බජ්ජන් ඉස්සෙල්ලාම අපේ ගමට ආවේ මට මතක හැටියට 2001 අවුරුද්දේය.බජ්ජන් අපේ ගමට කඩාවැටුනේද අහම්බෙනි.බජ්ජන්ලාගේ තාත්තා අපේ ගමට අල්ලපු ගමක කඩයක් කළේය.කුමක් හෝ හේතුවකට බජ්ජන්ලාගේ තාත්තාට හදිසියේම කඩය වසා නැවත භාරදෙන්නට සිද්දවුනේය.බඩු මුට්ටු ටිකත් ගෙන පාරට බැස්ස බජ්ජන්ලාගේ තාත්තා කඩකාමරයක් හොයමින් අහල පහල ගම්වල කරක් ගහද්දී අපේ මුත්තාගේ වසාදමා තිබු කඩකාමරය දැක අපේ ආච්චි හමුවී කඩය දමාගන්නට කඩකාමරය ඉල්ලා ගත්තේය.
බජ්ජන්ලාගේ තාත්තාගේ නම බාලමහත්තයාය.බාලමහත්තයා 417 හන්දියට අළුත් කෙනෙක් නොවීය.අහල පහල ගමේ කෙනෙක් වුනු බාලමහත්තයාට කඩේ දමාගත්පසු බිස්නස් අතින්නම් පාඩු නොවීය.මෙසේ ටික දවසක් ගතවනවිට දිනක් හදිසියේම කොහේදෝ සිට බජ්ජන් කඩාපාත් වුනේය.දඩාවතේ ගොස් ලෙල්ලටම නසරානි වී සිටි බජ්ජන් ගැන 417 හන්දියේ කොල්ලන් හොඳහැටි දැන සිටියේය.කේස් හතර පහකටම පොලිස් කූඩුවේ කූරු ගණන් කර තිබු බජ්ජන්ට ඒ වනවිටත් අවුරුදු 25 කට වැඩි නොවීය.බජ්ජන්ලාගේ ගෙවල් තිබුණු පැත්තේ හැමදාම හවසට වලියක්ය.පිරිමි පමණක් නොව ගෑනුන්ද රෙදි කරට ගෙන මුඛයෙන් ශ්රී වදන් තෙපලමින් කැති,පොළු,උදළු රැගෙන වලිය කාගේ වුවද ඊට සහභාගී වන්නේය.කුඩාකල පටන්ම මේ පරිසරයේ හැදුනු බජ්ජන් නියමිත කාලය වනවිට කොල්ලන් ගැන්සියක් හදාගෙන වැඩ පටන්ගෙන තිබුනේය.
ඔන්න ඔය විදිහේ පොරක් වුනු බජ්ජන් හිටිහැටියේම තාත්තා හොයාගෙන පැමිණ අපේ ගමේ පදිංචි වීම මහත් පුදුමයක් විය.කුමක්හෝ කරුණකින් බජ්ජන්ට සුපුරුදු ගැන්සිය මගහැර සිටීමට වුනු සිද්දියක් වී තිබුනේය.එහෙත් ඒ කුමක්දැයි කාටවත් හොයාගන්නට බැරිවිය.ගමට ආ මුල් දිනවල සද්ද නැතුව කඩේ ඇතුලට වී සිටි බජ්ජන් ටික ටික කලඑළි බහින්නට විය.බජ්ජන් ඉස්සේලාම ආවේ අපි ක්රිකට් ගහන තැනටය.ක්රිකට් ගසද්දී සැරින් සැරේ කොල්ලන් සමග පොඩි පොඩි වළි දාගැනීම බජ්ජන්ගේ සිරිත විය.කොල්ලන්ගේ විහිළු නොතේරුණු බජ්ජන් බොහෝ වෙලාවට කොල්ලන්ගේ සිනාවට ලක්විය.එහෙත් ඉස්සර කරපු වැඩ 417 හන්දියේදී පෙන්විය නොහැකි බැවින් බජ්ජන් කටපියාගෙන පැත්තකට වුනේය.
