http://www.instructables.com
කාලෙකින් ඔන්න ඔයාලට සෙල්ලම් බඩුවක් හදන හැටි කියලා දෙන්න හිතුනා...මීට අවුරුදු 10 කට 15 කට කලින් මං නිතරම හදපු සෙල්ලම් බඩුවක් තමයි මේ.මීට කලින් Weekend Project වැඩසටහනෙන් කියලා දුන්නේ ස්වභාවික දේවල් වලින් හදන සෙල්ලම්බඩු වුනාට ඔන්න මේ පාර කියලා දෙන්නේ අපතේ යන කෘත්‍රිම දෙයකින් හදන චුට්ටිම චුට්ටි ඒත් ආස හිතෙන සෙල්ලම් බඩුවක්.අද තවත් විශේෂත්වයක් තියෙනවා.මට හදිස්සියට අවශ්‍යකරන දේවල් හොයාගන්න බැරිවුනා.ඒත් ඉතින් බයවෙන්නේ මොකටද නේද ?දැන් අන්තර්ජාලේ හැම දෙයක්ම තියෙනවනේ.ඒක නිසා අද පින්තුර අන්තර්ජාලෙන් ගත්තු ඒවා තමයි තියෙන්නේ [පින්තුර -http://www.instructables.com වෙබ් අඩවියෙන්].පස්සේ වෙලාවක මං හදපු එකක ෆොටෝ එකක් දාන්නම්.අනික මේකේ තියෙන්නේ පොඩි පොඩි කෑලිබෑලි නිසා හොඳ කැමරාවකුත් ඕනා කරනවා ෆොටෝ ගන්න.මගේ දුප්පත් කැමර් එකෙන් මේ වගේ හොඳ ෆොටෝ ගන්න අමාරුයි.එනිවේ වැඩේ පටා....න් ගමු.මුලින්ම සුපුරුදු පරිදි අවශ්‍ය දේ....
මේක හදන්න අවශ්‍ය එකම දෙයයි.ඒ තමයි පරණ ඉවරවෙච්චි ලයිටර් දෙකක්.ඒ දෙකේ කෑලි වලින් චුට්ටි සෙල්ලම් මොටර්බයිසිකලයක් හදන්න තමයි අද ලේස්තිවෙන්නේ.ඔය උඩම තියෙන පින්තුරේ විදිහේ එකක්.හැබැයි රජෝ මේකට ඕන වෙන්නේ අර ගිනිගලත් එක්ක රෝදේ තියෙන ලයිටර් දෙකක් හොඳේ...හරි බඩු හොයාගත්තනම් වැඩේට බහිමු...
http://www.instructables.com
මුලින්ම කෑලි ටික ගලවලා ලයිටර් දෙක මස් කරන්න තමයි තියෙන්නේ.ඔය උඩ පින්තුරේ තියෙන විදිහට..
මුලින්ම කරන්න තියෙන්නේ අංක 2 ප්ලාස්ටික් කැබැල්ල අරගෙන ඒකෙ සිදුරට අංක 5 කියන ස්ප්‍රින්ග් එක දාලා අංක 7 යකඩ විල්ල ඒ ස්ප්‍රින්ග් එකේ උඩට තියලා අංක 8 කියන යකඩ රෝදේ ඒ ස්රින්ග් එකෙන් තදවෙලා හිටින පරිදි ඔන්න ඔය උඩ රූපේ විදිහට රඳවාගන්න එක තමයි.මේ විදිහට සෙට් දෙකම හදාගන්න.ඔය අපි හදාගත්තේ බයික් එකේ රෝද දෙක.
ඊට පස්සේ කරන්න තියෙන්නේ අර හදාගත්තු සෙට් දෙකෙන් එකක් අරගෙන ඒකට ඔන්න ඔය උඩ රූපේ විදිහට අංක 3 ප්ලාස්ටික් කැබැල්ලක් හයිකරගන්න එක.මේක තමයි බයික් එකේ සීට් එක වෙන්නේ.
ඊළඟට කරන්න තියෙන්නේ අර සීට් එක හයිකරගත්තු රෝද සෙට් එකේම සයිලන්සර් දෙක හයිකරගන්න එක.ඒකට ඕනා වෙන්නේ අංක 4 සහ 6 කැබලි.ඔන්න ඔය උඩ රූපේ තියෙන විදිහට හයිකරගන්න තමයි තියෙන්නේ.
ඔන්න ඊළඟට කරන්න තියෙන්නේ අංක 1 කියන යකඩ විල්ල ලස්සනට බයික් එකේ ෆ්රන්ට් පැනල් එක විදිහට සවිකරගන්න එක.ඒක තමන් කැමති විදිහකට සවිකරගන්න පුළුවන්.
ඔන්න වැඩේ අවසාන පියවර ...දැන් තියෙන්නේ අර රෝද සෙට් දෙක එකිනෙකට සවිකරගන්න.ඔය රූපේ තියෙන විදිහට.සුපර්ග්ලු බින්දුවක් දැම්මනම් වැඩේ හරි.මේක හදන හැටි වඩාත් පැහැදිලිවෙයි පල්ලෙහා තියෙන පොඩි වීඩියෝ එකත් බැලුවොත්.
