ජීවිතේ ඉස්ඉස්සෙල්ලාම රස්සාවට යන දවස.....ඒත් මට කිසිම අමුත්තක් දැනුනේ නෑ.උදෙන්ම චමරියේ අනිත් අයත් එක්ක වැඩට ගියා.අපේ චමරිය තිබුනේ බැංකුවට වඩා සෑහෙන්න දුරින්.කිලෝමීටරයක් විතර දුර මම ඇවිදගෙනම ගියා.ටයි එකක් දාගෙන යන්න ඕන කියලා හිතුනත් වවුලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕන නිසා ඒ අදහස අතහැරියා.ඒ දවස්වල අපේ බැංකුව ඒසී කරලා තිබුනේ නැහැ.උදේ පාන්දරම මැනේජර් මහත්තයා වැඩට ඇවිත් තිබුනා.මම වැඩට ගියේ සුමති අය්යත් එක්ක.එදා උදේටයි දවල්ටයි චමරියේ අය ඉව්වේ නෑ.එදා උයන්න තිබුනේ කොස් මහත්තයාට.මිනිහා ටිකක් කම්මැලියා.ඉව්වේ නෑ කියලා සුමති අය්යා උදේම ගෝරනාඩුවක් දැම්මා.
උදේට වැඩට එන ගමන්ම සුමති අය්යත් එක්ක ගිහින් ටවුමේ තේ කඩේකින් ආප්ප කාලා තේ බිව්වා.ගෙදරින් එද්දී තාත්තා දුන්නු රුපියල් 1500 විතරයි මගේ අතේ තියෙන්නේ.ආපහු ගෙදර යනකල් මේකෙන් කොහොමහරි ඇදගන්න ඕන.සල්ලි වියදම් කරන හැටි ගැන මෙතුවක් කල් සීරියස් හිතපු නැති මට එක පාරටම ලොකු බරක් හිතට දැනුනා.තේ බීලා ඉවරවෙලා ඉතිරි ටිකත් ඇවිදගෙනම ගියා.බැංකුවේ බිල්ඩිම ගම් උදාව කාලේ හදපු එකක්.එච්චර ප්ලෑන් කරලා හදපු එකක් නෙවි.කඩිමුඩියේ වැඩ නිමකළ එකක් බව පේන්න තිබුනා.මම ගිහින් ටික වෙලාවකින් මං වගේම පත්වීම් ලැබුණු අනිත් අයත් ආවා.මාත් එක්ක තව පිරිමි ළමයෙකුයි ගැහැණු ළමයි දෙන්නෙකුයි තමයි අපේ ශාඛාවට අනුයුක්ත කරලා තිබුනේ.
අපි හතර දෙනා තමන්ගේ කාමරේට කැදවපු මැනේජර් මහත්තයා අපිට අපේ රස්සාව ගැන හොද අවබෝදයක් ඇතිවෙන කතාවක් කළා.දුෂ්කර ශාඛාවක් නිසා අපිට පුහුණුවන්න වෙලාවක් හෝ පුහුණු කරන්න කෙනෙක් නැති බවත් වැඩ කරමින්ම ඉගෙන ගන්න වෙන බවත් මැනේජර් මහත්තයා කාරුණිකව පැහැදිලි කරලා දුන්නා.ඒ වගේම එතුමා කිව්වා තවත් දෙයක් අදටත් මගේ හිතේ හොදින් මතක හිටලා තියෙනවා."මේ රස්සාව එක අතකට ඔයාලට ලංකාව ඇතුලේ කරන්න පුළුවන් හොදම රස්සාවක් ඒ වගේම තවත් අතකට කරන්න පුළුවන් නරකම රස්සාවක්,කවදාවත් තමන්ගේ ළඟට උදව්වක් ඉල්ලගෙන එන කෙනෙක් කරදරයක් විදිහට හිතන්න එපා.ඒ මිනිස්සු බැංකුවට ආවොත් තමයි ඔයාලට අපිට පඩි ලැබෙන්නේ"අන්න ඒක හොඳට මතක තියාගෙන වැඩ කරන්න.අද වෙනතුරුත් මම ඒ උපදෙසේනම් කඩකරලා නැහැ කියලා මට කියන්න පුළුවන්.
