චූටී අපේ ගෙදරට ඉස්සෙල්ලම ආවේ 1992 අවුරුද්දේදී.....මට අදටත් හොදටම මතකයි.කවුදෝ කෙනෙක් දවසක් රෑ අපේ සීයාගේ කඩේ ගාව පූස් පැටව් වගයක් අතැරලා ගිහින් තිබුනා.මේ වෙනකොට මාත් ඉස්කෝලේ දෙක වසරේ ඉගෙනගත්තේ.මං උදේ නැගිටලා කඩේ පැත්තට යනකොට චූටී විතරක් කඩේගාව අයිනට වෙලා හිටියා.එයාගේ සහෝදර සහෝදරියෝ ඔක්කොම පාරේ යන වාහනවලට යටවෙලා.අපි ඉස්කෝලේ යන්න බස් එකට නැග්ගේ අපේ කඩේ ගාවින්.මං ඉස්කෝලේ ගිහින් ආපු ගමන්ම බැලුවේ කඩේ ගාව චූටී ඉන්නවද කියලා.ඇත්තටම එයා ඒ දවස වෙනකල් නිකම්ම නිකම් පූස් පැටියෙක් විතරයි.කෙට්ටුම කෙට්ටු ඇගෙන් චූටී පූසෙක් විතරයි.ඒක නිසා එදා ඉදලා මං එයාට චූටී කියලා නම තිව්වා.
මං එනකොට චූටී කඩේ ගාව හිටියේ නෑ.බඩිගින්න වැඩි කමටම අපේ ගෙදර පැත්තට ඇවිත් බිත්තිය අයිනට වෙලා හිටියා.ඒත් අනිත් පූස් පැටව් වගේ දුකෙන් බෑගිරි ගහ ගහ නම් නෙවෙයි.ඒත් ඉතින් මොන පූසටද කිරි බඩිගිනි නැත්තේ.මං ඌව සීයට පෙන්නුවම සීයා ඌට කිරි ටිකක් හදලා දුන්නා.ඌ කිරි ටික බොන අතරේ ඌ එදා ඉදලා අපේ ගෙදර කෙනෙක් කරගන්න මං තීරණේ කළා.ගෙදර කවුරුවත් ඒකට අකමැති වුනා කියලා හෝ කැමති වුනා කියලා මට මතකයක් නෑ.ගෙදර කවුරුවත් ඌව එච්චර ගණන් ගත්තේ නෑ.කොටින්ම අපේ ගෙදර බලු සුරතලා වුනු "බෝතා" වත් අම්මගේ සුරතලා වුනු සුදු පූසවත් ඌව ගණන් ගත්තේ නෑ.ඒ වුනාට මට ඌ ගැන අමුතු ආදරයක් එදා ඉදලම තිබුනා.
කොහොම කොහොම හරි චූටී ටිකෙන් ටික ලොකුවුනා.ඇගෙන් ලොකු වුනත් චූටිගේ කෙට්ටු කමනම් කවදාවත් නැති වුනේ නෑ.ඒක නිසා උගේ ඒ හැටි ලස්සනක් තිබුනෙත් නෑ.මේ දවස්වලම අපේ අම්මගේ සුරතලා වුනු සුදු පූසත් මැරුණා.ඔන්න ඉතින් ගෙදර එකම පූසා වෙන්න චූටිට අවස්තාව ලැබුනා.ඒත් ඉතින් මං කලින් කිව්වා වගේ කවුරුවත් චූටිව ගණන් ගත්තේ නෑ.අක්කයි අයියයි ගිහින් ළඟ ගෙදරකින් පර්සියන් පූස් පැටියෙක් ගෙනාවා.එයයි පූසියෙක්.අපි ඌට නම තිව්වා කිටී කියලා.කිටී ආවට පස්සේ චූටිට ගෙදර තිබුණු තැනත් නැතිවුනා.කිටී ගෙදර සැටිය උඩ හිටියත් කවුරුවත් ගණන් ගත්තේ නෑ.ඒත් චූටී කඩේ ගාව බංකුව උඩ හරි හිටියොත් එලවන්න කවුරුත් අමතක කලෙත් නෑ.ඒත් චූටී මගේ සුරතලා වෙන එකනම් කාටවත් වලක්වන්න බැරිවුනා.
