ කාලයේ පටන් ගත් ව්‍යාපෘතියක් හැබැයි ඇය හිටියානම් තාමත් හදල ඉවර නෑ. අවුරුදු 12 මුකුත් නොකර ඉඳල ගෙදර ගියා.ලෝකේ වටේ ඇවිදලා ආපු අපේ නායකයෝ අදටත් මොනවත් කරන්නේ නෑ. පිටරට සැලසුම් සහ යෝජනා තමයි නැතිව අපේ අය හිතල කරන්නේ නෑ.ආධාර සහ ණය වලින් මේවා කරන්නේ. ඒ ණය ආධාර වලින් කොමිස් ගහල කුට්ටියක් සාක්කුවට දාගෙන මුකුත්ම නොකර බැරිකමට අපේ අය කරන්නේ. පුළුවන්කමක් තියේනම් මුළු මුදලම සාක්කුවේ දාගනියි. නායකයින්ට බැනල වැඩක් නෑ බුරියා කන්ගැට්ටා උක්කුවා වගේ අය සර්වබල චන්දෙන් නායකයෝ කරන්නේ අපිම නේ.

      Delete
    2. චන්ද්‍රිකා ඔය ව්‍යාපෘතිය පටන් ගත්තේ ආසියානු එකඟතාවක් එක්ක , ආසියාවම අධිවේගි මාර්ග වලින් සම්බන්ධ කරන එකක් මට මතක විදිහට . ඒ සමස්ථ ව්‍යාපෘතියත් අසාර්ථකයි මම හිතන්නේ . මහින්ද කරන ගොඩක් වැඩ අනුන් පටන් ගත්ත ඒවා තමා . නෙලුම් පොකුණේ ඉඩම පවා නිදහස් කරගෙන තියන්නේ සැටලයිට් , නැණසල කියන්නේ රනිල් ඉන්න කාලේ ආධාර හොයගත්ත හොඳ ව්‍යාපෘතියක් මකබාවල දැමීමක් ....සුදීක නම් ඉතින් කොහොමත් ලොක්කගේ හොඳ කියාගත්ත ගමන් , ඕක මෙතන විතරක් නෙවෙයි කොතනදිත් දකින්න තියන දේනේ .

      Delete
  6. ලිපියේ සමහර කරුණු වලට එකග විය නොහැක. උදාහරණයට ලංකාවේ පුද්ගලික අංශයට වඩා රාජ්‍ය ව්‍යාපාර සාර්ථක බව පෙන්වීමට ප්‍රවාහනය ගැන කීම පලක් නැත. ප්‍රයිවට් බස් තිබුනා කියා ලංකාවේ මගී ප්‍රවාහනය නිදහස් වෙළඳ පොළ ඉල්ලුම සැපයුම මත ක්‍රියාත්මක වෙන්නක් නොව රජය විසින් අත පොවා විකෘති කරන දෙයකි. පාන් ගෙඩියේ මිල මෙන්ම බස් ගාස්තුද ලංකාවේ රජය තීරණය කරයි. CTB එක ගව්ගානක් ඉදිරියෙන් ඉන්නේ ඕනෑම පාඩුවක් බදු මුදල් වලින් පියවා ගත හැකි නිසාය. හොඳ උත්සාහයක්. ලංකාවේ මිනිසුන් ආකල්ප වෙනස් කරගෙන වෙළඳ පොළ විකෘතිය වෙනුවට වෙළඳ පොළ බලවේග වලට නොබියව මුහුණ දීමට ආත්ම ශක්තිය ඇතිකර ගන්නා තුරු රජය සරණං ගච්චාමි හැර වෙන සරණක් නැත. රටේ සැබෑ දියුණුවක්ද නැත. පාරවල් වලින් වරාය ගුවන් තොටුපල වල් ඉදිරියේදී එම යටකළ මුදල් ආපසු උපයන බව විමසිලිමත්ව සිටිය යුතුය. ණයවී සාදන විශාල යටිතල පහසුකම් වලට ඉදිරි පරම්පරාව ණය ගෙවිය යුතු බවත් අමතක කල යුතු නැත. යුද්ධය අවසන් කිරීමද අධිවේගී මාර්ගය සැදීමද ඉතා හොඳ දෙයකි. අපි ඒ අය පත් කරන්නේ ඒවා කිරීමට මිස වෙන කුමකටද? ඔබ රැකියාවට යනවා වැඩ කරනවා ඔබ වැඩ කරේ නැත්නම් රැකියාවෙන් දොට්ට නේද? ඔබ පැවරු වැඩ කලොත් රැකියාව ආර්ක්ශා වේවි. මහින්ද රාජපක්ෂ උපතින් රාජයෝග ගෙනා නිසා ජනාධිපති වුනා යයි අපි සිතිය යුතු නැත. ඔහු දෙවෙනි වර දිනුවේ කොටි පැරදූ නිසාය.

