Sunday, March 3, 2013

සත්තු ගැන විත්ති

http://www3.canisius.edu

අපි ජීවත් වෙන මේ ලෝකේ අපිත් එක්ක ජීවත්වෙන අපේ පාළුව කාන්සිය මකාගන්න ඉන්න යාළුවෝ ගැන අපි නොදන්නා තොරතුරු ටිකක් තමයි අද මං ලියන්න හිතුවේ.බලන්න ඔයාලත් මේවා දැනගෙන හිටියද කියලා,


පැස්බරාට අශ්වයාට වඩා වේගයෙන් දුවන්න පුළුවන්.ඒ වගේම තමයි පිරිමි පැස්බරුන්ට සිංහයෙක් වගේ ශබ්ද කරන්නත් පුළුවන්ලු




පියාඹන්න පුළුවන් එකම ක්ෂීරපායී සත්වයා තමයි වවුලා.





අලින්ට වතුරේ ඉව සැතපුම් 3 ක් දුරට පවා දැනෙනවලු.




කිඹුලෙක්ට අහුවුනොත් උගේ කට අරවගන්න තියෙන හොදම විදිහ උගේ ඇහැට ඇගිල්ලෙන් අනින් එකලු




කෝලා වලසුන් කෑමට ගන්නේ යුකැලිප්ටස් ගහේ කොළ විතරලු 





බීවර්ලා හැම තිස්සෙම මොනවහරි ලෑටි ගාන්නේ දත් ගෙවාගන්නලු.නැත්නම් උන්ගේ දත් වැඩිලා මොලය හරහා ගිහින් උන් මරණයට පත්වෙනවලු





කොටින්ගේ ඉරි තියෙන්නේ ලොම්වල විතරක් නෙමෙයිලු.හමේත් තියෙනවලු.ඒ වගේම කිසිම කොටි දෙන්නෙක්ගේ ඉරි ඒක වගේ පිහිටා නැතිලු




  ටික්කෙක්ට සාමන්යෙන් උගේ උස වගේ 200 ගුණයක් උඩ පනින්න පුළුවන්ලු.ඒක හරියට මිනිහෙක් empire state බිල්ඩිම උඩින් පනිනවා වාගේලු.




මේ ලෝකේ ජීවත්වෙන සැම මිනිසකුටම කුඹි මිලියනයක් ඉන්නවලු.ඒ වගේම කුබින්ට පෙනහළු නැහැ වගේම කවදාවත් නිදාගන්නෙත් නැතිලු.



සමනලුන්ගේ ඇස් දෙකේ කාච දහස් ගානක් තියෙනවලු.හැබැයි උන්ට පේන්නේ රතු ,කොළ,සහ කහ පාට විතරලු 





ගොළුබෙල්ලෙක්ට ඇහැක් අහිමි වුනොත් ඒ ඇහැ ආයෙත් වැවෙනවලු.[මේක බලාලා වත්තේ ඉන්න ගොළුබෙල්ලොන්ගේ ඇස් කපන්න යන්නෙපා]





ඉබ්බෙක් නගන ශබ්දය අනුව උගේ ගැහැණු පිරිමි බව කියන්න පුළුවන්ලු 





ජිරාෆ් සත්ව ලෝකේ ගොළුවලු,ඒ වගේම උගේ දිව තද නිල් කළු පාටයිලු.ඒ වගේම උගේ බෙල්ලේ තියෙන ඇට ගණන මිනිසාගේ බෙල්ලේ තියෙන ඇට ගන්නට සමානලු.



ඕනෑම බල්ලෙක් උගේ හොම්බේන් හදුනාගන්න පුළුවන්ලු.ඒක හරියට මිනිසුන්ගේ ඇඟිලි සලකුණ වගේලු.[ඔන්න දැන් ගෙදර ඉන්න බල්ලාගේ හොම්බේ print ගන්න යන්නෙපා]





මේ ලෝකේ තියෙන ගස් ලක්ෂ ගානක් පැලවෙලා තියෙන්නේ ලේනුන් හංගපු බීජ වලින්ලු.පස්සේ උන්ට අමතක වෙනවලු හංගපු තැන



කැන්ගරුවා සිරුරේ සමබරතාවය තියාගන්නේ වලිගේ පිහිටෙන්ලු.





