කොහෙන් පටන් ගන්නදැයි හිතාගන්නට බැහැ.ඒ තරම් දේවල් ඔළුවට එනවා.අපේ ලමාකාලයේ සුන්දර ,අසුන්දර,භයානක,දුක හිතෙන,සතුට දැනෙන ගොඩක් දේවල් මතකෙට එනවා.කෝකටත් එහෙනම් පටන්ගමුකෝ......
මේ රටේ 417 හන්දි තියෙන්නේ එකකි.ඒ වෙන කොහෙවත් නොව අපේ ගමේ අපේම ගෙදර ලග හන්දියයි.හැබැයි මේක බලන කෙනෙක් අපේ ගමට ඇවිත් 417 හන්දිය කොහේදැයි ඇහුවොත් උත්තර දෙන කෙනා අනුව උත්තර දෙකක් ලැබෙන්නට පුළුවන.ගමේ සාමාන්‍ය කෙනෙක්ගෙන් ඇහුවොත් "එහෙම හන්දියක් ගැන ඇහුවෙත් අදයි"යනුවෙන් පිළිතුර ලැබෙනු ඇත.ඒත් අපේ සෙට් එකේ කොල්ලෙක්ගෙන් ඇහුවොත් ටක්කෙටම "මෙන්න 417 හන්දියයයි" උත්තරේ ලැබෙනු ඇත.ඉතින් අපේ ගමේ නමක් නැති හන්දිය "417 හන්දිය" වුනේ ගමේ බස් එක නිසාය.417 කියන්නේ ගමේ බස් එකේ මාර්ග අංකයයි.
කොහොමවුනත් ඉස්සෙල්ලාම 417 හන්දිය හැදුනු හැටි බලමුකෝ.අපේ ගම මාතර නගරයට ආසන්නව පිහිටි නමුත් කුඩා ඉතා ලස්සන ගමකි.[ දැන්නම් ඒ කාලේ ගමේ තිබු ලස්සන අඩුවී ඇත්දෝයි මට විටෙක සිතේ ...]ඒ කාලයේ බොහෝ දෙනා වී ගොවිතැනේනුත් තවත් ටික දෙනෙක් ගඩොල් කර්මාන්තයෙන්ද ජීවිකාව සරිකරගත්හ.අපේ ගම ගොඩක් පැරණි ගමක් නමුත් මං අද කියන්න යන්නේ මං දන්නා කාලයේ තොරතුරු ටිකකි.
මං ඉපදුනු 80 දශකයේ අපේ ගම සෑහෙන වෙනසකට ලක්වුණි.ඒ නිල්වලා ව්‍යාපාරය නිසාය.මට මතක නැතත් නිල්වලා ව්‍යාපාරය නිසා අපේ ගමට වුනු හොද සහ නරක දෙකම ගැන අපේ තාත්තලා කතාකරනවා මට ඇසී තිබේ.ඉස්සර ගග උඩහට ඩිංගක් හරි වැස්සොත් අපේ ගමේ උන් රෙදි කරට අරගෙන දුවන්නට ලැස්ති වෙන්නට ඕනෑය.ඒ කාලයේ වැස්සොත් අනිවාර්යෙන්ම ගංවතුරකි.කුඹුරු කෙරිල්ල සිහිනයක් විතරය.මේක අපේ ගමේ විතරක් නොව අහල පහල ගම් සියල්ලේම කතාවයි.
මේ ගංවතුර විපත්තිය නිසාම නිල්වලා ගංවතුර වැලැක්වීමේ ව්‍යාපාරය ආණ්ඩුව විසින් කිරියාවට නංවන ලදී.අපේ රටේ මිනිස්සුන්ගේ ,ඉංජිනේරුවන්ගේ දැනුම සත පහකට ගණන් නොගත් ආණ්ඩුව project එක ජර්මනියේ "බෙක්" සමාගමට පවරන ලදී.සුද්දෝ ඇවිත් වැඩ පටන් ගත්තේය.යාන්තමට යන්නට හැකිව තිබු පාරවල් පළල් වුනේය.වැඩබිම්වලට පස් ගේන්නටම සුද්දෝ කුඹුරු ගොඩකර පාරවල් තැනුවෝය.අදටත් ඒ පාරවල් එසේම තිබේ.අපේ ගමේ කුඹුරු තියෙන්නේ ගගට වඩා පහලින්ය.ඒ විතරක් නොව මුහුදු මට්ටමටත් වඩා අඩි 5 ක් විතර පහලින්ය.