බජ්ජන් ගමට ඇවිත් ටික දිනකින් පොඩි වැඩකට අතගැසුවේය.ඒනම් අපේ කඩේ වහලට යටින් ඉටිරෙදි වලින් සිවිලිමක් ගැසීමයි.බජ්ජන් කොච්චර ලස්සනට වැඩේ කොලාද කියතොත් ඉන්පසු ගමේ ගෙවල් කිහිපයකම ඉටිරෙදි සිවිලිම් ගැසීමට බජ්ජන්ට සිදුවිය.එහෙත් ඒ කිසි වැඩක් සඳහා මුදල් නම් ගත්තේ නැත.මොන අලුගුත්තේරු වැඩේ කලත් බජ්ජන් අරක්කු උගුරක් හෝ කටේ තියනවා මම දැක නැත.බජ්ජන්ගේ මේ විපරියාසය ගොඩ දෙනෙකුට පුදුමයක් විය.මට බජ්ජන් හරියටම සෙට් වුනේ 2002 වෙසක් දවස්වලය.මම නිකන් ඉන්නට බැරි කමට තඩි වෙසක් කූඩුවක් හැදුවෙමි.අටපට්ටම්ක් වුනු මම එය හැදුවේ රීප්ප උදව් කරගෙනය.කූඩුව උසින් පමණක් අඩි 9 ක් විතර විය.අඩි 9 ක් උස කූඩුවේ සව්කොළ ඇලවිය නොහැකි නිසා ඒ වෙනුවට ඉටිකොළ ගසා දුන්නේ බජ්ජන්ය.ඒ පමණක් නොව ඒ අටපට්ටමට තවත් අඩි 40 ක් පමණ රැලි දමා කූඩුව අපේ ගෙදර ඉස්සරහා අලිගැට පෙර ගහේ උඩම අත්තට ලනුවක් දමා එල්ලන්නට උදව් වුනේද බජ්ජන්ය.
මෙයින් පසු බජ්ජන් මාත් එක්කබොහොම හිතවත් විය.අපි ඊළඟට කලේ අපේ කඩේ පල්ලෙහා තිබුණු ලිඳ ඉහීමයි.පාර හදද්දී කවුදෝ අලුගුත්තෙරුවෙක් ඒ ලිඳට ගල් පස් දමා බාගෙට ගොඩකර තිබුනේය.බජ්ජනුත් මමත් එකතුවී ලිඳ හාරන්නට ලේස්තිවෙද්දී ගොඩ දෙනෙක් අපිට හිනාවුනේය.ඒත් බජ්ජනුත් මමත් සතියක් පමණ මහන්සි වී පස් ටික ඔක්කොමත් දෙකක් හැර ලිඳට දමා තිබු ගල් ඔක්කොමත් ගොඩට ඇද්දෙමු.ඉන්පසු අපිට සිනාවුණු ගමේ බොහෝ දෙනෙකුද පායන කාලයට ඒ ලිඳෙන් නා කියා ගත්තේය.
417 හන්දියට එනවිට සිටි බජ්ජන් ටිකකලක් යනවිට හාත්පසින්ම වෙනස්වුනේය.කොල්ලන් රැල සමග බොහෝ හිතවත් වූ බජ්ජන් ක්රිකට් පිටියේ නිතර දකින්නට සිටි චරිතයක් විය.එහෙත් කොල්ලන්ගෙන් බයිට් වීම නිසාම කෝප ගැනීම බජ්ජන් වෙතින් ටික කලකින්ම ගිලිහුණේය.
ගෙදරින් පැනගොස් සිටි කාලයේ බජ්ජන් බොහෝ රැකියා කර තිබුනේය.කුලී වැඩ,වඩු වැඩ,මේසන් වැඩ ඒ අතරින් කිහිපයකි.බජ්ජන්ගේ මේසන් වැඩදඅගය කළහැකිමට්ටමක තිබුණි.ඒ නිසා ඒ දවස්වල කඩේ සහ අපේ ගෙදර පොඩි පොඩි වැඩ කිහිපයක්ම බජ්ජන් අතින් නිමවිය.බජ්ජන්ලාගේ තාත්තා වුනු බාලමහත්තයා අපේ කඩේ අසල මුදල් ඔට්ටුවට ඕමි පිටියක් පටන්ගත්තේය.තාත්තා කලද බජ්ජන් මේ වැඩේට උදව් දීමට ගියේ නැත.ඕමි සෙල්ලම නිසාම ටික කලකින් බජ්ජන්ලාගේ තාත්තාට 417 හන්දියෙන් යන්නට සිදුවිය.ඒ නිසාම බජ්ජනුත් 417 හන්දියෙන් සමුගත්තේය.
වසර 10 කට පමණ පසුව පහුගියදා මගදී මට බජ්ජන් නැවත හමුවිය.යතුරු පැදියක නැගී මාවෙත ආ බජ්ජන්...
