Thursday, July 18, 2013

උගතමනා ශිල්පයමයි මතු රැකෙනා - The First Grader


ඔන්න ඉතින් 417 හන්දියේ කතාවලට පොඩි විරාමයක් තියලා අද වෙනත් කතාවක් කියන්න හිතුනා.අපි කවුරුත් උපන්දා ඉදලම ඉගෙන ගන්නවනේ.ඉතින් මේ ඉගෙනගැනීම කෙලවරවෙන්නේ කොතැනින්ද?කවුරුත් පිලිගන්නවා ඇතිනේ අපේ මරණ මොහොත වෙනකල්ම අපි මේ ලෝකේ යම්කිසි දෙයක් ඉගෙන ගන්නවා කියලා.

ඉතින් අද කියන්න යන්නේ ටිකක් අන්න ඒ වගේ කතාවක්.ඔයාල දන්නවා ඇතිනේ අපේ රටේ නිදහස් අධ්‍යාපනය [නිදහස්ද නැත්ද කියන එක වෙනම කතාකරමු ] තිබුනට ලෝකේ ගොඩක් රටවල එහෙම නැහැ කියලා.ඒක නිසා ගොඩක් රටවල දරුවන්ට මුලික අධ්‍යාපනයවත් හරිහැටි ලැබෙන්නේ නැහැ.විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයේ රටවල මේ තත්වය දකින්නට තියෙනවා.අන්න ඒ වගේ කෙන්යාවෙත් 2003 වෙනකල්ම තිබුනේ මුදල් ගෙවා ලබාගතයුතු අධ්‍යාපන ක්‍රමයක්.හැබැයි 2003 දී කෙන්යාවේ අලුතෙන් පත්වෙන ආණ්ඩුව නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා.ඔන්න ඔතනින් තමයි මං අද කියන්න යන කතාව පටන්ගන්නේ.



kimani maruge, අද අපේ කතා නායකයා.නිකම්ම නිකම් කෙනෙක් නෙවෙයි.මේ වෙනකොට වැඩිහිටිම ප්‍රාථමික පාසල් සිසුවා කියන ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ මේ kimani මහත්තයා.අර මං මුලින් කිව්වා වගේ 2003 දී කෙන්යාවේ නිදහස් අධ්‍යාපනය හදුන්වලා දුන්නට පස්සේ kimani ත් යනවා තමන්ට මේ වෙනකල් ලබාගන්න බැරිවුණු ඒ අමිල ධනය ලබාගන්න.ඒ ප්‍රාථමික පාසලකට.ඒ වෙනකොට kimani වයස අවුරුදු 84ක්.ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.kimani ගේ ඉල්ලීම කෙලින්ම ප්‍රතික්ෂේප වෙනවා.

ඒත් kimani කොහොම කොහොමහරි තමන්ගේ අරමුණ කරා ලගාවෙනවා.ඉතින් මේ කතාව ලස්සන චිත්‍රපටයකට නැගිලා තියෙනවා.kimani ගේ ඉස්කෝලේ ගමනේ අතරේදී ඔහුගේ අතීත ආවර්ජනා අපි වෙනමම ලෝකෙකට ගෙනියනවා.ඒ ගැන විස්තර චිත්‍රපටිය බලලම දැනගන්නකො.චිත්‍රපටියේ නම The First Grader.එච්චර ප්‍රසිද්ධ වුනු එකක් නොවෙන නිසා ගොඩ දෙනෙක් බලලා නැතුව ඇති.ඒත් කතාවනම් ඔයාලා කවුරුත් වගේ ආසාවෙන් බලාවි කියලා මං හිතනවා.ඒ වගේම මේ චිත්‍රපටිය බලලා අපේ ජීවිතවලටත් ගොඩක් දේවල් එකතුකරගන්න පුළුවන්. 

ඔන්න තියෙනවා චිත්‍රපටියේ Trailer එක....



චිත්‍රපටිය බලන අය මෙතනින් ගිහින් බාගන්න...


එහෙනම් අදට එච්චරයි.බලමුකෝ මේ සතියේවත් Weekend Project එකක් දාන්න පුළුවන් වෙයිද කියලා.

19 comments:

  1. අධ්‍යාපනය කියන දේ නම් හරිම වටිනවා හසරැල්.. කාණුවක වැටිලා හිටියත් හිතට දුකක් නැහැ තමන් ඉගෙනගෙන ඉන්නවා නම්..

    මොන දේ කරත් ඉගෙනගන්න ඕනේ ආසාවෙන්...ගොඩක් වටින පෝස්ට් එකක්...

    ReplyDelete
  2. අවුරුදු දහතුනක් දාහතරක් ඉස්කෝලේ ගියත් අපේ සමහර අයියලාගේ වැඩ කිඩ නම් තාම first graders ලා ගේ වගේ තමයි.

    ReplyDelete
  3. අපෙත් ඉන්නව ආචාර්ය උපාධි ගත්ත කට්ටියත් මොන්ටිසෝරි යවන්න.

    ReplyDelete
  4. කිව්වත් වගේ මාත් තාමා එකේ නෙව

    ReplyDelete
  5. ලංකාවේ අනාගතේ ද මන්ද...

    ReplyDelete
  6. අධ්‍යාපනය තියෙන රටවල් කීයක් විතර ලෝකෙ ඇත්ද?

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපනයද? නැත්නම් නිදහස් අධ්‍යාපනයද?

      Delete
    2. නිදහස් අධ්‍යාපනය. :) Sorry.

      Delete
  7. ෆිලුම් එකනං සිරා වගේ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. අපි කවුරුත් තාම එකේ තමා සමහර වැඩවලදි

    ReplyDelete
    Replies
    1. නලින් අය්යත් එහෙමද ඈ

      Delete
  9. මෙහේ සිස්ටම් එකමනම් තියෙන්නේ. අර යකත් නොම්මර එකේ හරකෙක්ම වෙලා තමයි වනතින්නේ..

    ReplyDelete
    Replies
    1. බත්කන හරකෙක්ද ?ඒත් අනේ කිමානි මහත්තයා දැන් ජීවිතෙන් සමු අරන්

      Delete
  10. ලංකාවෙ අධ්‍යාපනය කොරොවන තුන් දෙන ෆස්ට් ග්‍රේඩෝවට වත් වැටෙනවද මන්ද?
    හැබැයි අධීක්ෂණය ගෙ එක නමකට නම් ග්‍රේ එකක් තියෙනව.

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...