මේ නිසා ගංවතුර ගැලුවාට කුඹුරුවල තියෙන වතුර ආයෙත් ගගට බහින්නේ නැත.එහෙම්මම රැදිලා තිබෙන්නේය.මේකට සුද්දන් යෙදු උපායනම් ඇලවල් හාරා ඒ ඇලවල් හරහා කුඹුරුවල ඇති වතුර විශාල පොම්ප මගින් ඇද ආයෙත් ගගට දැමීමයි.එමෙන්ම ගංවතුර වැලැක්වීමට මහා විශාල වේලි බැදීමයි.ඒ අනුව අපේ ගමටත් පොම්පාගාරයක් සහ වේල්ලක් ලැබුණි.වේල්ලේ නම BR 7 ය.සුද්දන්ට මුලින්ම වැඩ වැරදුනේ ඇලවල් කපන්නට ගොසින්ය.ඇලවල් කැපු පසු හැන්දෑ කොරේට යස අගේට ගග දිගේ ඉහලට ආ කරිජ්ජ [කරදිය] කුඹුරුවලට වැදුනේය.කුබුරුවල වී වෙනුවට ටිකියා පඳුරු පිටින් වැවෙන්නට ගත්තේය.කිරල කැලේ වතුර බස්සන්නට කපපු ඇලවල් දිගේ ආ කිබුල් තඩියෝ ටික ගඟට බැහැගත්තේය.ඉන්පස්සේ මිනිහෙකුට ගගෙන් නෑම තියා ගග ලගින් යෑමත් මරුවාට අත වැනීමක් වුනේය.
ඇත්තම කියනවනම් මට මේ කාලය එතරම් මතක නැත.මට මතක එකම දේනම් ඔන්න මේ පල්ලෙහා තියෙන පින්තුරේ ජාතියේ ට්‍රක්රථය.
මේකට අපේ ගමේ මිනිස්සු කීවේ ඌරු හොම්බ කියලාය.මේ වාහනේ විශේෂත්වය පිටිපස ඇති ටේලරය වැරදිලාවත් පෙරලුනත් ඩ්‍රයිවර් ඉන්න කෑල්ල පෙල්ලෙන්නේ නැති එකය.කොහොමවුනත් මේ යකඩ යක්කු අපේ ගම අනිත් පැත්ත පෙරලුවේය.ගමේ හදපු වේල්ලේ එක කොනක් හැදුවේ අපේ ඉඩමට අල්ලලාය.ඒ වෙනකොටත් ගග පැත්තට යන්නට තිබුනු පාර මේ නිසා බන්ට් එක උඩින්යන්නට සිදුවිය.සාමාන්‍ය බස් පාර බන්ට් එකට මෙපිටින් දිවෙන්නට විය.ඒ නිසා අපේ ගෙදර ගාව නිකම්ම හන්දියක් හැදුනේය.ඒ 417 හන්දියේ උප්පත්ති කතන්දරයයි.
417 හන්දිය ඇතිවී වැඩිකලක් ගියේ නැත.දකුණ වෙලාගත් භීෂණය අපේ ගමටත් එබිකං කළේය.අපේ මිනිස්සු 88-89 භීෂනෙට මුහුණ දුන්න හැටි ඊලග පොස්ටුවෙන්.......
ප.ලි.- මේකත් හැලපය්යාගේ මොනාලිසා සීරිස් එක වගේ වෙවිද මන්දා.කියන්න එන්නේ එකක්.ඒත් අන්තිමට මං කියලා තියෙන්නේ වෙන එකක්.
