මිනිසුන්ව ඉපදුනු අපි හැමටම සිහින ඇත්තේය.....කුඩා කල කෙනෙකු ලොකුමහත්වී දොස්තර කෙනෙකු වන්නට සිහින දකින අතර තවකෙකුට ඇත්තේ ඉංජිනේරුවකු වීමේ සිහිනයකි..කුඩාකල පටන්ම මා සතුව පවතී සිහිනය වුනේ කවදා කෙසේ හෝ මේ කරදිය වළල්ලෙන් එපිට රටකට පය ගැසීමේ සිහිනයයි....දිගුකාලයකට නැතත් කෙටි සංචාරයකට හෝ පිටරටකට යමියි මා අදිටන් කරගෙන සිටියෙමි.නොබෝ දිනකින්ම මා හට ඒ සඳහා අවස්තාවක් ලැබුණු අතර එය තායිලන්ත සංචාරයක් විය...මගේ සංචාරය ගැන ඇසු මගේ බොක්කේ ප්රෙන්තෙක්ද මගේ ගමනට සෙට්විය...මෙය කියවන ඔබ සැම ඔහු නොහඳුනන නිසා අපි ඔහු සමන් යයි නම්කරමු...
සමනුත් මමත් සංචාරය සඳහා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අතර නියමිත වෙලාවටම ගුවන් යානය පිටත්විය.මගෙ මෙන්ම සමන්ගේද මුල්ම ගුවන්ගමන මෙය වූ බැවින් අපි දෙදෙනා බෙල්ල හරෝගෙන ගුවන් යානයේ වීදුරුවෙන් පෙනෙන දර්සන බලමින් උන්නෙමු.ගුවන් යානයේ සේවයේ නියුතු ලස්සන ගෑනුලමයෙක් ඉඳහිට කතාකොට කෑම ටිකක් බීම ටිකක් දීමක් හැර විශේෂිත කිසිවක් සිදුනොවීය.මේ මුලුකාලයම සමනා කලේ FB එකේ ස්ටේටස් දැමීමත් ඒ මේ අතට ෆෝන් එක හරව හරවා ෆොටෝ ගැනීමත් පමණි.බොන්නට දුන් වයින් වීදුරුවද මේ යෝධයා එක එක පැත්තට හරව හරවා ෆොටෝ ගත්තේ FB එකේ දාන්නය.එහෙත් ටික වෙලාවකින් යානයේ ඇතිවූ දරුණු ගැස්මක් සමග මගීන් විලාප නගන්නට විය.ටික වෙලාවකින් ගැස්ම තරමක් අඩුවූ නමුත් සම්පුර්ණයෙන් නැවතුනේ නැත.ඒ සමගම ගුවන්යානයේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ගුවන් නියමුවාගේ හඬ නැගී ආවේය.
"හිතවත් මගීනි,අපගේ යානයේ එන්ජින් දෙකම ක්‍රියා විරහිතවී තිබෙනවා මේ අවස්තාවේදී.අපි දැන් ගමන්ගන්නේ අන්දමන් දූපත්වලට ඉහලින් ,ඒ නිසා අපි ලගම ඇති ගුවන් තොටුපොළට යානය ගෙනයන්න උපරිම උත්සාහය දරනවා.ඒ නිසා ඔබේ ජීවිතාරක්ෂක ජැකට්ටු පලඳගන්නා මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා"
ඒ සමගම යානය නැවතත් තදින් ගැස්සෙන්නට වුනු අතර මගේ ඔලුව ඉදිරි අසුනේ වදිනවා මට මතකය.ඉන්පසු මට සිහි නැතිවුවා විය යුතුය......
