ඉතින් යාළුවනේ අද ටිකක් වෙනස් දෙයක් ගැන ලියන්න හිතුනා.අපි කාටත් දායකවෙන්න පුළුවන් දෙයක් ගැන.ඒ නිසා මේක කියවලා අමතක කරලා දාන්නේ නැතුව පොඩ්ඩක් ඒ ගැන ක්‍රියාත්මකත් වෙන්න.ඉතින් ඔයාලට අද උනත් දායකවෙලා සතුටුවෙලා පුළුවන් දෙයක් ගැන තමා මේ කියන්නේ.ඒ ඇස් දන්දීම ගැන.
තමන්ගේ මරණින් පස්සේ තමන්ගේ දෙනෙතින් මේ ලෝකේ දකින්න තවත් කෙනෙකුට අවස්ථාව ලබලා දෙන්න පුලුවන්නම් කොච්චර දෙයක් නේද?ඉතින් ලංකාවේ වාසය කරන අපි හැමෝටම ඒ අවස්ථාව ලැබිලා තියෙනවා "ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය"මගින්.ඔයාලට තියෙන්නේ ඒ අයගෙන් පෝරමයක් අරගෙන පුරවලා තමන්ගේ මරණින් පස්සේ ඇස් දන්දෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා ඒ බව තමන්ගේ ලඟම නෑදෑයෙකුට [සැමියා,බිරිඳ,මව,පියා......] ඒ බව දන්වලා තියන්න විතරයි.
මරණින් පස්සේ නිකම්ම පොලවට පස්වෙලා යනවට වඩා හරි නැත්නම් සෑයක දැවිලා යනවට වඩා හරි මෙහෙම දෙයකට දායකත්වයක් දක්වන්න පුළුවන් එක කොච්චර ලොකු දෙයක්ද.ඇස් ලබාගැනීම ගැන මගේ දැනුම ප්‍රමාණවත් නොවන නිසා ඒ ගැන මං කරුණු දක්වන්නේ නෑ.දැනටත් ලංකාවේ ගොඩ දෙනෙක් මේ කටයුත්තට දායකවෙලා තියෙනවා.විශේෂයෙන්ම අපේ බෞද්ධ යහළුවන්ට කියන්නේ තියෙන්නේ බෞද්ධයන්ගේ අවසාන අරමුණ වන නිවනට යන මගේ එක් පියවරක් වන දාන පාරමිතාව සම්පූරණ කරගන්නත් ඔයාලට ලැබෙන අවස්ථාවක්.ඒ වගේම මේ රටේ විතරක් නොවෙයි සමහරවිට පිටරට කෙනෙකුට පවා පෙනීම ලබාදෙන්න ඔයාලගේ ඇස් දෙකට පුළුවන් වේවි.ඉතින් ඔන්න මං පල්ලෙහායින් දානවා එයාලගේ විස්තර ලබාගන්න පුළුවන් තැන්.
ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ මේ පොස්ටුව බලලා ඉවරවෙලා අමතක කරලා දාන්නේ නැතුව ඔයාලටත් පුලුවන්නම් මේ කටයුත්තට දායක වෙන්න කියලයි.
ඔවුන්ගේ ලිපිනය
Sri Lanka Eye Donation Society
Dr. Hudson Silva Eye Donation Head Quarters
120/12, Vidya Mawatha, Colombo 07, Sri Lanka
දුරකථන අංක 0094 11 2698040, 2698041, 2698043
ෆැක්ස් : 0094 11 2698042
විද්‍යුත් තැපෑල : sleds@dialogsl.net
ඔවුන්ගේ වෙබ් අඩවිය http://www.eyedonation.slt.lk
ඔවුන්ගේ මූණුපොතේ පිටුව http://www.facebook.com/sleyedonation
විකිපීඩියා විස්තරය http://en.wikipedia.org/wiki/Sri_Lanka_Eye_Donation_Society
මෙන්න මේ වීඩියෝවත් බලලා යන්න අමතක කරන්න එපා......