Wednesday, January 15, 2014

"මා නිර්දෝෂයි ස්වාමීනි" - මහඋළු ගෙදර සිට ලියන වගනම්....


කාළය යන්න ආපසු හැරවිය හැකිනම් අද දිනයේ මේ ලෝකයේ වඩාත්ම සතුටුවන පුද්ගලයා මම වෙමි.ජීවිතයේ ගන්නා කුඩාම කුඩා තීන්දු තීරනයක්වුවද අපේ ජීවිතය එළියෙන් අඳුරට ඇදදමන්නට ගන්නේ නිමේෂයකි.ඊයේ දිනයේ අධිකරණය වෙත ඉදිරිපත්කරනු ලදුව දින 14 කින් රිමාන්ඩ් කාළය දීර්ගකිරීම නිසා නැවතත් මගේ සිරකුටියට කොටුවුනෙමි.ඇප ඉල්ලීමක් කිරීමටවත් මාහට කෙනෙකු නොමැති වීමත් නීතිවේදීන් මා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා මා හට අද මේ සිරකුටියේ බිත්ති හතරට (බිත්ති තුනට හා යකඩ දොරට) කොටුවී සිටීමට සිදුවී ඇත.පසුගිය කාලයේ පත්තරවල කියවූ ඇප ලබාදීමට අමතකවුණු සීයාගේ කතාව මගේ සිහියට නැගේ.මටද ඒ ඉරණමම අත්වේදොයි විටෙක මට සිතෙන බැවින් මාගේ කතාව මෙසේ ගොනුකරතබමි.

මේ සිදුවීම නිසා මගේ පවුලේ උන් තියා නෑදෑ හිතමිතුරන් පවා මාහට අහිමිවී ඇත.රටේ කීර්තිය විනාස කළැයි රටේ සියල්ලන්ම මට අපවාද නගති.එහෙත් මා රටේ කීර්තිය විනාස කලාද නැතිනම් රටේ කීර්තිය ආරක්ශාකලාද යන්න තීරණය කිරීම ඔබට පවරා මාගේ කතාව මෙසේ අරඹමි.

පාසල්කාලයේ සිටම මා ඉතාමත් චරිතවත් ළමයෙක වශයෙන් සහෝදර සිසුන් අතහැර මෙන්ම ගුරුභවතුන් අතරත් නමක් දිනා සිටියෙමි.එහෙත් ඒ සියල්ලටම වඩා මම මාගේ මේ මාතෘ භූමියට ආදරය කලෙමි.කිසිවෙකු හෝ එයට අපහාසයක් චෝදනාවක් කළහොත් මාගේ සිංහල ලෙය කැකෑරුනේය.කෙසේවෙතත් මට සිදුවූ සිද්දිය මෙසේය.පසුගිය සතියේ සුපුරුදු පරිදී මාගේ අධ්‍යයන කටයුතු සඳහා කොළඹ ගිය මා එම වැඩ අවසන් වූ පසු නැවතත් ගෙදර බලා පැමිණීමට බස් රථයකට ගොඩවුනෙමි.බස් රථය පිටවීමට ටික වෙලාවක් තිබුණු අතර ටික වෙලාවකින් බස් රථයට ගොඩවුයේ විදේශික තරුණියකි.තනිව පැමිණි ඈ මදක් විපිලිසරව වටපිට බලා මාසිටි අසුන කරා පැමිණ මා අසලින්ම වාඩිවූවාය.



විදේශික තරුණියක වුවත් ඈගේ විශේෂත්වය වුයේ ඇය ලස්සන ගවුමකින් සැරසී සිටීමය.කාන්තාවන්ට කවදත් ගරුකරන මා අසුනේ අයිනටම වී ඈ හට හොඳින් වාඩිවී යාමට ඉඩ සැලසුවෙමි.[කතාව ඉදිරියට කීම සදහා අපි මෙතැන්සිට ඇයට සුදු නංගී යයි කියමු].

අසුනේ වාඩිවුනු සුදු නංගී මදක් වටපිට බලා මාවෙතින්...

සුදු නංගී - is this bus going to mirissa????

මම - yes,you can go to mirissa by this bus.

සුදු නංගී - oh...thanx..

