රස්සාවේ පලවෙනි දවස ගැන කස්ටියම කියවන්න ඇතිනේ.ඔන්න ඔහොම ඉතින් ටික දවසක් යද්දී අපිත් ඉතින් අනිත් අය වගේ සුපුරුදු පීල්ලටම වැටුනා.උදේට නැගිටිනවා, කනවා, වැඩට යනවා, දවල්ට කනවා, ආයේ ආපහු එනවා, ඇගපත හෝද ගන්නවා, රෑට කනවා, නිදාගන්නවා.ඔතනින් ඉතින් ටිකක් විතර හැමදාම වෙනස් වෙන්නේ ඉතින් කෑම වේල තමයි.උයන වැඩේ එච්චර සාර්ථකව ක්‍රියාත්මක වුනේ නෑ.විශේෂයෙන්ම උදේට උයන්න ඉන්න කෙනා මරනවා වගේ තමයි නැගිටින්නේ.ඉතින් ගොඩක් දවසට උදේටයි දවල්ටයි කෑම කඩෙන්.රෑටත් ඉතින් එහෙමත් දවසක තමයි හරියට කෑමක් කන්න ලැබුනේ.අපේ චමරිය තිබුනේ ටවුමෙන් කිලෝමීටරයක් විතර ඈත.ඉතින් බඩිගිනි වුනා කියලා හදිසියට කෑම කඩේකට දුවන්නත් බැහැ.
මේ කෑම කෙරුවාවෙන් වැඩියෙන්ම බැටකෑවේ එවකට බැංකුවේ නිර්ධන පන්තියේ සේවය කල අපි [පඩිය රුපියල් 9200 යි].කඩෙන් කාලානම් මේ පඩියෙන් ඔක්කොම කරගන්න බැරි බව මටයි මගේ යාලුවටයි තේරුනා.ඉතින් අපි දෙන්නා තීරනේ කලා චමරියේ කෑම ප්‍රතිපත්තිය නව මගකට ගෙනියන්න.ඒ කොහොම වුනත් චමරියේත් පීඩිත පන්තිය වුනු අපි දෙන්නට තමා ඒ වෙනකොට ගොඩක් දවස්වල උදේට උයන්න වෙලා තිබුනේ.ඒත් අපේ ඉවීමේ හැකියාවන් තේරුම් ගත්තු අනෙක් උදවිය ටික දවසකට පස්සේ අපි උයන කෑම කන එක ඇතාරියා.ඒත් අපි නෙවෙයි සැලුනේ...මං කිව්වනේ ඕන කට්ටක් කාගෙන ඉන්නවා කියලා තමයි මං හිතාගෙන ආවේ කියලා.මං වගේම තමයි මගේ යාළුවත් ඒ විදිහෙම පොරක්.
චමරියේ අනිත් අයට අපි වගේ නෙවෙයි.නිවාඩු එහෙම තියෙන නිසා සිකුරාදාට එහෙම නිවාඩු දාලා ගෙදර යනවා.අපිට ඒ වෙනකොට නිවාඩු තිබුනේ මාස දෙකකට එක දවසක් වෙන්න.චමරියේ ඒ වෙනකොට උයන්න තිබුනේ ගෑස් ලිපකුයි ඇලුමිනියම් හට්ටි වළං ටිකකුයි විතරයි.කොච්චර කෑම හැදුවත් බත හදාගන්න එක අපිට සෑහෙන්න අමාරු වුනා.එක්කෝ බත අමුයි,නැත්නම් ඇට්ටකුනා වෙලා නැතිනම් ටීවී එක බලන අතරේ බත රොස් වෙලා.ඔන්න ඔය වගේ දේවල් නිසා අපි මුලින්ම තීරණ කලා කුස්සියේ යටිතල පහසුකම් වැඩිකළ යුතුයි කියලා.ඒක නිසා අනිත් අය නැති දවසක අපි මැනේජර් මහත්තයාට ලංකරලා ඇහුවා "සර් අපි චමරියට රයිස් කුකර් එකක් ගන්නද කියලා".හැබැයි අපරාදේ කියන්න බෑ,මැනේජර් මහත්තයත් පටස්ගාලා අනුමැතිය දුන්නා.