\\\කිරල කැලේ වතුර බස්සන්නට කපපු ඇලවල් දිගේ ආ කිබුල් තඩියෝ ටික ගඟට බැහැගත්තේය.\\\
ReplyDeleteඇළවල් වලට කිඹුල්ලු ආවේ කොහෙන්ද එතකොට ...?
ඔය ප්‍රොජෙක්ට් එක සාර්ථක උනාද හසරැල් ...? රසවත් කතාවක් වේවි..දිගටම ලියන්න..අක්කණ්ඩි වත් හවුල් කරගෙන ලියන්න...
කිරල කැලේ උන්නු කිඹුල්ලු තමයි ඇලවල් දිගේ ඇවිත් ගගට බැස්සේ.ඇලවල් කපපු නිසා කිරල කලේ වගුරුබිම් ගහනය අඩුවුණ නිසා ගඟේ කිඹුල් ගහනය වැඩිවුනා.ප්‍රොජෙක්ට් එක සාර්ථක අසාර්තකභාවය ගැන ඉස්සරහට ලියන පොස්ට් වලින් තේරේවි.මෙන්න මන ටික කාලෙකට කලින් ඒ ගැන ලියපු ලිපියක්....
Deleteමිනී නොකයි මාතර කිබුලිගේ පැටියා.
http://apegamamathara.blogspot.com/2012/11/blog-post_6.html
ලිපිය නම් කියෙව්වා .කමෙන්ට් එහෙකුත් දැම්මා..ඒත් මට අකමැත්තෙන් උනත් මීළඟ ප්‍රශ්නය අහන්න වෙනවා හසරැල්..
Deleteකිරල කැලේට කිඹුල්ලු ආවේ කොහෙන්ද එතකොට ?
මේකත් අර කිකිලියි බිත්තරෙයි කතාව වගේ වෙයි වගේ
Deleteහසරැල් ඔය හරියේ තියනවා නේද මහ ගහක්. දැන් නම් තියනව ද මන්ද? ඔය පැත්තේ ගිය කාලයක් මතක නැහැ. ඔය බන්ටෙක හදන්න අලින් කැලෑවක් වගේ ඒ හරියෙන් වැඩිය කවුරුත් යන්නෙ නැහැ. හොරු ඒ පාරෙන් එන මිනිස්සු මරලා අර මහ ගහේ එල්ලනවලු. අනේ මන්ද මම එහෙම අහලා තියනවා. දැන් නම් පොඩි හංදියක් හැදිලා තමයි. ඒ ගැනත් වැඩිහිටියන්ගෙන් අහලා ලියන්නකො.
ReplyDeleteමන හිතන්නේ ඔය වේද මහත්තයා කියන්නේ අපේ ගම ගැනනම් නෙවේ.මාත් ඔහොම කතාවක් අහලා තියෙනවා වෙන ගමක් ගැන.අපේ ගමේනම් නෙවි
Deleteගමේ වැඩේ නැගලා යයි වගේ.
ReplyDeleteඅක්කයි මල්ලියි කතාවැලා වගේ දැන් පෝස්ට් දාන්නේ ඈ?
බලමු...බලමු...
Deleteඋඹ පටන් අරගත්තේ රටේ එක කොනක දැවෙන කතාවක එක කොනක් ,
ReplyDeleteකවුද බං මල්ලියේ උඹලගේ අක්කා
බස් කතාව බලන්න.
Deleteකළු සුදු
Deletehttp://alnilamm.blogspot.com/
ඔය කිඹුල්ලුන්ව මරන්න මෝරු බෝ කරමු.
ReplyDeleteNilwala gange ganwathura prashne issara idan thibba ekak da....?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහරි දැං ඉතිං නොමිලෙ හම්බෙච්ච කිඹුල්ලුත් එක්ක ඉස්සරයට යංකො.
ReplyDeleteබඩු මදි... ගියපාර ලියපුවම මේ පාර ලියලා.. මේ පාර පටන් ගන්න කොටම.. වැඩේ ඉවරයි...
ReplyDeleteකමක් නෑ.. ඔහේට ඇහැක් විදියට මක්ක හරි ලියනන ඈ..
ReplyDelete