මං ඔබෙන් ඒ ප්‍රශනය ඇහුවොත් උත්තරේ මොකක් වේවිද ?කෙනෙක් කියන්න පුළුවන් ඔව් කියලා,තවත් කෙනෙක් කියයි නෑ කියලා,ඒ වගේම සමහර අයගේ උත්තරේ "අනේ මන්දා "වෙන්නත් ඉඩ තියෙනවා.මනුෂ්‍ය වර්ගයාගේ ආරම්බයේ සිටම "දෙවියන්"යන ප්‍රශ්නෙට පස්සේ මිනිස්සු වැඩියෙන්ම උත්තරේ හොයපු ප්‍රශ්නේ තමයි මේක.කොහොමවුනත් අද අපි කතාකරන්නේ පුනරුප්පත්තිය ගැන.
ඉතින් ඉස්සෙල්ලාම බලමුකෝ මේ පුනරුප්පත්තිය කියන්නේ මොකක්ද කියලා.ඒ කියන්නේ මිනිසෙක් හරි සතෙක් හරි තමන්ගේ මරණයට පස්සේ [biological death] තමන් මේ ජීවිත කාලේදී එක්රැස්කරපු දේවලුත්,ඒ කියන්නේ පින් පව් (නැත්නම් හොද නරක ) තමන්ගේ ආත්මයත් [soul or spirit] එක්ක අරගෙන ගිහිල්ලා නැවත ජීවිතයක් අරබන එකටයි.
මූලික වශයෙන්ම ඉන්දියාව පදනම වුනු ආගම්වල මේ සංකල්පය පිළිගැනෙනවා.ඒ කියන්නේ බුද්ධාගම ,ජයිනාගම සහ හින්දු ආගමේ.ඒ වගේම ලෝකය පුරා හැම මහද්වීපයකම වගේ ජන වර්ග අතර මේ සංකල්පය මුල්බැසගෙන තිබෙනවා.නමුත් කිතු දහමේත් ,ඉස්ලාම් සහ යුදෙව් ආගමේත් මේ සංකල්පය බැහැරකර තිබෙනවා.එහෙත් ඒ ආගම්වලත් යම් යම් කුඩා නිකායන්ගේ යම්කිසි පිළිගැනීමක් මේ සදහා තිබෙනවා.එයට බලපෑ තිබෙන්නේ රෝමානු යුගයේදී වුනු යම් යම් බලපෑම්,ඒ වගේම වර්තමානයේදී බටහිර ජාතීන් තුලත් මේ සදහා ඇති පිළිගැනීම ඉහලයමින් පවතිනවා.
මනුෂ්‍ය වර්ගයාගේ ආරම්බයේ පටන්ම මිනිසාගේ හිත්තුල ඇතිවුණු ගැටළුවක් වුනු මේ ප්‍රශ්නයට වඩාත් හොද පන්නරයක් ලැබෙන්නේ ක්‍රි.පූ.6 වන සියවසේදී.ඒ කාලයේ බුදු දහම ඇතුළුව ඉන්දියානු බිම්තලය පුරා ඇතිවුණු ආගමික ප්‍රබෝදයත් සමග මේ සංකල්පයත් දළුලා වැඩෙනවා.ඒ වගේම මේ කාලයේදී ග්‍රීසිය ,රෝමය ආශ්‍රිතවත් මේ පුනරුප්පත්තිය වේගයෙන් පැතිරීයන ආකල්පයක් වුනා.
ඒ කාලේ සිටම ප්ලේටෝ,බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් වගේ දාර්ශනිකයින්පවා මේ ගැන අදහස් පලකරලා තියෙනවා.ඒ වගේම 19 වෙනි ශතවර්ෂයේ විසූ මනෝ විදුදරයෙක්වන ව්ලියම් ජේම්ස් මහතාත් මේ පිලිබදව අදහස්පලකරලා තියෙනවා.
විලියම් ජේම්ස් [ 1842 -1910 ]
ඒ වගේම මේ පිලිබදව ඉතා වැදගත් පර්යේෂණ කරපු දාර්ශනිකයෙක් හැටියට එඩ්ගාර් කේසි [edgar cayce] හදුන්වන්න පුළුවන්.ඔහුගේ පර්යේෂණ මත ලියවුනු many manshions නම් පොත බටහිර රටවල මේ පිළිබද විද්වත් මට්ටමේ සාකච්චා පවා ඇතිවීමට හේතුවුනා.මේ පොත කන්නිමහර සුමංගල හිමියන් විසින් "සංසාර මන්දිර" නමින් සිංහලයට පරිවර්තනය කර තිබෙනවා,සොයාගෙන කියෙව්වට පාඩු නැහැ.විශේෂයෙන්ම දරුවන්ගේ බාලකාලය ඇසුරෙන් කල පර්යේෂණ රැසක් පොත් පතින් හොයා ගන්න පුළුවන්.ඒත් තාම මේ සංසිද්දිය විවාදාත්මක ගනයේ එකක් විදිහට තමයි සැලකෙන්නේ.