අනිත් අය නැති දවසක් බලලා අපි ඔය වැඩේ ක්‍රියාත්මක කලේ හේතුවක් ඇතිව.මොකද එහෙම වුනානම් අපිට අනිත් අය නැතිව ඔය ඉල්ලීම කොරන්න බැරිවෙනවා.අනිත් කස්ටිය ඉතින් කොහොමත් ඔය වැඩේ අහන්න මැනේජර් මහත්තයා ගාවට යන්න කැමති වෙන්නෙත් නෑ.ඔන්න ඒකයි අපි අනිත් අය නැති දවසක් බලලම ඕක ගන්න හිතුවේ.හවස වැඩ ඇරිලා යන ගමන් ටවුමේ කඩේකට ගිහිල්ලා රයිස් කුකර් එකක් ගත්තා.ඔය උඩ පින්තුරේ තියෙන වගේ එකක්.හැබැයි එච්චර ලොකු නැහැ.කඩේ මෑන් අපිට රයිස් කුකර් එක ගැන ලොකු වර්ණනාවක් එහෙම කරලා තමයි ඕක දුන්නේ.ඒකෙන් නූඩ්ල්ස් වුනත් හදන්න පුළුවන් කියලා මිනිහා අපිට කිව්වා.අඩේ මරුනේ.......කියලා අපිට හිතුනා.උදේට උයන්න නූඩ්ල්ස් පැකට් එකකුත් මග කඩේකින් ගත්තා.
කොහොමහරි ඕකත් කරගහගෙන චමරියට ආවා.අපේ ගෙදරවත් යාළුවගේ ගෙදරවත් ඒ වෙනකොට රයිස් කුකර් එකක් තිබුනේ නෑ.ඉතින් ඒක නිසා මේකෙන් උයලා බලනකල් අපිට ඉවසුමක් තිබුනේ නෑ.ඒ දවස්වල අපි ගොඩක් වෙලාවට ඉව්වේ කැකුළු බත්.ඒත් ඉතින් නමෝ විත්තියෙන්ම කුකර් එකේ සුදු බතක් හදන්න තීරනේ කලා.පොතේ හැටියටම වැඩේ කෙරෙන්න ඕන නිසා මුලින්ම හාල් හොදට ගරලා කුකර් එකට එහෙම දාලා අර ඒකෙ තියෙන කෝප්පෙන්ම වතුර මැනලා දැම්මා.ඊට පස්සේ ප්ලග් එක ගහලා අපි පොල් සම්බලෙකුත් සැරට හදාගත්තා.පොල් සම්බලුයි සම්බා බතුයි...හප්පා...බත් මරන්න බැරියැ.....
පොල් සම්බලේ හදාගත්තු අපි බත ඉදෙනකල් ටීවී එක බලන්න ගත්තා.සෑහෙන වෙලාවක් ගියත් රයිස් කුකර් එකෙන් සද්දයක්වත් නෑ.ඇරලා බැලුවහම හාල් ටිකයි වතුරයි ඒ විදිහටම තියෙනවා.ප්ලග් එකේ අවුලක් වෙන්නැති මචන්...මං එහෙම කියලා රයිස් කුකර් එක අරන් ඇවිත් සාලේ ප්ලග් එකකට ගැහුවා.ඔහොම තව පැය බාගයක් විතර ගියා.ආයෙත් ඇරලා බැලුවහම හාල් ටික එහෙම්මමයි.මං හිතන්නේ වතුර මදි ඇති.යාලුවා කිව්වා.අපි ඒ පාර තව වතුර ටිකක් දාලා මැදගිල්ලෙන් පුරුක් දෙකක් විතර වතුර තියලා ආයෙත් පියන වහලා බලං හිටියා.තව පැය බාගයක් විතර ගියා.දැන්නම් බඩගින්න අහස උසට නැගලා.ආයෙත් ඇරලා බැලුවත් හාල් ටික එහෙමම තියෙනවා.මං හිතන්නේ හාල්වල අවුලක් වෙන්න ඕන...කැකුළු හාල් ටිකක් තියලා බලමු...එහෙම කිව්ව මම කැකුළු හාල් ට්කක් ගරලා අරගෙන කුකර් එකට දාල වතුරත්දාලා ආයෙත් පියන වහලා ටික වෙලාවක් බැලුවා...ම්හ්...හාල් ටික බත් වෙන්නේ නෑ.......දැන්නම් අහස උසට බඩිගින්න..."මූ අපිට පිච්චිච එකක්ද කොහෙද දීලා තියෙන්නේ" එහෙම කියපු මම කඩේ එකාගේ මෑණියන්දා සිහි කරමින් හය්යෙන්ම රයිස් කුකර් එකට දඩිබිඩි ගාලා දෙකක් ගැහුවා.