    ReplyDelete
  7. මොකුත් නොකර ඉන්න නායකයො හොඳයි , හොරා කන උන්ට වඩා . රනිල් වික්‍රමසිංහ මොකුත් කරේ නැත්නම් , චන්ද්‍රිකා (-) බැස්සුව ආර්ථික වර්ධන වේගය (+ 4...) දක්වා අවුරුදු දෙකෙන් අරන් ආවේ ජෝජ් බුෂ්ද . ලංගමයේ සේවාව හොඳයි . නමුත් පාඩු නොලබන තත්වයට එනකන් , අපි ලංගමේ ටිකට් එකක් අරන් යන ගමන් පැට්‍රලුත් ගහනවා වගේ. පෞද්ගලික බස් රථ එකතු වෙන්න තිබුනේ සමාගම් විදිහට , තනි තනි මුදලාලිලාගේ බිස්නස් විදිහට නෙවෙයි . දැනට බස් නහුතයක් තියන සමාගම් වුනත් සමාගමක් විදිහට සේවක වගකීම් නොගෙන බස් බදු දෙනවා . ඔන්න ඕව තමා වෙනස් වෙන්න තියෙන්නේ . මහින්ද රාජපක්ෂ කරපු දෙවල් ගැන කථා කලොත් ඉහලින්ම තියන්න වෙන්නේ යුද්ධය , දෙක පාරවල් (අධිවේගය පිලිබඳව නම් විශේෂයක් නෑ , අනෙකුත් මාර්ග සංවර්ධන පිලිබඳ )

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න එපා. අනිත් පාරවල් ටිකත් දඩි බිඩියේ හදනවා. කොහොම උනත් අර එකෙක් කියලා තියෙන විදේශ ආධාර ප්‍රයෝජනයට නොගත්තොත් ලෙඩේ අදිනවා කියපු කතාව දැක්ක ගමන් මට මතක් උනේ බූන්දියෙද කොහෙද තිබ්බ.. පාලමක් අහදපු කතාව.. අපේ රටේ පාලම පෙන්නුවට එතන පාලමක් නැතිලු...

      Delete
    2. මේකයි රහස හොඳ වැඩකරන නායකයෝ ආවම පාරවල් හැදෙනවා නොවෙයි ලංකාවේ වෙන්නේ මුදල් එක්ක ප්‍රශ්නයක් තියන නායකයෝ පත් උනාම වැඩ කෙරෙනවා.වැඩේ කරන ගමන්ම ගානක් සාක්කුවට දාගන්නවා. සැටලයිට් නෝනා නම් ඒ වැඩේටත් කම්මැලියි නෝනා ගාන හොයන්න උනන්දු උනෙත් නෑ ගෝල බාලයොන්ට ගාන හොයා ගන්න චෑන්ස් එකක් දුන්නෙත් නෑ රටේ කිසි වැඩක් කරෙත් නෑ. ප්‍රාදේශීය සභාවේ ඉඳන් ඉහලම තැන දක්වා දැන් බලයට පත්වෙලා ඉන්නේ මුදල් එක්ක ප්‍රශ්නයක් තිවුන පන්තියේ නායකයෝ. ඉතින් හිටු කියල වැඩ. වැඩ කරන කොට තමයි අතට මුදල් රෝල් වෙන්නේ. අපිත් හිතනවා කමක් නෑ කීයක් හරි ගැහුවත් පාරත් හැදෙනවනේ කියල.

