මෙයාද ?
නැත්නම්
මෙයාද ?
මක්ක උනත් මන් හිතනවා තාමත් ඔහෙලට මතක වෙන්නේ උඩ පින්තුරේ ඉන්න කෙනයි කියලා ,සමහර අයටනම් පහල කෙනත් මතක වෙන්න පුළුවන් ,කොහොම උනත් අද අපේ අරමුණ උඩ කෙනා ගැන කතාකරන්නයි ,
නමනම් ඔහෙලා දන්නවනේ - සනත් ටෙරාන් ජයසුරිය නැත්නම් දන්නා සිංහලෙන් කිව්වොත් Master Blaster.1969 උපන් සනත්ගේ දෙමව්පියන් උනේ ඩන්ස්ටන් ජයසුරිය මහතා සහ බ්‍රීඩා ජයසුරිය මහත්මියයි .චන්දන ජයසුරිය නමින් වැඩිමහල් සොහොයුරෙක් සනත්ට ඉන්නවා ,මාතර සෙන්ට් සර්වේසස් විදුහලින් ඉගෙනගත්ත සනත්ට ක්‍රිකට් වල මුල් අත්පොත් තියන්නේ පාසලේ ක්‍රීඩා ආචාර්ය ලයනල් වගසිංහ මහතායි .
කොහොම උනත් අද මන් බලාපොරොත්තු වෙන්නේ සනත් ගැන කවුරුත් දන්නා දේවල් කතා කරන්න නෙමෙයි ,ඔහුගේ ක්‍රීඩා විලාශය පිලිබදව පොඩි සාකච්චාවක් කරන්නයි ,
සුද්දන්ගේ ක්‍රීඩාවක් වන ක්‍රිකට් වර්තමානයේදී කල්ලන්ගේ ක්‍රීඩාවක් බවට පත්වෙලා ,එහෙම උනේ කොහොමද ?ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් බිහිවුණු හොදම පිතිකරුවා හැටියට සලකන්නේ ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන් මහතායි ,එහෙත් ඔහු පවා ක්‍රීඩා කලේ තමන්ට ලැබිලා තියෙන සීමා මායිම් අතරෙයි ,ඒත් මෙන්න මේ සීමා මායිම් කඩාගෙන බිදගෙන සනත් ක්‍රීඩා කල විලාශය තමයි වර්තමාන ක්‍රිකට් උන්මාදය ඇතිවීමට හේතු උනේ ,කාටහරි මතකනම් කල්පනා කරලා බලන්න 1996 ලෝක කුසලානෙට කලින් මැච් එකක් ආරම්බයේ පටන් අවසානය දක්වා බැලුවේ කීයෙන් කී දෙනාද කියලා ,
මේක වෙනස් උනේ සනත් ඇතිකළ විප්ලවයෙන් ,දැන් ජනප්‍රියම 20-20 ක්‍රිකට් ඇතිවීමට පවා මුලික උනේ මෙන්න මේ වෙනසයි ,හැබැයි සනත් ඇතිකළ විප්ලවය ඔහු ඇතිකළේ දැන් දැන් ක්‍රිකට්වල තියෙන පොල් අඩි වලින්නම් නෙමෙයි ,ඒකනම් සදහන් කලයුතුමයි ,
මෙන්න මේ පිතිප්‍රහාරය එල්ල කරන අන්දම බලන්න ඔබ කෙතරම් ආසා කරන්න ඇතිද ,අන්න ඒ නිසා තමයි සනත් විශේෂ වෙන්නේ ,තමන්ටම ඔබින ආවේනිකතාවයක් ගොඩනගා ගැනීම එතරම් ලෙහෙසි පහසු කාරණයක් නෙමෙයි ,අද උනත් කොච්චර බැන්නත් සනත් මැච් එකක් සෙල්ලම් කලොත් දැන් නැතුවට දැන් ගහවි ,කියලා හිතෙන්නේ නැති කෙනෙක් ඉන්නවද ?
ගිහින් එන්නම් ,
ප ලි - සාකච්චාවට ඉඩ සලසා ඇත ,