මුහුදු ලිහිණියන්ගේ හඬින් මා අවදිවුනෙමි.එක්වරම මට ඉන්නා තැන ගැන සිහියක් නොමැතිවිය.තැඹිලි පැහැති ජීවිතාරක්ෂක බෝට්ටුවක මමත් සමනත් තවත් චීනෙක් වැනි එකෙකුත් වුන්නෙමු.ගුවන්යානයේ ගමන ගැනත් අවසන් මොහොත ගැනත් මට සිහියට එන්නටවිය.නැගිට ගැනීමට පණක් නැතත් සමන් ගාවට බඩගාගෙන ගිය මා බෝට්ටුවේ රැස්වී තිබු වතුර ටිකක් ඉස ඔහු ඇහැරවීමට උත්සාහ ගත්තෙමි.මුලින් මලාක් මෙන්වුන් සමනා දෙතුන්වරක් තට්ටු දාන විට සිහියට ආවේය.
මොකක්ද හු..... වුනේ?
අනේ මන්දා බං මටත් හිතාගන්න බෑ.ප්ලේන් එක මූදට පාත්කරාට පස්සේ මටත් සිහිය නැතිවුනා...අපි කොහොමද බං මේකට ගොඩ වුනේ.....කවුරුහරි උස්සලා දාන්නතිනේ....
බඩගාගෙනම චීනා ලඟට ගිය සමන්....
ඒ බං...මු මැරිලද කොහෙද බං....මේ....මුගේ කකුලක් ඇඟේන්ම ගැලවිලා ගිහින් බං....ලේ ගිහින්ම මු මැරිලා....
අඩෝ ... මේ මේකව මූදට දාමු...අපිට බඩිගින්න වැඩිවුනොත් මුගේ මස් කන්න හිතේවි.... මොකෙක්ගේ මස් කෑවත් චීනේක්ගේ මස්නම් කන්න බෑ ලොවෙත්.....
මාත් සමනාත් එකතුවී චීනා මූදට ඇද දැම්මෙමු.දිවා කල වූ බැවින් ජීවිතාරක්ෂක බෝට්ටුවේ වහල කෑල්ල යටට රිංගාගත් අපි එහි වුන්නෙමු.හවස්වීමත් සමගම මුහුද පුදුමලෙස නිසන්සලවුණු අතර එක්වරම ඒ නිසසල බව බිඳගෙන මහා කුණාටුවක් බිරුසන් දෙන්නට විය.කුණාටුවට අහුවුණු අපේ බෝට්ටුව පිහාට්ටක් මෙන් ඒ මේ අත විසිවිය.
සමනෝ....මක්කාවුනත් හයියෙන් බෝට්ටුව අල්ලාගෙන හිටපියෝ......
කුණාටුවත සමග බොහොවේලා පොරබැදු අපි තවදුරටත් එය දරාගනු බැරිව නින්දට වැටෙන්නට ඇත.නැවතත් සිහිය එනවිට මා සිටියේ මුදු වැල්ලක් සිපගනිමිනි.නැගිට ගැනීමට උත්සාහකලත් මා ඇද වැටුනේ අධික තෙහෙට්ටුවෙනි.වටපිට බලනවිට ඈතින් මා දෙසට එන රුවක් පෙනුනි.විගසින් මා නොදන්නා දූපතක සිටින බවත් මේ එන්නේ මිනීමස්කන වනචාරියකු වියහැකි බවත් මගේ මොලය මගේ ඉන්ද්‍රියන්ට දැනුම් දුන්නේය...මොලය දුන් පණිවිඩය ඉන්ද්‍රියන්ට ලැබුණු නමුත් අතපය අධික වෙහෙස නිසාම වැඩකිරීම ප්‍රතික්ෂේප කලෝය.මරණය බලාපොරොත්තුවෙන් මා ඇස් පියාගතිමි....
මේ...මේ....නැගිටපන් වද නොදී.... ඒ සමනාගේ හඬය....
අඩේ උඹද බං....මං බයවුනා බං...අපි මේ කොහෙද ඉන්නේ බං....
ඉන්නේ කොහෙදනම් කියන්න දන්නේ නෑ....මේක දූපතක් වගේ...
අඩේ වතුර ටිකක් නැද්ද බං.....
ඒක තමයි මං මේ ඇවිදලා බැලුවේ.....ම්හු ....දූපතේ වතුරනම් නෑ වගේ....
මං බෝට්ටුවේ තිබ්බ වතුරටික බිව්වා බොට සිහිය නැතිනිසා.....