පුනරුප්පත්තිය ගැන අපේ රටෙත් නිතරම වගේ කතා අහන්න ලැබෙනවානේ.කොහොමවුනත් ඒ ගැන වගේම බුදු දහමේ මේ පුනරුප්පත්තිය විස්තර කරලා තියෙන හැටි ඉදිරි පොස්ටුවකින් තොරතුරු ගේන්න මං බලාපොරොත්තුවෙනවා.
පුනරුප්පත්තිය ගැන මගේ ආකල්පයනම් එය එක්වරම බැහැර නොකලයුතුබවයි.ඒ කියන්නේ අපිට නූතන විද්‍යාවට අනුව පුනරුප්පත්තිය ඔප්පුකරන්න බැරිවෙන්න පුළුවන්,ඒත් ඒ කියන්නේ නූතන විද්‍යාවෙන් ඔප්පුකරන්න බැරි හැමදේම බොරු කියලා නෙමේනේ.ඔයාලට වුනත් ජීවිතේ කවදාවත් දැකලා නැති කෙනෙක් දැක්කම කලින් දැකලා තියෙනවා වගේ දැනිලා තියෙනවද?නැත්නම් කවදාවත් නොගියපු තැනකට ගියාම කලින් එතනට ගිහින් තියෙනවා වගේ දැනිලා තියෙනවද?මටනම් එහෙම අවස්ථා උදාවෙලා තියෙනවා.ඒ වගේම සමහර කුඩා දරුවන් යම් යම් දේවල්වලට දක්වන දක්ෂතා දුටුවමත් පුනරුප්පත්තිය පිළිගත හැකියි කියලා තමයි මටනම් හිතෙන්නේ.ඒ වගේම මේ ආත්මේ කරන පින් පව් ලබන ආත්මෙට ගෙනියන බව ගොඩ දෙනෙක් පිළිගන්න නිසා මේ ලෝකය යම් තරමකට හරි යහපත්ව තියෙනවා.නැත්නම් කොහොමට හිටීවිද ....
පුනරුප්පත්තිය ගැන කියනවනම් සාගරයක් වගේ දේවල් කියන්න පුළුවන් .ඒ සාගරයෙන් පොඩි දිය දෝතක් අරගෙන ඔබට දෙන්න දරපු වෑයමක් තමයි මගේ පොස්ටුව.කොහොමවුනත් පල්ලෙහා තියෙන ලින්ක් වලින් සහ පොත පතින් ඔයාල මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.
*බ්‍රයිඩේ මර්ෆි සහ අන්තරා බවය - කන්නි මහර සුමංගල හිමි [රත්න පොත්]
*පුනරුප්පත්ති සාධක විද්‍යාවට -තිස්ස ජයවර්ධන [සදීපා පොත්]
*edgar cayce on reincarnation -noel langley
ප.ලි.- නොවැලක්වියහැකි හේතුවක් නිසා මේ සතියේ weekend project පලනොවන බව කාරුනිකව සලකන්න.
ඔන්න යාළුවා ඔයා සුදීක අයියගේ පොස්ට් එකේ කිය්ව්වට ඔය රැවෙලා පොස්ට් දානනිසා කොමෙන්ට්ස් අඩුයි කියල අපිටනම් නියම වෙලාවට තමයි ඔය පොස්ට් දාන්නේ, නිදහසේ කියවල කොමෙන්ට් එකක් දාල යන්න මේ වෙලාව මටනම් නියමයි...
