Wednesday, December 5, 2012

අපිට මල් කඩන්න ඉගැන්නුවේ කවුද ?



දැන් ඉතින් බ්ලොග් අවකාශේ අලුත්ම ට්‍රෙන්ඩ් එක ප්‍රශ්නෝත්තර වැඩසටහන්නේ ,කතන්දර කාරයා වගේ ඔස්තාර්ලා වගේම අපේ අලුත් කස්ටියත් පහුගිය දවස්වල දාපු පොස්ට් බැලුවම හිතාගන්න පුළුවන්නේ ඒ ගැන ,මේ දවස්වල අධික විදියට වැඩ ,අවුරුද්දත් ඉවරයිනේ (තව ටික දොහකින් ඔක්කොම ඉවරයිනේ ,හෝව් හෝව් ..මං නෙමෙයි කියන්නේ ,එහෙම කියන්නේ අපේ මාරය්යා හරිය )ගෙදර එනකොට පාන් කියාගන්නත් බැහැ, ඒක නිසා මේ වගේ පොඩි පොස්ට් දන්නේ හොදේ ,

රායිට් .. දැන් පටන් ගමු තරගය ...

මෙන්න ඔබට ලැබෙන පලවෙනි ගැටලුව ...

අපිට මල් කඩන්න ඉගැන්නුවේ කවුද ?



ප .ලි .- පොඩි උදව්වක් මේකට හරි උත්තරේ 90 ට පස්සේ උපන් අය දන්නේ නැතිවෙන්න පුළුවන් 

පින්තුර -http://www.rgbstock.com,http://workinghome2.com/


UPDATED ......

කස්ටිය හරි උත්තරේ දීල තිබුනේ නැතත් ලගින් ගිහින් තිබුනා...මෙන්න හරි උත්තරේ 

නයනා සහ අමර 


Sunday, December 2, 2012

pizza ,අපි සහ බෝඩිමේ uncle [ it's about door step delivery ]

ඔන්න අද මාත් අපේ කතන්දර කාරයා වගේ දැම්මා english හෙඩිමක් ,මේ සිද්දිය උනේ මං කොළඹ වැඩ කරන දවස්වල ,ඒ කාලේ මං නැවතිලා හිටියේ බොරලැස්ගමුවේ ගෙදරක අනෙක්සියක් අරගෙන ,මාත් එක්ක ඒ කාමරේ share කරගත්තේ මගේ හොදම යාළුවගේ මල්ලි .මිනිහා ඒ කාලේ ජපුරේ campus එකේ ඉගෙන ගන්නවා ,

එදා මගේ birthday එක ,ඉතින් මං  ඒ හින්දා පොඩි party එකක් දාමු කියලා යෝජනා කළා ,තිබුනේ option දෙකයි ,එක්කෝ restaurant එකකට ගිහිල්ලා කන එක නැත්නම් කාමරේට ගෙනවිත් කන එක .මේකේ දෙවෙනි ඔප්ෂන් එක ක්‍රියාත්මක කරන්න අපි තීරණය කළා ,ඒකෙත් පොඩි වෙනසක් කරලා pizza hut එකෙන් pizza ගෙනෙවිත් කමු කියලා තෝරාගත්තා .

ගත්තා කෝල් එකක් ඕඩර් කළා pizza දෙකයි coke දෙකයි තව මොනවා මොනවා හරි [මට හරියටම මතක නැහැ ],කොහොම උනත් ඒ කාලේ හැටියට සෑහෙන්න ගානක් ,ඒ ගානට කොහොම උනත් campus එකේ canting එකෙන්  සතියක් විතර කන්න පුළුවන් .ඉතින් අපි කෑම එනකල් අතීත සිද්දි මතක් කරකර පොඩි ජොලියක් දැම්මා ,

මෙහෙම කොහොමත් පැයක් හමාරක් යන්න ඇති ,කෝ තාමත් මේ pizza කාරයා නෑනේ කියලා අපි කතා උනා ,මං ඇහුවා "මල්ලි උබ හරියට තැන කිව්වනේ "කියලා ,එයත් කිව්වා "හරි හරි මං හරියට කිව්වා ,ගෙදර uncleගේ නමත් කිව්වා හොයාගන්න බැරිඋනොත් කියලා "ඔහොම අපි තව ටික වෙලාවක් බැලුවා ,

ටික වෙලාවකින් කවුද ඇවිත් කාමරේ දොරට තට්ටු කළා ,දොර ඇරලා බලනකොට ඒ ගෙදර uncle දොර ගාව ,

uncle-පුතාලා  pizza ඕඩර් කලාද ,දැන් රෑට කන්නේ පීසද ?

අපි -නෑ ,ආ ... ඔව් uncle,අද මේ නිකම් දන්නැද්ද .....

uncle -අන්න මිනිහා දැන් සෑහෙන වෙලාවක් තිස්සේ අපේ ගෙදර ඉස්සරහ දොර ගාව ,

අපි - ආ ...ඇත්තද uncle ,ඉන්න අපි ගන්නම් .sorryහොදේ ...

ඔහොම කියලා අපි ඉතින් පීසා ටික කාමරේ ඇතුලට අරන් බොහොම සතුටෙන් බුක්ති වින්දා .

පහුවෙනිදා ගෙදර අන්කල් අපිට ආයෙත් හමුඋනා ,

uncle- මං මේ පුතාලව හම්බුවෙන්න කියලමයි උන්නේ ,දැන් ඉතින් හැම දේම ගිනි ගණන්,අද බලන ගාන නෙවෙයි හෙට ,මේ අනෙක්සියත් වෙන කෙනෙක් ඉල්ලුවා මීට වැඩියෙන් ,මට ඉතින් පුතාලව එහෙම යවන්නත් බෑනේ ,කොහොම උනත් පුතාලා මේ මාසේ ඉදලා රුපියල් දාහක් නම් වැඩිකරන්න වෙනවා ,පුතාලට උනත් ඒ ගාන අමාරුවක් නැතිව ඇතිනේ .......




linkwithin

Related Posts Plugin for WordPress, Blogger...