පිටිපස්සට පියාඹන්න පුළුවන් එකම කුරුල්ලා හමින්බර්ඩ්ලු





අඩුම වේගයකින් පීනන මාළුවා මුහුදු අශ්වයාලු 





මේ ලෝකේ ඉන්න සතුන් අතරින් වැඩිම දුරකට ඇහෙන්න ශබ්ද කරන්න පුළුවන් සතා මොල්ලි තල්මහලු.





සාමාන්යෙන් දිවි මකුළුවෙක්ට කිසිම කෑමක් නොගෙන අවුරුදු දෙකක් ජීවත්වෙන්න පුළුවන්ලු 




එහෙනම් අද ඇති නේද? ටටා....

Saturday, March 2, 2013

මගේ සිත නිවන ගී - My Mind Relaxing Songs


www.enhancedhealing.com


මම ටිකක් කොහොමත් සංගීතෙට ඇල්මක් දක්වන කෙනෙක් බව ඔගේ බ්ලොග් එක කියවන ඔයාලට තේරිලා ඇති.ඉතින් අදත් ඔන්න මං ලියන්න යන්නේ සින්දු ගැනම තමයි.හැබැයි විශේෂ සින්දු ටිකක් ගැන.ඔයාලටත් ජීවිතේ කවදාහරි දවසක ප්‍රශ්න ගොඩක එරිලා ඉන්නකොට අහන්න ලැබෙන සිංදුවකින් මනසට සුවයක් ලැබිලා තියෙනවද?බොහෝ දෙනෙක්නම් ඒ අත්දැකීම විදලා ඇති නේද?

නූතන විද්‍යාවටත් අනුව පිළිගන්න දෙයක් තමයි සංගීතය කියන්නේ මනස සුවපත් කිරීමේ හොදම ඔසුව බව.ඒ නිසාම මනස සුවපත් කිරීමේ [mind relaxing music] සංගීතයන් පවා මේ වෙනකොට බිහිවෙලා තියෙනවා.ඔයාලත් අහලා ඇති.හැබැයි ඒ වගේම තමයි අපි කැමති සින්දුත් තියෙනවා ,ඒවා ඇහුවම හිතේ තියෙන බර ගතිය අඩුවෙලා හිත සැහැල්ලු වෙනවා.හැබැයි ඉතින් ඒ සිංදුවල රිද්මය එක එක්කෙනාට අනුව වෙනස්වෙනවා.

මටත් හිත සැහැල්ලු කරගන්න ඕන වුනාම මම අහන සින්දු ටිකක් මං තෝරාගෙන තියෙනවා.සමහරවිට ඔයාලා හිතයි මේ සින්දු ඇහුවම හිත නිවෙනවද කියලා.සමහරවිට ඔයාලා කැමති සින්දුත් මේ අතර ඇති.ඔන්න ඉස්සෙල්ලාම මං කැමති සින්දුවක් "කටු අකුලේ මල් ඇහැරේ ..."- අඹ යාළුවෝ ටෙලියෙන්..



සඳවට රන්තරු.....- සී.ටී.ප්‍රනාන්දු ......



රඟහල දැන් ඇත අඩ අඳුරේ .....-විජේරත්න වරකාගොඩ සහ අනුලා බුලත්සිංහල 



Chahunga Main Tujhe - Sudhir Kumar & sushil kumar


සරා සදේ සිනා සේලේ .....-එච් .ආර්.ජෝතිපාල 


රන් ටිකිරි සිනා ...... - ගඟ අද්දර චිත්‍රපටියෙන් 


ඔන්න ආසම එක
පින්සිදුවෙන්නේ ....අනේ බාල ලමුන්නේ...- සී .ටී.ප්‍රනාන්දු




මම මේ වගේ සින්දු ටිකක් එකතුකරලා තියාගෙන හිත සැහැල්ලුවෙන්න ඕන වෙලාවට headphone එකත් දාගෙන ඇඳට වෙලා ඇස්පියාගෙන ඉන්නවා.එතකොට දැනෙන සැහැල්ලුවනම් කියලා වැඩක් නැහැ.අඩේ වැඩේ කියන්නේ මං කැමති සින්දු ඔක්කොම හෙන පරණ ඒවානේ.අනේ මන්ද...දැන් ඉතින් තියෙන සින්දු ඇහුවම mind relax වෙයිද..........

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...