ඔන්න ඉතින් ටික දොහක් බ්ලොගේ පාළුවට යන්න ඇරියා.ඔන්න විරාමයට තිත තියලා අද ඉතින් පොස්ට් එකක් දාන්න හිතුනා.ඔන්න උඩ රූපේ තියෙන බඩු ගැන තමයි මං අද ලියන්නේ.දන්නා නොදන්නා ඔක්කොම දැනගන්න මේවට තමයි Rubik's Cube කියන්නේ.ගොඩක් කස්ටියනම් දැකලා ඇති නේද.මේක ප්‍රෙහෙලිකාවක්.එකපාට කැට එකපැත්තක එන විදිහට මේ කැටේ හදන්න ඕන.
අපි මුලින්ම බලමුකෝ මේක හොයාගත්තේ කවුද කියලා.මේකේ ආරම්භයනම් සිද්දවෙලා තියෙන්නේ 1974 දි.හන්ගේරියන් ජාතික මහාචාර්යවරයෙකු වුනු Ernő Rubik විසින් තමයි මේ අපූර්ව නිර්මාණය කරලා තියෙන්නේ.මුලින්ම මේක හදුන්වලා තියෙන්නේ magic cube කියලා.ඒත් rubik විසින් මේක 1980 දි Ideal Toy Corp කියන සෙල්ලම් බඩු සමාගමට මහාපරිමාණයෙන් නිෂ්පාදනය කරන්න අවසර දුන්නට පස්සේ මේක ලෝකේ වටේම පිස්සුවක් වෙනතරම් වේගයෙන් පැතිරුනා.2009 වෙනකොට මේ කැට මිලියන 350 ක් ලෝකේ පුරා විකිණී තියෙනවා.ඒ කියන්නේ ලෝකේ මේ වෙනකොට වැඩියෙන්ම විකිනුනු සෙල්ලම් බඩුව තමයි මේ Rubik's Cube.
ඉතින් මේ Rubik's Cube කියන සෙල්ලම් බඩුව මොනවගේද කියලා බලමුකෝ.සාමාන්‍ය Rubik's Cube කියන්නේ එක පැත්තක කොටු නමයක් තියෙන සුදු,කහ,රතු,කොළ,තැඹිලි,නිල් පැති වලින් සමන්විත ගණකයක්.මෙයින් සුදු සහ කහත්,කොළ සහ නිලුත්,රතු සහ තැඹිලිත් එකිනෙකට ප්‍රතිවිරුද්ද පැතිවල තියෙනවා.මේ වෙනකොට එක පැත්තක කොටු ගණන වෙනස්,හැඩය වෙනස් Rubik's Cube බිහිවෙලා තියෙනවා.උඩ පින්තුරේ තියෙන්නෙත් එයින් කිහිපයක්.මීට අමතරව පාටට අමතරව එක එක රූප එක එක පැත්තේ තියෙන Rubik's Cube තියෙනවා.
මේක හදන්න උත්සාහ කරපු අය ඉන්නවද.පිස්සු වැටෙන වැඩක් නේද?හැබැයි ඉතින් ලොකු කමකට කියවනවා නෙමෙයි මටනම් සාමන්යෙන් විනාඩි 5 කින් විතර මේක හදන්න පුළුවන්.ඔන්න පුදුම හිතෙන වැඩේ මේකයි,අපි බලමුකෝ මේකේ කැට පිහිටන්න පුළුවන් විදි කීයක් තියේද කියලා.අපි සාමාන්‍ය 3x3x3 කැටයක් සලකලා බලමුකෝ මේකේ මුළු 8 ක් තියෙනවා,ඒ වගේම දාර 12 ක් තියෙනවා.එතකොට මුළු 8 වෙනස් වෙන්න පුළුවන් විධි ගණන 8 ! = 40320 යි.මේකෙන් 7 ක් වෙනස් කලාට 8 වෙනි එක වෙනස් වෙන්න පුළුවන් විධි ගණන 2187 යි.එතකොට දාර වෙනස්වෙන්න පුළුවන් විධි ගණන 12 !/2 = 239,500,800.මේකෙන් 11 ක් වෙනස්වෙන්න පුළුවන් විධිය මත තමයි 12 වෙනි දාරයේ පිහිටීම රදාපවතින්නේ.එතකොට කැටේ පිහිටීම ගණන වෙන්නේ
පිස්සු හැදෙයි නේද?ඒත් බයවෙන්නෙපා මේකෙන් 12 න් 1 යි විසදන්න පුළුවන් විසදුම් තියෙන්නේ.අනිත්වා විසදන්න වෙන්නේ කැටේ ගලවලා තමයි.ඇත්තටම කියනම්වනම් මේකේ මීට වඩා පිහිටීම් තියෙනවා.මං ඒක මෙතන ලිව්වත් ඔයාලට පැහැදිලිවෙන එකක් නැහැ.ඇත්තම පිහිටීම ගණන
2,125,922,464,947,725,402,112,000.හරි හරි තවත් පිස්සු වැටෙන්න කලින් ඉතිරි ටිකත් කියවමුකො.
මේ කැටේ විසදන අය අතරේ තරග පවා තියෙනවා,ඒ තරග වලට කියන්නේ Speedcubing competitions කියලා.මේකේ ගීනස් වාර්තා මෙන්ම ලෝක කුසලාන පවා පැවැත්වෙනවා.වැඩේ අමාරු වගේ පෙනුනට මේක විසදන්න ඕන කරන්නේ පොඩි Algorithms ටිකක් විතරයි.හරි Algorithm එක හරි තැනට ආදේශ කරන්න විතරයි මොලේ පාවිච්චි කරන්න ඕන.මම හදන්නෙත් ඒවායේ උදව්වෙන් තමා.හරි එහෙනම් විස්තර ඇතිනේ දැන් ඔයාලටත් පුළුවන් මෙයින් කැටයක් හොයාගෙන වැඩේට බහින්න.අර Algorithms ඉන්ටෙර්නෙට් එකෙන් හොයා ගන්න පුළුවන්.ඒ වගේම තමයි දැන් digital Rubik's Cube පවා වෙළද පොලේ තියෙනවා.බලමුකෝ මේකේ world record එක කොහොමද කියලා.
මෙන්න 3x3x3 ලෝක වාර්තාව.
මෙන්න 5x5x5 ලෝක වාර්තාව.
මෙන්න තියෙනවා ගොඩක් අය මේක විසදන්න උත්සාහ කරලා අන්තිමේදී විසදන විදිහ හි....හි...
මේ ගැන වැඩි විස්තර මෙතනින් ගිහිල්ලා බලාගන්න.