තොගේ අම්....... බල්ලෝ....මටත් වතුර ටිකක් තියන්නේපයි....
ඕවා දැන් කතාකරලා වැඩක් නෑ...අර දැක්කනේ බෝට්ටුවෙන් ගන්න දෙයක් නෑ...කවුරුහරි අපිව හොයාගන්නකන් මේකේ තමා ඉන්න වෙන්නේ...අමාරුවෙන් හරි නැගිටලා වරෙන් වතුර ටිකක් කෑම ටිකක් හොයාගන්න යන්න.....
ඉතා අමාරුවෙන් වුවද නැගිටගත් මා සමනාගේ උදව්වද ඇතිව දූපතේ ඇවිද්දෙමි.බොහෝ වේලාවක් ඇවිද්දද වතුර හොයාගැනීමට බැරිවිය...
මේ දූපතේ වතුරනම් නෑ වගේ බං...අපිට මැරෙන්න තමා වෙන්නේ...බලහන්කො පොල් ගහක්වත් නැහැනේ.....
ඒ වුනාට බලහන්කො මේ මොනවද මේ දූපතේ තියෙන ගස් ජාතිය....අපි ජීවිතේට දැකලා නැහැනේ...නිකං පුවක්ගස්වාගේ....ඒ වුනාට පොල්ගෙඩි වගේ ගෙඩි තියෙන්නේ....ඒවායේ වතුර තියෙද්ද දන්නේ නැහැනේ බං...ගහකට නැගලා ගෙඩියක් දෙකක් කඩපන්කෝ....
අම්මෝ....මටනම් බැහැ...කවුද්දන්නේ ඕවා වහවෙන්නත් පුළුවන්....
මේ සමනෝ...මගෙන් කුණුහබ්බ නාහ කඩපිය ගෙඩියක් දෙකක්...වතුර නැතිවුනොත් අපි කොහොමත් මැරෙනවානේ....
ගහකට නැගී සමන් ගෙඩි දෙකක් කැඩුවේය.ඉන්පසු සාක්කුවේ තිබු පැනපිහියෙන් ගෙඩිය සිදුරුකළ සමනා ඒක මට දික්කළේය.....
"බොට ගහට නැගලා මහන්සිත් ඇතිනේ බං...සමනෝ...උඹම බීපං ඕක"
අනේ අම්මේ...උඹේ සත්තකරුනාව.....ඔනෙකක් වෙද්දෙන් ඕන් මං බිව්වා....මැරුනොත් අපේ ගෙදරට කියපන්.....
කටේ තියාගෙන උගුරක් බිව් සමනා....
තුහ් ...මේ මොන ජරාවක්ද බං...
ඇයි මොකෝ....
මේකේ වතුරනෙමේ තියෙන්නේ..මේ බීල බලහන්...අනේ මන්දා නිකං පුරුදු රහකුත් දැනෙනවා.....
කෝ බලන්න.....මාත් උගුරක් බීමි...දියරය ගලනාලය පුච්චාගෙන ආමාසේට බැස්සේය....
යකෝව්.....මේ.... විස්කිනේ.....
මොකා....කෝ දියන් බලන්න... සමනාද උගුරක් බිව්වේය.....
ඇඩෝව්...සිරාවට....මට එකපාර අඳුනගන්න බැරිවුනා...අපි ජීවිතේට සැන්ඩි නැතුව අමුවෙන් ගහන්නේ නැහැනේ....යකෝ මේ ගෙඩියේ තියෙන්නේ නිකං RED LABEL වගේ නේ....
ඒකනේ බං....මේ තව ගෙඩි දෙකක් කඩපන්....
ඒ ගහ උස වැඩී....මේ ගහෙන් කඩපන්....
සමනා තවත් ගහකට බඩගෑවේය.එයින් ගෙඩියක් බිව් මා.....මේ මේ ගහේ තියෙන්නේ ඔරිජිනල් GALLERY නේ බං.....
