හෙඩිම දැක්කගමන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං 56 වෙනුවට 96 කියලා සටහන් කරලා කියලා.මොකද 56 කියන්නෙත් අපේ රටේ හොද හොද පෙරලි වෙච්ච අවුරුද්දක්නේ.කොච්චර හොදද කියනවනම් ඒවාට වන්දි අපි තාමත් ගෙවනවානේ.කොහොම උනත් හෙඩිම හරි.
මං අද කතාකරන්නේ 96 අපේ රටේ ඇතිවුණු ක්‍රිකට් වසන්තය (මේ දවස්වල නරක වචනයකි ) සහ අපේ රටේ වෙච්ච විපිරියාස ගැනයි.හිටිහැටියේම මෙහෙම ලිපියක් ලියන්න හිතුනේ අපේ 96 ක්‍රිකට් කණ්ඩායම සහභාගී වුනු සුහද ක්‍රිකට් තරගයක් නැරඹුවාට පස්සේ.මේ ලිපිය ලියන මං ඇතුළු මේක කියවන ගොඩ දෙනෙක් ඒ කාලේ ළමාවයසේ හිටියට මං මේ කියන දේවල් ඔයාලට මතක ඇතිකියලා හිතන්න පුළුවන්.
ඇත්තටම 1996 වෙනකොට අපේ රටේ සමාජයේ තිබුණු වාතාවරණය ආපහු ඔලුවට නගාගත්තොත් මං මේ කියන්න යනදේ ඔයාලටත් හිතෙන්න පුළුවන්.ඒ වෙනකොට අපි රටේ තිබුණු ත්‍රස්තවාදී යුද්ධයෙන් ඉතා දරුණු ලෙස බැටකමින් හිටපු කාලයක්.ඒ වගේම ඒ වෙනකොට රටේ ඇතිවුණු තරුණ නැගිටීමක් ඉතා දරුණු ලෙස මර්ධනය කරලා ගෙවුණු පශ්චාත් සමයක්.
ඇත්තටම මේ කාලේ පොඩිවුන් වුනු අපිටවත් අපේ වැඩිහිටියොන්ටවත් සිනහව සතුට කියන දේ අමතක වෙලා තිබුණු කාලයක් කියලත් කියන්න පුළුවන්.මේ කාලය වනවිට ලංකාවේ සිනමාව පවා කඩාගෙන වැටුනේ මං මේ කියන කාරණය නිසා වෙන්න පුළුවන්(ඒ ගැන පස්සේ දවසක කතාකරමු ).මොකද මිනිස්සුන්ට තමන්ගේ දරුමල්ලොත් එක්ක සතුටුවෙමින් ගෙවන්න කාලයක් වෙන්කරගන්න බැරිවුණු නිසා.
මේ කාලේ වෙනකොට ක්‍රිකට් වුනත් තිබුනේ එච්චර හොද තත්වයක නෙමෙයි.අම්මල තාත්තලා වුනත් සිතුවේ තමන්ගේ දරුවා ක්‍රිකට් වලට යොමුවුනොත් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන අනාගතේ අඳුරු කරගනීවි වගේ දේවල්.ඔන්න ඔහොම කාලෙක තමයි අපේ ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියා සංචාරය සිදු කරන්නේ.එහිදී ඇතිවුණු විවිධ හැලහැප්පීම් සමග එම සංචාරය ලංකාවේ ක්‍රිකට්වල හැරවුම් ලක්ෂයක් වුනා කියලා මට හිතෙනවා.
ඉන් පස්සේ එලඹුනු 96 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනාගන්න අපි සමත් වීමත් සමග රට පුරා ක්‍රිකට් උන්මාදයක් ඇතිවුනා.මං මේක දකින්නේ බලාපොරොත්තුවක් නැතුව හිටපු සමාජයකට අලුත් බලාපොරොත්තුවක් දීමක් හැටියට.රටේ බාල තරුණ මහලු සියලු දෙනා රූපවාහිනිය ලග නැත්නම් ක්‍රීඩාන්ඟනවලට එක්කහුවෙලා හුරේ දමමින් ක්‍රිකට් බලපු කාලයක් උදාවුනේ මින් පස්සේ.ඉස්සරත් අපේ මිනිස්සු ක්‍රිකට් බැලුවා තමයි,ඒත් හදවතින්ම ක්‍රිකට් අත්වින්දේ 96 පස්සේ කියලා තමයි මට හිතෙන්නේ.
