ඔබ ගැන ඔබගේ සහෘදයින් පොතක් ලියුවහොත් එය කෙසේ වනු ඇතිද ?
ආර්ජන්ටිනාවේ උපන් "අර්නස්ටෝ රෆායෙල් ගුවේරා ඩි ලා සර්නා" නොහොත් අපි කවුරුත් දන්නා නමින් කියතහොත් "අර්නස්ටෝ චේ ගුවේරා" එම දුලභ වාසනාව ලද්දෙකි.
එහි විශේෂත්වය නම් ඔහුගේ ජීවිතය
# තම මිතුරෙකුගේ ඇසින්
# තම බිරිදගේ ඇසින්
# තම පියාගේ ඇසින්
දුටු ආකාරය , ඔවුන්ගේ චේ ගුවේරා සමග වූ අත්දැකීම් ලේඛන ගත වී තිබීමයි.
චේ ගුවේරා සමග ලතින් ඇමෙරිකාව හරහා කල සුප්‍රසිද්ධ යතුරු පැදි චාරිකාවට එක්වූ ඔහුගේ මිත්‍රයා වන " ඇල්බර්ටෝ ග්‍රනාඩෝ" [Alberto Granado] නොහොත් චේ ගේ ඔහු ඇමතූ ආකාරයෙන් කිවහොත් "මියාල්" ඔහුගේ එම චාරිකා අත්දැකීම Travelling with Che Guevara නමින් පොතක් ලෙස පලකර ඇත.එම පොත " චේ සමග සංචාරයෙහි" යනුවෙන් චූලානන්ද සමරනායක මහතා අතින් සිංහලයට පරිවර්තනය වී ඇත.එය විදර්ශණ ප්‍රකාශනයකි.
චේ ගුවේරාගේ පලමු බිරිද වූ එමෙන්ම පේරු ඉපිද පසුව කොමියුනිස්ට් ක්‍රියාකාරිකයෙකු වූ "හිල්ඩා ගාඩියා" [Hilda Gadea] චේ සමග ගත කල ජීවිතය My Life With Che ලෙස පොතක් ලෙස පලකර ඇත.එයද චූලානන්ද සමරනායක මහතා අතින් " චේ සමග මගේ දිවිසැරිය " යනුවෙන් සිංහලයට පරිවර්තනය වී ඇත.එය සූරිය ප්‍රකාශනයකි.
චේ ගුවේරාගේ පියාවන "අර්නස්ටෝ ගුවේරා ලින්ච්" [Arnesto Guevara Lynch] තම පුතු පිලිබද මතකයන් සහ අත්දැකීම් "Memories of Che Guevara" නමින් ග්‍රන්ථ ගත කර ඇත.එය "මගේ පුතු චේ" නමින් මංජුල කල්දේරා මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇත.එය සුභාවී ප්‍රකාශනයකි.
එසේනම් විසිවන සියවසේ විසූ ඒ විප්ලවවාදියාගේ දිවිසැරිය ඔහුගේ සහෘදයන්ගේ ඇසින් දුටු අයුරු කියවාබලමු.