ReplyDeleteමමත් මේ මාතෘකාව සම්බන්දයෙන් කාලයක් පොත්පත කියෙව්වා,මේ ලිපියත් ඒ නිසාම අසාවෙන් කියෙව්වේ, ඇත්තටම මම යම්දුරකට මේ සම්බන්ධයෙන් විස්වාස කරන්නත් බුදුදහමේ එන කරුනුත් බලපෑවා,
මීලග ලිපිය එනකන් බලන් ඉන්නම්කො
ගාල්ලේ අමිල
පොඩි කාලෙ තමන්ගේ පෙර භවය ගැන කියන ළමයින්ව දැකලා තියෙනවද ? ඒ අය කියන තොරතුරු බොහෝ වෙලාවට 100%ම හරි . මාත් අයිති වෙන්නේ ඔය කියන පොඩි කාලේ පෙර භවය කියපු ලමයින්ගේ ගොඩට . ඒ කියපු තොරතුරු හොයලා බැලුවාම 100%ක්ම හරි .... ඒත් අපේ අම්මගේ විරෝධය නිසා ඒ ගැන වැඩියෙන් හොයන එක නැවතිලා . පොඩිකාලේ සැරින් සැරේට විදුලි කොටනවා වගේ මතක් උනාට දැන් එහෙම වෙන්නේ නෑ ..... වයසත් එක්ක ඒ මතක් වීම නැතිවෙලා ගියා . ඒ නිසා පුනරුත්පත්තිය කියන්නේ මං නං 100%ම විශ්වාස කරන දෙයක් . නැත්තං ජීවිතේට අහපු දැකපු නැති තැන් ගැන , මිනිස්සු ගැන වගේම මැරුණ හැටි ගැනත් අවුරුදු 4 වුන මට මතක්වෙන්න විදිහක් නෑනේ .
Deleteපහලට යන්න කම්මැලි නිසායි මෙතන කොමෙන්ට් එක දැම්මේ ඇ
Deleteමරණෙන් පසුජීවිතය ,මිනිසුන්ගේ වර්ථමාන ජිවිතය යහපත් කරගන්න පොඩි උත්තේජනයක් (මෙහෙම කලොත් මැරුණට පස්සෙ අරහොම වෙයි ) විදිහටයි මම හිතන්නේ . මම පෞද්ගලිකව නම් මැරුණට පස්සෙ වෙනදේ ගැන ඒ තරම් තැකීමක් නෑ . මේ ඉන්න ජිවිතේ කාටවත් කරදරයක් නැතුව නිදහසේ ඉන්න එකටයි ට්‍රයි එක . පුනරුප්පත්ති සංකල්පය මැරුණට පස්සේ ස්වර්ගයට යනවට වඩා පොඩ්ඩක් තාර්කිකයි (දිවිය ලෝක අපාය අයින් කලාම වඩාත් තාර්කිකයි ) . ඒ නිසා ඔප්පු කරන්න බැරි වුනත් පිලිගන්න බැරි කමක් නෑ
ReplyDeleteමම නම් විශ්වාස කරන්නෙ බොහොම අඩුවෙන්...සමහර පුනරුප්පත්තියට ආදාල කතාන්දර විද්‍යාත්මකව ඔප්පු කරන්නම බැහැ...
ReplyDeleteඒවාට එක එක හේතු තියෙනවා...
තාම නවින විද්‍යාවට මේ බැව් තහවුරු කරන්න බැරිවෙලා තියනවා...මෝහනය මගින් යමෙකුගේ පුනරුප්පත්තිය කියැවීමට මට හැකියි. ඒත් ඒක පට්ටපල් බොරුවක්. එහිදි වන්නේ මා දෙන විධාන නිද්‍රාවට පත් තැනැත්තා ක්‍රියාවට නැංවීමයි.
ReplyDelete:O
Deleteඅනේ මන්දා..
ReplyDelete"ජීවිතේ කවදාවත් දැකලා නැති කෙනෙක් දැක්කම කලින් දැකලා තියෙනවා වගේ දැනිලා තියෙනවද?නැත්නම් කවදාවත් නොගියපු තැනකට ගියාම කලින් එතනට ගිහින් තියෙනවා වගේ දැනිලා තියෙනවද?" මෙහෙම නම් වෙලා තියෙනවා.. ඒත් සමහර අවස්ථාවල්දී මටම මතක් වෙනවා මම අඳුරන අහවල් පුද්ගලයාගේ ගති ලක්ෂණ නේද මම මේ දැක්කේ කියලා..