එතකොටම ආශ්චාර්යයක් වුනා වගේ මගේ අත වැදිලා අර පැත්තෙන් තියෙන සුදු පාට පොඩි ප්ලාස්ටික් කෑල්ල පහලට වැටිලා ඒකට උඩින් තියෙන රතුපාට ලයිට් එක පත්තුවුනා.ටික වෙලාවකින් බත ඉදිලා සුවඳ හමන්න වුනා......හම්මේ නිවන් දැක්කා වගේ....කවදාවත් රයිස් කුකර් එකෙන් උයලා නොතිබුණු අපි දෙන්නට ප්ලග් එක ගැහුවට පස්සේ අර ස්විච් එක පහලට දාන්න ඕන කියලා තේරුමක් තිබුනේ නැහැ.සම්බා බතුයි පොල් සම්බලුයි කන්න හිටපු අපිට කන වෙලාවට පහුවෙලා පැය දෙකකට විතර පස්සේ කැකුළු බතුයි ..පොල් සම්බලුයි කන්න වුනා....
පහුවෙනිදා උදේ කඩේ මෑන් කිව්ව විදිහට නූඩ්ල්ස් හදන්න රයිස් කුකර් ඒකට නූඩ්ල්ස් එක කඩලා දාලා වතුරත් ටිකක් වැඩිපුර තියලා ප්ලග් එක ගැහුවා.......ආ....ඔව්...ඔව්... අර ස්විච් එකත් පහලට දැම්මා....ටික වෙලාවකින් ඇරලා බැලුවා.....හප්පේ නූඩ්ල්ස් නම් හැදිලා...හැදිලා කියන්නේ පාප්ප වගේ හැදිලා....මේක දැකපු මට ගණ දෙවි නුවන පහල වුනා....අපේ උදේ කෑමට කෙළවුණ එක ඇත්ත...ඒත් ඉතින් කෑමක් අපතේ දානවා කියන්නේ සහගහන අපරාදයක්...සීනි බෝතලේ ගෙනල්ලා දැම්මා ලොකු සීනි හැඳි දෙක තුනක්...ඊට පස්සේ බත් කූරු ගාන කූරෙන්ම ටිකක් කූරු ගාලා තව වතුර ටිකකුත් දාලා ආයෙත් ටික වෙලාවක් තියෙන්න ඇරියා..ඊට පස්සේ මේ පාප්පේ අරගෙන පිගන් දෙකකට තුනී කරලා පොඩි කිරිබත් කෑලි වගේ හිටින්න කැපුවා.ඊට පස්සේ අයිස් ක්‍රීම් බාජනෙකට බත් කොලයක් එලලා අර කෑලි ටික අඩුක් කරගෙන වැඩට යනකොට ගෙනිච්චා......
ආනේ..... චෝයි කිරි කෑලි.......මාර රහයි ....... කිය කිය අපේ ඔෆිස් එකේ බඩජාරි කෙල්ලෝ ඒ ඔක්කොම ටිකට වගකිව්වා....
පිදුම - මේ පොස්ට් එක කියවන අද වෙනතුරුත් තමන් එදා කෑවේ බෙරිවුණු නූඩ්ල්ස් බව නොදත් ඒ කෙල්ලන්ගේ නමින් මේ පොස්ටුව පුදනු ලැබේ.....
ටටා...
එවුන්ට බඩේ රුජාව එහෙම හැදුනේ නැතෙයි??
ReplyDeleteවාර්තා වුනේ නැත ...
