මාත්තුරුකාව දක්කගමන් කලබල වෙච්ච අය සමාවෙන්නලා.අද මට ලියන්න හිතුනේ සින්දු ටිකක් ගැන.දැන් ඔය අපේ සිරිලන්කාවෙත් පැරණි ගීත නව පරපුරේ අය ගායනා කරනවා නොවැ.[ඔව්..ඔව්...ගායනා කරනවා කියලා තමයි එකට කියන්නේ].ඉතින් ඕවා අවසර ඇතුව නැතුව හරි ගායනාකරලා ඉතින් එයාලත් කීයක්හරි හම්බුකොරගන්වනේ.ඒ ගැන වැඩිය කියන්න ඕන නෑ පහුගිය කාලේ ඇතිපදම් ඔය අයිතියන් ගැන කතාවුනානේ.
ඉතින් මට අද මුණු පොතේ මං ආසාකරන පරණ ඉංගිරිසි සින්දු ටිකක් [පරණ කිව්වේ අපි ඉස්කෝලේ යන කාලේ] අහලා බලනකොට ඒ සින්දු ඒ උන්දලා කියලා තියෙන්නේත් තවත් උන්දලාගෙන් උස්සලා බව මට අහුවුනා.සමහරවිට අවසර ඇතුව වෙන්නැති.ඔන්න එහෙම මට අහුවෙච්ච සින්දු කීපයක් මම පල්ලෙහා දානවා.බලන්නකෝ ඔයාලත් දන්නා ඒවා ද කියලා.බයිට් සීමිත ඇත්තෝ කමාකරත්වා.
ඔන්න මුලින්ම අහුවුනේ Westlife සංගීත කණ්ඩායම ගායනාකරන I Have A Dream ගීතය.ඔයාලත් අහලා ඇතිනේ......
මේ සින්දුවේ මුල් අයිතිකාරයෝ තමයි abba සංගීත කණ්ඩායම.මෙන්න තියෙනවා ඒ අය මේ සින්දුව කියපු හැටි....
මෙන්න ඒ පිලිබඳ වැඩිදුර විස්තර.....
http://en.wikipedia.org/wiki/I_Have_a_Dream_(song)----------------------------------------------------------------
ඔන්න ඊලගට තියෙනවා Ronan Keating ගායනාකරන When You Say Nothing At All සින්දුව.....
මේ සින්දුව මුලින්ම කියලා තියෙන්නේ Keith Whitley කියන ගායකයා 1988 දී.මෙන්න තියෙනවා ඔහුගේ සින්දුව.....
මෙන්න ඒ පිලිබඳ වැඩිදුර විස්තර.....
http://en.wikipedia.org/wiki/When_You_Say_Nothing_at_All
---------------------------------------------------------------------------------------------------------
ඊලගට තියෙන්නේ You're My Sunshine කියන ඔයාලා කවුරුත් වගේ අහලා තියෙන සින්දුව.මේකනම් ගොඩක් අය කියලා තියෙනවා මං මෙතන දාන්නේ Jonny Cash කියන ගායකයා 1966 දී ගායනාකරපු ගීතය....
එතකොට ඔහෙලට ප්රශ්නයක් එන්න පුළුවන් 1966 වෙනකොටත් කොපි කරලද කියලා.ඔව් හත්දෙය්යනේ මේ සින්දුව ඉස්සෙල්ලම කියලා තියෙන්නේ 1939 දී Jimmie Davis කියන ගායකයා.මෙන්න තියෙනවා ඒක....
http://en.wikipedia.org/wiki/You_Are_My_Sunshine
-------------------------------------------------------------------------------------------
මෙන්න තියෙනවා Westlife කොපිකරපු තවත් සින්දුවක්.seasons in the sun....
එතකොට කවුද මේක මුලින්ම කියලා තියෙන්නේ.....Terry Jacks කියන කැනේඩියානු ජාතික ගායකයා තමයි මුලින්ම මේක ගායනාකරලා තියෙන්නේ.....
http://en.wikipedia.org/wiki/Seasons_in_the_Sun
-----------------------------------------------------------------------------------------
Rivers of babylon කියන සින්දුව කියන්නේ කවුද ???? ගොඩක් අය හිතාන ඉන්නේ ඒක Boney M සංගීත කණ්ඩායමේ සින්දුවක් කියලා නේද ....
යුරෝපේදී මේ අය කියපු සින්දුව ජනප්රිය වුනාට මේකේ මුල් අයිති කාරයෝ තමයි The Melodieans කියන ජැමෙයිකානු Reggae සංගීත කණ්ඩායම.....
සින්දුව ගැන වැඩිවිස්තර.......
http://en.wikipedia.org/wiki/Rivers_of_Babylon
-----------------------------------------------------------------------------------------
ඊලගට තියෙනවා The Lions Sleeps Tonight ......ඔව් ඔව් අර හිපෝයි බල්ලයි නටන සින්දුව තමා......මේක මෑත කාලේ කියලා තියෙන්නේ Jimmy Cliff කියන ගායකයා ...
හැබැයි ඔන්න අර හිපෝ සින්දුවේ තියෙන්නේ orginal එක තමා...කියලා තියෙන්නේ The Tokens කියන සංගීත කණ්ඩායම....
http://en.wikipedia.org/wiki/The_Lion_Sleeps_Tonight
---------------------------------------------------------------------
බලාගෙන යනකොට Jimmy Cliff කියන තවත් සින්දුවක් අහුවුනා.I Can See Clearly now .....
මේකේ මුල් අයිතිකාරයා Jonny Nash....මේ තියෙන්නේ උන්නැහේ කියපු එක...
http://en.wikipedia.org/wiki/I_Can_See_Clearly_Now
-------------------------------------------------------------------------
ඔය විදිහට ගොඩාක් තියෙනවා.මං මෙතන දැම්මේ මං ආසා කරන කිහිපයක් විතරයි.මෙහෙම කොපිකරන එක හරිද වැරදිද කියන එක සාකච්චාකරන්න නෙවෙයි මං අදහස් කලේ.මේකෙන් ඔයාලා නොදැන හිටපු දෙයක් දැනගත්තනම් මට සතුටුයි.හැබැයි මට මේ සින්දු ටික අහද්දී මෙහෙම හිතුනා.අලුතින් කියපුවා අහනවට වඩා පරණ version ටික අහද්දී කනටයි හිතටයි පුදුම සැහැල්ලුවක් ඇතිවෙනවා නේද කියලා..........