//ඒත් සමහර අවස්ථාවල්දී මටම මතක් වෙනවා මම අඳුරන අහවල් පුද්ගලයාගේ ගති ලක්ෂණ නේද මම මේ දැක්කේ කියලා..//
Delete+++++++++++++++++++
මාතෘකාවේ තිබෙන පුනරුප්පත්තිය යන්න පුනරුත්පත්තිය කියා වෙනස් කලානම් වඩාත් නිවැරදියි. පුනර් (නැවත) + උත්පත්තිය = පුනරුත්පත්තිය.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ස්තුතියි ,නිවැරදි කළා
Deleteලොකුවට විශ්වාසයක් නෑ.. ඒත් අවිශ්වාසයකුත් නෑ... කවුරු හරි ඔය ගැන කියනවා නම් මම විරුද්ධව කතා කරන්නේ නෑ... පෞද්ගලිකව මාත් ඔය සම්බන්ධයන් ඉන්නේ බුවා ඉන්න ස්ථාවරයේ කියලා කියන්න පුළුවන්...
ReplyDeleteපුනරුප්පත්තිය බුදු දහමට අනුව විශ්වාශ කරන්න වෙනවා ,මොකද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ
ReplyDeleteවදාළ ධර්මය අසත්‍ය නොවේ ,උන්වහන්සේ බුදුවෙන්න ඉස්සෙල්ල ඉපදුණ
ආත්ම ගණනාවක් ගැන ජාතක කථා වස්තුන් දේශනා කරලා තියනවා
ඒ කියන්නේ රොෂාන් බෞද්ධක් නොවුනනම් පුනරුප්පත්තිය විශ්වාස කරන්නේ නෑ කියන එකද?මාත් බෞද්ධයෙක් තමයි,ඒත් අපේ ආගමේත් සමහර කොටස් මේ වෙනකොට පරිනාමනය වෙලා.ජාතක කතාත් අයිතිවෙන්නේ ඒ ගොඩට.ගොඩක් ජාතක කතාවල අතිශයෝක්තියෙන් කරලා තියෙන විස්තර නිසා මන්නම් ඒවා පිළිගන්නේ නැහැ.
Deleteඅර බුවා කියල තියෙන්නා වගේ පුනරුප්පත්තියවුනත් වැදගත් වෙන්නේ අපාය නැත්නම් දිවියලෝකේ වගේ දේවල් නැතුව ලැබිලා තියෙන ජීවිතේ යහපත් කරගන්න තමයි.හැබැයි මං කියන්නේ නැහැ බෞද්ධාගම බොරුවක් කියලා.හැබැයි අපිට පිළිගන්න වෙනවා දැන්නම් තියෙන්නේ බුදු රජානන් වහන්සේ දේශනා කල නියම පවිත්‍ර බුදු දහමනම් නෙමෙයි කියලා.
මෙතැනදී අදාළ වන්නේ මම බෞද්ධාගමේද යන්න නොවේ ,මම මේ ලොව පවතින ඕනෑම ආගමකට ගරු කරනවා ,මං කෙටියෙන් කියන්නම්
Deleteපුනරුප්පතියක් නැත්තනම් බුදු රජාණන් වහන්සේ කල්ප කාලාන්තරයක්
පෙරුම් පුරලා බුදු බව ලබාගත්තේ මෙන්න මේ සංසාර චක්‍රය හෙවත්
සත්වයාගේ නැවත ඉපදීම නවත්වන්න පුළුවන් එකම මාර්ගය වූ අමා මහා නිර්වාණය සොයගන්නයි එය සකල ලෝ වාසීන්ට පැහැදිලි කරන්නයි නේද ?ඉතින් ඒ අනුව බලන කොට පැහැදිලියි නේද පුනරුප්පත්තිය හෙවත් නැවත ඉපදීම නිසා නේද සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ තාක්කල් පැවත එන්නේද මතුපවතින්නේද යන වග ..
ඒක ඇත්ත ,ඒකට මම එගකගයි,මං කිව්වේ ජාතක කතාවලදී සමහරදෙවල් අතිශයෝක්තියෙන් දක්වලා තිබීම පිළිගන්න බැහැ කියලයි.
Deleteඔව් හසරැල් ,බෞධාගමේ විතරක් නොවේ එක කොයි ආගම වලත්
Deleteඔය පොත්පත් සඳහන් දේවල් හෙවත් සාහිත්‍ය,ඒවා ලියපු රචකයන්ගේ
අතිශයෝක්ති තියෙන්න පුළුවන් ඒත් මොනම දෙයක් වත් අපිට පිට
ඉඳල බලල තෙරුම් ගන්නවත් තේරුම් කරන්නවත් බැහැ,ඒවා තුලට
කාවදින්න ඕන අධ්‍යාත්මිකව
විද්‍යාත්මක දේවල් නම් දන්නේ නැහැ මචන් මාත් ඔහොම
ReplyDeleteපුංචි කාලේ කියවල තියෙනවලු.අම්මගෙන් තද බල විරෝදය
හේතුවෙන්ම ඒක නැවතිලා .එයා බය වෙලා මන් හොයාගෙන යාවි
කියල..
