සතියක්ම ගතවුනත් මොකුත්ම ලියන්න වුනේ නෑ.මුණු පොතේ කරක් ගහගහ හිටියා මිසක් මේ පැත්තේ එන්නවත් බැරිවුනා.ඒත් ඉතින් ගොඩක් අය කියෝලා මඩ එහෙමත් ගහලා තිබුනා.අනේ අපිනම් ඕවා පයිසෙකටවත් ගණන් ගන්නේ නෑ ආයුබෝවන්ඩ.ඒක නෙමෙයි දැන් අපේ ගෙදර නාකිත් දනගාන්න පටන් අරං තියෙන්නේ.මේ තියෙන්නේ ඒ ගොල්ලොන්ගේ වැඩ...
කළු සුදු - අපේ අක්කන්ඩිගේ බ්ලොගේ
හරියටම වැරදියි - අපේ අය්යන්ඩිගේ බ්ලොගේ
ඒ පැතිවල ගිහිල්ලා නැති අය ඒ පැත්තේ ගිහිං හිත සැනසෙන්න මොනවා හරි කියලා එන්න හොඳේ.එනිවේ අද කියන්න ආපු කතාව කියන්න අමතක වෙනවා මේ අව් අස්සේ.going solo කතාපෙල දිගටම ඇදගෙන යන්නේ ඔයාල වගේ කියවන යාළුවොන්ගේ ඉල්ලීම් නිසා.නීරස නම් කියන්න ඕන....හොඳේ...එතකොට වෙන කතා ලියන්න බැරිය.
පොළොන් විමානෙක ඉඳලා වෙච්ච වින්නැහි ගැන ලිව්වනේ.ඊළඟට අපිට ලොකුම කරදර තිබුනේ අලින්ගෙන්...කිව්වට මොකද මුලින්ම කියන්න යන්නේ දෙපා අලියෙක් ගැන සිද්දියක්.අපේ කතානායකයා සුසිල් කියලා අපි කියමුකෝ (නියම නම නෙවි ).අපේ මේ සුසිල් අය්යා කපාපු දෙපා ඇතෙක්.කොටින්ම කිව්වොත් ඩී.ඇස් සේනානායක මහත්තයාටත් වඩා නියම යූ.ඇන්.පී කාරයෙක්.පුදුමේ කියන්නේ බොලව් මිනිහා බෙලිඅත්ත පැත්තේම කෙනෙක් වුන ඒකනේ.ඕන්න බලන්න ඒකෙත් හැටි.අපේ බ්රාන්ච් එකේ ඒ වෙනකොට අලි පක්ෂේ කීප දෙනෙක්ම හිටියත් සුසිල් අය්යා වගේ ප්රබලව අදහස් ප්රකාස කරන්න කවුරුවත් ඉදිරිපත් වුනේ නෑ.අපි ආණ්ඩුවට පක්ෂව කතාකලොත් (මේ වෙනකොට තිබුනේ නිදහස් සන්දාන ආණ්ඩුව) වෙඩි කාපු ඌර වගේ අපේ පස්සෙන්ම ඉන්න තැනකට ඇවිත් බැස්ටිය දෙන එක තමයි සුසිල් ගේ සිරිත.මිනිහා කියන එක අපි පිලිගන්නකම්ම මෑන්ස් නෙවෙයි එතනින් අඩියක්වත් හෙල්ලුනේ.
