Thursday, April 18, 2013

සිහින හඹායන්න - Greatest Game Ever Played


ඔන්න අද මං කියන්න යන්නේ තමන්ගේ සිහින හඹාගිහින් සැබෑ කරගත්ත කොළු ගැටයෙක් ගැන ඇත්තම ඇත්ත කතාවක්.මෙයාගේ නම Francis Ouimet.මෙයා ඇමෙරිකන් ජාතිකයෙක්.ඉතින් මෙයා මෙයාගේ පොඩි කාලෙම ඉදල තිබ්බ සිහිනේ ජයගත්ත හැටි තමයි මං අද ඔයාලට කියල දෙන්නේ.

Francis Ouimet 1893 මැයි 8 වෙනිදා ඇමෙරිකාවේදී උපත ලබනවා.ඒ බ්රූක්ලින් වලදී.Francis Ouimet ගෙ අම්මයි තාත්තයි දෙන්නම සංක්‍රමණික ජාතිකයින්.පුංචි Francis ට වයස අවුරුදු 4 ක් වෙද්දී මේ පවුල බ්රූක්ලින්වල ගොල්ෆ් පිටියක් අසල පදිංචියට එනවා.එදා ඉදන් Francis ගෙ ජීවිතය වෙන්නේ ගොල්ෆ් ක්‍රීඩාවයි.

දැන් කාලේ වගේම ඒ කාලෙත් ගොල්ෆ් කියන්නේ ධනවතුන්ගේ ක්‍රීඩාවක්.ඉතින් කම්කරු පවුලක ඉපදුනු Francisට ගොල්ෆ් ක්‍රීඩකයෙක් වෙනවා කියන්නේ හීනයක්ම විතරයි.ඒත් පුංචි Francis පොඩි කාලෙම අධිෂ්ඨාන කරගන්නවා කොහොමහරි ගොල්ෆ් ක්‍රීඩකයෙක් වෙනවා කියලා.Francis Ouimet මුලින්ම තමන්ගේ ගෙදර අසල ගොල්ෆ් පිටියේ caddy ඒ කියන්නේ ගොල්ෆ් මළුඋස්සාගෙන යන උදව්කරුවෙකු හැටියට සේවයට බැදෙනවා.මේ  කාලේදී අවස්ථාවක් ලද විගස ගොල්ෆ් පන්දුවට තමන් අත ඇති ගොල්ෆ් පිත්තකින් පහරක් ගසා පුරුදු පුහුණු වෙන්නත් Francis අමතක කරන්නේ නෑ.

කොහොමහරි ටික කාලයක් යද්දී තමන්ගේ හාම්පුතුන්ටත් වඩා හොදින් ගොල්ෆ් පිත්ත හසුරුවන්න Francis සමත්වෙනවා.ඒත් Francis ගේ මේ උත්සාහය එයාගේ තාත්තා දකින්නේ නිරපරාද කටයුත්තක් හැටියට.ඒ නිසා ඔහු Francis ට තර්ජනය කරනවා රැකියාවක් සොයාගන්න ලෙසට නැතිනම් ගෙදරින් පිටමන් කරන බවට.ඉතින් මේ නිසා Francis ක්‍රීඩා භාණ්ඩ අලෙවිසලක වැඩට බැදෙනවා.ඒත් හදිසියේම ලැබෙන අවස්ථාවකින් නොසිතු පරිදි Francisට නැවතත් ගොල්ෆ් ක්‍රීඩාවට එන්න අවස්ථාවක් උදා වෙනවා.මෙහෙම ආපු ගමන Francis Ouimet නතරවෙන්නේ එවකට සිටි හොදම ගොල්ෆ් ශුරයා වුනු Harry Vardon වත් පරාජය කරමින් 1913 ඇමෙරිකානු විවෘත ගොල්ෆ් ශූරතාවය දිනා ගනිමින්.ඒ වගේම අදටත් නූතන ගොල්ෆ් ක්‍රීඩාවේ පතාක යෝධයෙක් විදිහට Francis Ouimet පිළිගැනෙනවා.

Francis Ouimet 1913 ඇමෙරිකානු විවෘත ගොල්ෆ් ශූරතාවයෙදී ...

ඉතින් මේ Francis Ouimet ගේ කතාව ගැන ලස්සන චිත්‍රපටියක් නිපදවලා තියෙනවා The Greatest Game Ever Played නමින්.රසවින්දනයට බාධාවෙන නිසා Francis Ouimet ගැන වැඩි විස්තර කියන්නේ නෑ.


මෙතනින් ගිහින් චිත්‍රපටිය බාගන්නත් පුළුවන්......