සමහරු කියනවා ඕව ගැන එක එක දේවල්.ඒත් ජීවිතේට අහපු දැකපු
නැති දේවල් අපි කොහොමද කිව්වේ ? අනික ඒ කාලේ TV රේඩියෝ මහ
දෙයක් තිබ්බෙත් නැහැනේ ..
ඉතින් මට ඕක විස්වාසයි වගේ වගේ ඒත් ඔප්පු කරන්න කිව්වොත් කරන්න
දන්නේ නැහැ ..ඕනෙත් නැහැ නේද එක අතකට ?
මම නං නැවත ඉපදීම එක හෙලාම පිලිගන්නවා
ReplyDeleteමාත්
Deleteමමත්!
Deleteකතා කරන්න, කියවන්න හරිමාඅස මාතෘකාවක්
පුනරුත්පත්තිය පිළිගන්නවාද? මාගේ කෙටිම පිළිතුර නැත යන්නයි. හේතු සාධක බොහෝ තිබේ. නමුත් කොමන්ට් එකක් ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැත. ලිපියකින් පසු අවස්ථාවකදී ඉදිරිපත් කරන්නම්.
ReplyDeleteසරලව දක්වන්නම් :- පුනර්ප්පත්තිය.... ආදී සංකල්පනා, කුඩා අවධියේ ආගමික සහ සංස්කෘතික ආභාසය මත මිනිස් මනසේ රෝපණය වන්නාවූ චින්තනයකි. මේ අනුව එක් එක් පුද්ගලයාගේ ආගමික සහ සංස්කාතික චින්තනය අනුව පුනර්ප්පත්තිය, පුනර්භවය,... වැනි චින්තනයන් ගොඩ නැඟේ. නමුත්, මෙවැනි මතවාද හී සත්‍ය අසත්‍ය භාවය නවීන විද්‍යාවේ නිර්නායකයන් මඟින්ද තවම නිශ්චිතව තහවුරු කිරීමට අපහසුව පවතී. එසේම, විද්‍යාවේ සොයා ගැනීම් තුළින් හිස් වූ සියලු හිඩැස් පිරවීමට භෞතිකවාදය පරදවා විඤ්ඤාණවාදය ඉදිරිපත් වේ. මා මතුකරනු ලැබුවේ ආගම් සම්බන්ධව විවේචනයක් නොවන බවද කීමට කැමතියි.
පිළිගන්නවාද නැද්ද යන්න කීමට තරම් වත් ඒ පිලිබද දැනුමක් මට නම් නැත. අතට අසු නොවෙන, ඇසට නොපෙනෙන දේවල් වලින් මං නම් විශ්වාස කරන්නේ gsm රේඩාර් වැනි ක්‍රියාකාරී මට්ටමේ ඇති දේවල් කිහිපයක් පමණි.
ReplyDeleteඅපේ අයියා පෙර ආත්මය පිළිබදව ගොඩක් දේවල් කියල තියනවලු පොඩි කාලේ. අම්මල ගමෙනුත් මගහැරල ගිහින් හිටියලු ඒ කාලේ. ඒත් මට පෙර ආත්මයක් මතක නැති නිසා මගේ විශ්වාසයක් නෑ ඒ ගැන. සමහර විට එහෙම තියෙන්නත් පුලුවන්. මැරුන කෙනෙක්ගෙන් අහගන්නයැ
@ Nirmala madhushani
ReplyDeleteමන් අහන්න කැමතියි ඔතොකොට මන් TV , රේඩියෝ වත්
නැතුව ජීවිතේට අහල දැකල නැති දේවල් කිව්වේ කොහොමද
කියල ?
නිකන් සරල දේවල් වලට අභ්යවකාශේ ඉඳන් හිතන්න එපා .
තේ කෝප්පේ කිඹුල්ලු හොයන්න එපා.ඔයාට තේරුම් ගන්න
බැරි උනා කියල ඒවා බොරුම බොරු , සහතික බොරු කියල
කියන්නේ කොහොමද ?
ඔයා මට කියන්න ජීවිතේට මල මිනියක් කර ගහල තියෙනවද ?