ඊලගට මැනේජර් මහත්තයා අපිට එක එක සෙක්ෂන් දුන්නා වැඩ කරන්න.මම වැටුනේ විමසීම් කවුන්ටරේට.ඇත්තටම එතන ඉන්න කෙනාට බැංකුවේ හැම දෙයක් ගැනම හොඳ අවබෝදයක් තියෙන්න ඕන.මොකද බැංකුවට එන ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලාම එන්නේ විමසීම් කවුන්ටරේට.ඉතින් ඒ අය අදාළ අංශ වෙත යොමු කරන්න ඕන එතනින්.ඉතින් ඉස්සෙල්ලම වැඩට ගිය මට මොන අවබෝදයක්ද ???? මම කරකෝලා අතාරියා වගේ.ඒත් මූණෙන් ඒ බව නොපෙන්නන මං වග බලා ගත්තා.ඒත් ටික වෙලාවක් යනකොට රාජකාරි ජීවිතේ පලවෙනි නා ගැනීම කළා.මං ඒක මීට කලින් කියලා තියෙනවනේ.දන්නැති අය ඒක මෙතනින් බලන්න.උක...ස් පේමන්ට්....
ඔහොම ඉතින් දවල්ට කන වෙලාවත් ආවා.කන එක ගැන මතක වුනේ මගේ අනිත් යාලුවා ඇවිත් ඇහුවමයි.කන්න ඕන වුනත් බත් එකක් ගෙනාවේ නැතිනිසා කොහොමද කන්නේ කියලා හිත හිත ඉන්නකොට කෑම ගේන කෙනෙක් බැන්කුවට ආවා.මෑන්ස් ගෙන් බත් එකක් අරගෙන කටට දෙකට ගිලලා දැම්මා.දවසේ අනිත් ටිකනම් විශේෂයක් නැතිව ගෙවුනා.බදාදා පොළ දවසට තමයි සෙනග වැඩිපුර ටවුමට එන්නේ.ඉතින් ඒක නිසා එදා එච්චරම සෙනග ආවේ නැහැ.ඕපන් කරපු ගිණුම් ටික පොත්පත්වල ලියලා දාලා දවසේ වැඩකටයුතු ටික අහවර කරගත්තා.
කලින් දවසේ ආපු යාලුවටයි මටයි කතාකරන්නවත් වෙලාවක් වුනේ නැහැ.අපි දෙන්නා වැඩ ඉවරවෙලා හවස කතාකර චමරියට ගියා.අනිත් අයත් ආවට පස්සේ ඔක්කොමලා එකතුවෙලා කෑම හදාගෙන කෑවා.ටී වී එකක් තිබුනට හරි හමන් ඇන්ටෙනා එකක් තිබුනේ නැහැ.අනිත් අතට ටී වී බලන්න ඕනා කෙනකුත් හිටියේ නැහැ.සුමති අය්යා ගෙදරින් ගෙනාපු Vcd ප්ලේයර් එකක් තිබුනා.ඉතින් මිනිහා ඉදලා හිටලා ඒකෙ ෆිල්ම් එකක් බලනවා.කොස් මහත්තයාට බෝතලේ තියෙන නිසා වෙන සිහියක් නැහැ.මමයි යාළුවයි කාලා ඉවරවෙලා නිදාගන්න තැන හදාගන්න බැලුවා.තාමත් අර තුන්වෙනි කාමරේ වහපු ගමන්මයි.අනිත් අයත් අපිට ඒ කාමරේ ඕනද කියලවත් ඇහුවේ නැහැ.මේක දැන්නම් හිතට ලොකු ප්‍රශ්නයක් වේගෙන එන නිසා මේ ගැන හෙට වැඩට ගියාම මැනේජර්ට කියන්න ඕන කියලා මමත් මගේ යාලුවත් දෙන්නා තීරණේ කළා.