ඕන්න ඔහොම ඉදිද්දී ජනාධිපතිවරනෙත් ආවා.ඕන්න දැන්නම් සුසිල්ගෙන් කනක් ඇහිලා ඉන්න වෙන්නැති බව අපි ඔක්කොම දැනගත්තා.නිදහස් සන්ධානෙන් මහින්ද මහත්තයා ඉදිරිපත්වෙන බව දැනගත්ත දවසේ සුසිල් අය්යා මහහයියෙන් හිනාවෙලා කිව්වා "හප්පේ දැන් තමයි ඕන්න හිත ටිකක් සැහැල්ලු වුනේ කියලා" ඒ වෙනමොකවත් නිසා නෙමෙයි සුසිල් අය්යා ඒ කාලේ ඉදලම දැරුව මතේ තමයි රනිල් එක්ක දිනන්න අමාරුය කියන එක.ඉතින් ඒ නිසා සුසිල් අය්යා හිතුවා එහෙනම් ඕන්න යූ.ඇන්.පී එක දින්නම තමාය කියල.ඊට පස්සේ සුසිල්ගේ කටට පන ආපු තරමට අපිට කනක් ඇහිලා ඉන්න නැතිවුනා.කොහොමින් කොහොම හරි සුසිල්ගේ කටවහන්නත් එක්ක අපි ඔක්කොම එක්කහුවෙලා පොඩි ප්ලෑනක් ගැහුවා.ප්ලෑනක් කිව්වට මේක ඔට්ටුවක්.අපි ඔක්කොම පස් දෙනෙක් එක පැත්තක අපි කියන්නේ නිදහස් සන්දානේ දිනනවය කියලා.සුසිල් කියන්නේ යූ.ඇන්.පී එක දිනනාවය කියලා.ඔට්ටුව රුපියල් පන්දාහයි.ඔට්ටුවේ එකම කොන්දේසිය තමයි ඡන්දේ දවස වෙනකල් ඡන්දේ ගැන අදහස් ප්රකාස කිරීම දෙපාර්සවයටම තහනම්.අදහස් ප්රකාශ කරොත් ඔට්ටුව පරාදයි.අපි පස්දෙනෙක් අපේ පැත්තට ඉන්න නිසා පැරදුනත් එකෙක්ට පාඩුවෙන්නේ පුංචි සුපියල් දාහක් විතරයි.හැබැයි සුසිල්ට තනියම රුපියල් 5000 පාඩුව දරාගන්න වෙනවා.ඕන්න ඔය කියන කාරණේ සුසිල්ගේ ඔලුවෙත් වැඩකරලා තිබුනා.ඒකනිසා මෑන්ස් කල ඉල්ලීමක් අනුව පොඩ්ඩක් කොන්දේසි වෙනස් කරන්න අපි තීරණේ කලා.
අපි පැරදුනොත් අපි රුපියල් 5000 අපි සුසිල්ට දෙන්න ඕන.සුසිල් පැරදුනොත් සුසිල් සල්ලි දෙන්නේ නෑ...ඒ වෙනුවට පස්පාරක් බැංකුව වටේ බඩගාන්න ඕන.මේ යෝජනාව ගෙනාවේ සුසිල්මයි.ඒක නිසා අපිත් පැනලා කැමතිවුනා.කොහොමින් කොහොමහරි චන්දෙ දවස වෙනකල් අපිට කනක් ඇහිලා ඉන්න ලැබුනා.චන්දෙට දවස් දෙකකට කලින් සුසිල් නිවාඩු දාලා ගෙදර ගියා.හත්දා මගුල් කාලා තමයි එන්නේ කියලා අපිට කියලා ගියේ.මෑන්ස් එනකොට කට්ටියගෙන් සල්ලි එකතුකරලා ලියුම් කවරෙක දාලා තියන්න කියලත් මට කියලයි ගියේ.චන්දෙ ඉතින් නිදහස් සන්දානේ දින්නා නෙව.මහින්ද මහත්තයා ජනාධිපතිවුනා.මෙන්න අපේ සුසිල් පහුවදා වැඩට එනවා.අපිත් ඉතින් සැදී පැහැදී සිටියා සුසිල් බඩගාන හැටි බලන්න.මිනිහම උදේ ඇවිත් කියනවා...
හරි ..මං සුදානම්..ඔට්ටුවේ හැටියට වැඩ කරන්න.හැබැයි ඊට ඉස්සෙල්ලා මේ blind wall දෙක කඩාපල්ලා....
ඇත්තනේ..අපිට අමතක වුනාට බැංකුව වටේ බඩගාන්න බෑ.බිත්ති දෙකක්ම හදලා තියෙන්නේ මායිමටම කරලා තාප්පෙත් එක්ක blind wall කරලා.ඕන්න ඔහොමයි සුසිල් ඔට්ටුව පැරදුනත් දින්නේ...කෝමද ටිකිරි මොලේ..