( ගෑනු ළමයෙක් නිසා නැතිව ඇති ) ඔයා දන්නවද සාමාන්‍ය පිරිමි
4 , 6 හෝ 8 කර ගැහුවත් එන බර දරන්න බැහැ කියල ?
පෙට්ටිය 30 kg දාමු
මිනියේ බර 60kg දාමු ( ඒත් එච්චර වෙන්න බැහැ බඩ වැල් ඇතුළු
අවයව , ලේ අයින් කරන නිසා...)
ඔක්කොම බර 100kg දාමු ..
4න් බෙදුවොත් කීයද ?
25 kg නේද ?
ඒත් කිලෝ 50 වගේ බරක් එනවා මිනියක් කර
ගහන එක මිනිහෙක්ට . 3 මන් හන්දියක් කිට්ටු වෙද්දී
දරන්න බැරි බරක් එනවා..
කනත්තට ඇතුළු උනාට පස්සේ දරන්නම බැහැ ...
ඕකයි ඇත්ත..ඒ නිසා එක පාරට ඉක්මන් වෙන්න එපා පූසි පැටියෝ...
එක එක්කෙනාගේ අත්දැකීම් කියල පිලිගන්න ගියොත් ඕනි ටොම් පචයක් පිලිගන්න වෙනවා . ඔය මල මිනි සිද්ධිය මම නම් අත්දැකලා කවමදාවත් . ඕනි තරම් මිනි කරගහගෙන තුන්මං හන්දිවලටත් කනත්තටත් ගිහින් තියනවා
Deleteඋබ හරියට කතා කරන්නේ ලංකාවේ නෙවේ වගේ .
Deleteඅපි එහෙනම් කොච්චර ටොම් පච පිළිගන්නවද ඇත්තම
ඇත්ත කියල ..
( ITN එකේ උදාහරණ සහිතයි ලොල් )
උබ කියපන් උබට නිකන් 10 යේ හාල් මල්ලක් ගෙනියනවා
වගේද දැනෙන්නේ මිනියක් කර ගහන් යද්දී ?
ලංකාවේ අනික් මිනිස්සු පිලිගන්න ටොම් පච ඔක්කොම මම පිලිගන්නේ නෑ . මිනි කරගහගෙන යත්දි එකම බරක් මිසක් බර අඩු වැඩි වෙන කේස් එකක් මම දැකලා නෑ
Deleteපුනරුප්පත්තිය පිළිගත හැකි ද?
ReplyDeleteමම මේ ගැන මෙහෙම කෙටියෙන් පිළිතුරු දෙන්න කැමති නැහැ. කෙටියෙන්ම කියනව නම් "ඔව්". ඒ වගේම "නැහැ".
ඒ හරුපේ මොකක්ද?????
ඒ කියන්නෙ,
1. පුද්ගලයෙක්ගේ යම් ශක්තියක් හෝ එවැනි දෙයක් එම පුද්ගලයාගේ මරණින් මතු වෙනත් කලලයකට ජීවය දෙන්න එහෙමත් නැත්නම් එම කලලය බලගන්වන යම් ශක්තියක් වෙනවා කියන එක මම පිළිගන්නවා.
2. හැබැයි ගෙඩිය පිටින් "මම" ගිහින් වෙනත් තැනක උපදිනවා කියන එක නම් පිළිගන්නෙ නැහැ.
මේ අනුව මෙහෙම කියන්න පුළුවන්. යම් පුද්ගලයෙක්ගේ ශරීරය ට ජීවය දෙන්න නැත්නම් ශරීරය බලගන්වන යම් ශක්තියක් තිබිය හැකියි. එය ගන්ධබ්බයා කියා හඳුන්වන තත්ත්වය විය හැකියි. එහෙමත් නැත්නම් විඤ්ඤාණය කියන්නත් හැකියි. නමුත් ඒ අර පරණ පුද්ගලයම නෙමෙයි. ඔහුත් සමග තිබූ යම් ශක්තියක් පමණයි. එයට ඔහු කළ හොද නරකවල ශක්තීන් ද එක් වී තිබිය හැකියි. එම නිසා ඒ ශක්තිය ඔහුට ලැබෙනකොට තිබුණු තත්ත්වයෙන් ඔහුගේ ක්‍රියාකාරකම් නිසා යම් යම් වෙනස් කම් වී තිබිය හැකියි. එය නැවත වෙනත් පුද්ගලයෙක් වෙත ගිය විට ඒ අර පරණ කෙනා නෙමෙයි වෙනත් අයෙක්.