පොඩ්ඩක් වෙනස්වුනත් වැඩේ පැහැදිලියි නේද?Weekend එකේ පබ්ලිෂ් කරන්න හිටියත් මගේ වැඩේට ලයිටර් දෙකක් හොයාගන්න බැරිවුනා.කොහොමවුනත් වැඩේ ලේසියි.ලස්සනයි.එහෙනම් හදාගෙන පදින එකයි ඇත්තේ...අපි ගෙහුං එන්නං...ටටා...
පින්තුර photo credit -http://www.instructables.com
මේ ගැන ඉස්කෝලේ මහත්තයත් ලියල තිබුනා
ReplyDeleteඩුඩ් නේද ?
Deleteහරියටම හරි අටං හෙන්රියා නොහොත් ඩූඩා මේ ගැන ලියලා තිබුණා ඒත් හදාගන්න විදිය නොවේ. සිද්ධිය විතරයි.
ReplyDeleteඔව්..ඔව්...මටත් යන්තමට මතකයි.අර ඉස්කෝලේ කොල්ලෙක් හදාගෙන ආවා කිව්ව එක නේද?හදනහැටි තිබුණු වගක්නම් මට මතක නැහැ.මටත් මේක කියලා දුන්නේ අපේ ඉස්කෝලේ කොල්ලෙක් තමා..
Deleteනමෝ විත්තියෙන් .......ජාතුන් මට එකක් හදලා ඊ ලග පාර ලංකාවට ආවම මට තෑගි කරනවලු.... :D
ReplyDeleteජාතුන්...??? කවුද යකෝ ඒ ?
Deleteඅර දවසක් මා එක්ක ඇඹරි ඇඹරි කතා කරපු හසරැල් කියන වසවර්තියා
Deleteඇඹරි ඇඹරි කතා කරපු...? ලිඳ ලගදි වෙන්ට ඇති නේ ...
Deleteනෑනේ.....එදා මුහුද ලගදි නෙහේ ;)
Deleteඒ -පාර මෙන්න මට නෑනා කියන්න පටන්අරන්...කොයිල්ද අනේ..
Deleteඅඩේ නියමයි නේ.. ඉවර වුන ලයිටරයක් හියාගෙන පොඩි ට්‍රයි එකක් දිලා බලන්න ඕන..
ReplyDeleteහැදුවොත් ඉතින් වැඩකරු ...ඈ...
Deleteමේ ගැන තව මොකෙක් හරි ලියල තිබුනා..ආ හරි හැන්රියා. උගේ ලෑන්තරස් ක්ලාස් එකේ කොල්ලෙක් හදපු එකක්..
ReplyDeleteඔව්..ඔව්...මතකයි..
Deleteහැක හැක පස්ස ගිනිගනියිද පදිනකොට
ReplyDeleteබොට ගිනි ගන්න තරම් (hot ) පස්සක් තියෙනවද
Deleteඑක පුලියේ දාගෙන ගියෝත්නම් ගිනිගනී...
Deleteපට්ට. එළ
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
එළ ..පට්ට..
Deleteගිනිගල් දෙකත් දාලම හැදුවනං පදිනකොට රෝද වලින් ගින්දර යන්නම හදාගන්න තිබුණ. :D
ReplyDeleteඑතකොට රෝද තදවැඩි වෙලා මැදින් හයිකරපු තැනින් කැඩෙන්න පුළුවන් ...
Deleteහ්ම්ම්ම් ඔය තියෙන්නේ. ඇත්තටම මරු නේද?
ReplyDeleteඅර මං කිව්ව එකා දැන් ඉස්කෝලේ එන්නේ නෑ. දැන් ඔය තාප්ප උඩ ඉඳගෙන කුඩු ගහනවා මම හිතන්නේ.
ස්මාට් පෝන් එක නං අනිවා සාක්කුවේ ඇති...
Deleteඒකනං අහන්නත් කනගාටුයි ඩුඩ්...ඇත්තටම අධ්‍යාපන ක්‍රමය සාර්ථක වෙන්නේ ළමයින් තුල ඇති හැකියාවන් ඔප්නංවුනොත් තමයි.ඔක්කොමලාට දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න බෑනේ...අර ළමයා දක්ෂ මෝටර් මිකැනික් වෙන්න ඉඩ තිබුනා...
Deleteදැන් ඉතිං හොයපන්කෝ ලයිටර්.
ReplyDeleteතාමත් සිගරට් බොන යාළුවො නැත්ද ?
Deleteමටත් එකපාරටම මතක්වුනෙ තව කවුරුහරි දැම්ම නෙද මෙවගෙ එකක් කියල.වුඩා නේ.
ReplyDeleteඑකනෙමෙයි මොකො දැන් උබ වැඩිය බ්ලොග පැත්තෙ නැත්තෙ
පොඩ්ඩක් බිසී මේ කාලේ...බලමු මේ මාසේ පොඩ්ඩක් වැඩ අඩුවුනොත් ආයෙත් පරණ පුරුදු විදිහට ලියනවා...කියවනවා...
Deleteෂාහ්...ඕව හදන්න කෝ ඉතින් ලයිටර්
ReplyDeleteඇයි අනේ හඳ අල්ලපු රටේ ගින්දර හදාගන්නේ ගල් එකට තට්ටුකරලද?
Deleteනියමයි
ReplyDeleteතැන්කු..
Deleteහොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
ReplyDeleteමෙය ඇඩ් එකකි.
http://premalathaa.blogspot.com/
හා...හා...හොඳයි...හොඳයි
Delete