මේ සුරතලා කිව්වත් ඌ මට තිබුනේ එක්තරා ආකාරයක පුදුම ආදරයක්.කවදාවත් ඔඩොක්කුවට අරගෙන සුරතල් කරනවට චූටී කැමතිවුනේ නෑ.එහෙම කරන්න හැදුවොත් මගේ අතේ පාර හිටින්න හූරලා දුවන්න තමයි ඌ පුරුදු වෙලා හිටියේ.ඒත් මං පුටුවේ වාඩිවෙලා ටී.වී. බලනකොට ඇවිත් කකුල් දෙකේ අතිල්ලෙන්න චූටී හරි ආසයි.මේ වෙනකොට කිටී අම්මා කෙනෙක් වෙලා.ගේ පුරාම පූස් පැටව් මහා හයියෙන් කෑ ගහ ගහ දුවනවා.පර්සියන් පූසෝ නිසා උන්ව කාටවත් දෙන එක අමාරු වුනේ නෑ.ඇත්තම කියනවනම් උන් කිටීගේ බඩේ ඉදිද්දිම උන්ට ඕඩර් ආවා.ඒත් ඉතින් මේ පූස් කරදරේ ඉවසන්න බැරිව හිටියේ අපේ ආච්චිට තමයි.ආච්චි කියනවා මේ වසංගතේ ඔක්කොම කොහේ හරි ගිහින් දාන්න කියලා.ඒත් ඒ එක්කම කියනවා අරූගෙන් විතරයි කනක් ඇහිලා ඉන්න තියෙන්නේ කියලා චූටිව පෙන්නනවා.ඇත්ත තමයි චූටී කවදාවත් කෑම ඉල්ලලා අඩනවා මට ඇහිලා නෑ.ඌ ඒ තරම් හොද පූසෙක්.ඒත් මගේ ඒ සිතිවිල්ල වැරදියි කියලා ඊට ටික දවසකට පස්සේ මට තේරුනා.මං දවසක් අමු මාළු කූරියෙක් අරගෙන ඉරෙට්ටක අමුනලා චූටිට පේන්න අල්ලාගෙන හිටියා.ඌ ඇවිත් පනිනකොටම මාළුවා ඉරෙට්ටෙන් ඇදලා ගන්නවා.ඔන්න ඔය ටික ඇති චූටී පිස්සු වැටෙන්න.ඌ මහා හයියෙන් කට ඇරලා කෑ ගහනවා.......ඒත් සද්දයක් වත් නෑ.මං ලංවෙලා හොදට බැලුවා.දෙය්යනේ චූටී කෑගහනවා.ඒත් උගෙන් සද්දේ පිටවෙන්නේ නෑ.චූටී ගොළුවෙක්........අවුරුදු ගානක් ගිහිල්ලත් ඇත්තටම මටවත් අපේ ගෙදර කාටවක්වත් ඒක තේරිලා තිබුනේ නෑ.ඇත්තටම ඒක එහෙම වෙන්න පුලුවන්ද?අදටත් මට ප්‍රශ්නයක්.
ඔහොම ටික දවසක් යද්දී කිටීගේ පැටියෙකුත් අපි සුරතලේට හැදුවා.උගේ නම බූටී.අපේ අක්කගේ සුරතලා.මේ වෙනකොට චූටී ටිකෙන් ටික අපෙන් ඈත් වෙන්න අරන් හිටියේ.හිටපු ගමන් ගෙදරින් අතුරුදන් වෙනවා.ටික දවසකට පස්සේ ඔන්න හිටපු ගමන් රෑට අපි ටී වී බලබල ඉන්නකොට ජනෙල් රෙද්ද අස්සෙන් ඔලුව දාලා බලනවා.හොදට වට පිට බලලා තමයි ගේ ඇතුලට එන්නේ.මේ වෙනකොට චූටිට ඉතාම නරක පුරුද්දක් ඇතිවෙලා තිබුනා.ඒ තමයි හොරෙන් කන එක.ගෙදර කෑම මේසේ ඉටි රෙද්දේ එල්ලිලා ඉටි රෙද්දත් එක්ක භාජන ඇදලා දාලා කන්න තරම් චූටී නරක් වෙලා තිබුනා.ඊලගට බේරගන්න බැරිවුනේ නෙස්ටමෝල් ටින් එක.නියපොතු අස්සට දාලා ඌ ටින් පියන අරින හැටි මගේ ඇස් දෙකට දැකලා තියෙන නිසා මං විශ්වාස කරනවා.නැත්නම් කවුරුවත් හිතන්නේ නෑ පූසෙක් එහෙම ටින් පියන් අරීවී කියලා.චූටිගේ නරක ක්‍රියාකලාපේ නිසා ගෙදර කාටත් ඌව පේන්න බැරුව ගියා.ඌ නිකම්ම "හොර පූසා" කියන අන්වර්ථ නාමේ පටබැඳ ගත්තා.