ඕන්න ඊලග අලි කතාවටත් අපේ සුසිල් අය්යා සම්බන්දයි.මං ඉතින් මාතර පැත්තේ එකා බව ඕගොල්ලෝ දන්නවනේ.ඒ කාලේ අන්තිම මාතර - මොනරාගල බස් එක බුත්තලින් අද්දන්නේ 4.15 ට.ඉතින් අපිට වැඩ බාගෙට දාලාතමයි සිකුරාදාට බස් එකට දුවන්න වෙන්නේ.ඒත් ඉතින් කවුන්ටරේට වැටුනට පස්සේ එහෙම එන එකත් අමාරුයි.හැබැයි අපේ සුසිල් අය්යා සිකුරාදාට ගෙදර යන්නේ එයයිගේ Honda CD 200 මොටෝ බයිසිකලේ.මිනිහා ඉතින් බෙලිඅත්ත පැත්තේ පොරක් කියලා මං කිව්වනේ.ඉතින් බස් එක මිස්වුණු දාට මාත් මෑන්ස් එක්ක බයික් එකේ එන්න සෙට්වෙනවා.වැඩිපුර හෙල්මට් එකක් මෑන්ස් ගාවම තිබ්බා.ඒකෙ අමතර වාසිය තමයි සිකුරාදාට යන්න සෙට්වුනොත් ඉරිදා හවසට එන්නත් බයිසිකලේ සෙට් වීම.නැත්නම් හෙල්මට් එක විතරක් ගේන එක කරදරයිනේ.ඕන්න ඔහොම තංගල්ලට ඇවිත් එතනින් එහාට මාතරට යන බස් එකක් අල්ලාගෙන තමයි මං ගෙදර එන්නේ.ඔහොම බයික් එකේ එනකොට අපි එන්නේ බුත්තල කතරගම රජ මාවතෙන් ඇවිත් කතරගම තිස්ස හම්බන්තොට හරහා තමයි.මොකද එතකොට වැල්ලවාය තණමල්විල පැත්තෙන් එනවට වඩා කි.මී.15 ක් විතර ලඟයි.මාත් බයික් එකේ එන එකට සුසිල් අයියගේ අකමැත්තක් තිබ්බේ නෑ.මොකද එකක් බයික් එකේ තනියම යනකොට අවදානම වැඩිනිසා අනිත් එක මාරුවෙන් මාරුවට බයික් එක ගෙනියන්න පුළුවන් නිසා මහන්සියත් අඩුයි.
මං මේ කියන්න යන සීන් එක වුනේ ආන්න එහෙම දවසක අපි මොටෝ බයිසිකලෙන් බුත්තල ඉදලා කතරගමට එන අතරමග.ඒ කාලේ පාර හොදට හදලා තිබ්බේ නෑ.ඒක නිසා මාත් බෝම කැමැත්තෙන් සුසිල් අය්යටම සුක්කානම බාරදීලා පිටිපස්සේ එල්ලිලා යනවා.ඔහොම යනකොට තියෙනවනේ ගල්ගේ කියලා හරියක්.අර ගැන දෙවි දේවාලේ,හමුදා කදවුරක් එහෙම තියෙන්නේ.අන්න ඔය හරියේ හරියට අලි ඉන්නවා.හැබැයි ඉතින් කරදරෙකුත් නෑ.වාහනවලින් දෙන කෑම කන්න තමයිලු උන් ඔහොම ඉන්නේ.ඔහොම යනකොට දවසක් පාර අයිනටම වෙලා එක අලියෙක් උන්නා.මාත් ඉතින් අතේ තිබ්බ වඩේ පාර්සලේ වඩේ එකක් විතරක් තියෙන නිසා උගේ දිහාට විසිකරා.මෙන්න යකෝ පිළිමේ වගේ හිටපු එකා එකපාරටම බුල්ඩොසරේ වගේ පාරට පැන්නේ නැතැයි.දැන් මූ බයිසිකලේ පිටිපස්සෙන් එලෝනවා.අපේ ඇගේ ලේ වතුර වෙලා.මට නිකම් හොඳවැල පිටේ ගෑවෙනවා ගෑවෙනවා වගේ තේරෙනවා.බයටම හැරිලා බැලුවේ නෑ.අපිත් ඇරලම ආවා....දෙය්යන්ට පින් සිද්දවෙන්න අනතුරක් වුනේ නෑ.