මද වේලාවකින් බස් රථය පිටත්වුණු අතර මාද බස්රථයේ කවුළුවෙන් පිටත බලාගෙන ගමන්කලෙමි.බස් රථය වංගුගන්නා සමහර අවස්ථාවන්හීදී සුදු නන්ගීගේ අත වරින්වර මාගේ ඇඟේ විත් හැපුනි.විදේශික තරුණියක නිසා ඇය එය එතරම් ගණනකට නොගත් අතර මම එම අවස්තාවන්හීදී තවතවත් අසුනේ කෙළවරටම වී ගමන් කලෙමි.බස්රථවල ගමන්ගන්නාවිට නින්දට පත්වීම මාගේ සාමාන්‍ය පුරුද්දවුවත් එදින මම ඕනාකමින්ම නින්ද ඒම වලක්වා ගත්තෙමි.නැතහොත් මට නින්දගොස් සුදු නන්ගීගේ ඇඟට වැටුනහොත් එය හොදවැඩක් නොවේය.මා එසේ සිතුවත් බස්රථයේ පසුපස සිටි කොල්ලන් රැල ඇය වෙත ඉගිබිඟි පානබව මට පෙනුනි."අනේ අම්මපා,මේ වගේ යක්කු නිසා අපේ රටට සුද්දෙක්වත් ඒවිද"යන සිතිවිල්ල මගේ සිතට නැගුණි.

බස්රථය කෙමෙන් කෙමෙන් ගම්නගර පසුකොට වැලිගම නගරයට සම්ප්‍රාප්තවිය.එහෙත් සුදු නංගී මෙලෝ සිහියක් නැතිව බලාසිටී.ශ්‍රීලාංකික අපි කවදත් ආගන්තුකයන්ට හොදින් සලකන්නෝ වෙමු.මිරිස්ස ලංවී ඇති බව ඇයට දැන්වීම මා සතු යුතුකමකැයි මා සිතීමි.

මම - ma'am next halt is mirissa.you better prepare yourself to get off from bus.

සුදු නංගී - oh...thanx...

ඇය මෙසේ මා වෙත කියා ඈ සතුව තිබු බෑගයද රැගෙන අසුනින් නැගීසිටියාය.

පසුපස අසුනේ සිටි කොල්ලන් රැලගේ "සු..සු.." හඬ මහා හිනාවක් බවට පත්වුණේ මේ අවස්ථාවේදීය.ඒ මන්දැයි මම සොයා බැලුවෙමි.මොහොතකින් මට කාරනාව පසක්විය.සුදු නංගීගේ ගවුම ඈගේ පශ්චාත්භාගයට අසුවී ඇත.සිංහලෙන්ම කිවහොත් "අල්මාරියට අසුවී ඇත".කොල්ලන් රැල සිනාවෙන්නේ එයටය.සිනාව පමණක් නොව මුන් මේ කරන්නේ අසමජ්ජාති වැඩකි.අපේ රටට පැමිණි විදේශික ආගන්තුක කාන්තාවකටවත් ගරුකරන්නට මුන් නොදනිති.බසයෙන් බසින සිහියෙන් සිටිනිසා සුදුනන්ගීට මේ බල්ලන්ගේ සිනහව ගැන අවධානයක් තිබුනේ නැත.එහෙත් මාගේ සිංහල ලෙය මේ වෙලාවේදී කැකෑරෙමින් නටන්නට ගත්තේය.

අපේ රටේ අමුත්තෙකු මේ ආකාරයට නවනින්දිරා විදීම මාහටනම් කිසිසේත්ම බලාසිටිය නොහැක.විශේෂයෙන්ම ඇය කාන්තාවකි.මා අසුනේ මදක් මෙපිටට වී සුදු නංගීට නොදැනෙන්නට ඇයගේ ගවුම ඇද සකස්කලෙමි.මෙය දුටු සිනහසෙමින් සිටි කොල්ලන් රැලගේ සිනහව මහා "හූ" හඬක්බවට පත්විය.දැන්නම් තවත් ඉවසිය නොහැක.සිනහසීම එකකි.හූ කීම මහා පහත්ක්‍රියාවකි.තාමත් මේ ගැන අවධානය යොමුනොවුනත් සුදු නන්ගීගේ අවධානය කොයි මොහොතේ හෝ මේ හූවට යොමු වනු ඇත.භාෂාව නොතේරුණත් මේ ලෝකේ ඕන යකෙකුට හූ කියන්නේ අපහාසයට බව තේරෙන්නේය.විගසින් මා නැවතත් ක්‍රියාත්මක වියයුතුබව මාගේ මොලය මට දන්වා සිටියේය.මුන්ගේ හූව නවතාලන කෙටිම ක්‍රමය මාගේ මොලය මටදන්වා සිටියේය.