චූටිගේ තවත් විශේෂත්වයක් වුනේ ඌ කවදාවත් වෙනත් පූසෙක්ටවත් කොටින්ම අහල පහල ගෙවල්වල හිටපු බල්ලෙක්වත් සත පහකට ගණන් නොගත්ත එක.අනිත් පූසෝ පස්සේ බල්ලෝ කොච්චර එලෙව්වත් චූටීව කන්න එක බල්ලෙක්වත් එලවනවා මම දැකලා නෑ.ඔහොම සැහෙන කාලයක් ගතවුනා.ඒ කාලය පුරාවටම චූටිත් අපේ ගෙදර කෙනෙක් වගේම ගෙදර කෙනක් නොවී වගෙත් අපිත් එක්ක හිටියා.මාත් සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස්පෙළ හදාරද්දී පන්ති යෑමේ පහසුවට මාතර නතරවුනා.ඒත් ගෙදර අපු වෙලාවට චූටී මට දකින්න හිටියා.ඒත් ඔහොම ටිකකාලයක් යනකොට චූටිව දකින්න නැතුව ගියා.මං ඒ ගැන ආච්චිගෙන් ඇහුවා.මොකද ආච්චි තමයි උගේ පරම හතුරා වෙලා හිටියේ.එතකොට ආච්චි කිව්වා "වත්ත උඩහට කොළදිවියෙක් පුරුදුවෙලා,ඌටවත් අහුවුනාද දන්නේ නෑ" කියලා.සමහරවිට චූටී කොලදිවියට අහුවෙන්න ඇති.ඒත් එහෙමවුනානම් කොලදිවියටත් සෑහෙන අමාරුවෙන්න ඇති කියලා මට හොදටම ෂුවර්.ඒත් මට සමහරවෙලාවට හිතෙනවා ඉස්සර වගේ එකපාරටම ඇවිත් ජනෙල් රෙද්ද අස්සෙන් ඔළුව දාලා බලාවි කියලා.මේක ලියන වෙලාවෙත් මං ජනේලේ දිහා බලං ඉන්නේ ඒකයි.......
පූසෝ ගැන මගේ අතීතයත් සෑහෙන දිගයි... මම මෙහෙම හිටියට පූස් තාත්තෙක්.. කොහේ ගියත් පාරක බල්ලෙක් බළලෙක් උන්නොත් ඇන්න එනවා ගෙදර...
ReplyDeleteහසරැල් රීසන්ට් කමෙන්ට් ගැජට් එකේ කෝඩ් එක මට මේල් කරනවද ...? මා ළඟ තියෙන කෝඩ් එක වැඩ නැහැ....
Deleteමේකේ කමෙන්ට් වල අකුරු සයිස් එක ලොකු කරන්න බැරිද තව ටිකක්...
Deleteඔන්න ඊයක් විද්දෝ...බලාපියෝ...කොමෙන්ට් අකුරු මේ ගානට හොදයි වගේ නේ..
Deleteපුසන්ටනම් මම ආස නෑ. එත් චුටි ගොළුයි කිවුවමනම් දුක හිතුනා. මටත් හිතෙන්නෙ චුටි අයේ එයි කියලා. :)
ReplyDeleteඒකනම් වෙන එකක් නෑ.පූසෙක් සාමාන්යෙන් අවුරුදු 15 කට වඩා ජීවත් වෙන්නේ නෑනේ..