දූපතේ තිබු ගස් සියල්ලෙහිම ගෙඩිවල තිබුනේ එක එක ජාතියේ මද්‍යසාර වුනු අතර අපි ඊළඟ සති දෙකම ගතකලේ දූපතේ තිබුණු ගස් වර්ග කොට නම් කිරීමටය....අපට එසේ කිරීමට වුනේ....BLACK LABEL,VAT 69,GOLD LABEL,CHIVAS REGAL,ABSOLUTE VODKA වැනි ගස් අතරතුර ඉඳහිට කසිප්පු,කරිඤඤන් ගස්ද පිහිටා තිබීම හේතුවෙනි..එමෙන්ම COKE සහ SODA ගස්ද පිහිටා තිබුණි.වැඩිපුර තිබුනේ එවැනි ගස් බැවින් අපි අපේ දූපත "සැන්ඩි දූපත" ලෙස නම්කලෙමු.
අපේ පානීය ගැටලුව මෙසේ විසඳුනු අතර අපට කෑමටනම් තිබුනේ අඩුවෙනි.දූපතේ තිබුනු පඳුරුවල FRENCH FRIES සහ සොසේජස් හැදුනු අතර වඩාත් වැදගත් දේ වුයේ ඒවා තෙලෙන් බැද සකස්කළ ආකාරයටම ගස්වල සෑදීමය.
කෑම බීම ප්රශ්නය විසඳුනු කල අපිට තිබුනු වෙනත් ප්‍රශ්න නොසැලකිය හැකිතරම් විය.මුදේ හොඳහැටි නාගෙන BLACK LABEL ගෙඩියක් ගසා FRENCH FRIES අහුරක් කටේ දාගෙන වැල්ලේ ඇලවුණු විට දිවියලෝකේ ගියා හා සමාන විය.මෙසේ සති දෙක තුනක්ම ගෙවී ගියේය.
අපේ දිනපතා ජීවන චක්‍රය එකලෙසම ගෙවී ගියේය.
දිනක් මා හොඳ හැටි මුදේ නා ගොඩට එනවිට සමනා කම්මුලේ අතගහගෙන මහත් සෝකයෙන් යුතුව ඉන්නා හැටි මට පෙනුනි.
මොකෝ.....ඊයේ රෑ පොඩ්ඩක් වැඩිවුනානේ...කොහෙද තෝ අමුවෙන්ම VODKA ගෙඩි දෙකක්ම ගැහුවනෙ...මං කීවේ සමනා කබරයා දැමු වමනේ ගොඩක් වැල්ලෙන් වසන අතරතුරේය....
එහෙම එකක් නෙවේ බං.....දැන් අමුවෙන්ම ගහලා ඇඟත් හුරුවෙලා තියෙන්නේ....
එහෙනම් මොකෝ බං සමනෝ.....බොට ගෙදර මතක්වුනානේ.....මක්කා කොරන්නද බං....හැමදේම හොඳ පැත්ත දකින්න පුරුදුවෙයන්....බලහන් අපි මේ WHISKY ගහන විදිහට WHISKY ගහන්නනම් අපේ තාත්තලා ඇමතිකෙනෙක්වුනත් පුලුවන්ද බං....
ඒ වුනාට වැඩක් නෑ බං.....
ඒ මොකෝ සමනෝ.....
කොච්චර වටින ජාති බිව්වත් වැඩක් තියේද බං...බීපුවා ගැන පම්පෝරි ගහන්න එකෙක්වත් නැතුව.....අඩුම ගානේ බොන වෙලාවට ෆොටෝ ටිකක් අරගෙන FB එකේ ස්ටේටස් එකක්වත් දාන්නතුව බොන බීමෙන් ඇති පලේ මොකක්ද බං.....
හම්මේ කාලෙකට පස්සේ මේ ඇවිත් ඉන්නේ...මල් හතයි කතාව..... මගේ හිතේ අවුරුද්දට ඔය දුපතේ වෙන්ටෑ මුඩී පාගන්න ගියේ.... හිකිස්
ReplyDeleteඅපිට මොන අවුරුදුද ...කවුරුහරි බෙරගන්නකල් අපි මෙහෙම තමා...ඉක්මනට බෝට්ටුවක් එවපියෝ....