මම ඇඟිල්ලෙන් ඇන සුදු නංගීගේ ගවුම පෙර තිබු ආකාරයට නැවතත් පත්කලෙමි.හූව නැවතුනු අතර මහා විලාපයක් නැගආවේය.....

HEL...............P......

විලාපය නැගුනේ සුදුනන්ගීගේ කටින්බවත් කොල්ලන් රැල මට පහරදෙන්නට සරසේනබවත් මාහට අන්තිම වශයෙන් මතක තිබේ....නැවතත් සිහිඑනවිය මා මේ සිරකුටියේ බිත්ති අතරට කොටුවී සිටියෙමි.මට නැගී ඇති චෝදනානම් "විදේශික තරුණියකගේ හිරිඔතප් බිඳීමට තැත්කිරීම සහ රටේ කීර්තිනාමය කෙලෙසාදැමීම" යන වරදන්ය.දැනටමත් දේශීය මාධ්‍ය පමණක් නොව විදෙස් මාධ්‍යද මේ සිද්දිය අතිශයෝක්තියෙන් උපුටාදක්වමින් සිටී.මාගේ නිර්දොශීබව ප්‍රකාශ කිරීමට මා ලැබුණු අවස්තාවෙන් සිදුවූ සියල්ල ඔබහට ප්‍රකාෂකලෙමි..මා වැරදිකරුදැයි ...නිවැරදිකරුදැයි තීරණය කිරීම ඔබ සැමට පවරමි.මාංචු ඇතිව හෝ නැතිව මට පිහිනිය නොහැකිබැවින් මේ මාගේ අවසන් සටහන වියහැකිය..... 

44 comments:

  1. හපොයි ...
    රටට ආදරේ වැඩි වෙලාද මන්ද.. හරිම අපරාධයක්

    ReplyDelete
    Replies
    1. මට වුනු අපරාදේ ගැනද ඔය කියන්නේ ...ඈ...

      Delete
  2. බොටත් ඕන නැති දෙයක් නැහැනෙ. අල්මරියෙන් එළියට ඇද්ද මදිවට ආයෙ ඇතුලටත් ඔබලා..

    ඊක්කා බං..

    හැබෑවට මේ රටේ ජීවත් වෙන්නම බැහැ බං. මොක කළත් වැරදි නොවැ..

    ReplyDelete
    Replies
    1. හැබෑවටම මටත් දැන් නිකන් ඈක්කා....වගේ බං...

      Delete
  3. වඳින්න යන දේවාලේ ඔළුවට කඩා වැටෙන්නේ කලින් කියලා නෙවෙයිනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ විචාරකතුමෝ...

      Delete
    2. පොඩි අඩුවක් විචාරක තුමෝ.
      මේ සිද්ධියේ හැටියටනම් ඒක ටිකාක් වෙනස් කරන්න වෙනවා. මෙහෙම කියමු,

      "වඳින්න ගිය දේවාලෙට ගොනා ඇනලා, ගහෙන් වැටිච්ච මිනිහගේ ඔලුවේ කඩා වැ‍ටුනා වගේ"
      එහෙම එකක් නොවෑ වෙලා තියෙන්නේ. නේද?

      Delete
  4. ඕක තිබ්බ විදිහටම තියෙන්න ඇරලා බලන් හිටියනම් ඔය කිසි දෙයක් නැහැනේ..

    ReplyDelete
    Replies
    1. ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවිය නොහැක....

      Delete
  5. උඹ මොන මගුලටද මේ අල්මාරියේ තියෙන හිරි ඔතප් අදින්න ගියේ.
    ගුටි දෙන්න නම් අපේ උන් ෂෝර්ට්ලීව් දාලා එන්නේ නේද බං?

    ReplyDelete
    Replies
    1. කවුද ඇද්දේ...එබුවා මිසක්...

      Delete
  6. ලොකු හූවක් හකරැල්ලට..

    ReplyDelete
  7. හරිම අසමජ්ජාති කොල්ලො ටිකක්. ගෑනියෙකුට අල්මාරියක් හදල දෙනවටත් ඉරිසියයිනෙ.