අපේ කණ්ඩායම සෙල්ලම් කරන වෙලාවට "අපේ කොල්ලෝ"කියලා හැගීමක් කෙනෙක්ගේ සිතේ අතිනොවුනානම් පුදුමයක්.ඒ වගේම තමයි පිට රටක එක්ක සෙල්ලම් කරනකොට අපි ඒ අය දැක්කේ ක්‍රීඩකයන් වශයෙන් නෙමෙයි සතුරු රටක එක්ක යුධ වැදුණු අපේ රණවිරුවෝ ටිකක් වගේ .ක්‍රිකට් කණ්ඩායම පරාජයක් ලැබුවොත් "කමක් නැහැ ඊලග එක දිනමු" වගේ හැගීමක් අපිට තිබුනා.ඒ වගේම තමයි කණ්ඩායමේ හිටපු අයත් අදට වඩා එදා ලබපු දිනුමක් හදවතින්ම වින්දා කියල තමයි මටනම් හිතෙන්නේ.ඇත්තටම එදා ඔවුන් සෙල්ලම් කලේ රට වෙනුවෙන්.
ඉන් පස්සේ කාලේ නගරෙට සීමාවෙලා තිබුණු ක්‍රිකට් ගමට ගියා වගේම.(මං මේකෙන් අදහස් කලේ කණ්ඩායමට ඇතුළුවීමට තිබුණු අවස්ථාව ගමේ උන්ටත් ලැබුනා කියල)අම්මලා තාත්තලත් තමන්ගේ දරුවෝ දොස්තරලා නැත්නම් ඊලගට කරන්න උත්සාහකලේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.ඒකෙ හොද වගේම නරක ප්‍රතිපලත් දැන් අපි විදිනවා.දැන් කාලේ කොල්ලෝ ක්‍රිකට් ගහන්නේ හොදට හම්බකරන්න බලාගෙන.
අනේ මන්දා දැන් ක්‍රිකට් තරගයක් බලනකොට මටනම් ඉස්සර දැනිච්ච අර "ගැම්ම" එන්නේ නැහැ.කණ්ඩායමේ කණ්ඩායම් හැගීමත් අඩුද මන්දා.දේශපාලන අතපෙවීම් සහ මුදලාලිකරණයත් අඩුවක් නැතිනිසා ක්‍රිකට්වල ඒ කාලේ තිබුණු "ජවය' අඩුවෙලා කියලා මට හිතෙනවා.
කොටින්ම කියනවනම් මට අද අපේ ටීම් එක සෙල්ලම් කරනකොට පේන්නේ මුදලාලිලා ටිකක් සෙල්ලම් කරනවා වගේ.

//කොටින්ම කියනවනම් මට අද අපේ ටීම් එක සෙල්ලම් කරනකොට පේන්නේ මුදලාලිලා ටිකක් සෙල්ලම් කරනවා වගේ.//
ReplyDeleteමටත් එහෙමයි... ඒකනේ දැන් බලන්නෙත් නැත්තේ... හි හි
අනේ කාලේ
Deleteසියල්ල මුදලට විකිණෙන සමාජයේ ක්‍රිකට්වලටත් ඒ ටිකම වෙලා...බොහොම සාමාන්‍ය දෙයක්....
ReplyDeleteසහතික ඇත්ත
Deleteලිපිය කියෙව්වා , හැම දේ ගැනම එකඟයි හසරැල් .
ReplyDeleteඅපි කතා කරලා වැඩක් නැහැ බන්.අර්ජුනලත් මේ දේවල්
වලට ඩිංග ඩිංග වගකියන්න ඕනේ.නමුත් එයාල දක්ෂයි,
කණ්ඩායමට අනිවාර්යෙන් සිටිය යුතු පුද්ගලයෙක් එදා.
