Thursday, June 5, 2014

බට්ටාගේ පලහිලව්ව - Spirit of the game


හී...ඊ..ඊ...ඊ..ඊ..

බට්ටෝ .....මොකෝ මගේ සුදු පුතේ....

හී...ඊ..ඊ.. අනේ අම්මේ මන්නම් ආයි අර පින්වත්තේ කොල්ලෝ එක්කනම් ක්‍රිකට් ගහන්න යන්නේ නෑ....ඊ..ඊ....ඊ...

ආ..නාඩ..නාඩ හිටපන් මගේ රත්තරනේ...මොකක්ද ඒ අසමජ්ජාතියෝ මගේ බට්ටට කරේ....

අනේ  අම්මේ උන් අද අපිත් එක්ක ක්‍රිකට් ගහන්න ඇවිත් හොර කරලා මාව අවුට් කළා....ඊ..ඊ..ඊ...

අනේ මේ උඹලගේ ඔය කිරිකොට් කෙරුවාව ගැන මට ඒ හැටි තේරෙන්නේ නෑ...තාත්තා  ආවමවත් කියහන්කෝ...දැන් ඉතින් නාඩ ඉඳින් තාත්තා එනකල්....

----------

මේ  මැණිකේ...හරිම මහන්සියි...හදමුකෝ හොඳවයින් තේ එකක්...

මේ ඇහුනද.....අද අර පින්වත්තේ කොල්ලෝ ටික සෙල්ලං කරන වෙලාවේ අපේ බට්ට පුතාට අරියාදු කරලනේ.....

පින්වත්තේ කිව්වේ...????

ඇයි අනේ....මතක නැද්ද... අර ඔයයිලගේ සීයලාගේ කාලේ අපිට සින්නවෙලා තිබ්බ ඉඩම....කොහෙද ඉතින් සීයා නැතිවුනායින් පස්සේ ඔයයිලගේ අම්මා පිනට කියලා උන්ටම ආයේ ඉඩම ලියලා දුන්නනේ...දැන් ඔන්න ඕකේ ඉන්න වසවර්තියෝ ටික ගැන තමයි මං කිව්වේ....

ආ....හැබෑට මොකද වෙලා තියෙන්නේ...බට්ටෝ....මෙහෙ වරෙන් මයේ පුතේ...

බට්ටෝ...මොකද උනේ මයේ පුතේ....

අනේ  තාත්තේ...අද හවස අර පින්වත්තේ කොල්ලෝ ටික ආවා අපේ වත්තේ ක්‍රිකට් ගහන්න.අපිමයි උන්ට එන්න කිව්වේ.අපේ පිලේ හිටියේ මහප්පාගේ පුතාලයි මායි සුදු නැන්දගේ පුතාලා දෙන්නයි.උන් සෙල්ලං කරද්දී හොරකරලා මාව අවුට් කරලා මැච් එක දින්නා තාත්තේ...

මුන්ව තියන්න වටින්නේ නෑනේ...හැබෑට උන් මොනවද කලේ....

අපිමයි  උන්ට ඒ දවස්වල ක්‍රිකට් ගහනහැටි කියලා දුන්නෙත්.උන්ට ඒ දවස්වල බැට් බෝල තිබ්බෙත් නෑ.අදත් සෙල්ලං කලේ අපේ බැට් බෝල වලින්.සෙල්ලං කරද්දී උන් ගහන වෙලාවේ උන්ව අවුට් කරගන්න ඕන නිසා මහප්පාගේ ලොකු පුතා නීතියක් දැම්මා බෝලේ දාන්න කලින් ඉර පැන්නොත් අවුට් කරන්න පුළුවන්ය කියලා...

ඉතින්.... ඉතින්....

ඉස්සරත් නීති හැදුවේ අපිම තමා...ගස් කැච් ඔට්ටුයි කියලයි...වන්බම්ප් අවුට් කියලයි නීති හැදුවෙත් අපිම තමා.උන් ඒවාට මුකුත් සද්දයක් කලේ නෑ.ඊයේ මැච් එකේ උන්ට වැඩියෙන්ම ගැහුවේ මම.අද උන් ගහලා ඉවර වෙලා අපි බැට් කරද්දී අන්තිම හරියේදී බෝල දැම්මේ සේන මාමගේ පුතා.ඊයේ උන්ට ගහපු තරහටම අද ඌ එකපාරටම මම ඉර පැන්නා කියලා විකට් එක කැඩුවනේ.විකට් එක කඩලා උන් ඒ වෙලාවේ අම්පෙයාර් හිටපු සුදු නැන්දගේ පුතාගෙන් මගේ අවුට් එක ඉල්ලුවා.සුදු නැන්දගේ පුතා සද්ද නැතුව ඉන්න හදනකොට උන්ගේ පිලේ නායකයා හිටියේ අර මැතිව් මාමගේ කොල්ලා.ඌ වලියට ආවා.ඉතින් සුදු නැන්දගේ පුතාටත් අවුට් එක නොදී බැරිවුනා....අපි මැච් එකත් පරාදවුනා ඒ නිසා...උන් හරි හොරු තාත්තේ....ඊ...ඊ..ඊ..