Deleteකොච්චර වටින ජාති බිව්වත් වැඩක් තියේද බං...බීපුවා ගැන පම්පෝරි ගහන්න එකෙක්වත් නැතුව.....අඩුම ගානේ බොන වෙලාවට ෆොටෝ ටිකක් අරගෙන FB එකේ ස්ටේටස් එකක්වත් දාන්නතුව බොන බීමෙන් ඇති පලේ මොකක්ද බං.....
ReplyDeleteසිරා නේ මේ කතාව :v
මං දන්න එකෙකුත් ඉන්නවා ඔය හම්බන්තොට පැත්තේ...උගේ වැඩ හින්දා මේ කතාව මට හිතුනේ.... :p
Deleteසිරා ඈ ඌ නම් ඔය වගේ වැඩ කරන එකා හයියු ගැලරි
Deleteඅක්මා සහ වකුගඩු ගස් එහෙම තිබ්බේ නැද්ද?
ReplyDeleteඒවාත් ඇති බං....හැබැයි මේ දූපතෙන් පිට...
Deleteචැහ්, ගෝල්ඩ්ලීෆ් ගස් ඩන්හිල් ගස් තිබුන් නැද්ද බං ඔය දූපතේ.. උඹල විස්කි ගස් ටික යටිං අතුරු වගාවක් දාගනිල්ල ඒවත්.. මාත් තියන ඉඩමක් කඩමක් විකුනල ගෑණි අම්මලට බාර දීල ඔහෙ එන්ඩ !!!!!!!
ReplyDeleteඒකට ඉතින් මෙහෙ එන්න ඕනේ නෑ....යාපනේ පැත්තේ ගියානම් ඕන තරම් දුන්කොල ගස් තියෙනවා....
Deleteමං අහන්ඩ ආපු එක මු අහලනේ
Deleteඔයා තාමත් සිගරට් බොනවද?
Deleteනැතුව නැතුව බිල වැඩක් නැ,පම්පොරියක් ගහන්න බැරිනම්
ReplyDeleteඔන්න සාක්කි...
Deleteමේකනම් පට්ටම කතාව බන්. මේක පත්තරේකට යවපන් අනිවාර්යයෙන්ම පලකරනවා....
ReplyDeleteබලමු...බලමු...දැන් අර නලින් අයියලාගේ පිටුව නැද්ද කොහෙද දිනමිණ පත්තරේ...
Deleteරතු පාට අකුරින් ලිවුව ටික පට්ට ඇත්ත ;)
ReplyDeleteඇත්ත නේන්නම්....
Deleteඋඹෙයි යාලුවගෙයි fb ID/පාස්වර්ඩ් එක්ක දාන්න ඕනේ ස්ටේටස් ටික එවපන් මම දාන්නම්.
ReplyDeleteවෙලාවේ හැටියට ලොකු උදව්වක්...ඒත් අපිට ඒවාට එන කොමෙන්ට්ස් ,ලයික්ස් බලන්න විදිහක් නැහැනේ...
Deleteහෙහ් හෙහ්, මම අහලා තියෙනවා මෙහෙම කතාවක්. ඒක ඇත්තෙන්ම පිරිමි අපිට විරුද්ධව ඉරිසියාකාර ගෑණු ගොතපු කතාවක්.
ReplyDeleteඔය වගේම දූපතක අතරමං වෙනවා පොරක්. පොර තනියෙම නෙවෙයි ඒ දූපතට ගහගෙන යන්නේ. ලෝක රූප රාජිණියත් එක්ක. පොර ඉස්සෙල්ලම කොහොම හරි උඹ හිතන වැඩේ කරගන්නවා. ඊට පස්සේ මූ අර ගෑණිට බැගෑපත්වෙලා ඉල්ලනවා මුගේ ඇඳුම් ඇඳගෙන පිරිමියෙක් වගේ රඟපාන්න කියලා. ගෑණිත් මුලින් විරුද්ධ වෙලා පස්සෙ එහෙම කරනවා මුගේ කරදරෙන් බේරෙන්න.