මහත්තයා...
මම - ආ ...රුවන් [බජ්ජන්ගේ නියම නම රුවන්ය]කොහොමද?සෑහෙන වෙනස්වෙලානේ?මට එකපාරටම අඳුන ගන්නත් බැරිවුනා...
ඔව්..මහත්තයා...දැන් මම මේසන් වැඩ කරනවා..බැන්ද...බබාලත් ඉන්නවා...අපි මේ සැරේ වෙසක් එකට තොරණක් ගහනවා..මම පහුගිය දවසක මාත්ත්යාලගේ ගෙවල් පැත්තේ ගියා.මහත්තයා වැඩට ගිහින්.තාත්තා ආධාරයක් දුන්නා...
මම - හොඳයි...හොඳයි...මම එහෙනම් ගිහින් එන්නම්...
"නභජේ පාපකේ මිත්තේ-නභජේ පුරිසාධමේ
භජේථි මිත්තේ කළ්යාණෝ-භජේථ පුරිසුත්තමේ"
පවිටු මිතුරු ඇසුරෙන් මිදෙමු - කලණ මිතුරන්ම ඇසුරු කරමු.

සිත ගත්තා.
ReplyDeleteසිරාවට !!
Deleteස්තුතියි..
Deleteසරළ කාතාවකින් ලොකු අදහසක් ලස්සනට කියලා තියනවා. රටාව ඉතාමත් අගෙයි..
ReplyDeleteසිත නිවන කතා...
Delete
ReplyDeleteදැන් මේ කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශය, බජ්ජන් උඹ ඇතුලු 417 හන්දියේ පවිටු මිතුරන්ගෙන් වෙන්වෙලා ගියාම ඌට හරි ගියා කියන එකද? :D
ආන්න ගුරුවරයෙක් නිසාම තෙරුනා.උබ හරි
Deleteඔය කිව්වේ ඉතින්...හම්මේ...
Deleteයාලුවො හින්ද තමයි හැදෙන්නෙත් නැතිවෙන්නෙත්.
ReplyDeleteඒකනම් ඇත්ත...
Deleteෆට්ට
ReplyDeleteතැන්කු..
Deleteඔතන ඇත්තම කතන්දරෙ උබ කුඩුව ගෙ ඇතුලෙ හදල එලියට ගන්න බැරුව ඉන්නකොට බජ්ජ නේද වහලෙ ගලවල ගන්න උදවු කලේ.එකනෙ උබ පොරට ඔච්චර ආදරේ
ReplyDeleteහිහි....අනේ නෑ ආයුබෝවන්ඩ..කූඩුව හැදුවේ එළියේ තියාගෙන..
Deleteඋඹලා වගේ පවිටු මිතුරන්ගෙන් ගැලවුනාට පස්සෙ තමයි අර හෙන්රි සෑර් කියනවා වගේ භජ්ජන්ට හරි ගියේ...නැත්තං ඉතිං වහලා තියෙන ළිං ඉහින්නයි...ඉටිරෙදි සිවිලිං ගහන්නයා නොවැ ඒකාට වෙන්නෙ.
ReplyDeleteඌ හිටපු උන් එක්කම හිටියනම් දවසක ආයුධ පෙන්නන්න ගිහින් ....එක්කෝ ඕන නෑ...
Deleteමරු කතාව චමතො.මරු කතාව චමතො. හැබැයි හෙන් රී ගෙ කතාව හරි තමා.
ReplyDeleteහෙන්රියා තමයි ගම කෑවේ..
Deleteමාත් බලන්න ඕන උඹව ආස්සරේ කොරන එක අතෑරලා දාලා...
ReplyDeleteඋඹට කෙසේ වෙතත් මටනම් හරියාවි..
Deleteනියමයි. වැදගත් අදහසක් ලස්සනට කියල තියෙනවා...........
ReplyDeleteතැන්කු ..
Deleteපරක්කු වෙලා ආවට අමනාප වෙන්ට එපා මොකද අදමනෙ ආවෙ..
ReplyDeleteඇත්තටම අපූරු අදහසක් බොක්කටම වැදෙන්න දීල තියෙනව.
ජයවේවා...
හැමදාම එන්ට කියල දාගත්ත ඕන්න රෝලට.්
එන්න...එන්න...වාඩිවෙන්න..
Deleteරසවින්දෙමි..........
ReplyDeleteසතුටුයි...
Delete