මං එක දවසකුත් කිව්වනේ ඔය පින්වත්තේ එවුන් එක්ක තියෙන ඇයිහොඳයි නවත්තන්න කියලා...කෝ ඇහුවය....නීතියක් රීතියක් දන්න එවුන්ය ඕවයේ ඉන්නේ.යකෝ අපේ ඉඩම් අල්ලාගෙන දැන් එනවා මෙතන අපේ පොඩි එවුන්ගේ ඔළුවටත් අත හෝදන්න...කෙලෙහි ගුණයක් නැති පාහර හැත්ත...යන්නේ එහෙම නෑ මින් පස්සේ ඕකුන් එක්ක සෙල්ලමට....

....................................................................................................

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා පැවති පස්වැනි එක්දින තරඟයේදී 45 වැනි පන්දු ඕවරයේදී පන්දු යවමින් සිටි සචිත්‍ර සේනානායක විසින් ඒ අවස්තාවේදී පන්දු යවන්නාගේ අන්තයේ රැදී සිටි ජොස් බට්ලර් තමාගේ සීමා ඉර අබිභවා ඉදිරියට ගොස් සිටි බැවින් කඩුල්ල බිඳදමා [පන්දුව යැවීමට පෙර ]ඔහු දැවීගිය ක්‍රීඩකයකු මෙන් නම්කරන මෙන් විනිසුරු ගෙන් ඉල්ලා සිටියේය.ඊට පෙර ඕවරයේදීද සේනානායක විසින් දෙවරක්ම එසේ නොකරන මෙන් බට්ලර් වෙත අවවාද කරන ලදී.ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ගෙන්ද ඒ පිලිබඳ විමසූ විනිසුරු බට්ලර් දැවී ගිය ක්‍රීඩකයකු සේ නම් කළේය.

මෙසේ  ක්‍රීඩකයකු දවා ගැනීම "මන්කාඩ්" කිරීම ලෙස හඳුන්වන අතර 1947 තරඟයකදී ඉන්දීය ක්‍රීඩක විනෝ මන්කාඩ් විසින් මෙවැනි ඉල්ලීමක් කලපසු දැන් එය ජාත්‍යන්තර ක්‍රිකට් නීතියක් බවට පත්ව ඇත.කෙසේවුවත් තරඟයෙන් පසුව එංගලන්තය චෝදනා කලේ ශ්‍රීලංකා පිල විසින් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිවන අයුරින් එම දවාගැනීම කල බවටයි.එසේම ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟ සඳහා එය අනිටු බලපෑමක් ඇතිකරවන්නක් බවයි. 

ශ්‍රී ලංකාව එංගලන්තයේ යටත් විජිතයක්ව පැවතී පසුව නිදහස ලැබූ රටක් වන අතර ක්‍රිකට් ක්‍රීඩාව මෙරටට හඳුන්වාදෙන ලද්දේ එංගලන්ත ජාතිකයින් විසිනි.ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ නීති සකස්කර ඇත්තේ එංගලන්ත ජාතිකයින් විසිනි.

පෙර  කතාව සහ පසුව පැවසු සිද්දිය අතර කිසිදු සමානකමක් නොමැති අතර ඔබට එම කතාවල යම් සමානකමක් හැගේ නම් ගැත්තාට සමාව දුන මැනවි....

35 comments:

  1. පෙර පසු කතාවල සම්බන්ධයක් ඇත්තෙම නෑ...!!!

    අර තට්ට සනා මාම ගේ පුතා අයියලාගේ ඉස්කෝලෙ ළමයින්ට ගහන්න ගිය කේස් එක දන්නවාද?

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුව spam ගොඩේ තිබී සම්බවිය...උත්තරේ යට කොමෙන්ටුවට දුන්නා...

      Delete
  2. පැහැදිලි කිරීම අත ඇරල කතාව ලිව්වනං වටිනාකම කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ටික දවසක් ගියාම මොකක් ගැන ලිව්වද කියලා හිතාගන්න බැරිවෙන නිසා ඒ ටික ලිව්වේ..

      Delete
  3. හම්මේ සුපිරි බන් ජාතුවෝ....අන්තිම ටික ලිව්ව එක හොදා නැත්තම් මැච් බලන් නැති මට මොලේ කොයිල් වෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔයාට ටිකක් කෝමත් කොයිල් නේද?

      Delete
    2. ඔව් කොයිල් නිසානේ මේ වගේ කොයිල් උන් ලියන පෝස්ට් වලට කොමන්ට් කොටන්නේ :)

      Delete
    3. බේත් ගන්න...ඉක්මනින් හොඳ වෙන්න කියලා පතනවා...