ඉතින් කොහොමවුනත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තමන්ගේ සිහින හඹායන්න......ජයගන්නයි කියලයි ....

Monday, April 15, 2013

එකම කතාවක දෙපැත්තක් .....


අළුත් අවුරුද්දේ ඉස්සෙල්ලම ලියන්න හිතුනේ මේ වගේ දෙයක් නම් නෙමෙයි.ඒත් අද [අප්‍රියෙල් 15] පටන් ගනී කියලා අනාවැකි පලකරලා තිබ්බ කොරියන් යුද්ධය නිසා මට මේ කතාව මතක වුනා .ඉතින් මං අද මේ කියන්න යන කතාව අදාළ වෙන්නේ දෙවැනි ලෝක යුද්ධ කාලෙට.iwo - jima කියන දූපත වෙනුවෙන් ජපානය සහ ඇමෙරිකාව අතර ඇතිවුණු බිහිසුණු සටනක් ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ.ඒ වගේම මේ ඇත්ත කතාවක්.සිද්දිය ගැන විස්තරයක් නොකර මං කියන්න ආව දේ ගැන කියන්න අපහසු 
නිසා ඒ සිද්දිය ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්.

iwo-jima කියන්නේ පැසිෆික් සාගරයේ ජපානයට ගිනිකොන දෙසින් පිහිටි ඉතා කුඩා දූපතක්.ඒත් එහි තිබු ගිවන් පථයන් නිසා සංග්‍රාමික වශයෙන් ඉතා වැදගත් භූමියක්.ඒ නිසා ඇමෙරිකාව මේ බිම්කඩ තමන් යටතට ගන්නත් මෙන්ම ජපානය එය රැකගන්නත් ගොඩක් ලොකු උත්සාහයක් ගන්නවා.



iwo-jima හි සිතියමක් 


ඉතින් මේ වෙනුවෙන් 1945 පෙබරවාරි 19 සිට මාර්තු 26 වෙනිදා දක්වා ඉතා දරුණු සටනක් මේ දෙපාර්ශය අතර ඇතිවෙනවා.කොහොමවුනත් අන්තිමේදී මේ සටනින් ඇමෙරිකාව ජයගන්නවා.ඉතින් ඔන්න ඔහොමයි කෙටියෙන් කිව්වොත් මේ සිද්දිය.මෙතනින් ගිහින් ඔයාලට වැඩිදුර විස්තර ඒ ගැන කියවන්න පුළුවන්.

ඉතින් ඔන්න මං අද කියන්න යන කතාව අදාළ වෙන්නෙත් මේ සිද්දියත් එක්කයි.මේ යුද්දය අලලා එය පසුබිමේ සිදුවීම් එක්ක clint eastwood විසින් ච්ත්‍රපටි දෙකක් නිපදවලා තියෙනවා flags of our fathers සහ letters from iwo-jima කියන නම් වලින්.ඉතින් මේකෙන් flags of our fathers කියන කතාවෙන් මේ සිදුවීමේ ඇමෙරිකන් පැත්තේ කතාවත් letters from iwo-jima ලියන කතාවෙන් ජපානය පස සිදුවීමත් විස්තර වෙනවා.චිත්‍රපටි නිසා ඔයාලගේ රසවිදීමට බාධා වෙන නිසා මං වැඩිය දෙයක් කියන්න යන්නේ නැහැ.

ඒත් පොඩි කාරණයක් සදහන් කරන්න ඕන.ඒ තමයි ඔයාලා කවුරුත් වගේ දැකලා තියෙන පල්ලෙහා තියෙන පින්තුරෙ මේ කතාවේ එකක්.



raising flag on iwo-jima චායාරූපය 

flags of our fathers කියන කතාව දිවෙන්නේ මෙන්න මේ චායාරූපයත් එක්කයි.අපේ රටේ රුපියල් දාහේ කොළෙත් මේ චායාරූපය අනුසාරයෙන් කල සිතුවමක් තියෙනවා.මේ පින්තුරය අරගෙන තියෙන්නේ iwo-jima හි suribachi කඳු මුදුනේදියි.පින්තුරය අරගෙන තියෙන්නේ Joe Rosenthal කියන චායාරූප ශිල්පියා විසින්.පින්තුරය ගැන වැඩි විස්තර මෙතනින් ගිහින් දැනගන්න පුළුවන්.මේ සිදුවීම ගැන අපි නොදන්නා කතාවක් තමයි චිත්‍රපටියට පසුබිම වෙන්නේ.


Iwo-jima ජයග්‍රහණය වෙනුවෙන් නිකුත්කළ සමරු මුද්දරය 


flags of our fathers චිත්‍රපටියේ trailer එක 

මෙතනින් ගිහින් flags of our fathers චිත්‍රපටිය බාගන්නත් පුළුවන්.