අපි එදා බේරුනත් ඊට ගොඩ කලකට පස්සේ අපිත් එක්කම වැඩ කරපු අපේ සහෘද සේනක නම් සොයුරා මොනරාගල ඉදලා වැඩකරලා තමන්ගේ ගෙදර තියෙන කතරගම එන ගමන් ගල්ගේ හරියෙදීම ජීවිතෙන් සමු අරගෙන තිබුනා.වන අලි පහරදීමක්ද නැත්නම් වෙනත් අනතුරක්ද කියලා හරි හැටි කියන්න බැරිවුනත් ඔහු ගෙදර එන එයයිගේ ත්රීවීල් එකේ තිබිච්ච කෑම ජාති කන්න ආපු අලි වාහනේ පොඩිපට්ටම් කරලා තිබුනා.
කොහොමින් කොහොමහරි සුසිල් අය්යට ටික දවසකින්ම හම්බන්තොටට මාරුවක් ආවා.ඊට පස්සේ මට ගෙදර එන්න වුනේ බස් එකේම තමා.ඊට ටික දවසකට පස්සේ මටත් අපේ අනු ශාඛාවක් වුනු බඩල්කුඹුරට යන්න වුනා....ඊට පස්සේ වුනු දේවල් ඉස්සරහට කියන්නම්...
ටටා...
ප.ලි.-අලි ගැන තව කතා දෙක තුනක් තිබේ.ඉදිරි කතාවලදී කියන්නම්.
උඹල ඛෙරුනේ අරූ යූ එන් පී කාය කියල අලිය දැනගත්ත නිසා. අන්න බලන්න යූ ඇන් පී කාරයෙක් වීමෙ වාසි.
ReplyDeleteඅප්පටසිරි එහෙම වෙන්නැති...සමහරවිට පස්සෙන් එලෙව්වේ පණිවිඩයක් කියන්නද දන්නෙත් නැහැනේ
Deleteමල්ලී මේක මට හමෝටම වඩා දැනෙනවා. හේතුව දන්නවානේ. ඔය කියන පාරේ මම වැස්ස තියෙන දවසක හවස පහට විතර ගියා. පුදුම ලස්සනක් තියෙන්නෙ. බලාගෙන ඉන්නෙ අනිත් කොටස දානකම්. ඔය වගෙ පොරක් හිටියා බද්දෙගම. අපි 2001 එහෙ හිටියෙ. චන්දෙට කලින් සතියයි. පස්සෙ සතියයි. කලින් හිටිය තැන චන්දෙට පස්සෙ යද්දී නෑ. සමතලා කරලා. අර පොර සෙකුරිටි. එ වුනාට චන්දෙට පස්සෙ දා ඉන්දලා කොල පාටකපටි සූට් එකක් තමයි ඇන්දේ.
ReplyDeleteසිකුරිටිලා ඔහොම තමයි...වැඩ අඩුයිනේ...දැන්නම් ඔය පාර දෙපැත්තේම මීටර් 50 ක් විතර දුරට ගස් කපලා තියෙන්නේ
Deleteකිව්වත් වගේ සුසිලා අලිය නිසා තොපි අලියගෙන් බේරුනේ....
ReplyDeleteඑදා සුසිලා උබලව අන්දවලා කියල ඇහුවම දුක හිතුනා :ඩී
ඒකනේ බං ..
Deleteඅළියට සුවද දැනෙන්න ඇති
ReplyDeleteවඩේ සුවඳද ?
Deleteසුසිල් අන්දරේ වගේ පොරක් නේ
ReplyDeleteඑහෙනම්...එහෙනම්...
Deleteඒක ඇත්ත තමා
Deleteසහතික ඇත්ත
Delete\\\\\\\\\\\\මට නිකම් හොඳවැල පිටේ ගෑවෙනවා ගෑවෙනවා වගේ තේරෙනවා.\\\\\\\\\\\\\\\
ReplyDelete:)
මටත් ඔය වගේ දෙයක් උනා දවසක් පොළොන්නරුවේ ගිහින්.. නොමැරී බේරුණේ ..... දැන් මතක් වෙද්දී නම් හිනා යනවා...
මටත් දැන් මතක වෙද්දීනම් හිනා යනවා ..