Deleteමට මතක් උනා අපේ ගෙදරට රයිස් කුකර් එකක් ගෙනල්ලා බත් ඉව්ව දවස එතකොට මට අවු.10 විතර ඇති මායි,අක්කයි කුකර් එකේ බත් එක ඉදෙනකම් එතනින් හෙල්ලුනේ නෑ......ඉතාලියේ රයිස් කුකර් තියෙන්නේ චයනීස් මිනිස්සුන්ගේ කඩවල් වල අපේ මහත්තයා නම් හැමදාම ගන්න කියලා මට කියනවා.එත් ඉතින් ඒවල ගනන් දැක්කම ඇඩෙනවා.ලංකාවේ කුකර් දෙකක් ගන්න පුලුවන් එකට වියදම් කරන සල්ලි වලින්.ගෑණු කොහොමත් ලෝබයිනේ අෆ්ෆා.....හි...හි..හි...එ නිසා ගිය අවුරුද්ද වෙනකම් ලිපේ බත ඉව්වා.ගිය අවුරුද්දේ රයිස් කුකර් එකක් ලංකාවෙන්ම ගෙනාවා ඕං.........එ ඉතින් මන් තනියම ලංකාවට ගිය නිසා.........
ReplyDeleteඅර කිරි කෑලි හදල බලන්න ඕනේ වෙලාවක :B
ලංකාවේ දැන් ඉතින් චීන ඉලෙක්ට්‍රික් බඩු වැහි වැහැලා....
Deleteඉඳපන් මේක අපේ ෆේස්බුක් පේජ් එකට දානව. උඹට කෙල්ලන්ගෙන් කන්න වෙයි.
ReplyDeleteපිස්සු කෙලින්නෙපා අයියේ....
Deleteදාපං සුදීක දාපං
Deleteආ...අටම්ටත් ආස ඇතිනේ...
Deleteඅා අයියේ මම සිංහලෙන් කොමෙන්ටු දානව ඒහෙනම් අද ඉදන්.....
Deleteහොඳයි අමරේ හොඳයි....
Deleteඋඹේ නූඩ්ල්ස් රෙසිපිය මමත් අනුගමනය කරලා බලන්න ඕනේ. කවුද දන්නේ ශතවර්ශයේ හොඳම සොයාගැනීමද කියලා.
ReplyDeleteමොකටද බං මැනේජර්ගේ අනුමැතිය රයිස් කුකර් එක ගන්න? ඒකට බැංකුවේ පෙටිකෑෂ්ද යන්නේ?
කතාවෙන් කතාවෙන් මට උඹට ඔහේ කියන්නත් අමතක වුනා. ඔහේට උඹ කියලා පුරුදු විදියට.
ඔහෙට කියන්න dude ඒක ඒ රයිස්කුකර් එකටම ආවේනික වුනු එකක්ද දන්නේ නෑනේ????
Deleteඒ දවස්වල අතේ සල්ලි වලින් රයිස්කුකර් එකක් ගන්න වුනානම් මාසෙම නොකා නොබී ඉන්න වෙන්නේ.අපි බැංකුවේ චමරියට නිසා බැංකුවේ සල්ලිවලින් ගත්තේ ..එකයි මැනේජර්ගෙන් අවසර ගත්තේ..
බැංකුවේ චමරියට කරන වියදම් වෙනුවෙන් claim voucher ලියලාම එපා වෙලා තියෙන්නෙ මටනම්.
Deleteමං චමරියේ බජට්ටුව run කරපුහැටි ඉස්සරහට කියන්නම්කො....
Deleteහොද වැඩේ බඩජාරි කෙල්ලන්ට ඕකුන් ඔහොම්මමයි
ReplyDeleteඒකනම් ඉතින් එහෙම තමා....
Deleteනූඩ්ල්ස් වලින් කිරිකෑලි කපපු එක නං සුපිරියි බං,ඊට හපන් එව්වා රස කර කර කාපු උන්.
ReplyDeleteමේ පෝස්ටුව කියවද්දි මම බෙන් එකේ ඉද්දි රයිස් කුකර් එකේ බත උයාගත්තු හැටි මතක්වුනා.
හෙහ්..හෙහ්...හිතුවට වඩා වැඩේ නැගලා ගියා...
Deleteබෙරි වුනත් නූඩ්ල්ස් නිසාම අවුලක් වෙන්න නැතුව ඇති.
ReplyDeleteඔව් ඉතින් අපි මැගී කන හැටියට මේවා අරුමයක් නෙවිනේ..
Deleteදවස් තුනක් විතර උන්ට බඩ ගියා කියලා ඇවිත් කිව්වේ නැද්ද?
ReplyDeleteඑහෙම වුනාද නැත්ද දන්නේ නෑ...කොහොමවුනත් කිව්වෙනම් නෑ ..
Deleteහික්ස්................බත උයාගන්න කාලා තියන කට්ටක්...