English උපසිරසි මෙතනින් ගිහින් ගන්න.

ඉතින් මේ සිදුවීමේම අනිත් පැත්තේ ඒ කියන්නේ ජපානය පැත්තේ කතාවත් පසුබිම් වෙලා තැනුණු චිත්‍රපටිය තමයි letters from iwo-jima කියන්නේ.General Tadamichi Kuribayashi කියන ජපන් ජෙනරාල්වරයාත් යුද්ධයට බලෙන් බදවාගත් Saigo කියන සොල්දාදුවාගේ මතකයන් එක්ක තමයි චිත්‍රපටිය ගලාගෙන යන්නේ.oskar සම්මාන පවා ලබපු මේ චිත්‍රපටිය flags of our fathers චිත්‍රපටියට වඩා සාර්ථකව නිමවෙලා තියෙනවා.මුළුමනින්ම ජපන් බසින් තිබුනත් ඉංග්‍රීසි උපසිරසි සහිතව බැලුවොත් රසයට බාධාවක් නෙමෙයි.


letters from iwo-jima චිත්‍රපටියේ trailer එක 


මෙතනින් ගිහින් letters from iwo-jima චිත්‍රපටිය බාගන්නත් පුළුවන්.

English උපසිරසි මෙතනින් ගිහින් ගන්න.
මේ චිත්‍රපටි දෙකම එකම පසුතලයක තමයි නිපදවිලා තියෙන්නේ.කොහොමවුනත් මේ චිත්‍රපටි දෙකෙන්ම කියවෙන්නේ යුද්ධයේ ඇති කුරිරු බව සහ මනුෂ්‍ය සන්තානයේ ඇතිවෙන බැදීම් ගැන.බලපු නැති අය කොහොමහරි බලන්න.බාගෙන බලන්න බයිට් නැති කස්ටිය පිටකොටුවෙන් රුපියල් 50 කට මේ චිත්‍රපටි දෙකම තියෙන DVD එකක් හරි අරගෙන බලන්න.ඔන්න එහෙනම් අදට ඇති නේද???


අවි ගත්තෝ අවියෙන්ම නසිති. 

Sunday, April 14, 2013

සුබ අළුත් අවුරුද්දක් වේවා !


ලැබුවාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද 
ඔබ සහ ඔබේ පවුලේ සැමට 
එළකිරි සහ ජලය පිරි 
සතුට සොම්නස සහ ආතල් පිරි
ජල්බරි ,ගුස්ති ,තොප්පි නැති 
පොලුවලින් ලණුවලින් තොර 
සමබර සහ සොමිබර 
ආතල් කිතල් පොල්තෙල් පිරි 
සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ....!


පින්තුරේ ඉස්සුවේ බුකියෙනි.

Monday, April 8, 2013

ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වච්චා ...


http://www.bettyblanche.com/

ඔන්න යාළුවනේ බ්ලොගේ ටිකකාලයක් පාලුවට යන්න ගියා.වෙන මොකුත් හේතුවක් නිසා නෙවෙයි මේ දවස්වල මගේ අතේ ඇතිවෙලා තියෙන පොඩි ආබාධ තත්වයක් නිසා.ඒක නිසා වැඩිපුර අකුරු කොටන්න අමාරුයි.දැනුත් ඉතින් ටිකක් අමාරුයි,ඒත් එහෙමෙයි කියලා මේක පාලුවට ඇරලා පුළුවනෑ.ඔන්න ඒක නිසා අද පොඩි දෙයක් ලියන්න හිතුවා.

අද ලියන්නේ අපි ඔක්කොම හොදට දන්න ඒත් ඒකෙ තේරුම ගැන කිසිත් නොදන්නා දෙයක් ගැන.කවුරුත් වගේ අහලා තියෙනවනේ ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වච්චා ...කියන සින්දුව.ඒත් කවදාවත් හිතලා තියෙනවද ඒකෙන් කියවෙන්නේ මොකක්ද කියලා.නැහැනේද ?ඔන්න එහෙනම් අහගන්නකෝ.....