      Delete
  8. මෙතන මචන් එක්කෝ කතාව ලංකාවේ A ශ්‍රේණියේ පාරවල් "
    කියන මාතෘකාවෙන් පටන් අරන් ඒක ගැන විතරක් කතා
    කරා නම් ලිපිය හොදයි.මධ්‍යස්තයි..උබ මචන් මඩකලපුවට
    වලවල් වල නොවැටී ගිය එකේ ආතල් එක නිසා ලියපු
    ලිපියක් නෙවේ කියල කියන්න තිබ්බ..
    මුලින්ම හොයල බලන්න වැය කරපු මුදලයි පාරට යට උන
    මුදලයි ගැන..ඊට පස්සේ මන් හිතන්නේ පුළුවන් වෙයි
    01." පාරවල් හැදීමේ වැඩ පිළිවෙලට මුවාවෙන් කරන (65% margin ) වංචාව "
    02. "එම මුදලෙන් සැදිය හැකි පාරවල් "

    කියන මාතෘකා දෙකෙන්ම ලිපි ලියන්න....
    තව "කිසි දෙයක් නැති උනත් පාරක අවශ්‍යතාව "
    යන මාත්රුකාවෙනුත් ලියන්න පුළුවන් ...


    ( මෙය පුද්ගලිකව බාර නොගන්න ලෙස ඉල්ලමි.
    ලිපියේ කතා කරන මාතෘකාව හා එකග නැති නිසා
    පමණක් සදහන් කලෙමි. ඒ ඇර බ්ලොගයේත්
    ලිවීමේ හැකියවෙත් වටිනාකම අගය කරමි...)

    ReplyDelete
  9. උදිතගේ අදහස සමග 100% එකයි, අද ඉහල පුටුවල ඉන්නුන්ට ගානක් කඩ ගන්න පුලුවන්නම් පාරවල් හදන්න නෙවෙයි ඕනෑම දෙයක් කරන්න උන් ලෑස්තියි උන්ගේ කුට්ටිය ලැබෙනකම්, කොයි පාරටද ඇස්තමේන්තුගත මුළු මුදලම යොදල සංවර්දනය කරලා තියෙන්නේ?
    හැබැයි මේක මුන්ගේ විතරක් නෙවෙයි ඔතනට එන හැම එකාම කරන්නේ ඕක තමයි,
    දෙනියායේ මහා කැළේ මැද අඩි20ක් පළල අඩි 2 ගනකම කොන්ක්‍රීට් දාල හතේප්ම ගණන් දිග පාරවල් සහෝදරියන්ගේ ගෙවල්වලට හදාගන්න මේ කාලේ නොකරොත් කවද\ කරගන්නද?

    ReplyDelete
  10. දීර්ඝ කොමෙන්ට් වලින් අදහස් දැක්වූ සැමට ස්තුතියි ,මං මගේ අදහස ප්‍රකාශ කලාවගේම ඔයාලත් බොහොම හොදට ඔයාලගේ අදහස් ප්‍රකාෂකරලා තියෙනවා ,

    ReplyDelete
  11. මහින්ද රාජපක්ෂ - රටේ මහා මාර්ග ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීම
    හැබැයි කීවාට තරහා වෙන්න එපා.
    ඊට වඩා වැඩිද මන්දා යටි කූට්ටු වැඩ.
    සංවර්ධන ට මුවාවී කරන සංවර්ධන මාෆියාව ගැනත් අප සිතිය යුතුය. හේතුව මේ අපේ මුදල්. අපියි බදු ගෙවන්නේ.
    කවුරු හෝ කියාවි එතනට කවුරු ආවත් එහෙමයි කියලා. හේතුව ඒ තරමටම එම අදහස සමාජයේ උඩු දුවා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉතින් මං කිව්වේ නෑනේ කොහෙවත් එයා යටිමඩි ගහන්නේ නෑ කියලා

      Delete
  12. හයි වේ හි මුළු හොදම මහින්දට බැර කීරීම කඩේ යාමක්. පු* දීමක්. නමුත් යුද්දේ අවසන් කීරීම ගැන හොද මහින්දට දීම වැදගත්.
    හම්බන්තොට වරාය හදන්නත් ප්ලෑන් ගැහුවේ ආදී කාලෙක ඉදන්. නමුත් වෙඩි වගේ කරන්න පටන් ගත්තේ ඔහුගේ නායකත්වය යටතේ. ඔන්න ඒ වැඩේ නම් කටපුරා මහින්ද ජනාධිපතිතුමාගේ කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මම කොතනකවත් මහින්දට හයිවේ එකේ මුළු ක්‍රෙඩිට් එක යා යුතුයි කියා නැත.මා කියා ඇත්තේ බොහෝ යටිතල පහසුකම් මෙන්ම හයි වේ එකත් මුල් ගලක් පමණක් නොවුයේ මහින්ද නිසා පමණයි කියාය.

      අනිත් අතට හයි වේ අඩු පාඩු ඇති බවද මම පොස්ටුවේ සදහන් කර ඇති බවත් සලකනු මැනවි.

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...