පහුවෙනිදා වැඩට ගියාම උදේම අපි දෙන්නා මැනේජර් ගාවට ගියා.අපිට නිදාගන්න කාමරයක් නැති විත්තියත් වහපු කාමරයක් තියෙන වගත් අපි මැනේජර් මහත්තයාට කිව්වා.මැනේජර් මහත්තයා චමරියේ බාරකාරයා වගේ ඉන්න සුමති අය්යව ගෙන්නලා මේ ගැන ඇහුවා.බැංකුවේ චමරියක් වුනාට අපි හිටියේ රෙන්ට් එකට ගත්තු ගෙදරක.ඉතින් ඒ ගෙදර අයිති කෙනාගේ හිතවත් මහත්තයෙක් මේ කාමරේ ඉන්නවා කියලා සුමති කිව්වේ.මේ ගැන මැනේජර් මහත්තයා කලින් දැනගෙන ඉදලා නැහැ.මේ ඉන්න කෙනා ගොඩක් වෙලාවට සති අන්තයේ තමයිලු එන්නේ.ගෙදර පිටු පස්සේ දොරේ යතුරක් එයයි ගාව තියෙන නිසා සති අන්තේ අපේ අය නැතිවෙලාවට ඇවිත් ඒ කාමරේ ඉන්නවා කියලා තමයි සුමති කිව්වේ.මැනේජර් මහත්තයාට හොදටම කේන්ති ගිහින් සුමතිටත් බැනලා අපිට කිව්වා ඒ කාමරේ අස්කරගෙන ඉන්න කියලා.
එදා වැඩ ඇරිලා ගියාට පස්සේ අපි අර කාමරේ ඇරගත්තා.යතුරු කට ගෙවිලා තිබුණු නිසා වෙන්නැති ඉස්සරහා දොරේ යතුර දාලා කරකවද්දී දොර අරුනා.මායි යාළුවයි කාමරේ අස්කරගෙන හිටපු කෙනාගේ රෙදි බඩු බාන්ඩ ටික සාලේ පැත්තකට කරලා තිව්වා.දවස් දෙක තුනකට පස්සේ කාමරේ හිටපු මෑන්ස් ත්‍රී වීල් එකකින් ඇවිත් බඩු ටික පටෝගෙන ගියා.ඒත් අපි දෙන්න දිහා එච්චර හොද හිතකින් නෙවි බැලුවේ.
කාමරේ හොද මෙට්ටයක් තිබුනට මට හිතුනා ඒක අවුවට දාලා ගත්තොත් හොඳයි කියලා.මම මෙට්ටේ අවුවට දාන්න යද්දී තමයි දැක්කේ මෙට්ටේ යට තිබුණු බැලුම් පැකට් එක [ පොඩිවුන් පුම්බන බැලුම් නෙවි ] .දැන් වැඩේ පැහැදිලියි.අර මෑන්ස් මේක ඇතුලේ රිංගලා ඉදලා තියෙන්නේ මොකටද කියලා අපිට සීන් එක තේරුනා.ඒත් එදා අපි හිතාගත්ත විදිහ වැරදියි කියලා ටික දවසකින් අපිට දැනගන්න ලැබුනා.කාමරේ අයිති කරගන්න යාමෙන් පරම හතුරෙක් අපි ඇතිකරගෙන තිබුනා.හැබැයි ඒ අපි හිතපු විදිහට කාමරේ හිටපු මෑන්ස් නෙවි.අපි ඒ වෙනකොටත් දැකලා නොතිබුණු කෙනෙක්.ඒ හින්දම අපිට ගොඩක් කරදර වලට මූනපාන්නත් වුනා.ඒ සිද්දි ඉස්සරහට කියන්නම්...
ප.ලි - අපිට හතුරුකම් කරන්න ආවේ ගෙදර අයිති කෙනා යටතේ වැඩකළ කෙනෙක්...වැරදියට වටහා ගන්න නිසයි ලිව්වේ...
ඕවා තමයි නියම අත්දැකීම්, රස්සාවෙන් ලැබෙන ටික විතරක් නෙවෙයි.
ReplyDeleteඒකනම් ඇත්ත
Deleteඅම්මද බොල බඩු පොට් එකක් එහා පැත්තෙ !!!
ReplyDeleteඑහෙමමත් නෙවේ සෑම්...මුදලට කෙරුණු දෙයක් නෙවේ...