( නමුත් රදළ කතාව ටිකක් තියෙනවා ඔතන, ඒ දුරට නෙවේ.)
නමුත් මේ බොහොම ලඟදි තමයි මේ විනාසේ උනේ..මාලිංගට
අර්ජුනව පාවා දෙන්න උන හැටි දැක්කනේ එළිපිට ?
සංගා කියාගන්න පුළුවන් විදිහට කියාගත්තා.අද වෙද්දී
තමන්ට ස්වකැමැත්තෙන් ඉවත් වෙන්න වත් දෙන්නේ නැහැ.
ඔය වගේ මහා සංකීර්ණ දේවල් ටිකක් දැන් වෙන්නේ.සල්ලි
වංචා ගැන නෙවේ මේ කියන්නේ..
ඒක ඇත්ත ඒ අයත් පහු පහු කාලේ මුදාලාලි ටයිප් වුනානේ
Deleteඇත්තටම මේ ලිපිය කියවද්දී මට මතක් වුනේ..ඒ දවස් වල මම කිසිම උනන්දුවක් තිබුනේ නැහැ ක්‍රිකට් ගැන.කොළඹ ඇවිත් නැවතුන බෝඩිමේ ඇන්ටි පවා කොයි තරම් මේ ලෝක කුසලානයට උනන්දු වුනාද කියනවා නම්...මම මැච් ඒක බලන්න එනවා නම්..රෑ ඇහැරලා ඉන්න අයට එයා ගානේ තේ එකක් දෙන්න පවා කැමති වුනා..තේ එකේ ඕනෑකමට මැච් ඒක බලන්න ගත්තට..අන්තිම හරියට එද්දී වැඩිපුරම ක්‍රිකට් උන්මාදයෙන් පෙලිලා හිටියේ...මේ මම....
ReplyDeleteඒ වුනාට හසරැල් කියනවා වගේ..අනේ දැන් නම් ක්‍රිකෙට් ඕනෑම නෑ...
එකත් එහෙමෙයි
Deleteකොටින්ම කියනවා නම් බත් එක අතේ තියාගෙන එක කටක් කාලා අනිත් කට කන්න අම්මා ලඟට ඇවිත් බනින්න ඕනෑ වගේ තිබුන කාලෙක ඇස් ඇරගෙන ..කර ඇරගෙන..හුරේ දාගෙන..නිදි මරාගෙන ක්‍රිකට් බලපු කාලේ මගේ නම් ඉවරයි.
ReplyDeleteදැන් Live Cricket Scores බලනවා විතරමයි..ඒකෙත් හැටි. අනේ අපේ ක්‍රිකට්වලට ගිය කල..
ඒත් ඉතින් ඉන්නකෝ තම ටිකක් කල්. අයි පී එල් පටන් ගත්ත ගමන් අපේ අය ගහන්නෙ උඩ දාගෙන...සල්ලි වලට..රෙකෝඩ් කැඩෙන්න ගහන්නෙ එතකොට..මොකටද...සල්ලි වලට :)
ඒකනම් ෂුවර්,අපේ උන් බෝල පලයි අයි පී එල් එකේ
Delete96 දී දිනුවම අපේ අම්ම කිව්වා. අපිට තිබුනේ ඔයාට දිගටම ක්‍රිකට් ගහන්න ඉඩ අරින්න කියලා. මට ලෝක කුසලානේ දිනා ගත්ත වගේ සතුටක් ඇති වුනා.
ReplyDeleteසුදීකගේ දක්ෂතා මමනම් දැකලා තියෙනවනේ
Deleteළිහිණී කියපු දේම තමයි මටත් කියන් තියෙන්නේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මටත් කියන්න තියෙන්නේ එකමයි
Deleteබොහොම සුන්දර අතීතයක්... කියන්න තියෙන අනිත් දේවල් මම ලියපු ලිපියෙ කියලා තියෙනවා...
ReplyDelete