මූ අර පිරිමියෙක් වගේ ඇඳගෙන ඉන්න රූප රාජිණී ලඟට ගිහින් කියනවා.
"ඒයි මචං, උඹ මේක විශ්වාස කරන එකකුත් නෑ. මම අර රූපරාජිණියට ........බං."
මොන බඩුවට ..... වැඩක් තියේද?ඒකේ රඟ කියාගන්න එකෙක් නැතුව....ඒ කතාවනම් ගෑනු ඉරිසියාවටම හදාපු කතාවක් තමා...
Deleteබීලා ගහන පම්පෝරියත් මාර රහයි හසරැල්ලෝ...
ReplyDeleteඇයි බීල ගහන සිංදු !!!!!!
Deleteමේ දවස්වල FB එක දැක්කහම නම් ඒ බව පේනවා...
Deleteකොහෙද බං වැනිෂ් වෙලා හිටියෙ ඔය කියන දූපතට ගහගෙන ගියාද.
ReplyDeleteඒකනේ හලපය්යේ...පහුගිය දවස්වල එක බ්ලොග් එකක්වත් කියවන්න බරුවගියානේ මේ කරදරේ නිසා....යන්තම් MH 370 හොයපු නැවකට අපේ දූපත අහුවුණා...ඒ වුනාට අපි උන්ට දූපතේ රහස කියන්න ගියේ නෑ...වෙලාවක බෝට්ටුවක් සෙට්කරගෙන අපි යන් ආපහු....
Deleteහසරැල්ලක් දැක්කේ හුඟ කාලෙකින්....අපිත් ඉස්සර අච්චරක් මෙච්චරක් කියලා කිව්වා..හැබැයි දැන් නම් බීලත් නොබී වගේ තමයි ඉන්න ට්‍රයි එක.
ReplyDeleteඅච්චරක් මෙච්චරක් වගේම අරවා මේවා කියලත් කියනවනේ.....
Deleteහම්මේ හිනා කාල පණ යනවා. හසරැල්ලා ගැන දැනගත්තෙ අක්කණ්ඩිගෙන් අහගෙන. දිගටම ලියන්න හොඳේ.........
ReplyDeleteවෙලාව තියෙන විදිහට...හොඳ දෙයක් හිතුනොත් ලියමි....එක වගේ ලිපි නොලියමි...
Deleteමරු :)
ReplyDeleteතැන්කු :D
Deleteඅන්න ආස්චර්යේ පිරුන දූපත්.. හා නැද්ද මං අහන්නේ?
ReplyDeleteඑහෙනං...එහෙනං...
Deleteබොලා ගිහිල්ල තියෙන්නෙ දිවියලෝකෙ බ්‍රාන්ච් එකකටද කොහෙද. අම්මප ඔය වගේ දූපතකටනං කඩා වැටුණත් මොකද.
ReplyDeleteදැං මේ පෝස්ට් එක දැම්මෙ කොහොමද එතකොට.
අපිට එන්න පුළුවන් වුනා mh370 ප්ලේන් එක හොයන්න ආපු බෝට්ටුවක ...
Deleteමේකනං නියමයි. හිතන්න දේකුත් තියෙනවා කතාව ඇතුලෙ. නියමයි.
ReplyDeleteතැන්කු....තැන්කු....
Deleteනෙදකින්....මම හිතුවෙ ඇත්තටම තායි ගිහිල්ලා කියලා...මම මේ උවමනාවෙන් පහලට ආවෙ තායි කෙල්ලො එක්ක උඹලා ගත්ත ෆොටෝ බලන්න....තියා ගිහිල්ලා මාස 6 ක් යනකං බටහිර රටවල් වලට වීසා දෙන්නෙ නෑ කියනවා ඒඩ්ස් වසංගතය නිසා....තායිලන්තය අම්බානට ඒඩ්ස් තියෙන රටක්.
ReplyDeleteඔන්න ඉතින් බාගෙට කියෝලා....
Deleteසැන්ඩි දූපත... සැපද?
ReplyDeleteඔන්න ඉතින් බාගෙට කියෝලා 2...
Delete