Monday, June 24, 2013

විසිතුරු මනස - Beautiful Mind


ඕන්න එහෙනම් දීර්ඝ විරාමයකට පස්සේ ආයෙත් බ්ලොගේ ලියන වැඩේට අතගැහුවා.මංවත් පහුගිය දොහේ මේ පැත්තේ ගොඩ නොවැදුනාට සෑහෙන පිරිසක් ඇවිත් ගිහින් තිබුනා.ඒකනිසා මේක වල්වැදෙන්න දෙන්න හොද නෑ කියලා හිතුනා.ඕන්න විරාමයෙන් පස්සේ අද ලියන්න යන්නේ චිත්තරපටියක් ගැන.මං ඔයාලට ගෙනෙන ගොඩක් කතා වගේම මේකත් ටිකක්විතර ඇත්ත කතාවක්.

චිත්තරපටිය තමයි A Beautiful Mind. 2001 වර්ෂයේදී තමයි තිරගතවෙලා තියෙන්නේ.චිත්තරපටිය ගැන කියන්න කලින් ඒකට මුල්වුණු කෙනා සහ එයාගේ කතාව ගැන ටිකක් කියලා හිටියොත් හොදයි කියලා මට හිතුනා.මේ කතාවට මුලික වෙලා තියෙන්නේ John Forbes Nash කියන සුප්‍රකට මහාචාර්යවරයාගේ කතාවයි.

උසස් අධ්‍යාපනය සදහා 1947 වර්ෂයේදී ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයට ඇතුලත්වන Nash එතැන්සිට මුහුණපාන සිදුවීම්වල පෙළගැස්මක් තමයි අපිට චිත්‍රපටියේ දකින්න ලැබෙන්නේ.ගණිතයට විශේෂ දක්ෂතාවයක් දක්වන Nash ගේ විශේෂත්වය වෙන්නේ මේ ලෝකේ ඇති ගොඩක් ස්වාභාවික සන්සිද්දීන්වලට ඔහු ගණිතමය විසදුමක් සෙවීමට යාමයි.


ඇත්ත John Forbes Nash

උදාහරයක්‌ විදිහට කිව්වොත් කුරුළු රංචුවක් පියාඹන ඒකට සමීකරණයක් ගොඩනගන්න Nash උත්සාහගන්නවා.Nash ගේ මේ විශේෂත්වය අන්තිමට නතරවෙන්නේ කොතනින්ද කියලා බලාගන්නනම් ඔයාලට චිත්තරපටිය බලන්නම වෙනවා.Oscar සම්මානයෙන් පවා පිදුම් ලැබූ චිත්‍රපටියක් මේ.කොහොමවුනත් මේක බලලා ඔයාලට හිතට ගන්න තියෙන්නේ .........

"ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනා නැත..."



චිත්‍රපටියේ trailer එක .....


සැ.යු - වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියකි.

ප.ලි. - පහුගිය දවස්වල හිතමිතුරු බ්ලොග් එකක්වත් කියවන්න බැරිවිය.කමාකරනු මැනවි.

Saturday, May 18, 2013

පොල්පිති හරකෙක් හදමු - Weekend Project



ඔන්න යාලුවනේ ඔයාලට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ.මං කිව්වනේ ගමේ ආවම ආයෙත් Weekend Project වැඩසටහන ආයෙත් පටන්ගන්නවා කියලා.ඔන්න එක නිසා අද වැඩේට ආයෙත් බහිනවා හොදේ.ඔන්න අද කියලා දෙන්නේ පොල්පිති හරකෙක් නැත්නම් පොල්පිති ගොනෙක් හදාගන්න විදිහ.


මුලින්ම සුපුරුදු විදිහට අවශ්‍ය වෙන දේවල් .....

පොල් පිත්තක් - අමු හෝ ගොඩක්ම වේලිච්ච නැති එකක් [මේකේ මුල හරියයි අග හරියයි කපලා ගන්න පින්තුරේ තියෙන විදිහට]

පොල් කට්ටක්
ලණු කැබැල්ලක් 
මහ පිහියක් 


මුලින්ම කරන්න තියෙන්නේ හරකාගේ දිගට ඇතිවෙන්න පොල් පිත්ත කපාගන්න එකයි.


ඊට පස්සේ හරකාගේ වලිගය හරිය පිහියෙන් හදාගන්න ඕන.පින්තුරේ තියෙන විදිහට....



ඊටත් පස්සේ හරකාගේ කකුල් හදාගන්න ඕන උඩ පින්තුරේ තියෙන විදිහට.....



ඔන්න දැන් තමයි අමාරුම වැඩේ.ඒ කියන්නේ හරකාගේ අන් තට්ටුව හදාගැනීම.ඒක ඔය උඩ පින්තුරේ තියෙන විදිහට හදාගන්නකෝ.අන් තට්ටුව ලොකුවුණු තරටම හරකාගේ සැර පරුෂ භාවයත් වැඩිවෙනවා...හි..හි...



දැන් ඔන්න උඩ පින්තුරේ විදිහට හරකාට අන්තට්ටුව හයිකරගන්න ඕන.

අන් තට්ටුව හයිකරපු ගමන්ම හරකාගේ බෙල්ල වටේ ලනුවක් දාලා ගැට ගහන්න ඕන.නැත්නම් හරකා ගාල කඩාගෙන ගොහින් මිනිස්සුන්ට අනතුරු කරන්න ඉඩ තියෙනවා.



දැන් ඉතින් තියෙන්නේ හරකාට වෙලාවට කන්න බොන දෙන එක විතරයි.නැත්නම් හරකා අහල පහල වතුවලට පැනලා වගා හානි කරන්න ඉඩ තියෙනවා.ඒ වගේම තමයි පොඩි අය මේවා තනියම හදන්න යන්නෙපා..අම්මලා තාත්තලා පොඩි අයට මේවා හදලා දෙන්න හොදේ.

ඒ වගේම තමයි පොල්පිති හරකා මේ විදිහට නැතුව පොල් පිත්තේ මුල් කැබැල්ල අරගෙන ඒකට පොල්කටු අන් වෙනුවට ලී කෝටු කෑලි දෙකක් ගහලා හරකෙක් හදන විදිහකුත් තියෙනවා.ඊට වඩා මේ විදිහ ලස්සනයි කියලා හිතුන නිසා මං මේ විදිහට හැදුවේ.එහෙනම් ලබන සතියේ තවත් Weekend Project එකකින් හමුවෙමු ...ටටා.....

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...