ඇත්තටම කියනවනම් මේ සින්දුව බාලදක්ෂ ගීතයක්.සෑම බාලදක්ෂ කඳවුරකම ගිණි මැල සංදර්ශනයකම වගේ කියවෙන සින්දුවක්.මාත් බාලදක්ෂයෙක් වශයෙන් ගිනිමැල සංදර්ශනයවලදී මේ ගීතය ගායනා කරලා තියෙනවා.මේ සින්දුව ලියලා තියෙන්නේ බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බෙඩ්න් පවල් සාමිවරයා විසින්.ඔහු විසින් දෙවැනි බෝවර් යුධ සමයේදී අප්‍රිකානු භූමියේදී සවන් දුන් දේශීය ගීත ඇසුරින් 1920 පළමුවැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියෙදී බාලදක්ෂයන්ට ගායනා කිරීමට තමයි මේ ගීතය ලියලා තියෙන්නේ.මේ සින්දුව තියෙන විශේෂත්වය තමයි කුමන මව්බසක් පාවිච්චි කරන කෙනෙකුට වුනත් මේ සින්දුව ඉතා පහසුවෙන් ගායනා කල හැකිවීම.ඒ වගේම මේ ගීතය නාදමාලාව පදනම වෙලා තියෙන්නේ මොසාර්ට්ගේ පළමුවැනි සන්ද්වනිය ඇසුරින්.ඒ සන්ද්වනිය මොසාර්ට් තමන්ට වයස 8 ක් වෙද්දී තමයි නිර්මාණය කරලා තියෙන්නේ.


බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිතුමා 

ගොඩක් කාලයක් ගොඩ දෙනෙක් මේ සින්දුව කිව්වට ඒකෙ තේරුම එලිවුනේ 1991 දී Dorothy Unterschutz නම් කැනේඩියානු බාලදක්ෂිකාව විසින් "The Leader" නම් සගරාවට ලියූ ලිපියක් මගින්.මේ සින්දුව මගින් කියවෙන්නේ විශාල අළු පැහැති අලි අවතාරයක් ගැන.අප්‍රිකානු ගම්වල ජනතාව අතර විශ්වාසයක් තියෙනවා වර්ෂාවකට පස්සේ මේ කියන අලි අවතාරය තමන්ගේ ගම වටා සක්මන් කලොත් එළබෙන කාලය සමුර්ධිමත් බවත්,අලි අවතාරය ගම හරහා ගියොත් දුර්භික්ෂ කාලයක්‌ උදාවෙන බවටත්.


ඔන්න ඉතින් මේ අලි අවතාරය "වච්චා" කියන ගම හරහා අවුරුදු 3 ක්ම ගමන් කරලා තියෙනවා.ඉතින් මේ දිගින් දිගටම එළබෙන දුර්භික්ෂ කාලය නිසා ගමේ කස්ටිය එක්කහු වෙලා ගමේ නායකයා වුනු "ගින් - ගැන්" සමග අලි අවතාරය ගමට ඇතුලුවෙන තැන හරස්කරලා ඉදගෙන අලි අවතාරය බයකරලා එලවන්න ප්ලෑන් කරලා තියෙනවා.ඒ අතරේම මේ කස්ටියගේ සපෝට් එකට ගමේ යකදුරා වුනු "ශේය්ලා" විසින් ඔහුගේ ගෝල බාලයන් එක්ක ඔවුන්ගේ මැජික් ආම්පන්න වලින් "ශල - වල"කියන ශබ්දේ නංවලා මේ අලි අවතාරේ බයකරලා තියෙනවා.ඉතින් කොහොමහරි කස්ටියගේ ප්ලෑන වැඩකරලා අලි අවතාරේ "ඕම්ප්‍රාහ..." කියන ශබ්දේ නංවමින් ගම වැටේ ගමන් කරලා තියෙනවා.ඉතින් ගමේ ජනතාව තමන්ගේ ප්‍රීතිය පල කරලා තියෙන්නේ මේ ගීතය ගායනා කරලා.ඔන්න ඔහොමයි සිද්දිය.ඇතිනේද ....?මේ ටිකත් කෙටුවේ දවස් දෙකකට.ඔන්න පල්ලෙහා තියෙනවා සින්දුව අහලා මතකය අලුත් කරගන්නකො....ඒ වගේම තමයි මේ සින්දුව පහුකාලීනව ගොඩක් නවීකරණ වෙලා තියෙනවා.


Oompah, oompah, oompah, oompah.
Ging gang goolie goolie goolie goolie watcha,
Ging gang goo, ging gang goo.
Ging gang goolie goolie goolie goolie watcha,
Ging gang goo, ging gang goo.
Hayla, oh hayla shayla, oh hayla shayla, shayla, oh-ho,
Hayla, oh hayla shayla, oh hayla shayla, shayla, oh.
Shally wally, shally wally, shally wally, shally wally
Oompah, oompah, oompah, oompah


original වර්සොන් එක...


Inner Circle ලගේ Remix වර්සොන් එක 

අත සුවපත්වූ විගස දිගට හරහට කොටන්නම්කො...

පින්තුර ගත්තේ - http://bks.beyondkenyasafaris.com/ සහ http://inkwebane.cne-escutismo.pt/

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...