Deleteඅනේ අපේ පූසත් මැරුණා ඌට අවසාන කාලේ ඇස් පේන්නෙත් නැතුව ගියා හිටපු ගමන් පුටුවලත් වදිනවා මට හිතෙන්නේ වයසට යනකොට උන්ගේ ඉවත් අඩු වෙනවා ඔය කොහොම උනත් මම පුසන්ට ආස නෑ. අපේ තාත්තාව නම් පූසන්ට ගොඩක් ආදරෙයි.. තව දෙයක් අපේ පූසට නම් බැනල මොනවා හරි කන්න දැම්මොත් ඌ ජීවිතේට ඒ දාපු දේ කන්නෑ... ඔය සින් එක අපේ තාත්තා මට දවසක් පැක්ටිකල් පෙන්නුවා
ReplyDeleteඔයාලා දන්නවද පුසෙක් උන්ගේ කට දෙපැත්තේ තියන මවිල් ගස් ගෑවෙන සිදුරු වලින් රින්ගන් නෑ මොකද ඌ දන්නවා ඒ වගේ තැනකින් රින්ගුවොත් ඌ හිර වෙනවා කියලා
ඕන සතෙකුට ආදරේ කියන දේ හොදට තේරෙනවා...
Deleteඅපේ සිවිලිමේ ඇතුලේ අලුත ඉපදුන පුස් පැටව්න් තුන් දෙනාගේ පුස් අම්මා උන් ඉපදිලා ටික දවසකින් මැරිලා පැටව් එක දිගට කෑ ගහද්දි තමා අපි දැන ගත්තේ...තාත්තා සිවිලිමේ හිටපු පැටව් පල්ලැහැට ගෙනත් දර මඩුව ඇතුලේ තියද්දි උන් හරිම වස විසේ කාරයෝ....උන්ට කිරි හදලා තිබ්බම හොරෙන් ඇවිත් බීලා ගියා මට තාමත් මතකයි.එක පුසියෙක්ව අපේ පප්පා අරන් ගියා හදන්න කියලා.අනිත් දෙන්නවම මන් හෙන ආදරෙන් හැදුවා ,මුන් දෙන්නා පුසෙකුයි පූසියෙකුයි උන නිසාත් ඇස් හෙනම නිල් පාට නිසාත් මන් ඒ දවස් වල ආසම සල්මන්ගෙයි,අයිශ්ගෙයි නම් වලින් තම මෙයාලට කතා කලේ ,මන් ඉස්කොලේ ඇරිල ආපු ගමන් ඔය නම් දෙක කියල කතා කරාම කොහෙ හිටියත් දුවන් ආවා.එත් අවාසනාවන්ත විදිහට 2004 සුනාමිය වෙලාවෙදි අපෙ ගෙවල් මුහුදට කිට්ටු නිසා මෙයාලා දෙන්නවත් වාහනයේ දාගෙන මගකට ගිහින් සී සි කඩ දුවන ගමේ කිහිප දෙනෙක්ව වාහනයට ඇතුල් කර ගන්න දොර ඇරියම මෙයාලා දෙන්නා කලබල වෙලා එලියට පැනලා පාරේ තිබුන කැලයකට දිව්වා. එදායින් පස්සේ මට එයාලා දෙන්නව දකින්නවත් ලැබුන් නෑ.මන් අයෙත් කිසිම පුසෙක් ගෙදර ඇති කලෙත් නෑ.ඒ එයාලට තිබිච්ච ආදරේ නිසා......බොහොම ස්තූති හසරැල් මේ ලිපිය ලියුවාට.
ReplyDeleteමාත් ඊට පස්සේ ඇතිකළේ එක පූසයි.ඌත් ටික දවසකින් ආගිය අතක් නැතුව ගියා.උගේ වැඩගැන වෙන දවසක ලියන්නම්.
Deleteපූසෝ අපේ ගෙදරනම් ඉදලා නැති වුනාට ඉතාලි ආවට පස්සෙ නම් පූසෝ ගැන ආසාවක් ආවේ අපි ඉන්න ෆ්ලැට් එකේම 4දෙනෙක් ඉන්න නිසා..
ReplyDeleteසුරතල් කම කොහොමවුනත් ආඩම්බරකාර සත්තු ජාතියක්..
Deleteඅයි හේට් පූසෝ ....... ඇන්ඩ් ඕල් අදර් සත්තු ...... අයි මීන් ගෙවල් වල හදන උන් ......
ReplyDeleteබට් අයි ලව් කැලෑ සත්තු
අයි හේට් ඩොග්ස්...එක්සේප්ට් අවර් අක්කාස් ඩෝග් "ජෙෆ්"
Deleteඅපේ ගෙදරටනං කොහෙන් හරි පූසියෙක් ආවොත් පරම්පරා ගානක් බෝ කරල තමයි ආපහු යන්නෙ. දැනටත් පූසො හත් දෙනෙක් ඉන්නව. නමුත් අපේ ගෙදර මීයො ටික ඔක්කොම සමූල ඝාතනය කරල ඒ කරදරෙන් අපිව බේරගත්ත එකා ගෙදරින් ගියාට පස්සෙ ආපහු ආවෙ නෑ.
