Monday, June 24, 2013

විසිතුරු මනස - Beautiful Mind


ඕන්න එහෙනම් දීර්ඝ විරාමයකට පස්සේ ආයෙත් බ්ලොගේ ලියන වැඩේට අතගැහුවා.මංවත් පහුගිය දොහේ මේ පැත්තේ ගොඩ නොවැදුනාට සෑහෙන පිරිසක් ඇවිත් ගිහින් තිබුනා.ඒකනිසා මේක වල්වැදෙන්න දෙන්න හොද නෑ කියලා හිතුනා.ඕන්න විරාමයෙන් පස්සේ අද ලියන්න යන්නේ චිත්තරපටියක් ගැන.මං ඔයාලට ගෙනෙන ගොඩක් කතා වගේම මේකත් ටිකක්විතර ඇත්ත කතාවක්.

චිත්තරපටිය තමයි A Beautiful Mind. 2001 වර්ෂයේදී තමයි තිරගතවෙලා තියෙන්නේ.චිත්තරපටිය ගැන කියන්න කලින් ඒකට මුල්වුණු කෙනා සහ එයාගේ කතාව ගැන ටිකක් කියලා හිටියොත් හොදයි කියලා මට හිතුනා.මේ කතාවට මුලික වෙලා තියෙන්නේ John Forbes Nash කියන සුප්‍රකට මහාචාර්යවරයාගේ කතාවයි.

උසස් අධ්‍යාපනය සදහා 1947 වර්ෂයේදී ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයට ඇතුලත්වන Nash එතැන්සිට මුහුණපාන සිදුවීම්වල පෙළගැස්මක් තමයි අපිට චිත්‍රපටියේ දකින්න ලැබෙන්නේ.ගණිතයට විශේෂ දක්ෂතාවයක් දක්වන Nash ගේ විශේෂත්වය වෙන්නේ මේ ලෝකේ ඇති ගොඩක් ස්වාභාවික සන්සිද්දීන්වලට ඔහු ගණිතමය විසදුමක් සෙවීමට යාමයි.


ඇත්ත John Forbes Nash

උදාහරයක්‌ විදිහට කිව්වොත් කුරුළු රංචුවක් පියාඹන ඒකට සමීකරණයක් ගොඩනගන්න Nash උත්සාහගන්නවා.Nash ගේ මේ විශේෂත්වය අන්තිමට නතරවෙන්නේ කොතනින්ද කියලා බලාගන්නනම් ඔයාලට චිත්තරපටිය බලන්නම වෙනවා.Oscar සම්මානයෙන් පවා පිදුම් ලැබූ චිත්‍රපටියක් මේ.කොහොමවුනත් මේක බලලා ඔයාලට හිතට ගන්න තියෙන්නේ .........

"ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනා නැත..."



චිත්‍රපටියේ trailer එක .....


සැ.යු - වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියකි.

ප.ලි. - පහුගිය දවස්වල හිතමිතුරු බ්ලොග් එකක්වත් කියවන්න බැරිවිය.කමාකරනු මැනවි.

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...