ආ... කස්ටියම අදුනගන්නැති නේද?අපේ පොඩි කාලේ යාළුවො දෙන්නෙක්නෙ.මට හිටිහැටියේම මෙයාලව මතක වුනේ පහුගිය දවසක හිරු TV එකේ MAD කියන වැඩසටහන බලනකොට.ඒකත් පොඩි පොඩි දේවල් වලින් නිර්මාණ හදන්න කියලා දෙන වැඩසටහනක්.
ඉතින් අපි පොඩි කාලේ අද වගේ හැටහුටාමාරක් TV චැනල් තිබ්බේ නෑනේ,කෝකටත් තිබුනේ සැළලිහිනියයි සුවාධීනෙයි තමයි,ඉතින් මතක ඇතිනේ සැළලිහිනියගේ ඒ කියන්නේ ජාතික රූපවාහිනියේ හවසට විකාශය වුනු අධ්‍යාපන සේවය,ඉතින් ඒ වැඩසටහන් අතරේදී තමයි අපිට ගොන්ටයි නොපොයි මුණගැහුනේ,[ඇත්තම කියනවනම් මං හිතන හිටියේ ගොන්ටයි නොකොයි කියලා]ඔන්න දන්නේ නැති කස්ටියට කියන්නේ ඔතනින් අත වනන්නේ නොපෝ,එතකොට කිරිගොට්ටක් මුනින් නවලා වගේ ඔලුවක් තියෙන්නේ ගොන්ටා.
මං ඉතින් පොඩි කාලේ ඉදලම ඔය වගේ පොඩි පොඩි දේවල් හදන්න ආසයි,ඉතින් ඒක නිසා මං හැමදාම වගේ ගොන්ටයි නොපොයි බලනවා.මෙතන ඉතින් වැඩ්ඩා තමයි නොපෝ,අත් උදව් කාරයා තමයි ගොන්ටා.හැබැයි ඉතින් ගොන්ටත් නිර්මාණ කරනවා,හැබැයි ඒවා ගොඩක් වෙලාවට අසාර්ථකයි.
ගොන්ටා සහ නොපෝ කිව්වට මේ වැඩසටහනේ ඇත්තනම Dekirukana කියන නමයි.ජපානයේ NHK රූපවාහිනියේ නිරමාණයක්.1967 සිට 1990 දක්වා මෙහි වැඩසටහන් නිෂ්පාදනය වී තිබෙනවා.ඔෂින් වගේ වැඩසටහන් සමග අපිට ලැබුණු තෑග්ගක් තමයි මේ ගොන්ටා සහ නොපෝ.අපිට විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් රටවල මේ දෙන්නා ජනප්‍රිය වෙලා තියෙනවා.විශේෂයෙන්ම ලතින් ඇමෙරිකානු රටවල.ඒ වගේම ඒ රටවල භාශා මේ වැඩසටහනට හඬ කවලා තියෙනවා.
රූපවාහිනියේ ටයි මාමා ඇතුළු පිරිස විසින් ලස්සනට සිංහල හඬ කවලා තමයි අපිට ඉදිරිපත් කලේ.ඇත්තටම දැන් දරුවොන්ට ඒ වගේ වැඩසටහන් දකින්න අඩු එකත්,තිබුනත් බලන්න වෙලාවක් නැතිවීමයි ගොඩක් කනගාටුදායක කාරණයක්.ඒ වගේම ඔයාලට මතකනේ ඒක පටන්ගන්නකොට යන සින්දුව.ඔන්න එහෙනම් පල්ලෙහා තියෙන වීඩියෝ ඒක බලලා පුංචි කාලේ මතකයන් අවධි කරගන්නකො.....