Deleteමචං උඹලා තමයි නියම බැංකු කාරායෝ
ReplyDeleteජනතා විස්වාසය ගැන කියවෙන ඉංගිරිසි බැංකුවක පොරක. (මම නිතරම වැඩට යන තැනක අයිති බිල්ඩිමේ තියන ) දවස් දෙකක් ඉට්ටාට් කොර ගන්ඩ බැරුව හිටපු බයික් එක . බලලා දෙන්ඩ කියුවේ
'' මේ මගේ බයික් එක ස්ටාට් වෙන්නේ නැ . හදලා දෙන්ඩ '' ලොකු එකෙන් තමා පොර ටෝක එක දූන්නේ ''
'' අරුගේ ලොකු ටොක් දිරෙව්වේ නැතිඅ උනත් , බැංකුවේ සිකියුරිටි . බිල්ඩිමේ අයිති කාරයා . සහ බැංකුව අතු ගාන පොරගේ ඉල්ලීම හන්දා බයික් එක ගොඩ දැම්මා , මගේ ලගතිබ්බ ස්පාර්ක් ප්ලග් එකක් එහෙම දාලා.
''අර උඩහ ගරාජ් එකට අරන් යන්ඩ ''
'' අප්පෝ තල්ලු කරන්ඩ බැ ''
මට තවම පලග් එකේ සල්ලිවත් ලැබුනු නැ .
එහෙම බලනකොට උඹලා විරයෝ
මං හිතන් හිටියේ මහන මැෂින් විතරයි ඔබතුමාට හදන්න පුළුවන් කියලා ,, :)
Deleteමචං මං ගැන පම්පෝරි ගහනවා නෙවි.අපේ ගෙදර වුනත් බැංකුවේ වුනත් කොම්පියුටරයක්,බයික් එක,නැත්නම් වෙන ගැජට් එකක් වුනත් මට හදාගන්න බැරිවුනොත් විතරයි වෙන කෙනෙක්ගේ පිහිට පතන්නේ.ටයි කෝට් දාගෙනම හයික්ලාස් එකේම මේ රස්සාව කරොත් මිනිස්සුන්ගේ හැගීම් තේරුම්ගන්න අමාරු වෙනවා
Deleteඅලි මිනිස් ගැටුම කවදාවත් නවතින්නේ නැහැ ..පව් අහිංසක සත්තුයි අහිංසක මිනිස්සුයි... මාත් ඔය වගේ සිද්දියකට මැදි වුණා හීනෙකදී ඒක මතක් වුනා අර හොදේ පිටේ ගෑවෙනවා වගේ දැනුණා කියද්දී .. හිනේන් හින්දා මං බේරුණා
ReplyDeleteහීනෙන් අලි පේන එක හොදයිලු නේද ?අනේ මන්දා හලෝ ඕවනම්
Deleteසිදුහත් කුමාරයා ඉපදුනෙත් අලි හීනයක් දැකපු නිසා නේද?
Deleteසිදුහත් කුමාරයා ඉපදෙන්න කලින් මහමායාව දැක්කේ සුදු ඇත් පොවුවෙක් .... අනේ මං අලියෙක් නෙමේ වෙන අමුතු සතෙක් දැක්කේ බය හිතෙන
Deleteඑහෙනම් පොළගෙක් වෙන්නැති..
Deleteඔය පාර මටත් ගොඩක් හුරුයි.කියවද්දී මැවිලා පෙනුන.
ReplyDeleteදැන් අක්කල,අයියල,මල්ලිල ගජරාමෙට වැඩ නේද.....?
සතුටුයි ඔහොම යං.......
මඩ වදිනකොට තමයි සතුට පලායන්නේ...
Deleteමම නං කියන්නේ බොලාට හොද දෙකක් කියන්න තිබුනේ. ශරිරෙ හැටියට වඩේ කෑල්ලක් කාලා හරියනවැයි...
ReplyDeleteඋඹ වගේ අලියෙක් හිටියනම් එහෙම කියයි
Deleteඅනිවා බොලාට හොද අලියෙක් හම්බ වෙලා නෑ
Deleteමාත් එකපාරක් ඔය පාරෙ බුත්තලට ගිහිල්ල තියෙනව. ඒ කාලෙත් ගල්ගේ හරියෙ ඔය අලි හිටිය.