ReplyDeleteහොඳ වැඩේ පෙරේතියන්ට
ඔයත්......එහෙම කෙනෙක් නෙවි නේද ????
Deleteයකෝ ඒ කෙල්ලො කවදාවත් කිරි කෑලි කාල නැද්ද. නැත්තං නූඩ්ල්ස් වල රහ අඳුනන්නෙ නැද්ද?
ReplyDeleteකොහොමහරි අර ඩූඩ් කිව්ව වගේ ඕක හදල බලන්න හිතෙනව මටත්. උඹ ඕකට පේටන්ට් අරං නෑනෙ.
'කඩේ මෑන් අපිට රයිස් කුකර් එක ගැන ලොකු වර්ණනාවක් එහෙම කරලා තමයි ඕක දුන්නේ'
Deleteඑතකොටවත් ඌ කිවුවෙ නැද්ද ඕක ඔන් කරන්න ස්විච් එකක් තියෙනව කියල. :D
එහෙම කියලා දුන්නනම් ඔහොම වෙන්නේ නෑනේ...අඩෝ මගෙන් අවසර නැතිව ඕවා හදනවා එහෙම නෙවි...මතක ඇතිව සුදු නූඩ්ල්ස් ගනින් අය්යේ...
Deleteකෙල්ලො ටිකට නම් හොදම වැඩේ. මාත් අනිවාර්යෙන්ම හදලා බලන්න ඕන ඔය වට්ටෝරුව.
ReplyDeleteහෙට ඉදලා රට පුරා දොස්තරලට වැඩ තියෙයි වගේ...
Deleteහාෙපා්....ලැජ්ජාවෙ බෑ.....
ReplyDeleteලැජ්ජයි කියන්නේ ඕයි...විලි ලැජ්ජයි..
Deleteකාපු එක්කෙනෙක් හරි මේක බලනව ද?
ReplyDeleteබැලුවත් ..බැලුවා කියලා කියයිද ????
Deleteතෝව මරනව යකෝ....හිනා වෙලා පන ගියා...
ReplyDeleteදඹර ඇගිල්ලෙන් 'අර' බටන් එක ඔබන්න බැරි තරම් චුටි බබ්බු..
අක්කියාගේ දිනපොතට වැස්ස නිසා අකුණු ගහලද බං..
මරණ තර්ජන එන නිසා පොලිසියට කියන්න වෙයිද ????
Deleteඅක්කනම් මේ දවස්වල ෆුල් බිසී....බිසී අඩුවුනාම ලියයි...අපේ ගෙදර තුන වෙනි බ්ලොග් එකත් ලගදීම එළිදකියි වගේ...
මොන බිසිද බන් දවසෙම fb ඉන්නේ හැබැයි ෆෝන් එකෙන් වගේ
Deleteඒ tab එක on කරලා නිසානේ....
Delete/* එවකට බැංකුවේ නිර්ධන පන්තියේ සේවය කල අපි (පඩිය රුපියල් 9200 යි) */.
ReplyDeleteමේ කොයි කාලේද?
මීට අවුරුදු දහයකට විතර කලින්...
Deleteපිදුම තමයි මරු බං.. උන් යහතින් ඉන්නවද දන්නේ නෑ..
ReplyDeleteඉන්නවා දෙයියෝ..ඉන්නවා...
Deleteමේ යෝධයා උයන්න තියා ගෙදර කුස්සිය තිබුන තැනවත් දන්න එකෙක් නෙවෙයි. කොටින්ම කියනවනං අම්ම හරි තාත්ත හරි පිගාන ඛෙදල ගෙනල්ල දෙන්න ඕන අතට.
ReplyDeleteහැබැයි මේ රයිස් කුකර් කථාවනං ඇත්ත මගෙත් පළවෙනි එක්පීරියන්ස් එක ඔය වගේ. දර ලිපේ ගෑස් කුකර් එකේ කාපු අපිට මොන රයිස් කුකර් ද අප්ප. අපේ ගෙදරට ඉස්සෙල්ලම රයිස් කුකර එකක් ගෙනාවෙ තාත්ත රට ගිහින් එන වෙලාවක. අම්මයි මායි පැය භාගයක් විතර මැනුවල් එක කියවල තමා යන්තම් වැඩේ අල්ලගත්තෙ.