    ReplyDelete
    Replies
    1. මා අල්මාරි හදන්නට ගියේ නැත....තිබු අල්මාරියට රෙදි එබුවා පමණි...

      Delete
  8. දැන් කාලේ හොදක් කරන්නත් කලින් දෙපාරක් හිතන්න ඕනේ හසරැල්..

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඕවා හිතලා වැඩක්නැහැ ...පරක්කු වැඩි...

      Delete
  9. වඩුබාස්ලා කරන්න ඕන වැඩ බැංකුවලින් කරන්න ගියාම ඔහොම වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ වැඩේට බැංකුව ගෑවුනේ නැහැනේ ආයුබෝං...

      Delete
  10. දේශප්‍රේමයෙන් පිස්සු වැටී සිදුවූ අවැඩක්. හි… හි…

    ReplyDelete
    Replies
    1. දාපං මල්ලි පහක්...උඹට විතරයි තේරුනේ...

      Delete
  11. පව්. ඒත් අපි එතන හිටියේ නැති හන්දා ඔබේ නිර්දෝෂීබව අපිට පිලිගත නොහැකී....:D

    ReplyDelete
    Replies
    1. ගෑනු කවද්ද හිතෙන දේ කිව්වේ ????

      Delete
  12. මේ මොකද්ද බන් මේ ආතල් එක ???

    ReplyDelete
    Replies
    1. ඈ බං උඹේ සර්කිට් එක ගහලා ගිහිල්ලද????

      Delete
  13. පල පල උබ ආපහු එබුවෙ හුව නිසා නෙමෙයි

    ReplyDelete
    Replies
    1. තොපිත් ඔහොම කියනවනම් ඉතින් රට්ටු මොනවා නොකියාවිද ?

      Delete
  14. අනේ මන්දා හසරැල්ලෝ රට රොටි වෙලා තියෙන්නේ........බස් සිද්ධිය කියවද්දි ඉන්දියාවේ වෙච්ච සිද්ඩ්ධියමයි ඔළුවාට ආවේ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා හසරැල්ලෝ රට රොටි වෙලා තියෙන්නේ........බස් සිද්ධිය කියවද්දි ඉන්දියාවේ වෙච්ච සිද්ධියමයි ඔළුවට ආවේ

      Delete
    2. අම්මෝ...එච්චර සීරියස්ද වැඩේ....

      Delete
  15. මුට නං මොකක් හරි වෙලාම තමයි මේ... හි හි

    ReplyDelete
    Replies
    1. ඔයාට හිතෙන්නේ එහෙමද අනේ...හි..හි...

      Delete
  16. ෂුවර් එකටම අල්මාරියට රෙදි දාන්න නොමෙයි යන්න ඇත්තෙ, රෙදි ඔබන්න.

    ReplyDelete
    Replies
    1. ශික්...උඹලා වගේ වනචර එවුන්....

      Delete
  17. අල්මාරිය කෙසේ වෙතත් අල්මාරියෙ ලාච්චුවට මොනවා හරි අහු වුනාද ?

    ReplyDelete
    Replies
    1. කැත කතා කියන්නෙපා බන්ස්ලා.....

      Delete
  18. උඹට තිබ්බේ ඕක ඉංග්‍රීසියෙන් සුදු නංගිට කියන්න... ඇත්තටම කොහොමද බං ඕක කියන්නේ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං...දැන් ඕවා හිතන්න පරක්කු වැඩියි..

      Delete
  19. පිටරට අල්මාරි වලට දානවා නම් අඩුම ගානේ ෂොපින් බෑග් එකක්වත් දාලා දාපං මලේ.

    ReplyDelete
    Replies
    1. එහෙමයි අය්යේ...අය්යා ඔය අත්දැකීමෙන්ද කියන්නේ ... :p

      Delete
  20. වැඩිමහල් සහෝදරිය ලෙස කටට එන වචන ප්‍රකාශ කල නොහැකි හෙයින්...හිනාව ගිල ගනිමින් නිහඩ වෙමි

    ReplyDelete
  21. දැන් බලන් ගියාම අර කොල්ලෝ ටික හොඳයිනේ. උන් තමා ලංකාවේ කීර්ති නාමය ආරක්ෂා කොරලා තියෙන්නේ නියමෙටම :P

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නෙපා අනේ...

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...