Saturday, May 18, 2013

පොල්පිති හරකෙක් හදමු - Weekend Project



ඔන්න යාලුවනේ ඔයාලට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ.මං කිව්වනේ ගමේ ආවම ආයෙත් Weekend Project වැඩසටහන ආයෙත් පටන්ගන්නවා කියලා.ඔන්න එක නිසා අද වැඩේට ආයෙත් බහිනවා හොදේ.ඔන්න අද කියලා දෙන්නේ පොල්පිති හරකෙක් නැත්නම් පොල්පිති ගොනෙක් හදාගන්න විදිහ.


මුලින්ම සුපුරුදු විදිහට අවශ්‍ය වෙන දේවල් .....

පොල් පිත්තක් - අමු හෝ ගොඩක්ම වේලිච්ච නැති එකක් [මේකේ මුල හරියයි අග හරියයි කපලා ගන්න පින්තුරේ තියෙන විදිහට]

පොල් කට්ටක්
ලණු කැබැල්ලක් 
මහ පිහියක් 


මුලින්ම කරන්න තියෙන්නේ හරකාගේ දිගට ඇතිවෙන්න පොල් පිත්ත කපාගන්න එකයි.


ඊට පස්සේ හරකාගේ වලිගය හරිය පිහියෙන් හදාගන්න ඕන.පින්තුරේ තියෙන විදිහට....



ඊටත් පස්සේ හරකාගේ කකුල් හදාගන්න ඕන උඩ පින්තුරේ තියෙන විදිහට.....



ඔන්න දැන් තමයි අමාරුම වැඩේ.ඒ කියන්නේ හරකාගේ අන් තට්ටුව හදාගැනීම.ඒක ඔය උඩ පින්තුරේ තියෙන විදිහට හදාගන්නකෝ.අන් තට්ටුව ලොකුවුණු තරටම හරකාගේ සැර පරුෂ භාවයත් වැඩිවෙනවා...හි..හි...



දැන් ඔන්න උඩ පින්තුරේ විදිහට හරකාට අන්තට්ටුව හයිකරගන්න ඕන.

අන් තට්ටුව හයිකරපු ගමන්ම හරකාගේ බෙල්ල වටේ ලනුවක් දාලා ගැට ගහන්න ඕන.නැත්නම් හරකා ගාල කඩාගෙන ගොහින් මිනිස්සුන්ට අනතුරු කරන්න ඉඩ තියෙනවා.



දැන් ඉතින් තියෙන්නේ හරකාට වෙලාවට කන්න බොන දෙන එක විතරයි.නැත්නම් හරකා අහල පහල වතුවලට පැනලා වගා හානි කරන්න ඉඩ තියෙනවා.ඒ වගේම තමයි පොඩි අය මේවා තනියම හදන්න යන්නෙපා..අම්මලා තාත්තලා පොඩි අයට මේවා හදලා දෙන්න හොදේ.

ඒ වගේම තමයි පොල්පිති හරකා මේ විදිහට නැතුව පොල් පිත්තේ මුල් කැබැල්ල අරගෙන ඒකට පොල්කටු අන් වෙනුවට ලී කෝටු කෑලි දෙකක් ගහලා හරකෙක් හදන විදිහකුත් තියෙනවා.ඊට වඩා මේ විදිහ ලස්සනයි කියලා හිතුන නිසා මං මේ විදිහට හැදුවේ.එහෙනම් ලබන සතියේ තවත් Weekend Project එකකින් හමුවෙමු ...ටටා.....

Thursday, May 9, 2013

පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී.... - pursuit of happyness


මේ ලෝකේ උතුම්ම ආදරේ මොකක්ද කියලා ඇහුවොත් කවුරුත් වගේ දෙන උත්තරේ තමයි ඒ අම්මගේ ආදරේ කියන එක.ඒත් තාත්තගේ ආදරේ ගැන කවුරුත් කතාකරනවා අඩුයි.කොටින්ම තාත්තලා පවා ඒ ගැන කතාකරන්නේ නෑ.තාත්තාලාගේ ආදරේ ගොඩක් පේන්නේ කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන්.

කොහොමවුනත් මං අද ඔයාලට ලියන්න බලාපොරොත්තුවුනේ තාත්තා කෙනෙක්ගේ ආදරේ ගැන කියවෙන ලස්සන චිත්‍රපටියක් ගැන කියන්නයි.සාමන්යෙන් බටහිර චිත්‍රපටිවල මානව සම්බන්දතා ගැන කියවෙන චිත්‍රපටි අඩුයි.ඒකට හේතුවෙන්න ඇත්තේ ඒ සමාජයේ අපේ තරම් පුද්ගල සම්බන්දතා වැඩිදියුණු නොවීම වෙන්නැති.ඉතින් ඒ අතරින් pursuit of happyness කියන්නේ ඉහලින්ම තියෙන චිත්‍රපටියක්.

මව හැරයාම නිසා ජීවිතයේ ප්‍රශ්න ගැටළු රැසකට මුහුණපාන්න වෙන පියෙක් සහ කුඩා පුතෙක් වටා තමයි මේ කතාව ගලායන්නේ.ක්‍රියාදාම චිත්‍රපටි නළුවෙක් වෙන Will smith සහ ඔහුගේ පුත් Jaden smith සුපිරි රංගනයක් ඉදිරිපත්කරනවා මේ චිත්‍රපටියේදී.කොටින්ම මෙහි රංගනය වෙනුවෙන් Will smith ඔස්කාර් සම්මානයෙන් පවා පුදලබනවා.

මං ඔයාලට විස්තරකියපු චිත්‍රපටි හැමෙකක්ම වගේ මේකත් ඇත්ත පුද්ගල චරිතයක් වටා ගෙතුණු කතාවක්.සීයට සීයක්ම නොවුනත් මේ කතාවට පදනම්වෙලා තියෙන්නේ Chris Gardner නම් ප්‍රකට ඇමෙරිකානු ව්‍යාපාරිකයාගේ කතාවයි.



ඇමෙරිකානු සිහිනය කියන්නේ හිතන තරම් සුන්දර එකක් නොවන බව මේ සිනමාපටයෙන් කියාදෙනවා.නිවසක් සහ රැකියාවක් නොමැතිකමින් මේ පියාත් පුතාත් විදින දුක්ගැහැට චිත්‍රපටියේ අපූරුවට නිරූපණය වෙලාතියෙනවා.කොහොමවුනත් ඒ හැම බාධකයක්ම ජය අරගෙන මේ තාත්තා ජීවිතය ජයගන්න හැටි අපි ඔක්කොටම ලොකු ආදර්ශයක් ගතහැකි කතාවක්.වැඩිය විස්තර නොකිය චිත්‍රපටිය බලලම හිටියොත් හොදයි කියලා මට හිතෙනවා.ඒකනිසා අදට මෙතනින් නවතින්නම්....





linkwithin

Related Posts Plugin for WordPress, Blogger...