      Delete
  4. පෙර කතාව සහ පසුව පැවසු සිද්දිය අතර කිසිදු සමානකමක් නොමැතිබව ඉතා පැහැදිලියි.

    අර හන්දයේ සනා මාමා ගේ කොලුවා උගේ යාළුවෝ එක්ක අයියලා ගේ ඉස්කොලේ කොල්ලන්ට ගහපු එක ගැන තාත්තාට කියන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්...ඒ සනා මාමගේ කොලුවා ඉස්කෝලේ ගියපු වෙලාවේ යාළුවො වටකරගෙන ඉන්න ෆොටෝ එකක් කියලා පොලිසියේ මාමගේ පුතා කියලා තිබ්බනේ...

      [කකාගේ කලින් කොමෙන්ටුව spam ගොඩට වැටී තිබී සම්බවිය ]

      Delete
  5. අපි නම් එහම සම්භන්දයක් දැක්කෙම නැත. බොරැවක් කියවානම් බට්ටගේ කකුල කැඞිය.

    ReplyDelete
  6. මේ බට්ටා කියන දේයි අනික් බට්ටෝ කියන දේයි අතර කිසි වෙනසක් නෑ. මොකෝ මේ බට්ටත් කියන්නේ අමු කෙප්ප නේ. එක පාරට විකට් එක කැඩුවේ නෑ. අඩෝ පනින්නෙ එහෙම නෑ. තෝ අවුට් කරනවා කියලා, දෙසරයක්ම ඔය පින්වත්තේ ටීම් එකේ බෝල දාපු එකා කිව්වා. ඒ උනාට බට්ටා නෙමෙයි පයිසෙකට ගනන් ගත්තේ.. ආන් ඒ කතාව බට්ටා කියන්නේ නෑ. ඒකයි බට්ටගේ කැත.

    ReplyDelete
    Replies
    1. බට්ට ඒක කියන්නේ නැති එකනේ වැරැද්ද...

      Delete
  7. හප්පේ .... මේකා ලියන ඒව...
    අපි නං මුකුත් දැක්කෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මං මුකුත් කිව්වෙත් නෑ

      Delete
  8. එතකොට බට්ටා වෙනුවෙන් කතා කරන්න පින්වත්තේ එවුන් හිටියෙම නැද්ද ?

    ReplyDelete
    Replies
    1. බට්ටාගේ ගෙදර එවුන්ට වඩා පින්වත්තේ එවුන්ලු බට්ටාගේ පැත්තට වැඩියෙන් කතාකරේ...සේන මාමගේ පුතයි මැතිව් මාමගේ පුතයි උන් පට්ට ගැහුවලු

      Delete
  9. එළ එළ බටිටා සහ බට්ලර්

    ReplyDelete
  10. බට්ටගේ කතාව විතරක් තිබ්බනං මල් හතයි හසරැල්. බට්ටට එහෙහිව මාතලං දැවැන්ත සටනක් දියත් කරා

    ReplyDelete
    Replies
    1. ඒත් එතකොට ක්‍රිකට් නොබලන අයට අප්ෂට් යයිනේද...අනික පස්සේ කාලෙක වුනත් බලන කෙනෙකුට එතකොට කතාව තේරෙනේවනේ

      Delete
  11. පසු කතාව ලියපු එක හොඳය. මොකද ක්‍රිකට් යනු මගේ ලැයිස්තුවේ ඇති දෙයක් නොවේ. නැත්තං මෙය හුදෙක් කතාවක් ලෙස සැලකිය හැකිව තිබුණි. :D

    ReplyDelete
    Replies
    1. ආන්න එකනේ මං කිව්වේ..

      Delete
  12. කඩප්පුලි කොල්ලො

    ReplyDelete
  13. පැහැදිලි කිරීම් ඕනේ නෑ! මරුම කතාව!! :D

    ReplyDelete
  14. පැහැදිලි කිරීමක් ඕනෙත් නෑ මොකද කිරිකට් ගැන මෙලෝ ඉන්ටරෙස්ට් එකක් නැති මාත් දන්නව මේ සීන් කෝන් එක. කතාව මල් හතයි හසරැල්ලෝ....

    ReplyDelete
    Replies
    1. කෙල්ලොත් ක්‍රිකට් බලති...

      Delete
  15. ක්‍රිකට් ගහන ගමන් බට්ටා පනින්නත් පුරුදුකරා නම් ඔච්චර කචල් නැහැ.

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න එවුන් ඕවා දන්නවය..

      Delete
  16. පිංවත්තේ මොලේ අතේ තියන් ඉන්න කෙනෙක් මේක කියවන එකක් නැහැ නේද බුදු මල්ලියේ..

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...