ඒ වගේම දැන් කාලයක් තිස්සෙ මං අපේ මලයගේ මේ බොලෙග්ගය කියවනව. හැබැයි මේක තමා පළවෙනි කමෙන්ට් එක.
ළගදීම හසරැස් නොකියන තවත් රස කථා ටිකක් එළි දක්වන්න මගේ අදහසක් තියෙනවා.
බ්ලොග් කෙරුවාව ඉස්සහරහට සෑහෙන්න අමාරුවෙයි වගේ...
Deleteඔයයි ඉතින් මටයි අක්කටයි දෙන්නටම වඩා මේ කොම්පීටර් ජිල්මාට් වලට දස්සයි නොවැ...
කම්මැලිකමට ඉන්නේකේ පටන් ගන්නවකො තමන්ගේම බ්ලොග් කට්ටක්....
හසරැල්. ඒකා පටන් අරන් තියෙන්නේ. උඹලා කාටවත් කියලා නෑ.
Deletehttp://hariweradi.blogspot.com/2013/10/blog-post.html
යකෝ ...ඇත්තනේ..මූව තියන්න වටින්නැහැනේ...
Deleteනුඩ්ල්ස් වලට සීනි දැමු විට සැදෙන ආහාරයේ නම කුමක්ද???????????
ReplyDeleteඔබගේ පිලිතුර 7788 ට යොමු කර වටිනා තෑගි දිනාගන්න
පළමු තෑග්ගට නූඩ්ල්ස් පැකට් එකක්...සීනි කිලෝවක් සහ නවතම මාදිලියේ රයිස් කුකරයක් තෑගී....
Deleteඋබත් මාර සොයා ගැනිම් නෙ කරල තියෙන්නෙ
ReplyDeleteඅපේ සොයාගැනීම් කාලයේ වැලි තලාවෙන් වැසිලා ගිහිල්ලා තියෙන්නේ...
Deleteඅපිට දැනුත් ඔය වැඩේ වෙනවනෙ.....හරියටම ගිය සතියෙත් උනා...බත් ටික තියලා මාලු පිනි සූදානම් කරගෙන කන්න බලද්දි...හාල් ටික වතුර යට අගේට තියෙනවා...කිරි කෑලි වාණිජව හැදුවා නම් කෙල්ලන්ටම විකුණලා පෝසතෙක් වෙන්න තිබුනනෙ බොලං....
ReplyDeleteකුඩා කරුමාන්තයක් විදිහට ඉදිරියට කරගෙන යන්න කවුරුවත් අත දුන්නේ නැහැනේ...
Deleteබොට බැංකුවෙ කෙල්ලෙක් අත නැතුව හිත හරි දුන්නා නම් මදැයි...
Deleteබැන්කුවෙන්නම් කෙල්ලෝ එපා...
Deleteආහ්. අ මොකද ඒ?
Deleteඕක fb එකේ දාලා උන් ටිකට ටැග් කොරහන් එතකොට තමයි පිදුම හරි යන්නේ මමත් ඔය වගේ කෑම ටෙසෙට් කොරලා තියනවා අවුල තියෙන්නේ හිටි ගමන් බඩ අවුල් යනවා
ReplyDeleteඑහෙම හරි නෑනේ බං...
Deleteයකෝ මෙච්චර හොද කෑමක් හැටියට කොන්වර්ට් කරගන්න පුළුවන් එකක්නේ ඒ කියන්නේ මම මෙවෙනකන් විසික් කරලා තියෙන්නේ
ReplyDeleteලගපාත දොස්තර කෙනෙක් එහෙම ඉන්නවද????
Deleteකාපු කෙල්ලන්ගෙ බඩවල්නම් ඕනෙ ජරාවකට ඔරොත්තු දෙනව වගේ :D
ReplyDeleteඔයාගේ වගේ තමයි අනේ ඒ අයගේ බඩවලුත්
Deleteමේ පොස්ට් එක කියවන අද වෙනතුරුත් තමන් එදා කෑවේ බෙරිවුණු නූඩ්ල්ස් බව නොදත් ඒ කෙල්ලන්ගේ නමින් මේ පොස්ටුව පුදනු ලැබේ.....
ReplyDeleteකව්ද මචන් ඒ කෙල්ලො ?
මං දන්නේ නෑ ...අනේ මගේ කට
Deleteආහ්. උබ බබා.. කට කියුවෙ?
Delete