Deleteඅප්පෝ ටිකක් වැඩිපුර ලියහංකෝ
ReplyDeleteමේ දවස්වල කැම්පස් එකේ විභාගේ බං,ඒකයි හොදේ
Deleteමේ වගේ දේවල් අනන්තවත් වෙනවා. බැංකුවට යාබදව තිබ්බ නම් මෙහෙම වෙන්නේ නෑ. මටත් ඉතිං බැංකුවේ හැම කාලෙකම සතුරන් හිටියා, දැනුත් ඉන්නවා. වැඩියෙන්ම ඉන්නේ මිතුරන් වේශයෙන් ඉන්න අය.
ReplyDeleteඇත්තටම අපේ අයත් මේක දැනගෙන හිටියේ නැහැ,ගෙයි ඉස්සරහ කෑල්ලේ අපේ අයට ඉඩ තිබුණු නිසා අනිත් පැත්තේ වෙන දේවල් ගැන හොයල බලල තිබුනේ නැහැ.
Deleteමාත් එන්නෙයි ඔහේට... හැක්.. පළවෙනි දවසේ මැනේජර් මහත්තයා බොලාව අන්දලා..
ReplyDeleteදැන් අපි එහෙ නෑ නොවැ ...
Deletedr.alban ගේ කොමෙන්ටුවට ස්තුතියි...හැබැයි මේ කතාවට අදාළ නැති නිසාත් ,කතාව ඇත්ත වුනත් බොරු වුනත් යම් කෙනෙකුට එයින් අගතියක් විය හැකි නිසාත් මෙහි පලකරන්න බැහැ...සමාවෙන්න
ReplyDeleteකියවන්න ගන්නකොටම කතාව ඉවරයි,ටිකක් වැඩිපුර දාපං හස රැල්,කොහොම වුනත් කුතුහලය අවුස්සන අත්දැකීම් සහිත කතාවක් බව නං පේනවා.
ReplyDeleteමේ දවස්වල විබාගෙට පාඩම් කරනවා හලපය්යේ,ඉස්සර කොටස් වලදී වැඩිපුර ලියන්නම්.අනික මං ටිකක් ටයිප් කොරන්නත් කම්මැලියි....
Deleteටයිප් රයිටිරිචිචියෙක් ගනිං බං..
Deleteබොට එන්න බැරිද ?
Deleteමුලින්ම ඔවට මුනදෙන එක නිකන් යුද්දයක් වගෙ නේද
ReplyDeleteපිස්සු හැදෙනවා
Deleteමේක කියවලා දැන් මටත් හිතිලා තියෙන්නේ හිතේ හිරකරන් හිටපු මේ වගේ අත්දැකීම ටිකක් ලියන්න.
ReplyDeleteඅර පාඩම උඹට මතක තිබ්බට හුඟ දෙනෙකුට එහෙම නෑ. අපි තමයි පරම හතුරෝ.
ලියන්න dude,අපිත් ආසයි අම්පාරේ ඉස්කෝලේ උගන්නපු කාලේ කතා අහන්න..
Deleteඩූඩ්.....ලියපන්කෝ!
Deleteමමත් නම් ගම් නැතිව දැම්මෙ, ඒ නිසායි. මගෙන් වැරැද්දක් වුනානම් සමවන්න හසරැල්.
ReplyDeleteඅනේ නෑ Dr. Alban,ඔයාගේ අදහස් දැක්වීමට ස්තුතියි.ඇත්ත ඒ වගේ අය මමත් දැකලා තියෙනවා,ඒත් පලකරන එක හොද නැහැ කියලා මට හිතුනා.
Deleteතුන්වෙනි කාමරේ අල්ලාගත්තා කෝමහරි නෙහ්?
ReplyDeleteඑහෙනං..එහෙනං..
Deleteතුන්වෙනි කාමරේ ජයග්‍රාහීව ආක්‍රමණය කලාට අපෙන් සුභ පැතුම්. :-D
ReplyDeleteඒත් ඉතිං යුද්ධෙන් දිනලා ජ්න්දෙන් පැරදුනා වගේ වැඩක්නෙ කරන් තියෙන්නෙ. දැන් ඉතිං හතුරන්ටත් මුහුණ දියන්ලකො.