ReplyDeleteපූසා ආදරේ ඉන්න ගෙදරටලු.බල්ලෝ ආදරේ ගෙදර ඉන්න මිනිස්සුන්ටලු.අපේ ආච්චි එහෙම තමයි කියන්නේ.
Deleteඅනේ චූටි ගොලුයිද?
ReplyDeleteමම නම් පූසන්ට ආසයි....අපේ ගෙදර ඉස්සර හිටියා...එයාගේ නම සුගනි...දැන් එයා අතුරුදහන් වෙලා...අම්මලා කියන්නේ ඌත් කොල දිවියට අහුවෙලා ඇති කියලා
http://laadamahasa.blogspot.com/2012/12/blog-post_25.html
Deleteවෙලාවක් තිබුණොත් ඕකත් බලන්න
අපේ පැත්තෙනම් කොළ දිවියෝ හරියට.චූටි ගොළුයි කියලා තමයි මං හිතන්නේ...මොකද ඌ කවදාවත් සද්දයක්වත් කරලා නෑ
Deleteමොන සතාගෙ උනත් පැටවු හරි හුරතල් විදියට තමයි මටනම් පෙන්නෙ
ReplyDeleteඒක ඇත්ත..
Deleteමේ කතාවේ පළවෙනි පරිච්ඡෙදය ඉවර කරන කොට මගේ සම්පූර්ණ අවධානය රඳවා ගත්තා. දෙවෙනි පරිච්ඡේදයේ අන්තිමට එනකොට මම කතාවට වශී වෙලා. දැන් කතාව කියවලා ඉවරයි. දැන් මම අවිවාදයෙන් පිළිගන්නවා උඹ මෙතෙක් ලියපු බ්ලොග් ලිපි වලින් උපරිම ලිපිය මේක තමයි කියලා. පුදුම ගතියක් තියෙන්නේ හසරැල්! උඹේ ඒක ඉවර කරපු විදියටත් මම හරිම කැමතියි.
ReplyDeleteඅපේ ගෙදර හිටිය පූසන්ට නම් දාපු හැටි ගැන උඹ දකින්න ඇති මගේ ඩෙනිමේ අලුත්ම ලිපියෙන්.
බොක්කෙන්ම ලියපු එකක්නේ...ආ ..මං කියෙව්වා ඒක ..මාරු හොදේ...
Deleteමම හරි ම ආස සත්තු ජාතියක්. කොහොමත් සත්තු එක්ක ජීවත් වෙනකොට මනසට පුදුම සැහැල්ලුවක් දැනෙනවා.
ReplyDeleteසහතික ඇත්ත
Deleteබොහොම ආදරයෙන් අකුරු කරපු ලිපියක්. ඒ ආදරය හා සමාණව තමයි ලිපියත් කියවන අයට දැණෙන්නේ කියලා මම හිතන්නේ.
ReplyDeleteඒක ඇත්ත...
Deleteඅපේ ගෙදර එදා ඉදන්ම හිටියෙ තනි කලු පූසො...අපි කොහෙන්වත් ගේන්නෙ නෑ...දඩාවතේ යන එකෙක් අපි දෙන කෑම කාලා ගෙදර බින්න බහිනවා...ඒක පුදුම වැඩක්...ඒක පූසෙක් නැති උනාට පස්සෙ කොහෙන් හරි අලුත් කෙනෙක් දෙයියො දෙනවා වගේ ගෙදරට එනවා...අන්තිමට හිටියෙ සේනක...මම රට පැටවෙන්න සති දෙකකට කලියෙන් හදිසියේම සේනක යටියන්තොට ගියා කවුරු හරි දුන්න වස කාලා...මම සෑහෙන්න මහන්සි ගත්තා බේරාගන්න දොස්තරලට පෙන්නලා...ඒත් වැඩක් වුනේ නෑ...ඌට විතරක් නෙමෙයි අපෙත් ජීවිතය අනිත්‍යයි කියලා හිත හදාගත්තා...
ReplyDeleteඅපේ බෝතා [ බල්ලා] මැරුණෙත් කවුරුහරි වස දීලා ...
Delete