ReplyDeleteමදැයි සුසිල බඩගානකං බලාගෙන හිටිය.
අපගේ බලාපොරොත්තු සුනේ සුන් විය ...
Deleteමට මතක් වුනා අර අන්දරේව පොර දැනගෙන තමයි ඔට්ටුව පරද වෙනවා කියල ඔය ගැටේ ගහන්න ඇත්තේ
ReplyDeleteනෑ...මිනිහා හිතුවෙම යු.ඇන් පී එක දිනාවිම කියලා.ඒත් කෝකටත් කියලා මේ ගැටෙත් ගහන්න ඇත්තේ
Deleteමමත් ඔය පාරෙ කාලයක් උදේ රෑ ගමන්කලා,අලියට තද වෙන්න ඇති ටොන් ගානක් කන බඩට පොඩි වඩයක් ඇද්ද යකෝ කියල.
ReplyDeleteඒකනේ.... අපිට ඉතින් ඔය හැලපයියට වගේ අලි හිතන හැටි තේරෙනවය කියලයි
Deleteඅලියා ශුවර් එකටම පස්සෙන් පැන්නුවෙ කුණුහරුපෙන් බනින්න. හොදවැයෙන් දෙකක් අහ ගන්න තිබුනා ඌට අහු උනා නම් වඩේ එක සම්බන්යෙන්.
ReplyDelete:-)
ඔයයි අලි කුණුහබ්බ දන්නවයි...මං දන්නේ වඳුරු කුණුහබ්බ විතරයි
Deleteමොකෝ හදිසියෙ ම අලි ගැන කතා? වඳ වීගෙන යන හින්ද වත් ද?
ReplyDeleteකවුද කකුල් දෙකේ අලිද ?නැත්නම් හතරේ අලිද?
Deleteඅලියා පස්සෙන් එන්න ඇත්තේ වඩේ එක කන්න සම්බෝල ටිකක් ඉල්ලා ගන්න වෙන්න ඇති
ReplyDeleteඑහෙම වෙන්නැති...බැරිද සම්බෝල ටිකක් හදලා දෙන්න
Deleteකොලුවො බොට සත්තුන්ගෙන් අපලයි...ගිය ආත්මෙ සතෙක්ද මන්දා.....හක හක
ReplyDeleteඔය පැත්තෙ ඇත්තො අක්කණ්ඩි...අයියණ්ඩි කියලා නේද කථා කරන්නෙ...
සත්තුන්ගෙන්නම් අපලයි තමා බන්ස්...
Deleteනෑ..අපි කියන්නේ අක්කා..අය්යා කියලා,...අරම කියන්නේ නුවර පැත්තේ නේද?
ReplyDeleteසුසිල් දැන් ඉතින් කකුල් දෙකේ අලියෙක් වෙලා ඉඳලා වැඩක් නැහැ. කැලේට වරෙන් තව කකුල් දෙකක් දෙන්නම් කියලා කියන්න තමයි අලියා පස්සෙන් ඇවිල්ලා තියෙන්නේ. කෝ... බැංකුවේ එවුන්ට අලි භාශාව තේරෙන්නේ නැහැනේ.
පව් නේ....
Deleteඑහෙනම් අලින්ටත් වඩේ කැවුවා.. ලේසි නෑ..
ReplyDeleteඌ ඒක කෑවද නැත්ද දන්නේ නෑ
Deleteකොහෙද ඉතින් දකින දකින එකාට වඩේ විසිකරන්න යනවනේ මුන්
ReplyDeleteමේවා අඩුවෙන් බැදපුවා හෙම නෙවි හොඳේ...
Deleteඅන්න අලියගෙ වටිනාකම දැන්නේද තේරුනේ...කලොත් ඔයවගේ වැඩක්ම තමයි.
ReplyDeleteඅලිත් වටිනවද අනේ
Deleteඅරූ ඔට්ටුව අල්ලනකොටම ඔය බ්ලයින්ඩ් වෝල් එකේ පිහිට ලැබෙන බව දැනගෙන ඉන්න ඇතිනේ. මරු වැඩේ. උඹලා එකෙකුටවත් ඕක මතක් නිවිච්ච හැටි!
ReplyDeleteඌ ගහපු ගැටේට අපි ඔක්කොම අහුවුනා
Delete