- ප්‍රියා.
ඒක තමයි අමාරුම වුනේ...
Deleteගෙදර අයිතිකාරයගෙ දයාබර බිරිද වෙන්න ඇති.
ReplyDeleteබිරිඳ ??????
Deleteකොස් අයියා උයන්න කම්මැලි උනාට බොන්න කම්මැලි නැහැනේ හසරැල්.....මම ආසයි කොස් අයියාට. ඇයි බුවාට කොස් අයියා කියන්නේ?
ReplyDeleteමෙන්න කොස් මහත්තයාගේ කතා....
ReplyDeleteකොස් මහත්තායේගේ කතා 1
කොස් ,මහත්තයාගේ කතා 2
හසරැල්.....මම කියෙව්වා..නියම පොරක්නේ....හිතහොඳ මිනිහෙක් වෙන්න ඇති බං. හිනාගියා හොඳටම බං. කොස්ගේ වෙන කතා නැද්ද?
Deleteම්ම්ම්....ඒවා මේ සීරිස් එකේදී ලියන්නම්
Deleteදැන් ඉතින් හිටපන්කො 3වෙනි කොටස එනකම්........ හොදින් විබාගේ කරගන්න සුබ පැතුම්!
ReplyDeleteඔව් ඉතින් ඉන්න වෙනවා....සුබ පැතුවට ස්තුතියි..
Deleteගැජට් එක එල්ලුවාට ස්තූතියි...ඉතිරි කථාවත් මේ එක්කම ලියමු...
ReplyDeleteස්තුති කරන්න දෙයක් නෙවිනේ සිරා...අපේ යුතුකමක්නේ...
Deleteබොන්නනම් කම්මැලි කමක් නැති ගානයි.. බලමුකෝ ඊලග එක..
ReplyDeleteබලමු..බලමු...
Deleteමැනේජර් කියල තියෙන විදියට තමං පඩි ගන්නෙ බැංකුවට ගණුදෙනුකාරයො ආපුවහමයි කියල හිතන එකෙක්වත් මම බැංකුවක දැකල නෑ.
ReplyDeleteතුන්වෙනි කාමරේ අභිරහසත් විසඳුනා එහෙනං.
ඇත්තටම කියනවනම් ප්‍රසන්න අය්යේ එහෙම අය හිතන තරම් හිඟ නැහැ.ඒත් වැඩිපුර කැපිලා පෙන්නේ එහෙම නොහිතන අය.
Deleteබැලුම් පැකට් එකට මොකද්ද කරේ ඉතින් ? :D
ReplyDeleteඅපි පිම්බුවා ... :D
Deleteඑහෙම තමයි තනිකඩ ජීවිතේ කාමර වල ඉන්නකොට සමහර විට අත්‍යවශය සේවාවලට ඕවා ඕනෙ වෙනවා.
ReplyDeleteඅනේ අපිටනම් ඕනේ වුනේ නැහැ නොවැ ...
Deleteආනේ උඹ බබා.....!
Deleteඔව් ....අපි හොඳ බබාලා....
Deleteප්‍රිය ඇඩ්මින් වෙත,
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)
ස්තුතියි ...බලමු...
Deleteචමරි කතා.. වෙලාවකට ඉස්කෝලෙ බෝඩිම් කතා වලට වඩා රසවත්..
ReplyDeleteඅනිවා ..ඩෙෆා....
Deletecustomers la ekka direct weda karanna labena job ekakath hodak thiyanawa neda..mamanam asai ehema ekakata
ReplyDeleteහැබැයි කාලයක් යනකොට සමහරවෙලාවට එපා වෙනවා
Deleteමාත් එක්ක තව පිරිමි ළමයෙකුයි ගැහැණු ළමයි දෙන්නෙකුයි තමයි අපේ ශාඛාවට අනුයුක්ත කරලා තිබුනේ.
ReplyDeletewho r d these 2 grlz macho ? ;-)
අනේ මේ මගෙන් අහගන්නතුව ඉදිං...
Deleteආහ්. කියපන්කො...
ReplyDelete